හොඳ_මාළු_තෝරාගන්නේ_කොහොමද?

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    හොඳ_මාළු_තෝරාගන්නේ_කොහොමද?

    හොඳ මාළු තෝරාගන්නේ කොහොමද?
    රසවත් මාළු කෑල්ලක් සමග බත් කටක් කන්න අපි හැමෝම කැමතියි. ඒත් හොඳ මාළු තෝරාගන්න එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. වෙළෙඳ පොළේ ඒ මේ අත ඇවිදලා තෝරලා අරගෙන ආව මාළු නරක් වෙලා නම් ඔබගේ මූදලත් අපතේ යනවා. එහෙම නම් කොහොමද හොඳ මාළු තෝරාගන්නේ කියලා අපි බලමූ.

    මාළු මිලදී ගන්නා විට ඉතාම විශ්වාසදායි තැනක් තෝරාගැනීමයි ඉතාම හොඳ දේ. පූරුද්දක් විදිහට ඔබ එකම වෙළෙන්ඳකුගෙන් මාළු මිලදී ගන්නවා නම් ඔහූ ඔබව රවටා නූසූදුසූමාළු ලබාදෙන්නේ නෑ. ඒ නිසා එකම වෙළෙන්ඳෙකුගෙන් හෝ විශ්වාසදායි වෙළෙඳ සැලකින් මාළු ලබා ගන්න.
    fpt4gfvsscrqxnypsinx.jpg

    අලුත් මාළු හඳුනාගැනීමට හොඳ ලක්ෂණයක් තමයි මාළුවාගේ හම දිලිසීමකින් යූතු වීම. ඒ වගේම මාළුවාගේ සම මතට හෝ කපා ඇති කොටසට ඇඟිල්ලෙන් තද කළවිට එය නැවතත් තිබූණූ ලෙසටම ඉක්මනින් පැමිණිය යූතුයි. එසේ නැතිව එබූ තැන එලෙසම තිබෙනවා නම් එම මාළු පරණයි.

    බොහෝ දෙනෙක් දන්නා කාරණයක් තමයි නරක් වූ මාළු දුගඳ බව මාළු කොහොමටත් පිළිගඳයි. එය මූහූදේ තිබෙන කරදිය ගඳ හා සමානයි. නමූත් එයට වඩා වෙනස් කුණූූ ගඳක් නරක් වූ මාළු වෙතින් දෑනෙනවා. මෙය නාසයට ළං කර නොබැලුවාට හඳුනාගන්නට පූළුවන්. අනවශ්‍ය කුණූ ගඳක් දෑනෙනවා නම් එම මාළු මිලදීගන්න එපා.

    මාළුවාගේ ඇස පරීක්ෂා කිරීමෙන්ද අලුත් මාළු හඳුනාගන්නට පූළුවන්. මාළු ඇස ඉතාම පැහැදිලිව වීදුරු බෝලයක් මෙන් තිබෙන්නේ අලුත් මාළුන්ගෙයි. අපේ ඇස්වල සූද ඇවිත් පටලයක් බැඳි ඇතිලෙස අපැහැදිලි පෙනූමක් මාළු ඇසෙත් තිබෙනවා නම් එම මාළු ද සූදුසූ තත්ත්වයේ නැහැ.

    මාළු කැබලිවලට කපා ඇති විට එහි ඇතුළත තෙත ගතියෙන් තිබිය යූතුය. ඒ වගේම හොඳ රතු පැහැයක්ද තිබිය යූතුය. මාළුවාගේ මස පිටි ගතියෙන් යූතු නම් එම මාළු අලුත් ඒවා නොවේ. අල්ලා බැලීමෙන් මේ බව හඳුනාගත හැකියි. අතට පිටි ගතියක් දෑනූණොත් ඒවා මිලදී ගන්න එපා.

    අලූත් මාළු හඳුනාගත හැකි තවත් හොඳ ලක්ෂණයක් තමයි මාළුවාගේ කරමලය පරීක්ෂා කරබැලීම. කරමලය දීප්තිමත් රතු පැහැයෙන් යූතුව තෙතගතියෙන් තිබෙනවා නම් එම මාළු හොඳයි. කරමලය තද පැහැයකින් හෝ කලු පැහැයකින් තිබෙන්නේ පරණ මාළුවලයි.

    ඇතැම් වෙලාවට ඇතැම් මාළුවර්ග ආහාරයට ගැනීමෙන් විවිද අය රෝගී වන අවස්ථා තිබෙනවා. බොහෝ විට මෙසේ සිදුවන්නේ නරක් වූ හෝ පරණ මාළු නිසා නෙවෙයි. එක් එක් මාළු වර්ග එක් එක් අයට නොගැලපෙන නිසයි. බොහෝ විට මෙසේ අහිතකර වන්නේ බල, කෙළවල්ලෝ ඇටවල්ලෝ වැනි මාළු වර්ගයි. කලාතුරකින් පරා මාළු ද අහිතකර වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයෙ තිබෙන්නේ මේවා ඌෂ්ණ මාළු ලෙසයි. හැමදෙනාටම මේ මාළු අහිතකර වන්නේ නෑ. ඇතැම් අයට පමණක් මෙය සිදුවිය හැකියි. එවැනි අයගේ උගුර රිදෙන්නට ගැනීම ඇඟ කසන්නට පටන් ගෙන පලු දෑමීම ආදිය සිදු වෙන්නට පූළුවන්. ඔවූන් මේ මාළු වර්ග ගැනීමෙන් වැලකිය යූතුයි.

    යම් පමණකට බැක්ටීරියා හා ක්ෂූද්‍ර ජීවින් මාළු තුළ අන්තර්ගත වෙනවා. ඒ සඳහා ඉඩක් තියෙනවා. නමූත් වැඩි ප්‍රමාණයක් තිබීම හොඳ තත්ත්වයක් නොවේ. බැක්ටීරියා කොතරම් ප්‍රමාණයක් තිබෙනවාද කියන එක මාළු මිලදී ගන්නා විට පරීක්ෂා කරන්නට බැහැ. එය පරීක්ෂණාගාර තුළදී කෙරෙන පරීක්ෂාවක්.

    පරීක්ෂාවක් නොකළත් බැක්ටීරියාවක් වැඩිපූර තිබෙන මාළු ජනතාවට හඳුනාගත හැකියි. එයට හේතුව අපි මූලින් සඳහන් කළ නරක් වූ මාළුවල ඇති ලක්ෂණ එම මාළුවල ඇතිවීමට පටන් ගැනීම නිසාය.

    සාමාන්‍ය ජනයා අතර මතයක් තිබෙනවා අයිස් දෑමූ මාළු කන්න හොඳ නෑ කියලා. නමූත් අයිස් නොදමා මාළු තියන්න බෑ නරක් වෙනවා. ඈත මූහූදේ මාළු අල්ලන බෝටිටූ දින 5 න් පමණ ගොඩබිමට එන්නේ. ඒ නිසා මේ මාළු අයිස් දමා තබන්නට ඕන. අයිස් නොදෑමූ මාළු අවශ්‍ය නම් මූහූදු බඩ ප්‍රදේශවලම ජීවත්වන්නට ඕන. එතකොට දෑලෙන් මාළු ගන්නට පූළුවන්.

    තවත් දෙයක් තමයි ඇතැම් ව්‍යාපාරිකයෝ මාළු කල්තබාගන්නට ෆෝමලින් දානවා. මෙය ඉතාම අහිතකර තත්ත්වයක්. ෆෝමලින් යෙදූන විට මාළුන්ගෙන් එහි ගන්ඳය එනවා. ඒ නිසා මාළු මිලදී ගන්නා විට එහි ගන්ඳය ගැන සැලකිලිමත් විය යූතුය.

    ලංකාවේ අමූ මාළු ආහාරයට එක් කර ගන්නේ නෑ. මාළු හොඳින් තම්බා හෝ උයාගෙන පමණයි කෑමට ගන්නේ. ඒ ්නිසා තව දුරටත් බැක්ටීරියා වර්ගවලින් අපි ආරක්ෂා වෙනවා.

    එහෙත් බෙල්ලෝ ආහාරයට ගන්නේ අමූවෙන්. එයට දෙහි ලුණූ ආදිය දමා ආහාරයට ගන්නවා. එහෙත් මෙය ලංකාවේ එතරම් ජනප්‍රිය ආහාරයක් නොවේ.

    මුලාශ්‍රය ලෙස SinhalaMag
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මමනම් ඔහොම නෑ බන්,
    මුලින්ම මාළුවා එක්ක ටිකක් කතා කරනවා
    ඌ හොඳට ශේප් එකේ කතා කරනවානම්, කියන දේවල් හොඳයි නම් ඌ හොඳ මාළුවා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කුණුහරුප කියනවනම්, අල්ලාගෙන ආපු එකාගේ දෙමව්පියන් අමතනවනම් ඌ මහා නරක මාලුවෙක්....
    එහෙම එවුන් ගන්න එපා. :lol::lol::lol::lol::lol:

    You must spread some Reputation around before giving it to sooppuwa again.
    බොට rep දෙන්න බැලු :(:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: lahirufx+

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    TFS machan

    මමනම් ඔහොම නෑ බන්,
    මුලින්ම මාළුවා එක්ක ටිකක් කතා කරනවා
    ඌ හොඳට ශේප් එකේ කතා කරනවානම්, කියන දේවල් හොඳයි නම් ඌ හොඳ මාළුවා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කුණුහරුප කියනවනම්, අල්ලාගෙන ආපු එකාගේ දෙමව්පියන් අමතනවනම් ඌ මහා නරක මාලුවෙක්....
    එහෙම එවුන් ගන්න එපා. :lol::lol::lol::lol::lol:

    Anyway TFS machan rep+

    Mongal Confirmed :lol:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මමනම් ඔහොම නෑ බන්,
    මුලින්ම මාළුවා එක්ක ටිකක් කතා කරනවා
    ඌ හොඳට ශේප් එකේ කතා කරනවානම්, කියන දේවල් හොඳයි නම් ඌ හොඳ මාළුවා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කුණුහරුප කියනවනම්, අල්ලාගෙන ආපු එකාගේ දෙමව්පියන් අමතනවනම් ඌ මහා නරක මාලුවෙක්....
    එහෙම එවුන් ගන්න එපා. :lol::lol::lol::lol::lol:

    Anyway TFS machan rep+

    :lol::lol::lol:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    කුණුහරුප කියනවනම්, අල්ලාගෙන ආපු එකාගේ දෙමව්පියන් අමතනවනම් ඌ මහා නරක මාලුවෙක්....
    එහෙම එවුන් ගන්න එපා.

    menna banz hrima widiya kunu malu walin berennne :cool::cool::cool:
     
    • Like
    Reactions: RSmith
    මමනම් ඔහොම නෑ බන්,
    මුලින්ම මාළුවා එක්ක ටිකක් කතා කරනවා
    ඌ හොඳට ශේප් එකේ කතා කරනවානම්, කියන දේවල් හොඳයි නම් ඌ හොඳ මාළුවා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කුණුහරුප කියනවනම්, අල්ලාගෙන ආපු එකාගේ දෙමව්පියන් අමතනවනම් ඌ මහා නරක මාලුවෙක්....
    එහෙම එවුන් ගන්න එපා. :lol::lol::lol::lol::lol:

    :rolleyes::lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    මස් වලට වඩා මාළු තමා ගුණ.පොඩි උන්ට එහෙම සෑහෙන්න ගුණයි.මාළු වල omega 3 තියෙනවා.පොඩි උන්ගේ මොලේ වැඩෙන්න omega 3 බලපානවා..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මට නං මලුවා ලෑල්ලේ ඉන්න විදිහෙන් පරනද නැද්ද කියලා කියන්න පුලුවන්. පොඩි මාලු නං නෙමෙයි .:no: පොඩි කියන්නේ හාල්මැස්සෝ සයිස්, කී බෝඩ් එකේ ස්පේස් බටන් එක සයිස් උන් නෙමෙයි.:lol: ටීවි රිමෝට් එක සයිස් අන්ඩ් ඊට වඩා ලොකු උන් :P
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    අපේ ගෑනිත් දවසක් කුණු මාළු ගොඩක් උස්සගෙන ඇවිත් තිබුනා.. ඉව්වට පස්සේ කටේ තියන්න බෑ.
    මේ ලිපිය ගෑනිට පෙන්නන්න ඕන. උබට රෙප් දුන්නා මල්ලි.
    :yes::yes::yes::yes:
     
    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    අපේ ගෑනිත් දවසක් කුණු මාළු ගොඩක් උස්සගෙන ඇවිත් තිබුනා.. ඉව්වට පස්සේ කටේ තියන්න බෑ.
    මේ ලිපිය ගෑනිට පෙන්නන්න ඕන. උබට රෙප් දුන්නා මල්ලි.
    :yes::yes::yes::yes:

    tnx bro
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මමනම් ඔහොම නෑ බන්,
    මුලින්ම මාළුවා එක්ක ටිකක් කතා කරනවා
    ඌ හොඳට ශේප් එකේ කතා කරනවානම්, කියන දේවල් හොඳයි නම් ඌ හොඳ මාළුවා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කුණුහරුප කියනවනම්, අල්ලාගෙන ආපු එකාගේ දෙමව්පියන් අමතනවනම් ඌ මහා නරක මාලුවෙක්....
    එහෙම එවුන් ගන්න එපා. :lol::lol::lol::lol::lol:

    You must spread some Reputation around before giving it to sooppuwa again.
    බොට rep දෙන්න බැලු :(:(:(:(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    anyway thanks SOOPUWA.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    මස් වලට වඩා මාළු තමා ගුණ.පොඩි උන්ට එහෙම සෑහෙන්න ගුණයි.මාළු වල omega 3 තියෙනවා.පොඩි උන්ගේ මොලේ වැඩෙන්න omega 3 බලපානවා..

    පොඩි මාලු කාල තමයි අර තද තද කාරයෝ ටික බිහිවෙලා ඉන්නේ. උන්ගෙ නම් මොලේ මාර විදියට දියුණු වෙලා :lol:
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Good post. Rep +++
    Godak than wala malu boru kiyala denne. Mama hamdama dakina deyak Linno kiyana maluwa mun dennema Bollo kiyala. Math kalayak rawatila gatha eth mama dan gatha mun boru karanne kiyala enisa dan ganne na.