හොමෝ සේපියන්වරු සමඟ අන්තර්අභිජනනය කල ඩෙනිසෝවන්

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    900FD498-FCB9-47E7-8489-D524058A3B84.jpeg

    2008 අවුරුද්දේ සයිබීරියාවේ අල්ටායි කඳුකරයේ ගුහාවක් තුල තිබී හමුවෙනවා වසර 40000 ක් පමණ පැරණි ආදිතමයෙකුට අයත් ඇඟිල්ලක අස්ථි කොටසක්. සම්පූර්ණ සැකිල්ලම හමුනොවුනත් මේ ලැබෙන ඉතා කුඩා අස්ථි කොටස තුල සංරක්ෂණය වී පවතින DNA සංස්ලේෂණය (DNA sequencing) මඟින් ලැබෙන දත්ත එවක භෞතික මානව විද්‍යාව තුල විශාල කථිකාවක් උත්පාදනය කරනවා. හේතුව තමයි DNA දත්ත අනුව මේ ඇඟිලි පුරුක් කොටස අයත් වන්නෙ එතෙක් මෙතෙක් හඳුුනාගෙන නොතිබු මානව වර්ගයකට. සරලවම මානව පරිණාමික වෘක්ෂයේ නව සාමාජිකයෙකු හට.

    අල්ටායි කඳුකරයේ අස්ථි කොටස ලැබෙන ගුහාවේ නම ඩෙනිසෝවා. ඒ නිසා මේ නව මානව විශේෂයට ලැබෙන නම තමයි Homo denisova. DNA දත්ත තවදුරටත් වි⁣ශ්ලේෂණය තුලින් ලැබෙන කරුණක් තමයි මේ මානව විශේෂය හොමෝ සේපියන්වරු සමඟ අන්තර්අභිජනනය කල බව. වර්තමාන ලෝකය තුල ජීවත්වෙන මෙලනීසියානු, ඔස්ට්‍රෝ ඇබොරජින්, ෆිලිපින නීග්‍රෝ සම්භවයක් සහිත ජනතාවගේ DNA තුල 5% පවතින්නේ මේ ඩෙනිසෝවන් ජාන. DNA දත්ත වලින් තහවුරු වෙන තවත් අලංකාර කාරණයක් තමයි ඩෙනිසෝවන් මානවයන් සේපියානුවන් සමඟ පමණක් නෙවෙයි, අල්ටායි නියැන්ඩර්ටාල්වරු සමඟත් අන්තර්අභිජනනය කර ඇති බව. පසුකාලීනව ලැබෙන ඩෙනිසෝවන් අවශේෂ තුලින් හඳුනාගැනෙන 'ඩෙනී' නැමැති ෆොසිලය අයත් මානවයාගේ පියා ඩෙනිසෝවන් මානවයෙක් වන අතරේ මව නියැන්ඩර්ටාල් මානවයෙක් බවට තහවුරු වෙනවා.

    2008 ඩෙනිසෝවා මානවයා සොයා ගැනීමත් සමඟම භෞතික මානව විද්‍යාවේ අලුත් පරිඡ්ඡේදයක් ආරම්භ වෙනවා. ඩෙනිසෝවන් අවශේෂ තුලින් DNA සාධක ඔස්සේ නව මංපෙත් විවර කරගැනීම සිදුවෙන්නෙ ස්වීඩන් ජාතික මහාචාර්ය ස්වන්ටේ පාබෝගේ ප්‍රධානත්වයෙන්. ස්වන්ටේ පාබෝ 1997 වර්ෂයේ ඉඳන් භෞතික මානව විද්‍යා විෂය තුල පුරෝගාමී සේවයක් ඉටුකරන ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර තිබෙනවා. ජාන විද්‍යාව තුලින් භෞතික මානව විද්‍යාවේ නව ⁣මංපෙත් විවර කිරීම සඳහා දැක්වු දායකත්වය වෙනුවෙන් 2022 වර්ෂයේ වෛද්‍ය විද්‍යාව සඳහා වු නොබෙල් ත්‍යාගය මීට පැය කිහිපයකට කලින් මහාචාර්ය ස්වන්ටේ පාබෝ හිමිකරගත්තා.
    ✍️ Don Supz
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මානවයා හිටියනම් අහයි මොනාද යකෝ ඔය කියන අන්ගරදෙමල? මගේ ගෑනි එහා ගල් ගුහාවේ සෝමේ මාමාගේ දුව. තොපි අපිට හක්ක පැටලෙන නමුත් දාල නව රෙද්දකුත් අහනව කියයි :lol: