හොරකම එලිකරපු එකා අල්ලන්න පරික්ෂනයක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොරකම එලිකරපු එකා අල්ලන්න පරික්ෂනයක්

    මහ බැංකු රහස්‌ පිටවීම සොයන්න
    අගමැතිගෙන් කමිටුවක්‌
    අධිපති සීඅයිඩී යයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රහස්‍ය තොරතුරු පිටතට අනාවරණය කිරීම සම්බන්ධව පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස රහස්‌ පොලිසිය වෙත පැමිණිලි කිරීමට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා තීරණය කර ඇත.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපතිවරයා අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.මීට අමතරව රහස්‍ය තොරතුරු අනාවරණය වීම සම්බන්ධව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක්‌ පත් කිරීමට නියමිත අතර එය අගමැතිවරයාගේ මීළඟ විදේශ සංචාරය නිමවූ වහාම සිදු කෙරෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

    පසුගිය වසර ගණනාවක සිට මහ බැංකුවේ රහස්‍ය තොරතුරු පිටවෙමින් තිබෙන බවත් මේ නිසා මහ බැංකු අභ්‍යන්තර කටයුතු සම්බන්ධව ප්‍රශ්න රැසක්‌ මතුව ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි. රජයේ නව ගමන්මගට අනුව ඉදිරියේදී මූල්‍ය නගරයක්‌ ස්‌ථාපිත කිරීම ඇතුළු රට සංවර්ධනය කරා ගෙන යැම සඳහා පුළුල් වැඩපිළිවෙළක්‌ සැලැසුම්කර තිබෙන බවත් මහ බැංකුවේ අභ්‍යන්තර රහස්‍ය තොරතුරු පිටවීම එම වැඩකටයුතුවලට දැඩි බාධාවක්‌ විය හැකි බවත් එම ආරංචිමාර්ග අනාවරණය කරයි.

    ඉදිරියේදී පිහිටුවන වාණිජ නගරයට මෙන්ම ජාත්‍යන්තර කටයුතු හා ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමේ වැඩකටයුතුවලට පවා මෙවැනි සිද්ධීන්ගෙන් බාධා එල්ල විය හැකි බවත් එවැන්නකට ඉඩ නොතබා රහස්‍ය තොරතුරු පිටකළ නිලධාරීන් සම්බන්ධව කඩිනම් පරීක්‍ෂණයක්‌ පවත්වා ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ආර්ථික විශේෂඥයන් පිරිසක්‌ද රජයෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

    තොරතුරු පිටතට ලබාදීමේ සිද්ධීය සම්බන්ධව සිදුකරන පරීක්‍ෂණවලින් වැරැදිකරුවන් වන නිලධාරීන්ට කිසිදු තරාතිරමක්‌ නොසලකා දැඩි දඬුවම් ලබාදිය යුතු බව රජයේද මතය වී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


    http://www.divaina.com/2016/10/13/news02.html

    කොහොමද මිස්ටර් ක්ලින්ගේ ‍වැඩ අර්ඡුන් මහේන්ද්‍රයයි රනිල්ලුයි එකතු වෙලා තමයි මහ බැංකුව හොරා කාලා තියෙන්නේ දැන් හොරා ආරක්ෂාකරන්න කරන කුඡිත වැඩ වලින් තවත් පච වෙනවා .ඇත්තටම මම හිතුවේ රනිල් කියන්නේ හොරෙක් නෙවෙයි කියලා හැඉැයි තව දුරටත් එහෙම නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    කොහොමද මිස්ටර් ක්ලින්ගේ ‍වැඩ අර්ඡුන් මහේන්ද්‍රයයි රනිල්ලුයි එකතු වෙලා තමයි මහ බැංකුව හොරා කාලා තියෙන්නේ දැන් හොරා ආරක්ෂාකරන්න කරන කුඡිත වැඩ වලින් තවත් පච වෙනවා .ඇත්තටම මම හිතුවේ රනිල් කියන්නේ හොරෙක් නෙවෙයි කියලා හැඉැයි තව දුරටත් එහෙම නෑ.

    එහෙමත් යූඑන්පී වහලෙක් නොකීවට. මේ කතාව දැන් හැමෝම කියනවා බන්
     

    Similar threads