හොරණ 26ක් ස්වයං නිරෝධායනයට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    හොරණ නගරයේ වෙළදසැල් සේවකයින් 26ක් ස්වයං නිරෝධායනයට

    හොරණ නගරයේ වෙළදසැල් 04ක සේවය කරනු ලබන සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අද (30) පියවර ගෙන තිබෙනවා. ඒ යුධ හමුදා නිලධාරියෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.
    කටුනායක ගුවන් තොටුපලේ රාජකාරි සඳහා අනියුක්ත කර සිටි මෙම යුධ හමුදා නිලධාරියා හට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහු මේ වන විට IDH රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
    මෙම හමුදා නිලධාරියා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුගිය 26 වෙනිදා අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සිදුකර ගැනීම සඳහා හොරණ නගරයේ වෙළදසැල් 04 කට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම හමුදා නිලධාරියා එම වෙළදසැල් වෙත යාමේදී පුර්ණ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි හොරණ සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ශානක මල්ලිකාරච්චි ප්‍රකාශ කර සිටියේ.
    කෙසේ වුවත් අදාළ වෙළදසැල් වල සේවය කරනු ලැබූ සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් ලබන සතියේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ශානක මල්ලිකාරච්චි ප්‍රකාශ කර සිටිනවා.
    නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම යුධ හමුදා නිලධාරියා පසුගිය දිනවල මෙරටට පැමිණි විදෙස් ගත ශ්‍රමිකයින් හැසිරවීමේදී වෛරසයට නිරාවරණය වන්නට ඇති බවයි සැක කෙරෙන්නේ

    http://nethnews.lk/article/77538
     
    • Like
    Reactions: Pessimist