හොරා මාමේ...

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,082
    754
    113
    Paris
    ඔන්න යාලුවනේ දවසක් මහ රෑ ඇම්ඩගෙ ගෙදරට කලුපාට රෙද්දකින් මූන බැදගත්ත හොරෙක් පැන්නලු...

    මේ වෙලාවෙ ගෙදර ඉදල තියෙන්නෙ ඇම්ඩනුයි ඇම්ඩගෙ අම්මායි ඇම්ඩගෙ ආච්චියි ඇම්ඩගෙ නංගියි විතරයි...


    හොරා ගෙදරට පැනල ඇම්ඩගේ අම්මට තුවක්කුවක් දික්කරල කිව්වලු "ගෙදර තියන සල්ලියී, රත්නරන් බඩුයි ගෙනත් දියන් නැත්නම් උඹලා ඔක්කොම දුෂණය කරනවා..." කියල.


    ඊට පස්සෙ ඇම්ඩගේ අම්මා එයාලග තිබුන සල්ලියි රත්නරන් බඩුයි ගෙනත් දෙන්න ගේ ඇතුලට ගිය වෙලාවෙ ඇම්ඩා අර හොරාගෙන් ඈහුව "හොරා මාමේ... හොරා මාමේ.... ඔයා අපේ අම්මා සල්ලියි රත්නරන් බඩුයි දුන්නෙ නැත්නම් ඔයා අපෙ අම්මව දුෂණය කරනවද ???" කියල.


    ඔන්න ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් සල්ලි දුන්නෙ නැත්නම් මම උඹලගෙ අම්මව දුෂණය කරනවා..." කියල. ඊට පස්සෙ ඇම්ඩා ආයෙත් හොරගෙන් අහනව "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ නංගිවත් දුෂණය කරනවද???" කියල.


    ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් යකො නංගි විතරක් නෙමෙයි තොවත් දුෂණය කරනව" කියල.

    මෙන්න යකො ඒ පාර ඇම්ඩ අහපි "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ ආච්චිවත් දුෂණය කරනවද" කියල.

    එකපාරටම හොරටත් කලින් මෙන්න බොලේ පැනපු ගමන් ආච්චි කියපි "නැතුව නැතුව එහෙම නැතුව කොහොමද ???"

     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,082
    754
    113
    Paris
    ආයිත් ඇන්නොත් ???

    පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...
    “ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..” පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය. ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”
    ඇම්ඩන් නැවත නිදන්නට විය.
    ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
    නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.
    තුන්වන ප්‍රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”
    නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................
    “තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කීය
     
    • Like
    Reactions: amila_banks

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,082
    754
    113
    Paris
    රහස් පරීක්ෂණය...

    ෂර්ලොක් හෝම්ස් හා ඩොක්ටර් වොට්සන් රහස් පරීක්ෂක කටයුත්තක් සඳහා කාන්තර
    ප්‍රදේශයට ගියෝය. මහ රෑ නින්දෙන් පිබිදුණු ෂර්ලොක් හෝම්ස් විසින් ඩොක්ටර්
    වොට්සන් අවදි කරනු ලැබීය.

    ෂර්ලොක් - ඩොක්ටර් වොට්සන් නැඟිටලා බලනවා අහසේ මොනවද පේන්නේ කියලා


    වොට්සන් - ආ හොඳට තරු පායලා නේ


    ෂර්ලොක් - ඉතිං මොකක්ද ඒකෙන් ලැබෙන නිගමනය?


    වොට්සන් - ඉහළ අහසේ වලාකුළු රහිතයි. වැලි කුණාටුවක් වැනි අනතුරකට ඉඩක්

    නෑ.

    ෂර්ලොක් - තව මොනවද පේන්නේ?



    වොට්සන් - අපි හරියටම ඉන්නේ දඩයක්කාරයාගේ තරුව යට. ඒ කියන්නේ උතුරු

    අක්ෂාංශ 12 සිට නැඟෙනහිරට...

    ෂර්ලොක් - නෑ... තාරකා විද්‍යාව නෙවෙයි මම අහන්නේ වෙන මොනවද පේන්නේ?


    වොට්සන් - තාරකා ආලෝකය ප්‍රබලයි. ළඟදී හඳ පායන එකක් නෑ...


    ෂර්ලොක් - නෑ මනුස්සයෝ. වෙන මොනවද පේන්නේ?


    වොට්සන් - ආ... වායුගෝලය හා ජල වාෂ්ප අතින් ගත්තම...


    ෂර්ලොක් - නෑ... නෑ... ඔය විකාර නෙවෙයි වෙන මොනවද පේන්නේ...


    වොට්සන් - ඒ කියන්නේ සූර්ය ග්‍රහණයක් වගේ එකක් ගැනද?


    ෂර්ලොක් - නෑ... මනුස්සයෝ කූඩාරම හොරු ගලවගෙන ගිහිං... ඒකනේ අහසේ තරු

    පේන්නේ.
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,082
    754
    113
    Paris
    බල්ලන්ට දෙන විස්කෝතු...

    සිල්ලර කඩයක මුදලාලි කවුන්ටරය ඉදිරිපිට වාඩි වී පුවත්පතක් බලමින් සිටියේ ය. මද්දහන පසු වෙමින් පැවති වේලාව වූ බැවින් දෝ පාරිභෝගිකයෝ කිසිවෙක් කඩයේ නොවූහ.

    කවුන්ටරය අසලට පැමිණි පාරිභෝගිකයෙක් මදක් නතරව, කඩයේ රාක්ක තුළ අසුරා ඇති වෙළෙඳ භාණ්ඩ දෙස විමසුම් දෑසින් බලා මුදලාලි ගෙන් මෙසේ ඇසීය.


    "මුදලාලි බල්ලන්ට දෙන විස්කෝතු මෙහෙ තියනවද?"


    මුදලාලි කියවමින් සිටි පුවත්පතින් දෑස් ඉවත් කර උත්තර දෙමින් පෙරළා මෙසේ විමසීය.


    "ඔව් තියෙනවා. දැන් කන්ඩද ගෙදර ගෙනියන්ඩද?"