හොරා_පොලිස්

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අද සිට පොලිසිය වෙස් මාරු කර මාර්ග නීති කඩන රියදුරන් අල්ලයි



    මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් අද (04) සිට ආරම්භ කෙරෙනවා.
    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි සඳහන් කළේ පෞද්ගලික ආයතනයක් සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදුකරන බවයි.


    අදාළ පෞද්ගලික ආයතනය මගින් ලබාදෙන වාහන 10 ක සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් කොළඹ නගරය පුරා සංචාරය කරනු ඇති.
    එම සංචාරයේදි මාර්ග නීති සහ මංතීරු නීතිය උල්ලංඝණය කරන රියදුරන් දුටුව හොත් ගමන් කථන මගින් කොළඹ පාලක ස්ථානයට සහ ඉදිරියේ රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දීමට නියමිතයි.
    එමගින් අදාළ රියදුරන්ගෙන් රථ වාහන නඩු ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ. එලෙස ලබාගන්නා රථ වාහන නඩුවේ සාක්‍ෂිකරුවන් වශයෙන් නඩුව ලබාගත් පොලිස් නිලධාරියා සහ සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරියා නම් කිරීමට නියමිතයි.


    කොළඹ නගරයේ ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේදී දීපව්‍යාප්තව සිදු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    හරි මගට ගන්න නෙමෙයි මුන්ට දඩ ලියන්නයි ඕන කාලකන්නි
    :yes::yes: කාලකන්නි


    'රථ වාහන නඩුවේ සාක්‍ෂිකරුවන් වශයෙන් නඩුව ලබාගත් පොලිස් නිලධාරියා සහ සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරියා නම් කිරීමට නියමිතයි."
    හරි අසාධාරනයි නේ ... එක්කෝ මුන් video කරලා proof දෙනවා නං පිළිගන්න තිබ්බ...මෙහෙම උනාම ඕන කෙනෙක්ව අල්ලන්න පුළුවන්නේ... මොන මගුලක්ද :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: djnick

    waligamaya

    Well-known member
  • හරි මගට ගන්න නෙමෙයි මුන්ට දඩ ලියන්නයි ඕන කාලකන්නි

    පොලිස් කාලකන්නි තමයි. එත් බැන බැන ඉනේ නැතිවසිහියෙන් හරියට පාරේ ගියානම් කරදර ගොඩක් අඩුවෙයි
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඉස්සර ගස් අස්සේ හැන්ගිලා ලිව්වා දැන් මුන් සිවිල් ඇදුමෙන් ඇවිත් ලියනවා.ලයිට් එකක් ගහලා ඉස්සරහා වාහෙනේ මනුස්සයා සිග්නල් එකක් දුන්නා දැන් ඒකත් බෑ :baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හොරා_පොලිස් 05-04-2017 10:52 AM haraka unata hark katha epa -8

    8????
    එකයි පොන්ස් කැපිලා තියෙන්නේ
    තව අවුරුදු 7 කින් වරෙන් :lol::lol::lol: