හොරු අල්ලන නීති රැසක් ගෙනාවා

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,225
    113
    1715781860065.png


    අංජුල මහික වීරරත්න)

    හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    හොරු අල්ලන්නට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බව කී ජනාධිපතිවරයා එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පලපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා තිබෙන බව සඳහන් කළේය.

    තෙල්දෙනිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.