හොරු එකෙක් නෑර අල්ලනවා..- බිමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජපක්ෂලා පමණක් නොව සියලු ම හොරු එකෙක් නෑර අල්ලන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

    හොරුන්ට එරෙහිව ආණ්ඩුව කටයුතු කරන විට සජිත්, නාමල්, වීරවංශ ආදී සියලු පාර්ශ්ව හොරු රැකීම සඳහා එකතු වී ඇතැයි ද ඇමතිවරයා චෝදනා කලේය.

    එලෙස හොරු රකින අතර රේගු දෙපාර්තමේන්තුව නිදහස් කළ කන්ටේනර්ව, රත්තරන් තිබුණේ යැයි චෝදනා නඟන බව ද එහි එක්පෝලංකා ආයතනයට අයත් කිසිදු කන්ටේනරයක් නොතිබූ බව රේගුව තහවුරු කර ඇතැයි ද බිමල් රත්නායක මහතා පැවසූවේය.


    එසේ යම් නීති විරෝධී දෙයක් සිදුව ඇත්නම් පැමිණිලි කරන ලෙස තමන් අභියෝග කරන බව ද හෙතෙම සඳහන් කරයි.

    gemmak thamai @Walter White jaya wewa, ubala NPP avatar ehema dagena campaign karata paduwak naha