මාරවිල ප්රදේශයේ සංචාරක හෝටලයක කාමරයකට ජනේලයෙන් සේවකයකු එබී බැලීම නිසා ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනකු මාරවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මාරවිල පිහිටි මෙම හෝටලයට ඉකුත්දා යුවළක් පැමිණ ඇති අතර සේවකයකු ජනේලයකින් එබී බලන බව දුටු මනාලිය එA බව මනාලයාට දැන්වීම හේතුවෙන් ඔහු රහසින් පැමිණ අදාළ සේවකයා අල්ලා පහර දී කළමනාකරුට ඉදිරිපත් කර තිබිණි. පසුව පොලිසිය ද හෝටලයට කැඳවා සිද්ධිය සමතයකට පත් කිරීමට උත්සාහ දරා ඇත.
මනාල මහතාගේ හිතවතුන් පිරිසක් මේ අවස්ථාවේ හෝටලයට පැමිණ ඇති අතර හෝටල් කාර්ය මණ්ඩලය සමග ඔවුන් ගැටී තිබේ. මෙහිදී පොලිසිය කටයුතු කළ ආකාරය විවේචනය කරමින් ඔවුන් කලබල කිරීමේදී පොලිසිය හා මනාලයාගේ හිතවතුන් අතර ද ගැටුමක් වර්ධනය වී ඇත. එම සිදුවීමෙන් පසුව පුද්ගලයන් දෙදෙනකු මාරවිල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
සිද්ධියට අදාළ හෝටල් සේවකයා අත්අඩංගුවට ගෙන නොතිබිණි. කෙසේ වුවද පසුව නව යුවළට වෙනත් හෝටලයකට යැමට සිදුවී ඇති අතර මාරවිල පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
divaina news