හොරෙන් බලනවද

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මාරවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක කාමරයකට ජනේලයෙන් සේවකයකු එබී බැලීම නිසා ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනකු මාරවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

    මාරවිල පිහිටි මෙම හෝටලයට ඉකුත්දා යුවළක්‌ පැමිණ ඇති අතර සේවකයකු ජනේලයකින් එබී බලන බව දුටු මනාලිය එA බව මනාලයාට දැන්වීම හේතුවෙන් ඔහු රහසින් පැමිණ අදාළ සේවකයා අල්ලා පහර දී කළමනාකරුට ඉදිරිපත් කර තිබිණි. පසුව පොලිසිය ද හෝටලයට කැඳවා සිද්ධිය සමතයකට පත් කිරීමට උත්සාහ දරා ඇත.

    මනාල මහතාගේ හිතවතුන් පිරිසක්‌ මේ අවස්‌ථාවේ හෝටලයට පැමිණ ඇති අතර හෝටල් කාර්ය මණ්‌ඩලය සමග ඔවුන් ගැටී තිබේ. මෙහිදී පොලිසිය කටයුතු කළ ආකාරය විවේචනය කරමින් ඔවුන් කලබල කිරීමේදී පොලිසිය හා මනාලයාගේ හිතවතුන් අතර ද ගැටුමක්‌ වර්ධනය වී ඇත. එම සිදුවීමෙන් පසුව පුද්ගලයන් දෙදෙනකු මාරවිල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

    සිද්ධියට අදාළ හෝටල් සේවකයා අත්අඩංගුවට ගෙන නොතිබිණි. කෙසේ වුවද පසුව නව යුවළට වෙනත් හෝටලයකට යැමට සිදුවී ඇති අතර මාරවිල පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
    :P

    divaina news
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සිද්ධියට අදාළ හෝටල් සේවකයා අත්අඩංගුවට ගෙන නොතිබිණි

    :P


    "මනාලයම ජනේලෙන් තමන් කරන වැඩ බලන් සිටි බවට ඔප්පු වූ නිසා සියලු චෝදනා වලින් නිදහස් කොට, මනාල පාර්ශවය පැමිණීම ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කරයි."
    තව දුරටත් පොලිස් මාද්‍ය ප්‍රකාශක අප හමුවේ පවසා සිටියේ, මනාල මහතා හා මනාල මහත්මිය අතර සිදුවූ සංවාසය පිළිබද ගැටළු පවතින අතර ඒ සදහා විශේෂ පොලිස් බලකායක් දෙවෙනි තානායම වෙත යවා ඇති අතර, ඉදිරියේදී එහි සිදුවූ සියලු තොරතුරු මාද්‍යට හෙළි කරනු බවයි.


    මම චාචික ගුණසේකර තානායම් ඇන්දේ සේවකයා සමග :baffled: