'' හෙලෝ මේ ''
'' කියන්න අනුර ....හදිස්සියක්ද ........මම මේ අවුලක පැටලිලා කස්ටමර් කෙනෙක් කවුන්ටර් එකේ ඉන්න ළමයෙක්ට රන්ඩු කරනවා , ඒ ෆයිල් එක බලන ගමන් ''
'' අර රාධිකා මතකයි නේද ඔයාට ''
'' කවුද මතක නැ ......ඉතින් කියන්ඩකෝ ''
'' ඇයි අර සුමිත්ගේ වෙඩින් එකේදි හම්බුනේ ..මගේ ක්ලාස්මේට් .....අර............ ''
'' අනේ අර මැරි කරල නැති එක්කෙනා නේද ...........ඉතින් කියන්නකා් ''
'' ඔව් ඔව් .එයා එදා අපිට දුන්න නම්බර් එකෙන් කතා කලා ''
'' හරි අනේ ..........ගෙදර ආපුවහම කතා කරමු .මං හිතුවා හදිස්සියක් කියල ''
'' හෝව් ..හෝව් ........මේ ... මේ .....තියන්ඩ එපා .. දුලානි..........''
'' කියන්ඩ අනේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ ඔයත් වද දෙනව ''
'' මේ අහන්ඩකෝ ..එදා රාධිකා දුන්න නම්බර් එකෙන් කතාකලේ ..එයාලගේ .....අම්මා ''
'' ඉතින් ''
'' එයාලගේ තාත්ත වැඩකරන ලොරියට මනුස්සයෙක් හැප්පිලා ...............රිමාන්ඩ් කරලලු ''
'' පව් අනේ ...''
'' උසාවියෙන් විසිදාහක දඩයක් ගහලලු ...........එයාලගාව සල්ලි නැලු අංකල්ව ගන්ඩ ........විසිදාහක් දෙන්ඩ පුලුවන්ද අහනව ''
'' ඉතින් ඔයා මොකද කියුවේ ''
'' ඒක තමයි මම මේ ඔයාට කතා කලේ ............... ntb එකවුන්ට් එකෙන් අරගන දෙන්ඩද අහන්ඩ ''
'' කියක්ද දැන් එයා දෙන්ඩ හදන්නේ ''
'' දඩය විසිදාහ ගෙවාගන්ඩ සල්ලි නැ කියන්නේ ...........හිරවෙලානේ ඇත්තේ ........අනික විසිදාහ කියුවට තව මොනවට ඕන වෙයිද දන්නැනේ .............මම ඒ ඇන්ටිගෙන් ඇහුවා ...........ඉතින් විසිදාහ ඇති වෙයිද කියල ................පව් බබා ඒ මනුස්සය අඩ අඩා කියනව ............අනේ පුතේ තියනවනං විසිපන්දාහක් දෙන්ඩලු ''
'' කොහෙටද දැන් සල්ලි දෙන්ඩ යන්නේ ''
' එකවුන්ට් නම්බර් එකක් දුන්නා ''
'' ඉතින අනේ තව පැය බාගයක්වත් නැනේ බැංකු වහන්ඩ ''
'' ඒක තමයි ........මම සල්ලි දෙන්ඩද ...........අද අංකල්ව එලියට ගන්ඩ බැරි උනොත් ලබන සදුදා වෙනකං ඉන්ඩ වෙනවලු ''
'' හරි හරි ඕන එකක් කරන්ඩ .....ඔයාට ඉතින් මාසෙකට දෙකකට සැරයක් ඔහොම නාස්තියක් කරේ නැත්තං නින්ද යන්නේ නැනේ ..........මං තියනව ''
ජංගම දුරකතනය සහ පසුම්බිය රැගෙන නිලකාමරයෙන් පිටතට පැමිනි අනුර
'' හංසිකා මම එලියට යනව කොල්ස් ආවොත් ආන්සර් කරන්න ''
'' හොදයි සර් ''
කාර්යාලයෙන් තම රථය මාර්ගයට දැමු අනුර මීටර් හාරපන්සියක් ඉදිරියෙන් ඇති ප්රධාන මාර්ගයේ දැඩි වාහන තදබදය අතරට තම රථය රිංගවා ඔරලෝසුව බැලුවේය
...........ශික් .........වහන්ඩ කලින් යන්ඩ පුලුවන් වෙයිද මන්දා ..............මොකෙක්හරි හප්පගනවත් ඇති .............සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන වාහන සමග බැංකුව ඉදිරියට පැමිනි අනුර වාහනය නැවැත්වීමට ඉඩක් නොමැති නිසා මාර්ගය අයිනේම වාහන නවත්වා හනිකට පැමින බැංකුවේ දොර තල්ලු කරන්නට උත්සාහ කරත්ම
'' සොරි සර් .......සර් විනාඩි පහක් පරක්කුයි ''
'' අර කට්ටියව ඇතුලේ ඉන්නේ ''
'' ඒ ක්ලොස් කරන්න කලින් ආපු කට්ටිය ...........''
'' ලොකු හදිස්සියක් .......මාවත් ඇතුලට ගන්න ''
'' මැනේජර් මහත්තය කියල තියෙන්නේ වැහුවට පස්සේ කාවවත් ඇතුට ගන්න එපා කියල ''
'' හරි මම මැනේජට කතා කරන්නං ''
'' සර් ඉක්මනට එන්නකෝ ඇතුලට ...........සර්ල ඉතින් හැමදාම එන අයනේ ..............අද පරක්කු උනා නේද සර් ''
'' ප්රීයන්ත මේ මහත්තය ආපුවහම ඕන වෙලාවක ඇතුලට ගන්න ''
බැංකුව තුලින් පැමිනි ඡේෂ්ඨ ආරක්ෂක නිලදාරියා දොර අගුල විවර කර අනුරට ඇතුලට ආරාධනා කලේය
ටික වේලාවක් පෝලිමේ ඉද රාධිකාගේ මව ලබාදුන් ගිනුම් අංකයට මුදල් බැරකල අනුර නැවතත් කාර්යාලයට පැමින . හංසිකා ගෙනැවිත් දුන් ලිපිගොනු කිහිපයක් පරික්ෂාකර අත්සන් තබා , මේසය යටින් දෙපා දික්කර අනිත්පස තිබෙන අමුත්තන් අසුන් ගන්නා එක් අසුනක් මතින් දෙපා තබා ගන කල්පනාවට වැටුනේය .
.............ඔය විසිපන්දාහ රාධිකාල ආයෙත් දුන්නත් එපා කියනව යාලුවන්ට සැරින් සැරේ දහය පහලව දීලා නොලැබිච්ච මුදල් කොච්චර ඇද්ද ...............එහෙව් එකේ .................පව් නැති බැරි මිනිස්සු ............ඒකිටත් කසාදයක් හරියන්නේ නැනේ ................කොහෙද වංසේ කබල් ගගා ඉන්නවනේ ..........මටත් වඩා මාස දෙකක් වැඩිමාල් ..............අර ජයන්තය ඕලෙවල් කාලේ ඉදන් පස්සෙන් ආවා ............කොහෙද ඌටවත් කැමති උන්නැනේ ............ඌත් තාම බැදල නැ ..........
...............අඩේ ජයන්තය දන්නවද දන්නැ මේ ආරංචිය ..............කොල් එකක් දාල කියන්ඩ ඕන ..........
'' හෙලෝ .....ජයියා ''
'' ඉතින් ඉතින් අනුරය ..ගොඩ දවසකින්''
'' කොහෙද ඉතින් අපි කොල් කරොත් මිසක් උඹල අපිට ගන්නව කියල යැ ..''
'' අනේ මචං ....සොරි ............මං පට්ට බිසි වෙලා බං ....ෆීල්ඩ් එකේ එහෙට මෙහෙට දුහනව ''
'' මේ ඒක නෙමෙයි අර රාධිකාලගේ තාත්ත රිමාන්ඩ් කරලලු ''
'' අප්පට සිරි අනුරය ...............උඹත් ටොපිය කෑවද ''
'' .ඒ ඇයි මචං එහෙම කියන්නේ ''
'' ඒකි මහගෑණිත් එක්ක එකතු වෙලා වටේටම ඔය බෝලෙම බස්සල , හොද ගානක් කඩාගන ගෙවල් හිටන් විකුණල ගිහින් ''
https://atampahura.blogspot.com/2014/08/blog-post_36.html#more