හොර~ඡන්ද

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව

    හොර ඡන්ද පත්‍රිකා හමු වේ

    ජනාධිපතිවරණ නිදහස් හා සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් අතිශය බරපතල සැක සංකා ඇති වෙමින් තිබියදී ඡන්දය ලකුණු කිරීමේ නිල පත්‍රිකාවට සමාන පත්‍රිකා තොගයක් බලංගොඩ ප්‍රදේශයේදී මහින්ද පිලේ ප්‍රබලයකු ප්‍රවාහනය කරන අතර අත්අඩංගුවට ගෙන තිබේ.

    10873520_865923543460151_5090879709514424438_o.jpg


    මෙම පත්‍රිකා රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද ඒවා බව සැක කෙරේ. මේ සම්බන්ධයෙන් රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කර ඇත. මෙම ඡන්ද පත්‍රිකාවේ SHE 000200-P.E 2015 Government Press PV යනුවෙන් ද සඳහන් කර තිබේ.

    මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු සිවිල් සංවිධානද මේ පිළිබඳව දැඩි විමසිල්ලකින් සිටී. එම ඡන්ද පත්‍රිකාවේ මහින්ද රාජපක්ෂට හිමි බුලත් කොළය ලකුණ ඉදිරියේ කතිරය ගසා තිබීමද බරපතල තත්වයකි. තමන් කෙසේ හෝ මෙම මැතිවරණය ජයග්‍රහණය කරන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරමින් සිටී. ඒ අනුව ඡන්ද වංචා සහ අක්‍රමිකතා සිදු කිරීමට විවිධ උත්සාහයන් ක්‍රියාත්මක වෙන බව හෙළි වෙමින් තිබේ


    බලු ආණ්ඩුවේ බලු වැඩ. :angry::angry::angry::angry: