මේක දැක්කාම පරණ කතාවක් මතක් උනා.ඕකම කිව්වා දොස්තර කෙනෙක්ගේ ඩ්රයිවර්.. මොන ලෙඩටත් එකම බෙහෙත
වාට්ටුවේ ලොකු දොස්තර මහත්තයා, අළුතෙන් ආපු intern එක්ක ලෙඩ්ඩු බලන්න ward round යනවලු. පලවෙනි ලෙඩා බලලා, බැරෑරුම් විදියට, මෙයාට ADT දවසට දෙසැරයක් දෙන්න කිව්වලු. මේ විදියට ලෙඩ්ඩු කීප දෙනෙකුටම ADT දෙන්න කිව්වලු.
මේ බේත මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙච්ච පොඩි ඩොකා, ලොක්කාගෙන් ඇහුවලු මොකක්ද මේ බේත කියලා.
"Any Damn Thing අයිසේ, Any Damn Thing. ඔය මිනිස්සුන්ට ඇති ලෙඩකුත් නැහැ. ඒ උනාට මොනවා හරි බේතක් නොදුන්නොත් සනීප වෙන්නෙත් නැහැ " කිව්වලු.