හොර රියදුරු බලපත්

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    හොර රියදුරු බලපත්

    වේරහැරින් හොර රියැදුරු බලපත්……….
    හොර ක්‍රම මඟින් රියැදුරු බලපත් ලබාදීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා රහස් පොලිසියට කර ඇති පැමිණිල්ලක් මත එම පරීක්ෂණය සිදුවෙයි. රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී නොසිටි පුද්ගලයන් තිස්දෙනකු වෙනුවෙන් රියැදුරු බලපත් නිකුත් කිරීමේ අයැදුම්පත් ගොන්නක් වේරහැර රියැදුරු බලපත් නිකුත් කිරීමේ කාර්යාලයෙන් හසුවී තිබේ.
    වේරහැර කාර්යාලයට මෑතදී පැමිණි පුද්ගලයකු විසින් එම ජාවාරම කරගෙන ගොස් ඇති බව මේ වන විට හෙළිවී ඇත. රහස් පොලිසිය ඔහුගෙන් කට උත්තර ලබාගෙන තිබේ. මේ පුද්ගලයා එම අයැදුම්පත් පිටස්තර ප්‍රාදේශීය කාර්යාලයකින් දෙපාර්තමේන්තුවට එවූ අයැදුම්පත් ලෙසට ඒවා සකස් කර ඒ සඳහා රුපියල් විසිපන්දහසක් පමණ මුදල් අය කර ගනිමින් ජාවාරම කරගෙන ගොස් තිබේ.
    මේ වංචාව හෙළිවීමත් සමඟ මෝටර් රථ කොමසාරිස්වරයාගේ උපදෙස් මත වේරහැර රියැදුරු බලපත් කාර්යාලය භාර නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් එම ජාවාරම කළ නිලධාරියාගේ පරිගණක රහස් අංකය පවා ඉවත් කර තිබේ. මේ වංචාව සම්බන්ධව රහස් පොලිසියෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අමතරව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
    මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට යන එන තැරැව්කරුවන්, ඇතැම් රියදුරු පුහුණු ආයතන මේ ජාවාරමට සහයෝගය දී ඇති බව පරීක්ෂණ වලින් මේ වන විටත් හෙළි වෙමින් පවතී. ජාවාරම කරගෙන ගිය පුද්ගලයන්ගෙන් පමණක් නොව පරීක්ෂණ වලට පෙනී නොසිටි රියැදුරු බලපත් ලබාගැනීමට අතරමැදියන් හරහා ඉදිරිපත්ව සිටින පුද්ගලයන් ද රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.
    මේ වංචාව සම්බන්ධයෙන් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් හරිස්චන්ද්‍ර මහතාගෙන් විමසූ විට පැවැසුවේ රහස් පොලිසියට කළ පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවයි.