වත්මන් ආණ්ඩුවේ තනතුරු දරණ මෙම පුද්ගලයන් දෙදෙනාම ලෝකප්‍රකට Massachusetts Institute of Technology (MIT) හි උපාධිධාරීන් බව කියා සිටියත් ඔවුන් දෙදෙනාම එම විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් නොවන බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇත.
මේ පළමු පිංතූරයේ සිටින්නේ ඩී ඇස් ජයවීර නමැත්තෙකි. ඔහු MIT වලින් ආචාර්ය උපාධියක් ලබා ඇති බවට හොර සහතික ඉදිරිපත් කිරීම නිසා 2006 වසරේදී ම අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අනාවරණය කර ගන්නා ලද පුද්ගලයෙකි. මේ වන විට ඔහු බැසිල් රාජපක්ෂ ආර්ථික කමිටුවේ සම ලේකම් ධුරය දරයි.
දෙවැනි පිංතූරයේ සිටින්නේ තමා ලොව ලාබාලතම හයවැනි ආචාර්ය උපාධිධරයන් බව ප්‍රකාශ කළ, MIT වෙතින් සිය පළමු හා පශ්චාත් උපාධිය ලබා ගත්තේ යැයි කියන අමිල කංකානම්ගේ නැමැත්තෙකි. ඒ පිළිබඳ කළ විමසීමකදී, අදාළ විශ්ව විද්‍යාලය විසින් එවන් පුද්ගලයෙකු සිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා නැති බව අපට දන්වන ලදී. මේ පුද්ගලයා ශ්‍රී ලංකා මොබිටෙල් සහ ස්වාධීන රූපවාහිනී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල ධූර හොබවයි.
මෙවැනි හොර තක්කඩි නාම්බන් රාජ්‍ය හෝ රාජ්‍ය මුදලින් නඩත්තු වන ආයතන වල තනතුරු හෙබවීමට විරුද්ධ වන්න.
මොවුන් දෙදෙනා පිළිබඳ අනාවරණය කරමින් හෙට දිනයේදී ජනාධිපතිවරයා, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රතු කුරුස සංගමය අමතා ලිඛිතව දැන්වීමට අප බලාපොරොත්තු වෙමු. ඒ හැර මෙම පත්වීම් පිළිබඳ අභියෝග කරමින් මහජන උපයෝගීතා නඩුකරයක් ගොනු කිරීමටද කටයුතු කරමු.
(ඊමේල් තහවුරු කිරීම කාවින්ද්‍යා තෙන්නකෝන් ගෙන්)

Last edited: