හොර සහතික | Falsified Qualification

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    වත්මන් ආණ්ඩුවේ තනතුරු දරණ මෙම පුද්ගලයන් දෙදෙනාම ලෝකප්‍රකට Massachusetts Institute of Technology (MIT) හි උපාධිධාරීන් බව කියා සිටියත් ඔවුන් දෙදෙනාම එම විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් නොවන බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇත.

    මේ පළමු පිංතූරයේ සිටින්නේ ඩී ඇස් ජයවීර නමැත්තෙකි. ඔහු MIT වලින් ආචාර්ය උපාධියක් ලබා ඇති බවට හොර සහතික ඉදිරිපත් කිරීම නිසා 2006 වසරේදී ම අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අනාවරණය කර ගන්නා ලද පුද්ගලයෙකි. මේ වන විට ඔහු බැසිල් රාජපක්ෂ ආර්ථික කමිටුවේ සම ලේකම් ධුරය දරයි.

    දෙවැනි පිංතූරයේ සිටින්නේ තමා ලොව ලාබාලතම හයවැනි ආචාර්ය උපාධිධරයන් බව ප්‍රකාශ කළ, MIT වෙතින් සිය පළමු හා පශ්චාත් උපාධිය ලබා ගත්තේ යැයි කියන අමිල කංකානම්ගේ නැමැත්තෙකි. ඒ පිළිබඳ කළ විමසීමකදී, අදාළ විශ්ව විද්‍යාලය විසින් එවන් පුද්ගලයෙකු සිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා නැති බව අපට දන්වන ලදී. මේ පුද්ගලයා ශ්‍රී ලංකා මොබිටෙල් සහ ස්වාධීන රූපවාහිනී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල ධූර හොබවයි.
    මෙවැනි හොර තක්කඩි නාම්බන් රාජ්‍ය හෝ රාජ්‍ය මුදලින් නඩත්තු වන ආයතන වල තනතුරු හෙබවීමට විරුද්ධ වන්න.

    මොවුන් දෙදෙනා පිළිබඳ අනාවරණය කරමින් හෙට දිනයේදී ජනාධිපතිවරයා, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රතු කුරුස සංගමය අමතා ලිඛිතව දැන්වීමට අප බලාපොරොත්තු වෙමු. ඒ හැර මෙම පත්වීම් පිළිබඳ අභියෝග කරමින් මහජන උපයෝගීතා නඩුකරයක් ගොනු කිරීමටද කටයුතු කරමු.
    5A6E3657-9238-45D4-9DA7-C5EC189F3408.jpeg

    5A9BD21F-7261-4FD0-994F-3FA4627F6896.jpeg

    2A3CA866-33A1-4045-AC3E-031868D191FD.jpeg

    (ඊමේල් තහවුරු කිරීම කාවින්ද්‍යා තෙන්නකෝන් ගෙන්)
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ලොකු හයියක් නැත්නම් පාඩුවේ හිටපන්....උන් ඕවා දැන දැනම තමයි තනතුරු දෙන්නේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මේක ගැන නන් දන්නෙ නෑ .හැබයි මේ ලගදි bmich එකේ ලොකු උත්සවයක් තියලා හොර කැම්පස් එකකින් phd දුන්නා.ඒ ඔක්කොම තියෙද්දි සෞමය ලියනගේගේ එක පරක්කු වෙලා බාර දුන්නා කියලා අයින් කරලා අවුරුද්ඩදු ගානකට පස්සේ.ඒක නීතිවිරෝධී නන් ඒ කාලේ මුකුත් නැත්තේ ඇයි.ඊට වඩා හොර උපාධිය දෙන ඒවට මුකුත් නැත්තේ ඇයි? අපි හම්බකලොත් අපි කෑවා
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    සමහර ඒවා උන්ම හොරට ගත්තුවා. සමහර ඒවා තියෙනවා උන්වත් දන්නේ නෑ හොර එකක් කියලා.. :rofl:
    පොඩි පොඩි කැම්පස් අටවාගෙන ගේම දෙන්නේ. අර ලගදී BMICH එකේ දුන්නේ පට්ට ගේම් එකක්. බලන් ගියහම එවුන් වෙබ් එකේ ඉදලම හොරට හදලා. UGC ගොබ්බයන්ගෙන් ලෙටර් එකත් අරන් තියෙනවා සමහර එවුන් .. :lol: