හොර_මහනුන්

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ඉතින් බඩ පිරෙනකල් හොඳට දානෙ වළඳනවා. උදුබැල්ලෙන් වැටිලා නිදාගන්නවා. නැගිට්ට පසු ශාස්තෘන් වහන්සේ විසින් ගරහල, එපා කියපු ලාමක දේවල් කථා කර කර කල් ගෙවනවා.
    ඒ භික්ෂූන්ගේ සිත් සන්සුන් නෑ. බාහිර දේවල් විතරක් කැමැත්තෙන් ඉගෙනගන්නවා. මහණ ජීවිතේ දියුණු කරගන්ට හේතු වන ධර්මය බැහැර කරනවා.
    මිනිස්සුන්ගෙන් ලාභ ප්රයෝජන ලබන්ට හරි කැමතියි. එතකොට කරන්නේ ගිහියන්ට මැටි, තෙල්, හුණු, වතුර, ආසන කෑම බීම දෙන එක තමයි.
    දැහැටි, පළතුරු, මල්, රස කැවිලි, ඒ වගේම, අඹ, නෙල්ලි ආදිය දෙනවා. අන්තිමේදී පිණ්ඩපාතෙට ලැබෙන ඒවත් දෙනවා.
    ඒ භික්ෂූන් ඊට පස්සේ වෙද මහත්තුරු වගේ ගිහියන්ට බෙහෙත් කරනවා. ගිහියෙක් වගේ සාමාන්ය ජීවිතේ ගෙවනවා. ගණිකාවක් වගේ ඇඟ පත සරසා ගන්නවා. සිටුවරයෙක් වගේ යස ඉසුරු රැස් කරනවා.
    සට කපට චාටු බස් කියන්න පටන්ගන්නව. බොරු දේවල් කියන්න පටන්ගන්නවා. වංචනික ජීවිතයක් ගෙවාගෙන මිත්යා ආජීවයෙන් තමයි සිව්පසය අනුභව කරන්නේ.
    අකැප දේවල් කැප දේවල් විදියට හුවා දක්වනවා. ජීවත් වීම පිණිස ජනතාව රවටාගෙන බොහෝ වස්තු ඇදගන්නවා.
    පිරිස් ලවා ඇප උපස්ථාන කරවාගන්නවා. ඒවා කරවා ගන්නේත් පිංකම් කිය කියා මිසක් ධර්මානුකූලව නොවේ. අනුන්ට බණ කියන්නෙත් ලාභයක් ලබන්ට මිසක් ධර්මයේ අර්ථ කියාදෙන්ට නොවේ.
    ඇත්තෙන්ම ඒගොල්ලෝ සංඝයාට අයිති නෑ. නමුත් සංඝයා උදෙසා ලැබෙන දේට කෝලාහල කරනවා. ඇත්තෙන්ම අනුන්ට ලැබෙන දෙයිනුයි ඔවුන් ජීවත් වෙන්නේ. ඔවුන්ට ලැජ්ජාවක් නෑ. අලජ්ජී පිරිසක්.

    මහණ ජීවිතයක් ගත නොකරන සමහර උදවිය හොඳට හිස මුඩු කරනවා. සඟල සිවුරු පොරවාගන්නව. ඒ වුනාට ලාභ සත්කාරයෙන් මුසපත් වෙලා ගෞරවය ලබාගන්ටයි කැමති.
    එතකොට සසුන් මඟ සී සී කඩ යනවා. ධ්යාන මාර්ගඵල ඇති කරගත්තු උතුමන් නැතිව යනවා. ඒ උතුම් ගුණධර්ම ඇති කරගැනීමත්, ඇතිකරගත් ධ්යාන අභිඤ්ඤා වගේ දේවල් රැකගැනීමත් ලේසි වැඩක් නොවේ.

    කටු පඳුරු ගහන වෙලා තියෙන පොළොවක ඉතාම පරෙස්සමින් තමයි ඇවිදගෙන යන්ට ඕන. අන්න ඒ වගේ, මුනිවරයාත් හැසිරෙන්ට ඕන, ඉතා හොඳ සිහි කල්පනාවෙනුයි.

    ඉස්සර වැඩ සිටිය රහතුන් වහන්සේලා ගැන හිතන්ට ඕන. උන්වහන්සේලා ජීවිත ගත කළ ආකාරය ගැන හිතන්ට ඕන. අඩු ගණනේ ජීවිතේ අවසාන කාලයේ හරි ආර්ය මාර්ගයේ ගමන් කළොත් නිවන් අවබෝධ කරගන්ට පුලුවන්.

    ශ්‍රද්ධා ආදී ඉන්ද්රියන් දියුණු කරගත්ත, සැබෑ ඉසිවරයා වූ සැබෑම බ්රාහ්මණයා වූ ඒ අරහත් භික්ෂුව මේ ගාථාවන් කීවාට වස්සේ පිරිනිවන් පෑවා.

    මේ වනාහි ආයුෂ්මත් පාරාසරිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
    විසිවෙනි නිපාතය - ථේර ථේරී ගාථා(ඛුද්දක නිකාය)