හොල්මන් කතා එකතුව

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    හොල්මන්~කතා~එකතුව

    හොල්මන් කතාවලට ගොඩක් අය කැමතිනේ. ඉතින් අපි දන්න කතා අනිත් අයත් එක්ක බෙදාගමු.

    tumblr_m616qhDqcs1rrnbr5o1_500.jpg
     
    Last edited:

    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    දිෂ්ටිය

    මේක මට වෙච්ච ඇත්තම අත්දැකීමක්.. මේක දැම්මට පස්සේ කට්ටිය කියයි මේවා මුගේ පච කියලා...මොනවා කරන්නද ඒකට, ඔන්න කතාව ලියන්නයි යන්නේ පිලිගන්න අය පිලිගනිත්වා....

    මේක මීට බොහෝම කලකට කලින් උන දෙයක්, ඒ කියන්නේ අවුරුද්දකටත් විතර කලින්, මේ කාතාවට සම්බන්ද මාගේ මිත්‍රයා දැන් ලංකාවේ නැති නිසයි මේ කාතාව ලියන්නේ.....මාගේ මිතුරාගේ නම ගිහාන්...කිටියෙන්ම කිව්වොත් මගේ බොක්කේම මිතුරා තමයි මූ...අපි දෙන්න ඉස්සර ඉදන්ම මේ ගුප්ත දේවල් ගැන හොයන්න ගොඩාක් ආස කලා....ගොඩාක් දේවල් අපි මේ ගැන හෙව්වා, ඒකට මූලිකම පසුබිම සෑදුනේ අපේ පවුල් මේ වැඩ වලට සම්බන්ද නිසා වෙන්න ඇති...... ගිහාන්ගේ මාමා කෙනෙක් හිටියා, බොහෝම දක්ෂ අදුරෙක්, බොහෝම දක්ෂයි...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " .... මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " .... මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...මන් යද්දී ගිහාන් ගෙදර නෑ, මං මූට call එකකුත් දීලයි ගියේ, ඒත් මූ ගෙදර නැහැ.... මාත් එක්ක මුගේ ගෙදර උන් ගොඩාක් fit . මන් උන්ගේ අම්මට කිව්වා " මොකක්ද වැඩක් තියෙනවා නයිටක් ගහන්න බලන් වරෙං " කියලා මට කිව්වා කියලා, මොකද දන්නේ නෑ කියලා මම අහුවා..... මුන්ගේ අම්මා එකපාරටම කලබල වෙලා " එහෙම මුකුත් මට කිව්වේ නැහැනෙ" කියලා කිව්වා ...... එතකොටයි මට තෙරුනේ මොකක් උනත් මූ කරන්න යන්නේ ගෙදරටත් හොරෙන් කියලා....දැන් මුන්ගේ අම්මා මගෙන් රටේ නැති ප්‍රශ්න අහනවා, මම මොනවා කියලා කියන්නද, මොකද මම දන්න දෙයක්ද???? මූ මට කලින් කියලත් නැහැනේ, පස්සේ මම මූට sms ගැහුවා "කොහෙද තෝ ඉන්නේ කියලා..." මෙන්න මූ කොහෙද මන්දා ඉදන් දාඩිය පෙරාගෙන ආවා...මූ දන්නවා මාව ගෙදර දැන් තියා ගත්තොත් අම්මා ඔක්කොම දැනගන්න විත්තිය, මූ මාව ගෙදරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගෙදරින් එලියට එක්ක ගියා..... ඔන්න දැන් අපි පාරේ පයින් අවිදන් යනවා, යන ගමන් මන් මුගෙන් අහුවා " මොක්කද බං seen එක, ඉස්සෙල්ලා එක කියල ඉදපන් ", කියලා ...... මොකද මං අපේ ගෙදරට කියලා අවේ අද ගෙදර එන්නේ නැහැ, ගිහන්ලාගේ ගෙදර පොඩි වැඩක් තියෙන්වා කියලා, අද එහෙ ඉන්නේ කියලා, මම දන්නවා අනිවාරෙන්ම අපේ ගෙදරින් හවසට මුගේ ගෙදරට call කරනවා කියලා... මූ මට පස්සේ හීමීට විස්තරේ කියන්න ගත්තා..... මෙන්න මේකයි සිද්දිය.... මූ එක කෙල්ලෙක්ට කැමැතෙන් හිටියා, ඒක ගමේ කෙල්ලෙක්, ඒත් එකී මූට පොඩ්ඩක් වත් කැමත්තෙන් හිටියේ නැහැ, කෙටියෙන්ම කියනවානම් එකී මූව ගානකට වත් ගන්නේ නෑ...... මූ අවුරුදු 6 වඩා මේකිගේ පස්සෙන් ගියා මම දන්න විදිහට, ( මම වැඩිය මේකි ගැන දන්නේ නැහැ, මොක්ද මේකී උගේ ගමේම කෙල්ලෙක් නිසා ) දැන් මේකී වෙන එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා මූට ආරංචි වෙලා.....දැන් තමයි තේරෙන්නේ මුගේ මෝඩ කම, කෙල්ලෙක් කවද්ද අවුරුදු 16 පැන්නට පස්සේ තනිකඩව හිටියේ , මූට පිස්සූද කියාලා හිතෙන්වා වෙලාවකට, ආදරේ බොක්කටම ගැහුවහම ඔහොම තමයි......දැන් මූ හදන්නේ මේකිට වශීයක කරන්නලු, වශීයක් කරලයි මූ දැන් මේකිව ලගට ගන්න යන්නේ...... මං කිව්වා මේක හරියන වැඩක් නෙමේ.... (මොකද වශී ගුරුකම් හිතන තරම් නැහැ කියලා මම හොදට දන්න නිසා.) පස්සේ මූට කොච්චර තේරුම් කරන්න හැදුවත් මූට වැඩක් නැහැ, යාලුවා නිසා මුකුත් කියන්නත් බැහැ, අන්තිමට කොහොම හරි අකමැත්තෙන් හරි වඩේට කැමති උනා......දැන් මේ වැඩේට 3 දෙනෙක් හවුල්.... මමයි, ගිහානුයි, ගිහාන්ගේ යලුවෙකුයි...මේ ගිහාන්ගේ යාලුවා උගේ ගෙවල් පැත්තේ එකෙක්.... ඌත් හැබැයි ගෙන fit dial එකක්..උන්ගේ ගෙදර තමයි වැඩෙට අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නේ,
    ඔන්න දැන් අපි හවස් වෙද්දී කොහොමහරි වැඩෙට අවශ්‍ය කලමනාකරන ටිකත් ලෑස්ති කරන් හවස ඔක්කොම මල්ලකට දාගෙන යන්න පිටත් උනා.... මේ ගුරුකම මතුරන්න ඕන තොටුපලක් ලග, ඉතින් අපි තොටුපල ලගට ගිහින් තටුව හදන්න ගත්තා. ඔන්න දැන් වඩේට ඔක්කොම ලෑස්තියි, දැන් ඔන්න විලක්කු පහන් පත්තු කරලා වඩේ පටන් ගත්තා.... මෙහෙම හිතන්නකෝ, වෙලක් එක්කම ගලාගෙන යන ඇලපාරක් ලග, කිසිම එලියක් නැහැ විලක්කුවේ එළියයි පහනේ එලියයි විතරයි තියෙන්නේ, ඒ එක්කම කිසිම සද්දයක් අහෙන්නේ නැහැ වටපිටාවෙන්......ඇහෙන්නේ මන්තර මතුරන සද්දේ විතරයි.... ඔයවගේ පරිසරයක තනිවෙද්දි හිතට කොහොමත් බය එනවා..... මමත් පැත්තකට වෙලා වඩිවෙලා ඉන්නවා, ගිහාන් හරියට පල පුරුදු ඇදුරෙක් වගේ එක දිගටම මතුරනවා..... අනික් කෙනා ගිනිගිදක් ගහලා එකෙන් පොල්කටු පිච්චෙන්න දාලා බලන් ඉන්නවා......මේ වගේ ක්‍රියාවලියක් තමයි එදා උනේ...... මට මතක හැටියට මූලික මන්තර වලින් පස්සේ දුම්මල දුම් එක්ක නවනීලය මතුරන්න ගත්තා...මොනවා උනත් පල පුරුදු අදුරෙක් වගේ දිගටම දුම්මල දිදී තටුවට මතුරන්න ගත්තා... ඔන්න නවනීලෙත් මතුරලා එවරයි....එතකොට රෑ 11 පහුවෙලා මම හිතන්නේ.....මම පැත්තකට වෙලා වඩි වෙලා හිටියට හරි අවදානයෙන් හිටියේ...දැන් මුලු පරිසරයම නිහඩයි...ඇහෙන්නේ මතුරන සද්දේ විතරයි...... මොහීනී දිෂ්ටි මන්තර වල හඩ ඒ නිහඩ බවට අභියෝග කරන්වද ? මේ වගේ විකාර දෙවල් මට දැනෙන්න ගත්තා...

    "..... ඕං නයි මානික්ක සෙල්ලුම් ඉඩ මානික්ක සෙල්ලුම්, කච්ච තම්බිටාණේ එන්නාරු මෙත්තම්බ කය්යේරුම් අප්පා උඩයාරුම් උඩුවා තම්බිරාණේ කට්ටි කට්ටි වාර කමසු තම්බිරාණේ කච්චියේන් උරච්චියේන් උත්තම්බිරාණේ කල උරුලෙන් ඉරු වාරක්කට්ටු අඩුක්ක සූරතන් ඉල්ලේ වා වා ඕඩ්වා........"

    ගිහාන් එක දිගට දුම්බල දිදී මෝහීනී දිෂ්ටියට අඩගහනවා ( ඔය මන්තරේ මුල් දැහැන විතරයි ) පැය 2 වැඩියෙන් එක දිගට අඩ ගහද්දී පරිසරයේ පොඩි වෙනසක් මට click උනා....එක මොකක්ද කියන්න තේරුනේ නැහැ, ඒත් මොකක් හරි වෙන්න යන බව දැනුනා.... මන් හීමීට තටුවට ලං උනා......ගිහාන් එක දිගට මතුරනවා, අනෙක් එකා ගිනි ගොඩ ලගට වෙලා ඉන්නවා.......එක පාරටම අමුතූ සුළගක් එන්න ගත්තා..ඒ සුළගේ අවේ අමුතූ සුවදක්...මං දැනගත්තා දැන්නම් දිෂ්ටිය ලගටම ඇවිත් කියලා...ඒත් මේක ගිහාන්ට දැනුනේ නැද්ද මන්දා, මිනිහා තාමත් එක දිගටම මතුරවා.....මෙහෙම වෙන්න විදිහක් නැහැ, මට දැනුනා කියන්නේ ඒක මතුරන කෙනාට ඊටත් කලින්ම දැනෙන්න ඕන් කියන එකයි.....හොදම දේ එක නෙමේ, මම ඉටපස්සේ දැකපු දේයි.....කවුද කාන්තා රූපයක් නියර ඇළ දිගේ එනවා වගේ....මේ මහ රෑ කොහෙන්ද ගෑණු....දැක්කේ යාන්තමට චායාව විතරයි.....මන් අපේ අනික් මිත්‍රායාගේ මූන දිහා බැලුවා, මිනිහගේ වෙනසක් පේන්න නැහැ, ආපහු බලද්දී අර චායාව පේන්න නැහැ...........මට හිතා ගන්න බැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා....දැන්නම් හිත බය වෙලා එවරයි...ඒත් කරන්න දෙයක් නැති නිසා හිත තද කරන් හිටියා......එක පාරටම හුලං වල වෙනසක් උනා.....හුලං හමන වේගය වැඩි උනා......ඒත් ගිහාන් එක දිගටම මතුරනවා.... දැන් කරන්න ඕන අඩහන්න නෙමේයි, දොල දීලා ඉනාවට මතුරන එකයි...ඒත් මේකා තාම අඩගහනවා....එක පාරටම හුලං පාරක් ඇවිත් තටුවේ තිබිච්ච පහන නිවුනා....හුලං පාර කොච්චර සැරද කියනවානම් අපිවත් විසි වෙන තරමටයි හුලග අවේ...මුලු තටුවම හෙල්ලුනා ඒ හුලං පාරට......තටුවේ විලක්කුව නිවෙන්නේ නැතුව බේරුනේ 99න්....මම එක පාරටම බැලුවේ අනික් මිත්‍රායා දිහා, මිනිහත් බය වෙලා වගේ, මම අහුවා අවුලක් නැහැ නේද කියලා, මිනිහා නැහැ කිව්වා, මං දැන්ගත්තා මූ නම් යකෙක්ට වත් බය නැති එකෙක් කියලා.......

    මම ගිහාන් දිහා බැලුවා...ඌ කිසිම සද්ධයක් නැහැ...එහෙමම වාඩි වෙලා ඉන්නවා...... මම තව විලක්කුවක් පත්තු කර ගත්තා....අරන් වට පිට බැලුවා කිසිම අවුලක් නැහැ....මං ගිහාන්ට කිව්වා " මචං මේ වැඩේ හරියන්නේ නැහැ, අපි මෙක නවත්තලා යමු බං යන්න......" ,කියලා........මං පස්සේ අනෙක් යාලුවාට කිව්වා ඔය ඔක්කොම පෝර බෑග් එකට දලා විසිකරලා දාමු කියලා....මේ වගේ කතාබහ වෙන වෙලාවෙත් ගිහාන් එහෙම වාඩිඋන විදිහටම වාඩිවෙලා හිටියා...මන් පන්දම මුගේ මුනට ලං කලා.......දන්නවද මම දැක්ක දේ.....මුගේ මූනම ඉදිමිලා වගේ, ඇස් එහෙම ලොකු වෙලා, මූ බලා ගත්තු අත බලන් ඉන්නවා......
    මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා, අනේ දෙවියනේ මම දැන් මොකද කරන්නේ, මං එහෙමම බිම වාඩි වුනා නෙමියි නිකන්ම වාඩි උනා.......කිව්වට විස්වාස කරන එක්ක නැහැ ඒ වෙලාවේ මට පුදුම අසරණ කමක් දැනුනේ.......ඒත් මම හිතින් වැටුනේ නැහැ, මම අදහන ධර්මයේ විශ්වාසය මට නිතරම තියෙනවා...... මම හීමීට පන්දම යාලුවගේ අතට දුන්නා, දෙන ගමන් අතින් සලකුනු කලා කතා කරන්න එපා කියලා..... මං එහෙම්ම තත්පර ගානක් ඇස් වහ ගත්තා....ඒ මගේ හිත ඒක තැනකට ගන්න......මට හොදට ඒ වෙලාවේ සිහිය තියෙනවා කියලා දැඩි අදිෂ්ටානයක් ඇති කට ගත්තා...මං දකුනු අතට හීමිට කාලමක් මතුරන්න ගත්තා එක දිගටම මතුරන කොට මෙන්න ගිහාන් එක පාරටම නැගිට්ටා..මටත් ඒ එක්කම නැගිටුනා මතුරලා, එක පාරටම මන් මුගේ ඔලුවව අත තියලා මතුරන්න ගත්තා....දැන් මූ නැගිටන්ම ඉන්නවා.....මොනවා උනත් අපි දෙන්නම එකතු වෙලා මූවා බදා ගත්තා...මන් කොහොමහරි දනිස්සට හයියෙන් ගහුවහම මූ බිම වැටුනා, දැන් අරූ ගිහාන්ව තදින් අල්ලන් ඉන්නවා..... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් සැර කාලමක් කියන්න වෙනවා... මං ගිහාන්ගේ මූන අත්දෙකෙන් අල්ලන් මතුරන්න ගත්තා ...

    ".............ඕං හර හරම් කන්දාස්වාචී ජෙස් ගුරු නාරායයේ නමඃ ඕං අවකොරේ කුන්තු බාගේස් තුසයි වීර වල්ලි ගිනි........."
    මේ පත්තිනි කුලම්බුව, (කොටසක් විතරයි ) මේ මන්තරයෙන් දිගට හරහට මතුරන්න ගත්තා විනාඩි පහකටත් වැඩි වෙලාවක් මට හිතෙන හැටියට, මතුරලා මූනට පිම්බා, ගිහාන්ට එක පාරටම සිහිය නැති උනා.....දැන් දිෂ්ටිය මූව ඇතෑරලා තියෙන්නේ, ඒත් මේ අවට කැරකැවෙනවා වෙන්න පුලුවන්, මං පන්දමත් අතට අරන්, දුම්මල මතුරලා වටේටම ගහුවා.....ගිනි පේසුමාලාවෙන් මැතුරුවේ දුම්මල, දැන් මේ පැත්ත පලාතේ මොකෙක්වත් නැහැ කියල sure...... දැන් හීමිට ගිහාන්ගේ මුනට වතුරා ගහලා සිහිය ගත්තා.....මූ බොහොම අමාරුවෙන් ඔලුව උස්සලා නැගිට්ටා....ඊට පස්සේ මූව අමාරුවෙන් වාඩිකරවා ගත්තා, අවිදින්න පුලුවන්ද කියලා අහුවම අගට ටිකක් පන මදියි වගේ කියලා කිව්වා.....මේ වෙනකොට මගේ හිතට මාර fit ඇවිත් තිබුනේ....දැන් අපේ එක මුවා වාරු කරන් ගෙදර අරන් යන එක....ඉට කලින් මං මුගේ බැනියම අරන් මතුරලා ගැටයක් ගැහුවා...දැන් කරන්න ඕන ඔක්කොම මූලික ආරක්ෂාවල් බැදලා ඉවරයි...... දැන් මූව වාරු කරන් ගෙදර පේන මායිමට අවා, පස්සේ ඉඩමට අතුල් වී වෙසමුණි දැහැනින් අන ඉර පාරේ අන්දා......දැන් හරි, දැන් බය වෙන්න ඕන නැහැ...පස්සේ ගෙදර අයට ඇහැරවලා විච්ච කතාන්දරය ඔක්කොම කිව්වා, මුන්ගේ මාමා ඇවිත් පහුවෙනිදා අපි තුන්දෙනාටම දෙහි කපලා කරට නූල් 3ක් දැම්මා....... ඒ මාමා කිව්ව විදිහට අර දේවල් කරේ නැත්නම් මෝහීනීගේ පහසට යටත් වෙන්න තිබුනලු......ඔන්න ඕකයි කාතාව......ඔය ගොඩක් දේවල් ඇතෑරලයි ලිව්වේ........මේක මීට වඩා දේවල් ඇතුලේ උනා...ඒවා වැදගත් නැති නිසයි මෙහෙම කෙටියෙන් ලිව්වේ.....

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි, මන්තර කියන්නේ සෙල්ලම් කරන්න පුලුවන් දෙයක් නෙමේ.....මේ ගැන හොයලා බැලුවට කමක් නැහැ ඒත් අත්හදා බලන්න යන්න එපා......බලගතු ආරක්ෂාවල් දන්නේ නැතුව, කාලම් මන්තර දන්නේ නැතුව මේවා අත්හදා බලන්න වත් යන්න එපා ...... !!!!!!

    Source
     
    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    මේ කතාව උනෙ දැනට මාසයකට විතර කලින් ..මමයි මගේ තව යාලුවො දෙන්නෙක්ටයි මේ දේ සිද්ද උනෙ මම හොල්මන් විශ්වාස කලේ නැ ඒත් මේ සිද්දියෙන් පස්සේ මම ඕනාවටත් වඩා හොල්මන් විශ්වාස කරනවා.

    එදා දවසේ අපි තුන්දෙනා ගියේ මලගෙදරක අපි අදුරන යාලුවෙක්ගෙ අම්මා කෙනෙක්ගෙ. අපේ ගෙවල් හරියේ තියනවා ඇලකන්දිය කියලා තැනක්. ඉස්සර j.v.p කලබල කාලේ මිනී ඕනෙ තරම් මරපු පොට් එකක් තමා. හවස 6 න් පස්සේ ගියපු ගොඩක් අයට බබා හම්බුනා. ඒ නිසා කවුරුත් වැඩිය ඔහෙන් යන්නෙ නැ . එදා කොහොමහරි අපි තුන්දෙනා ඔතනින් ආවා වෙන කතාවක් කතා කරපු නිසා ඔතන මතක් උනෙ නැ . නැත්නම් අපි ඔය පැත්ත පලාතෙන් එන්නෙ නැ .

    බාගයක් දුර එනකොට අපි එක්ක යාලුවෙක් ගිරි යටින් කෑ ගැහුවා. අපි සේරමලා හොල්මන්. මොකො කියලා ඇහුවම කව්ද මගෙ කරට අත දාලා යන්න එපා කිව්වා කියලා කිව්වා. කරකියාගන්න දෙයක් නැ ආයි අනික් අතට යන්න බැ.

    ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා හිමිට අපි ගියා. ගෙදරට කිලෝමීටර් බාගයක් විතර තියනකොට යන්න තියෙන්නෙ වෙල මැද්දෙ න්ලගයි නෙ කියලා අපි හිනා උනා විතරයි සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් අපි මැද්දෙන් දුවන් ඇවිත් ඇලට පැන්නා.මාව අල්ලගත්තු මගෙ අනික් යාලුවා මාවත් ඇදන් දිව්වා. උන දේට මගෙ කකුල් පන නැතුව හිටියේ. ඔයාලට තාම බලාගන්න පුලුවන් මාලබේ නෙවිල් ප්‍රනාන්දු හොස්පිට්ල් එක ලග තියන වෙල ලග පාර.

    Source
     
    • Like
    Reactions: Iron Monger
    මේ මචං මට තේරුණ දෙයක්, සාමාන්‍යයෙන් ලංකාවෙදි තනියම ගෙදර ඉන්නකොට කළුවරේ රෑට පොඩි බයක් එන එක සාමාන්‍යයිනෙ. මට ත් එහෙම දැනිච්ච වෙලාවල් තියනවා. මම එච්චර හිත දුර්වල කෙනෙක් නෙවේ.

    මං දැනට ඉන්නේ පිටරට, ඒත් කවදාවත් මට මෙහෙදි එහෙම බයක් දැනිලා නෑ.. පාරෙ කළුවරේ යද්දී වත් ගෙදර තට්ට තනියෙම ඉන්නකොටවත්. ඇයි ඒ
     
    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    මේ මචං මට තේරුණ දෙයක්, සාමාන්‍යයෙන් ලංකාවෙදි තනියම ගෙදර ඉන්නකොට කළුවරේ රෑට පොඩි බයක් එන එක සාමාන්‍යයිනෙ. මට ත් එහෙම දැනිච්ච වෙලාවල් තියනවා. මම එච්චර හිත දුර්වල කෙනෙක් නෙවේ.

    මං දැනට ඉන්නේ පිටරට, ඒත් කවදාවත් මට මෙහෙදි එහෙම බයක් දැනිලා නෑ.. පාරෙ කළුවරේ යද්දී වත් ගෙදර තට්ට තනියෙම ඉන්නකොටවත්. ඇයි ඒ

    අවතාර සහ පාරභෞතික ( අත්භූත ) සිදුවීම් වලක් වා ගන්නා ආකාරය

    01 අත්භූත සිදුවීම් පිලිබඳ දැනුවත් බව

    ඔබ ලෙහෙසියෙන්ම සලිත වන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් ඔබ සමහර විට මේවා පිලිබඳ සොයන්නට යන්නේ තනිවමයි ඉතින් ඒක නිසා
    යහළුවෙක් සමග හෝ තමන්ගේ තනි නොතනියට සිටීම වැදගත් . තවත් දෙයක් මේවා සොයන්නට යාමේදී අනවශ්‍ය භයංකාර රූප සහිත වෙබ් පිටු මගහරින්න
    එය ඔබට සහනයක් වේවි . අත්භූත සිදුවීම් පිලිබඳ සුළුවෙන් හෝ දැනුවත් බව පෙර සූදානම සඳහා ඔබට ඉතාම වැදගත් වේවි

    02 උත්සහ කරන්න මුලාවෙන් ඈත්ව සිටීමට

    සමහරුන් ඇත්තටම යම් අත්භූත දෙයක් දැක්කා කියලා කිව්වත් ඇත්තටම එය එසේ නොවන්නට පුළුවන්
    ඔබ මේ පිළිබඳව ඇත්තටම දැනුවත් නැත්තම් සුළු චලනයකට පවා බිය වන්නට පුළුවන් ඉතින් හේතුන් නිසා ඔබ මේ පිළිබඳව සුළුවෙන්
    හෝ දැනුවත් වීම සුදුසුයි

    03 අමුතු හැගීම් ගෙන දෙන ස්ථාන හා අත්භූත ප්‍රදේශයන්ගෙන් ඉවත් වන්න

    බොහෝ විද්වතුන් එකඟ වන කාරණයක් වන්නේ හොල්මන් නැත්නම් අවතාර නැවත පැමිණෙන්නේ නිම නොවූ යමකිසි කාරණයක් නිසා බව .
    ඉතින් මේ වගේ නිම නොවූ ස්ථාන ඔවුන් මියගිය හෝ ජිවත් වූ ස්ථාන වන්නට පුළුවන් . පැරණි ඉස්පිරිතාල . පැරණි නිවාස . බලකොටු . සිරමැදිරි
    පොලව යට ගුහා ප්‍රසිද්ද අප්‍රසිද්ද හෝටල් මෙවැනි ස්ථාන වල වැඩි වශයෙන් අත්භූත සිදුවීම් වී ඇතිබව වාර්තා වනවා

    04 හොඳ යහළුවෙක් හෝ යහළුවන් පිරිසක් තෝරාගන්න

    සැම විට ඔබේ සිතට යම් සහනයක් ගෙනදෙන විශ්වාස යහළුවෙක් තෝරාගන්න , මන්දයත් බය සිතෙන දේවල් වලට ඔබේ සිත ඇදිල යද්දී හොඳ යහළුවෙක් හෝ කණ්ඩායමක් සිටිනම් ඔබේ සිතුවිල්ල වෙනස් කිරීමට වගේම සාංකාව මැකීමට මෙය ඔබට ලොකු අත්වසිල්ලක් වේවි
    එසේම එම යහළුවත් සමග ඔබගේ මෙවැනි අත්දැකීම් සැමවිටම බෙදාගන්න

    05 වැඩිපුර තනිව නොසිටීමට වගබලාගන්න

    වැඩිපුරම අවතාර හා බැදුණු සිද්දීන් වාර්තා වී ඇත්තේ තනිව සිටින විටයි . ඉතින් යම් විදියකින් ඔබත් මෙවැනි වටපිටාවක සිටිනම් තනිව නොසිට හැකි සෑම විටකම කණ්ඩායමක් සේ සිටින්න

    06 අත්භූත චිත්‍රපට වැනි දේවල් ඔබෙන් ඈත්කරන්න

    යලි යලිත් ඔබේ මනසට චිත්‍රපටයකින් හෝ මෙවැනි දැ ඇතුල් කර නොගැනීමට වගබලාගන්න මන්දයත් මෙවැනි දෑ වලින් ඔබේ මනසේ ඇති ශක්තිය අඩපන කිරීමට පුළුවන් එවිට ඔබ මේ කල සියල්ලෙන්ම වැඩක් නැතිවේවි යම් දෙයකින් ඔබට ඈත් වීමට අවශ්‍ය නම් එම අමතක කිරීමට ඇති දෙය සම්බන්ද වන සියල්ලක්ම නැති කිරීමට විනාශ කිරීමට ඔබට සිදුවේ

    07 අදහන්න සෑම විටම ඔබගේ ආගම පලදගන්න ආගමට අදාල යමක්

    එවිට ඔබගේ මනස සහ සිතද ශක්තිමත් වේ අනෙක් කරණය නම් ඔබ හරි ආගම දහමට ලැදි අයෙක් නම් මොවුන් ගෙන් බොහෝ දුරට ඔබට හානියක් නොමැත

    08 නිරීක්ෂණය

    අවසාන වශෙයෙන් මගේ අත්දැකීමක් අනුව දෙයක් ඔයාලට කියන්නම් ඔබලාගේ නිවාස තුල ඒ වගේම ඔබ යන අවට හොදින්ම ඇස් ඇර බලන්න ජල කරාමය හොදින් වැසුවාද වතුර නලයක් කොහේ හෝ කැඩිලද නැත්තම් රේඩියෝවේ ප්ලග් එක විසන්දි කරලද කියල මොකද මේවා අමතක වීමෙන් රාත්‍රී නින්දට ගියාට පසු ඇතිවන ශබ්ධ හොල්මන් යයි සිතන්න එපා එම නිසා අප අවට පරිසරය ගැනත් හොද අවදානයෙන් සිටින්න
     
    • Like
    Reactions: amoeba2576

    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    මෙක වෙලා දැන් අව්රුදු 10ක් වගේ වෙනව.අපේ පාරට පල්ලෙ ගෙදරක් තිබුන.ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි විතරයි ඒ ගෙදර හිටියෙ.මම පොඩි කාලෙ ඉදන් ඒ දෙන්නව අදුරනව.එයාලගෙ ලමයි ගැන නම් මම අදටත් විස්තර දන්නෙ නැ.එයාල ඈතක පදිංචියට ගිහින්.මෙයාල එක්ක ගමේ අය එච්චර හොද නැ.මම ඒක දැන ගත්තෙ පස්සෙ.ඒත් අපේ තාත්ත අම්ම එයාලට කතා කරල හිටිය ඉස්සර ඉදන්ම.විස්තර වැඩි උනාද මන්ද.

    දවසක් ඒ සීය ගෙදර තනියම ඉන්න වෙලාවක බ්ලේඩ් එක්කින් බෙල්ල කපාගෙන.ඉස්පිරිතාලෙට අරන් ගිය නිසා බේරුන.එයාව ගෙදර එක්කන් ආව.ඒත් ගමේ කිසි කෙනෙක් බැලුවෙ නැ.ඒ ආච්චිටත් සීය ගැන ගානක් නැ.බෙල්ල කපාගෙන තියෙන්නෙත් එයා ගැන කිසි කෙනෙක් බලන් නැති නිසාලු.කොහොම හරි එයා මැරුනෙ නෑනෙ.හැබැයි කිසිම දෙයක් කන්න බැ.උගුරෙන් පල්ලට යන්නෙ නැ.ඇත්තටම එයාව දැක්කම මම බය උනා.බෙල්ල කැපිල තියෙන විදිහට.

    කොහොම හරි ටික කාලයක් කැ,සුප් එහෙම බීල හිටිය.තත්වෙ අව්ල් වේගෙන එද්දි අපේ තාත්ත ආච්චිගෙන් ඇහුව ඒ සීයව පේරාදෙණියෙ හොදම ඩොකෙක්ට පෙන්නන්න එක්ක යන්නද කියල.එයා කැමති උනෙ නැ.දවසක් උදේ ආරංචි උනා සීය මැරුන කියල.සීයගෙ නංගි කෙනෙක් ඒ දවස් වල එහෙ හිටිය.එයාට ඇහුනලු පණ යනව.ඒත් උදේ වෙනකම් බලල නැ.සීය මැරුන විතරයි ආච්චි ගියා එයාගෙ ලමයි ලගට.ආයෙ ආවෙ හත් දවසෙ දානෙට.ගේ තනි කරපු නිසාද මන්ද ගමේ කතාවක් ගියා සීය එකෙ හොල්මන් කරනව කියල.පස්සෙ ගේ කැලෑ වැදුන.පාර ලගම නිසා ටික කාලෙකින් මිනිහෙක් ඒ ගෙදර එක කෑල්ලක් කුලියට ගත්ත කඩයක් කරන්න.ඒ මනුස්සය ගමට අලුත්. ඔය සීන් පොර දන් නැ.ඇවිත් සතියක් යන්න කලින් ගමේ අයට කියල ඒකෙ ඉන්න බැ ගෙදර ඇතුලෙන් සද්ද ඇහෙනව කියල.මට ලාවට මතකයි අපේ තාත්ත එක්ක කීව ඉන්න බැ මහත්තයෝ කබඩ් අරින වහන සද්ද ඇවිදින සද්ද කහින සද්ද එහෙම ඇහෙනව කියල.පස්සෙ ඒ මනුස්සය වෙනම තැනක් හදන් ගියා.ආයෙ ගේ කැලෑ වැදුන.මාස ගානකින් පව්ලක් ආව ආයෙත්.ගෙදර සුද්ද කරල ගත්ත.කිසිම අව්ලක් නැ.හැබැයි එයාලට ප්‍රශ්න ඉවරයක් නෑලු.කිසිම සෙතක් නෑලු.එයාල ගියා.එහෙම පව්ල් 3ක් විතර ඇවිත් ගියා.

    පස්සෙ අන්තිමට අපේ ගමේම පව්ලක් මේ ගෙදර හෙන අඩුවට ගත්ත.හොල්මන් කේස් නිසා වටිනාකම අඩු වෙලා තිබුනෙ.එයාල ආව ගමන් මුලු ගමටම කියල හාමුදුරුවරු වඩම්මවල ලොකු පිරිතක් කියල දානයක් කීව.ගමේ හැමෝම එදා ආව.ඇන්ටි කෙනෙක් කීව පලවෙනි වතාවට ඒ ගෙදර ඇතුලට ගියෙ කියල.දැන් අව්ලක් නැ.ඒ ආච්චි අදටත් ඉන්නව.බුදු සරණයි

    Source
     
    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    [FONT=&quot]කාලි මෑණියෝ

    [/FONT]

    පරාශක්ති යනු දෙවියන්ට ආරෑඪ වූ ශක්තියයි. ශිව දෙවියන්ගේ නළල් නෙතින් විකාශ වූ ශක්ති ධාරාවෙන් බිහි වූ අසුරයන් නසා යහපත රකින්නට සැදී පැහැදි සිටී. අසුරයන් ඉදිරියේ රෞද්‍ර වුවද ඇය ඕනෑම අයකු වසඟ කර ගැත හැකි රූපශ්‍රීයෙන් හෙබි දේවතාවියකි.ඇයගේ රූපශ්‍රීයට වශී වූ ශිව, කාලි තම බිරිය කරගත්තේය.එතැන් පටන් ලෝකයේ අසුරයන් නැසීමට අවශ්‍ය ශක්තිය ශිව විසින් ඇයට ප්‍රදානය කරන ලදි.

    [FONT="helvetica" , "arial" , sans-serif][FONT=&quot]
    [/FONT]
    [/FONT] [FONT="helvetica" , "arial" , sans-serif][FONT=&quot]සොහොනකදී රාත්‍රි 12.00ට කාලි මෑණියන්ව දැක ගත හැකි බව ඇය අදහන බැතිමතුන් විශ්වාස කරති.[/FONT][/FONT]
    මෙතැන් සිට කතාව...

    විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයෙක් හිටියා ඊශ්වර, කාලි මෑණියන් ගැන පර්යේෂණ කරපු. එයා මේ පර්යේෂණ කලේ මෑණියන්ටවත්, දෙවියන්ටවත් අගෞරව කරන අදහසින් නෙමෙයි. දෙවියන්ට, මෑණියන්ට එයාගේ තිබුනේ දැඩි භක්තියක්. කාලි මෑණියන්ට වැදුම් පිදුම් කරන මන්ත්‍ර ඉගෙන ගෙන, ඇයට පුද සත්කාර කරන පිළිවෙත් ඉගෙන ගෙන එයා නිතරම මෑණියන්ට පුද සත්කාර කලා. මේ ආචාර්යවරයාට මෑණියන්ගේ හාස්කම් ගැන කිසිම සැකයක් තිබුනේ නෑ.ඒත් එයාට ඕනකලේ ඒක සියැසින් දැකබලා ගන්නයි. ශිව දෙවිදුන් සමඟ රෑ 12.00ට කාලි මෑණියන් සොහොනක නර්ථනයේ යෙදෙන හැටි සියැසින් බලා ගන්න එයාට ආශාවක් හිතුණා.ඒ නර්ථනය බලන්නත්, පරීක්ෂණ කරන්නත් එයාට තිබුනේ ලොකු ආශාවක්.

    මේ ආචාර්යතුමා ඒ පිළිබදව හොඳ හැදෑරීමක් කරලා මහ රෑ සොහොනේ ශිව, කාලි නර්ථනය බලන්න කටයුතු පිළියෙල කලා. කාලි මාතාවට කරන පුද සත්කාර ඉටුකර මන්ත්‍ර වාක්‍ය කියා මෑණියන්ගෙන් අවසර ගත්තා. මෙ කටයුත්තට සොහොනක් තෝරාගෙන වගකිව යුතු බලධාරින්ගෙන් අවසරද ලබා ගත්තා. මේකට තමන්ට විශ්වාසවන්ත හතර දෙනෙකුත් එකතු කර ගත්තා.

    කෝවිලට ඇවිත් ඒ අයටත් මෑණියන්ගේ ආරක්ෂාව ලබා දුන්නා. අවශ්‍ය සියලු දේ සපයාගෙන සොහොනට ගියා. අලුත භූමදාන කල මළ සිරුරක් ගොඩගෙන අවශ්‍ය වතාවත් කර මන්ත්‍ර ජපකර රෑ 12.00 වනතුරු කට්ටිය බලාගෙන හිටියේ ශිව-කාලි නර්ථනය බලන්න.

    මුළු සොහොන පුරාම දැඩි භයංකාර පරිසරයක් මැව්නා වගේ ඒ අයට තේරුණා. ඒ අය සොහොනට එද්දි ඒ වගේ පරිසරයක් තිබුනේ නෑ. වලෙන් ගොඩ දැමූ මිනියට ජපකරලා ඒ වතාවත් සිදු කලාට පස්සේ තමයි සොහොන් බිමේ පරිසරය වෙනස් වුනේ...හැබැයි මේ අය සොහොනට එන්න කලින් කෝවිලට ගිහින් මෑණියන්ගේ ආරක්ෂාව ලබාගෙන තිබුණා. ඒ නිසා සොහොනට ආවේ කිසිම චකිතයකින් තොරවයි. කට්ටිය සොහොනට ඇතුල් වෙනකොට සොහොනේ ඒ අයට භය උපදවන පරිසරයක් තිබුනේ නෑ. මළමිනිය ගොඩට අරන් අවශ්‍ය වතාවත් කලාට පස්සෙයි මේ ත්ත්වය ඇති වුනේ.

    මේ පිරිස අතර දක්ෂ කට්ටඩියෙකුත් ඉදලා තියෙනවා. මේ ඔක්කොම ආරක්ෂාවට මතුරපු නූල් බැඳගෙනයි හිටියේ. අර කට්ටඩි මනුස්සයා බොහොම පළපුරුදු ඇති කෙනෙක්. එයා බොහෝ පළාත් වල සොහොන් පිටි වල මිනී වළවල් මත දපලා මන්ත්‍ර ජීවම් කල කෙනෙක්. මහ රෑ සොහොන්වල සිදුවන දේ මෙයාට හොඳට හුරුයි. එයා ලෙහෙසියෙන් භයවෙන කෙනෙකුත් නෙමෙයි. ඒත් මේ කට්ටඩියටත් මහ අමුත්තක් දැනුනා. වටපිටාවේ තියෙන භයංකාර ගතිය එයාගේ හිතටත් දැනුනා.. ඒක ඒ මනුස්සයාට කවදාවත් නොදැනුනු අත්දැකීමක් වුනා.

    ගිය පිරිස දැන් තුෂ්ණිම්භූත වෙලයි ඉන්නේ..රෑ 12.00 වෙන්න තව විනාඩි 10ක් ඉතිරිව තිබුණා.මෙතන ඉන්න හොඳ නෑ කියලා අර ආචාර්යවරයාගේ හිතට දැනුනා. එයා ඒ බව පිරිසට කියලා ගොඩදාපු මළමිනිය වලේම තියලා ඉක්මනට වාහනය ළඟට ආවා. දැන් ඔක්කොම වාහනයට නැඟලා වාහනය ඉතා වේගයෙන් කනත්තේ දොරටුවෙන් පිට වුණා.පාරේ කව්රුත්ම පේන්න නෑ.

    මහ මූසල ගතියක් පාර පුරා තිබුණ බව මේ අයට දැනුණා. ඉතාම වේගයෙන් ගිය වාහනය පාලනය කර ගන්න බැරිවෙලා කණුවක හැපිලා තියෙනවා. ඒ ආපු වේගයට හැප්පුන වාහනය දෙකට මැදින් පැළිලා වගෙයි තියෙන්නේ. වාහනය දැකපු කෙනෙකුට ඒකේ සිටි කව්රුත් පණ පිටින් ඉන්නවා කියලා හිතෙන්නේ නෑ. ඒ තරමටම වාහනය ආපදාවට ලක්වෙලා..පුදුමය ඒක නෙමෙයි. වාහනයේ සිටි කට්ටිය ඔක්කොම හිටියේ ජීවතුන් අතර වීමයි..ඩ්‍රයිවර්ගේ අතේ පොඩි සීරිමක් වෙලා..අනෙක් අයගේ එහෙම සීරිමක්වත් නෑ..හරියට හාස්කමක් වගේ....

    (උපුටාගැනීමක්)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේ මචං මට තේරුණ දෙයක්, සාමාන්‍යයෙන් ලංකාවෙදි තනියම ගෙදර ඉන්නකොට කළුවරේ රෑට පොඩි බයක් එන එක සාමාන්‍යයිනෙ. මට ත් එහෙම දැනිච්ච වෙලාවල් තියනවා. මම එච්චර හිත දුර්වල කෙනෙක් නෙවේ.

    මං දැනට ඉන්නේ පිටරට, ඒත් කවදාවත් මට මෙහෙදි එහෙම බයක් දැනිලා නෑ.. පාරෙ කළුවරේ යද්දී වත් ගෙදර තට්ට තනියෙම ඉන්නකොටවත්. ඇයි ඒ

    sahathika aththa ban, ra 1 ta wada iwara wela thaniyama enne kisi bayak na
     
    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    හොල්මන් අවතාර පෙනෙන කාල සටහන

    රෑ 6.00-7.15- කාලවලදී අපට මුණ ගැහෙන්නේ සාමාන්‍ය මලගිය නෑදෑයන්ගේ ආත්මයි...(නිදසුනකට තම මිය ගිය සියා හෝ ආච්චිගේ කාමරය තුලින් බැදුම් සුවදවල් පැමිණීම .තනිව ගමන් කරනවිට මෙය දැඩිව දැනේ......නමුත් දැනෙන්නේ එම පවුලේ සාමාජිකයෙකුට පමණි නැතොත් අන් අයට දැනුනහොත් එතන අවතාර බලපෑම් නොමැත)

    රැ 7.20 -8.00-මේ කාලයේදී බොහොමයක් බලපෑම් ඇතිවන්නේ මහසෝන් අවතාරය....හෝ ඔයවල් වල මාළු අල්ලන්නට පහර දෙන රලමහ අවතාරය ගේ බලපෑම් ය....(මේවා බොහොමයක් සිදුවන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය )
    රැ 8.21 - 9.30-මේ කාලයේදී බොහොමයක්ම ඉතාමත් දරුණු අවතාරවල බලපෑම් ලැබෙන වේලාවකි ....නිදසුනකට හිතේ සැනසිමකින් මිය නොගිය ආත්ම ..පලිගැනීමේ චේතනාවෙන් මියගිය අය ...මිනිසුන් බිලි ගැනීමට තැත් කිරීම (නිදසුනකට යක්කල මෝහිනී ,රාගම සුදු අක්කා, කිරිදිවැල මහේෂිකා,සීදුවේ හන්දිය අසල සිටින අවතාරය ... යන සිද්දි)

    රෑ 9.45-11.30-මෙම කාලයේදී බොහොමයක් බලපෑම් ඇතිවන්නේ ඉඩම් තණ්හාවෙන් මිය ගිය සහ නිධන් රකින බහිරවයන්ගේ මගිනි ( නිදසුනකට තම ඉඩමට තණ්හාවෙන් මියගොස් පසුව එය මිලදී ගන්න තැනැත්තා බිය වැද්දීම....නිධන් අසලට පැමිණෙන අය බියකර පලවා හැරීම විශේෂයෙන්ම බහිරවයාගේ පහරදීම් වලට සිල්වත් පුද්ගලයෝ හසු නොවෙති ඔවුනට ගෞරව කරති )

    රැ 11.32 -12.00-මෙම කාලවලදී වැඩියෙන්ම පහරදීම් වලට ලක්වෙන්නේ මොහිනිගේ අවතාරයෙනි මුණු පුස්තක හැකාගේ වාර්තා වලට අනුව මොහිනිගේ වැඩිම සහ දරුණුම පහර දීම් වලට ලක් වන්නේ මෙම කාලයේදී (නිදසුනකට බැන්දීයමුල්ල වෙල අසලදී ත්‍රි විලයකට ගොඩ වැදී රියදුරාගේ ලේ බිමට උත්සහ කිරීම...නැතහොත් රියදුරාට පෙනෙන ලෙස තම අතෙහි සිටින දරුවාගේ බෙල්ල අනුභව කිරීම ....සුදු ඇදගත් කතක් වාහනවල පැන අනතුරු කර තුවාල ලැබූ පුද්ගලයා ගේ මුහුණ අතගා සිනාසී අතුරුදහන් වීම මේවා බොහොමයක් සිදුවන්නේ නාගරික සහ අර්ධ ග්‍රාමීය පළාත් වලය )

    පාන්දර 12.07-2.00-මේ කාලවලදී අපට බලපෑම් ලැබෙන්නේ අප ආරක්ෂා කරන මලගිය ප්‍රාණකරුවන් හෝ හදිස්සියේ ම මියගොස් ඒ පිලිබදව තම මිතුරන්ට හෝ මවට දැනුම්දීමට පැමිණෙන හිත හොද ආත්මයි(නිදසුනකට හොදම යහළුවෙකු මිය ගොස් ඔබ ලගට පැමිණ ගිහින් එන්නම් මචන් කියා පැවසීම.....අම්මේ මම යන්නම් එහෙනම් කියා පැවසීම )මෙම කාල පරාසයේ 12.00-1.00 දක්වා අප නින්දෙන් දකින සිහින වලින් පවා මලගිය ඉතා හිතවත් නෑදෑයෙක් පෙනීම .......නැතහොත් තමුන් බලාපොරොත්තු වෙන දෙයක් සිහිනෙන් දුටුවහොත් එය නිතැතින්ම ඉෂ්ඨ වෙන සම්භාවිතාව වැඩිය එමෙන්ම
    පාන්දර 2.12-3.18-මේ කාලවලදී බොහෝ බලපෑම් ලැබෙන්නේ මල යක්ෂනියගෙනි නැතහොත් යක්ෂයාට සුවද වැටෙන වයසේ සිටින අවුරුදු 19 20 වයස් වල සිටින පවුලේ වැඩිමහල් පිරිමි දරුවා මෙම අත්දැකීමට හෝ වෙනත් බිය ඇතිවන සිද්දියකට මුහුණ දීමේ සම්භාවිතාව වැඩිය...

    පාන්දර 4.00-5.20 මෙම කාලය දෙවි දේවතාවුන් බහුලව සැරිසරන වේලාවකි විශේෂයෙන්ම දෙව් අප්සරාවියන් අහසින් ගමන් කරන්නේ මේ කාල පරාසයේදී ය නැතහොත් තම මියගිය පුද්ගලයකු ජිවත්ව සිටි කාලයේ කාල පින්දම් අනුව දේව භවයක ඉපදී ඇත්නම් ඔහු ජිවත්වුන් නිවස හෝ කාමරයෙන් සමන්පිච්ච මල් සුවදක් හැමීම හීනෙන් පැමිණ පින් ඉල්ලීම (නිදසුනකට තනිව යන විට දැඩි සුවද මල් හෝ පිච්ච මල් සුවදක් දැනීම.....නිදසුනකට දේවතා එලි වලින් යන දෙවි වරුන් වරියන් වෙහෙර විහාර ආගමික සිද්ධස්ථාන වැදපුදා ගන්නේ මෙම වේලාවේදීය මට්ට කොල්ලගේ බලපෑමද මේ වෙලව්දී එකවරක් සිදුවී ඇත )

    පාන්දර 5.30-6.14 මෙම කාලයේදී නැවතත් තම මලගිය හිතවතුන්ගේ හෝ ප්‍රදේශ වාසීන්ගේ අවතාර පෙනීම වැඩිය නිදසුනකට කිදගම්මුල්ලේ හෝටලය අසල සැරිසරන අවතාරය වැනි ඒවාය නමුත් හිරිහැරයක් නොමැත.

    පාන්දර 6.16-6.45 මෙම කාලය නැවතත් දෙවි වරුන්ගේ සැරිසරණ වෙලාවයි

    විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි

    Source
     
    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    ගුනේශ් හෝටලය

    මම සාමාන්‍යයෙන් හොල්මන් වලට බයවත් හොල්මන් විශ්වාස කරන කෙනෙක් වත් නෙවෙයි.මේක උනේ 2001දි.දින වකවානු නම් මතක නෑ.

    මම විශේෂ බලකා සොල්දාදුවෙක්.අපි අලිමංකඩ අල්ලාගත්තට පස්සේ චාවකච්චේරි ඉඳලා එලුතුමඩ්ඩුවාල් කියන ගමට ආවා.1sf f sqn එකේ අපි හිටියේ එතන. ඒපැත්ත දන්න අය දන්නවා ඇති එතන එලුතුමඩ්ඩුවාල් ඉස්කෝලෙත් තියෙනවා.ප්‍රධාන පාරෙ යාපනේ town එක පැත්තට ඉස්කෝලෙ ඉඳලා 100m විතර දුරින් අපි හිටියේ.අපි අපේ ආරක්ෂාවට පාරෙ check point එකක් කරා.වටේම තිබුණු හිස් ගෙවල් වලත් අපේ තුන්දෙනා ගානෙ දවල් රෑ හිටියා.ඔතන ඉඳගෙන තමයි අපි කිලාලි කලපුවෙන් හොරෙන් එන ltte එකට වැඩේ දුන්නේ.

    ඉතින් අපේ check point එකේ ඉඳලා දකුණු පැත්තට ගම ඇතුලට පොඩි පාරක් තියෙනවා.ඔයහැම තැනම ගෙවල්.කිසිම කෙනෙක් නෑ.ඒත් ඇතුලට ආපු ටෙරාල ඉන්නවා කියල අපි දන්නවා.ඒක නිසා ඔය පාරෙත් අපි ඉන්නතැන රවුමට ආවරණය වෙන විදියට අපි හිස් ගෙවල්වල ආවරණය කරා.
    මේක බලන අපේ අය ඉන්නවානම් දන්නවා මම කියපු හරස් පාරෙ ප්‍රධාන පාරෙ ඉඳල 50m විතර දුරින් gunesh hotel කියල නවාතැන් එහෙම දීපු හොඳ hotel එකක් තියෙනවා.කොටි අපේ අයට ගහපු baby motar එකක් ඒකෙ මිදුලේ තිබුනා පුපුරන්නේ නැතිව අපි ඒක වටේ බැරිගේට් දාල තිබුනේ. දැන් දන්න අයට තැන මතක් වෙයි.

    ඔය හෝටලයේත් අපි හිටියා. ඔතන night එකට හිටපු අපේ හැමෝම කිව්වා ඔතන මහ අමුතු තැනක් එක එක සද්ද ඇහෙනව එක එක දේවල් පේනව කියල.මම නම් ගනං ගත්තේ නෑ.කොහොම හරි මමත් ඔතන මුර වැඩේට වැටුනා.මම කවදාවත් දවාලක ඔය හෝටලේ ඇතුලට ගිහිල්ල තිබුනේ නෑ.එදා මගෙත් එක්ක එතන හිටියේ මාතර ද සිල්ව යි lcpl සුරේශ් කියල කෙනෙකුයි.එයා පස්සර පිටමාරුව පාරෙ.අපි එකෙක් වත් බය උන් නම් නෙවෙයි.

    ඉතින් අපි පැය දෙකෙන් දෙකට එක්කෙනක් මුර කරනවා අනිත් දෙන්න නිදා ගන්නවා.ඔය විදියට රෑ දහයට සිල්වා මුරකරා රෑ 12 වෙනකං.12 -02 හිටියෙ සුරේශ්.මම 02-04 ආයෙත් සිල්වා04-06 වෙනකල්. 06ට අපි තුන්දෙනා යනවා.වෙන අය එනවා.

    ඉතින් අපි නිදාගන්නවා කිව්වට දන්නවනේ හමුදාවෙ නින්ද... අඩ නින්ද තමයි. ආ අපි මුර කරන්නේ ඔය හෝටලේ තාප්පෙටලී දෙකක් දාල වහලෙට ෂීට් හතරක් දාල හදාගත්ත පොඩි මඩුවක.තාප්පෙ නිසා හොඳ ආවරණයයක් තිබුනා.ලයිට් නෑ.තිත්ත කරුවලයි.අපිලඟ torch තිබුනත් අපි පාවිච්ච් කරන්නෙ නෑ.

    ඉතින් මම මඩුව ඇතුලේ හාන්සිවෙලා හිටියේ.සිල්වයි සුරයයි දෙන්න කතාකරකර ඉඳලා 12 සිල්වා මගේ ලඟ හාන්සිඋනා.මමත් ඇහැරිලා හිටියේ. කොහොම හරි මට ඇහ පියවුනා.එකපාරටම මට යකඩයක් සිමින්ති පොලොවේ මහ සද්දෙන් අදින සද්දයක් ඇහුනා.මම එහෙමම වෙපන්එක අතට අරන් වාඩි වෙලා වටපිට බැලුවා.තිත්ත කරුවල උනාට අපිට ලාවට පේනවා.සුරේත් මගේ ලඟ හෝටලය දිහාට aim කරගෙන ඉන්නවා.එයාටත් සද්දෙ ඇහිලා.මම සිල්වට තට්ටුවක් දැම්මා එයත් ටක් ගාල වෙපන් එක අරන් සූදානම් උනා.අපි තුන්දෙනාම බලාපොරොත්තු උනේ වෙඩි වර්ශාවක් අපිට එයි කියල.විනාඩි පහක් විතර අපි දශමයක් වත හෙලවෙන්නෙ නැතුව බලන් හිටියා ඇහුම්කන් දුන්නා.

    කිසිම හැලහොල්මනක් නෑ. සුරයා මට හිමින් කිව්වා මේක ඇතුලට යමු කියල.මම කිව්වා මම ඇතුලට යන්නම් සිල්වාත් එක්ක ඔයා අපිව කවර් කරන්න කියල.වෙලාව බැලුවා 1.20 පාන්දර.මමයි සිල්වයි හිමීට හෝටලේ දොර ලඟට ගියා.සුරයා මිදුලේ ලොකු මල්පෝච්චියක් ගාව.මම එක පාරටම ඇතුලට ඇවිත් ටෝච් එක ගැහුව..
    හිනාවෙලා ඉන්න ලස්සණ කෙල්ලෙක් මගේ ඉස්සරහ....
    තව පොඩ්ඩෙන් මම වෙඩි තියනවා..

    රැවටුනා හොඳටම අපේ කොල්ලෙක් මාර ලස්සණට බිත්තියේ උගේ කෙල්ලව ඇඳලා...
    හරි ඒක ඉවරයි.සද්දෙ ආවෙ මේක ඇතුලෙන් කියල අපි දන්නවනේ.සිල්වයි මායි මුලු හෝටලේම බැලුවා.කිසිම දෙයක් නෑ..

    හැබයි එක කාඹරේක යකඩ l iron ඇඳක් තිබුනා.ඒ ඇඳයට චූටි නකුටු බලු පැටියෙක් නිදි.
    මේ ඇඳ ඇද්දම නම් අර සද්දෙ අනිවා එනවා.කුණු දූවිලි තියෙන බිමේ ඇඳ ඇද්දනම් අනිවා සලකුණු වෙනවා.එහෙම කිසිම දෙයක් නෑ.

    එදා අපි තුන්දෙනාම එලි වෙනකන් ටෙරා ගහයි කියල බලං හිටියා.මොකෙක්වත් නෑ.
    පහුවදා අපි මේක අපේ cpl ලට එහෙම කිව්වා.

    දවස් තුනකට විතර පස්සේ අපේ අනුරාධපුරේ cpl දිසානායක කියල කෙනෙක් කිව්වා මෙතන කලින් හිටපු ගජබා එකේ කෙනෙක් කිව්වා කියල මෙතන ඉස්සර ඉඳන්ම එහෙමයි දෙමළ අය අයින්වෙන්න කලින් කිව්වා කියල මේ හෝටලයේ ගෑනු කෙනෙකු ඔලුවට පොරවෙන් කොටල මරල කියල.
    ඉතින් ඕකෙ හොඳම එකනම් එදා සිද්ධිය උන දවසට පහුවදා දවල් අපි තුන්දෙනාම ඔය හෝටලේ කනපිට පෙරලල සර්ච් කරා.කිසිම දෙයක් නෑ.හැබයි සාලෙ සිවිලිම උඩ තිබිලා මට මිට නැති මලකඩ කාපු පොරව තලයක් හම්බ උනා.සිවිලිම කවුරුත් කඩල තිබුනේ නෑ මම තමයි කැඩුවේ.ඒ පොරව අවුරුදු ගානක් එතනම තිබිලා....

    ඒ පොරව මම අපේ බලගනයේ ගබඩාවට දීල තිබ්බේ.

    අද සිල්වා අපි අතර නෑ.අග්ණිඛීල මෙහෙයුමේදී අභීත ලක් පුතෙක් වගේ අපෙන් සමුගත්තා.සුරයයි මමයි ඉන්නවා.

    සියලු නම් ගම් ස්ථාන ඇත්ත.

    Source
     
    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    මේකයී කතාව.අපි කලින් ඉදපු ගේ විකුනලා අලුත් වෙන්දේසී කරපු ඉඩම් කට්ටියකින් ඉඩමක් අරන් ගෙයක් හදාගෙන පදින්චියට ආවා.අපේ ගෙදර උඩ තට්ටුව බාගෙට හදලා තිබුනේ පාලුයි ඒනිසා මන් පොඩි කලේ ඉදන්ම තනියම මේ ගෙදර ඉදියේ රෑ වෙනකම්.මුලු වත්තටම ගෙවල් 3ක් වගේ තිබුනේ. ඒකත් සෑහෙන්න දුරින්. එහා පැත්තෙ රබර් කැළේ.හරිම පාලුයී හවසට.මනුස්ස කට හඩක් නෑ.මන් ඒ කලේ ඉදන්ම වඩේ කන්න සැර බයිට් කන්න හරී ආසයී.හැමදාම හවසට උඩ කාමරෙට වෙලා තනියම ඕව කනවා.

    ඒ වෙලේට මට හරී අමුත්තක් දැනෙන්න ගත්තාත් මට ගානක් උනේ නෑ.කවුරු හරි ලගට එනවා වගෙ දැනෙනව.ලග තියෙන පුටු වල වාඩි වෙන සද්ද ඇහෙනවා.පිටි පස්සෙන් ඇවිදන් කව්ද එනවා වගේ අහෙනවා. මන් ගෙදර අයට කිව්වම අම්මා තත්තා මට කියනව මගේ හිත ඔය කියලා.ඊට පස්සෙ මට රෑ 12 පහු වෙනකම් නින්ද යන්නෙ නැතුව ගියා.මේ වෙනකම් මන් කාවවත් දැකලා තිබ්බෙ නෑ.දවසක් රෑ 12යී ඔන්න මතක් වෙනකොටත් අයේ බයයී ටිකක්. මන් අපෙ උඩ තට්ටුවෙ බැල්කනි එකට වෙල හාන්සි පුටුවක වාඩි වෙලා ඉදිය නින්ද යන්නෙ නැති නිසා.මට කලුවරෙ අඩි සද්දයක් ඇහිලා මන් පාරට එබිලා බලනකොට මන් දැක්කා කොටම කොට මනූස්සයෙක් හිමිට පාරෙන් අපෙ ගේ ලගට එනවා කලුවරට මට රූපේ පෙන්නෙ නෑ හරියටම 😱😱අපේ ගේ ඉස්සරහ නැවතිලා ගේ පැත්තම බලන් ඉදියා.මන් සැපට බය උනා එදා.

    ඊට පස්සෙ ඊලග දවසේ මන් උඩ කාමරේ නිදා ගෙන ඉදියා යාලුවනේ මේක තමයී මගේ ජීවිතෙ අදටත් මතක් වෙද්දී ඇග හිරිපොලන දවස. මන් නිදා ගෙන ඉන්න කොට මට පන්දර 2ට ගැස්සිලා ඇහැරුනා.මන් ඔලුව උස්සලා බලද්දී මට අඩි 10ක් විතර දුරින් එදා රෑ දැක්ක මිනිහා හිටන් ඉදිය දෙයියනෙ ඌ මගෙ දනහිසට පොඩ්ඩක් උසයී.පුදුම මහතයී බඩ බිමට වැටෙන්න තරම් විසාලයී ඉස්සරහා තට්ටෙ අපෙ කොන්ඩෙ පාට ඒකගෙ හම.ඉන වටෙ ලොකු ගෙජ්ජි වැලක් තිබුනා.හුගාක් මහත අයට දුවන්න අමරුයිනේ මූත් මහ ජරා විදියට අමාරුවෙන් දුවන් ඇවිල්ලා මගෙ බෙල්ල ලගට පැන්නා.මන් කෑගැහුවා කට හඩ පිට උනේ නෑ.පස්සෙ මට සිහි නැති උනා.ඊලග දවසෙ මන් ඇහැරෙන කොට වෙලාව දවල් 12.30

    මන් එ උන සේරම අම්මට කිව්වම අපි පොඩි දෙයක් කලා.පස්සෙයී දැන ගත්තේ ඒ රෑට අවිදින්නෙ මේ ඉඩමෙ මුල් අයිතිකාරයා කියලා.අපේ වත්තෙ වැල ගහක් තිබ්බ පොර ඒ කලේ හරියට වැල කාලා ඒකේ.අපි ඒක ගේ හදන්න කැපුවා.ඒක හොයන් මූ එනවා කියන්නේ.මන් මහ රෑට වඩේ බයිට් කන නිසා තනියම ඉදපු නිසාත් මූ ඒ සුවදට කෑදර කමට තම ඇවිල්ලා තියෙන්නෙ.
     
    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    හැමදාම අපිට අහන්න දකින්න ලැබෙන්නේ , මිනිස් වෙසින් පැමිණෙන හොලම් අවතාර ගැනනේ, අද කියන්න හදන්නේ වෙනස්ම කතාවක් ,
    ඔබ අතිනුත් බළලෙක් මිය ගියාද ???? එහෙනම් පොඩ්ඩක් මේ කතාවත් කියවල බලන්නකෝ ......
    පිලි ගැනීම නොපිළිගැනීම ඔබට බාරයි , හැබැයි මෙහෙම දේවලුත් වෙලා තියෙනවා කියන එක අමතක කරන්න එපා !!!
    උපුටා ගැනීමකි සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම ඔබට බාරයි ....
    එදා මාර්තු 21 වෙනිදාවක් බව කෙසේනම් අමතක කරන්නද ? මේ දිනය දැන් මාගේ ජීවිතයට සම්බන්ධවී ඇත්තේ එය මාගේ උපන්දිනය නිසාම පමණක් නොවේය. එදා, උපන් දිනය සැමරීම සඳහා අප රාත්‍රී ආහාර වේල පිටින් ගත යුතුයැයි යෝජනා කෙරුවේ තාත්තාය. මුලු සන්ධ්‍යාවම පාහේ පිටත ගතකොට රාත්‍රී ආහාර වේලද ප්‍රසිද්ධ ආපන ශාලාවකින් රැගෙන අප පස් දෙන නැවත නිවස බලා ඒමට පිටත් වන විට රාත්‍රී එකොලහත් පසුවී තිබුණි. තාත්තා වෑන් රථය ධාවනය කළ අතර මම ඉදිරි පස වම් පස අසුනට බරවී සිටියෙමි. අම්මාත් අක්කාත් මල්ලීත් පිටුපස අසුනේය. වාහන නොමැති කමින් පාර පාළු ස්වාභාවයක් ගෙන තිබූ බැවින් තාත්තා සැලකිය යුතු වේගයකින් රථය ධාවනය කළේය. එය සිදුවූයේ ඉතා හදිසියේය. එක වරම වැන් රථයට මීටර දහයක් පමණ දුරින් පාර හරහා දිව යන කළුම කළු බළලෙකු විය. ඌ කොහෙන් කෙසේ ප්‍රාදූර්භූත වූයේ දැයි අදහා ගැනීමටවත් නොහැකි වූ ඒ නිමේෂයේදී තාත්තා වැරදි තීරණයකට යොමු විය. හදිසි තිරිංග පහරින් පැත්තට විසිවී ගිය වෑන් රථය දකුණු පස වූ තාප්පයේ ඉතා තදින් වැදුණේ එයද අනිත් පසට පෙරළා දමමිනි. අනතුරින් සිහිසන් වූ මා රෝහලේදී නැවත සිහිය ලබා ටික වේලාවකින් තාත්තා හා අක්කා අප හැර ගොස් ඇති බව දැනගෙන රෝහලේ වහල ගැලවී යන තරම් හයියෙන් කෑ ගසා හඬා වැටුණි. මාගේ උපන් දිනය අප නිවසේ දෙදෙනෙකුටම සිය ජීවිතයේ අවසන් දිනය වී තිබුණි.

    හදවත්හී ඇතිවූ තුවාලයන් කෙමෙන් කෙමෙන් සුවපත් කරමින් කාලය ගලා ගියේය. නෑසිය මිතුරන්ගේ, අසල්වැසියන්ගේ සැනසිලිදායක වදන් අපට යථා තත්ත්වයට පත්වීමට මහඟු පිටිවහලක් විය. අනිත්‍යය හා අටලෝ දහම සිහිකොට එය අපට පමණක් සීමා නොවූ ඉරණමක්යැයි සිතා සිත් සාදා ගත්හ. අවසන තාත්තාත්, අක්කාත් නොමැති ජීවිතයකට අප හුරු වූහ.
    වසරක් ගෙවුණි. මාගේ උපන් දිනයත්, තාත්තාගේ හා අක්කාගේ සැමරුමත් එකට යෙදී තිබුණද උපන් දිනය සපුරා අමතක කළ අප වර්ෂ පූර්ණ පින්කම් සඳහා ලක ලෑස්ති වූහ. කිසිසේත් බලාපොරොත්තු නුවූ ලෙස එදිනම මාරාන්තික දෙවන ප්‍රහාරයද එල්ල වූයේ අපගේ ස්නායු භීතියෙන් හිරිවට්ටවමිනි. වර්ෂ පූර්ණය වෙනුවෙන් අම්මාත් මමත් මල්ලීත් කනත්තට ගොස් තාත්තාගේත් අක්කාගේත් සොහොන් අබියස ඉටි පන්දම් දල්වා, අලුතින් මල් පොකුරු තැන්පත් කොට ඔවුන් සිහි කර පින්පතා නැවත එමින් සිටිහය. අප කනත්ත අයිනෙන් වූ මාවතෙහි වම් පසින් ගමන් කරමින් සිටි අතර හදිසියේම කනත්තෙහි වැටෙන් රිංගා පාරට පැමිණ අප දෙසට එකිනෙකා ලුහු බැඳන් එන බළලුන් දෙදෙනෙකු වූහ. එකෙක් සුදු පාට බළලෙකු වූ අතර ඌව හඹා ආ අනෙකා තදම තද කළු පැහැති බළලෙකි. සුදු බළලා අම්මාගේ පාදයක් අසලින් දිව යන විට කළු බළලා ඇයගේ දෙපා අතරින් දිව ගියේ විදුලි වේගයකිනි. මෙයින් කලබලයට පත් ඈ කෑගසමින් අහකට පැන්නේ සතුන්ව මග හැරීම සඳහාය. අවාසනාවක මහත ! කලබලවූ අම්මා එක් වරම පැන්නේ පාර දෙසටය. පිටුපසින් ආ බස් රථය ඇයව යට කරගෙන ඉදිරියට ගොස් නතර විය. අභ්‍යන්තර රුධිර වහනය හා සුසුම්නාව බිඳි යාම නිසා දින දෙකක් රෝහලෙහි අධික ලෙස වේදනා විධි ඇය අවසන මමත් මල්ලීත් මෙලොව හුදකලාකොට අප අත්හැර තාත්තා සහ අක්කා වෙතට ගියාය.

    එකිනෙකා විවිධි විවිධ මත ඉදිරිපත් කළහ. සමහරුන් මුහුණට නොකීවද එය මාගේ අවාසනාවක් නිසා වෙන දෙයක් බව කියා තිබූ බව මට කණින් කොනින් ආරංචි විය. ඒ මෙම සියලු මරණ වලට බලපෑ හේතුව මාගේ උපන් දිනය දවසේම සිදුවී තිබීම නිසාය. සමහරුන් බලි තොවිල් ශාන්ති කර්ම ආදී කටයුතු කිරීමට යෝජනා කළ අතර සමහරෙක්ගේ මතය වුයේ අප ප්‍රදේශය අත් හැර යා යුතු බවය. තාත්තාගේත් අක්කාගේත් මරණයට සහභාගී වූ පිරිසෙන් අඩක්වත් අම්මාගේ මරණයට නොවූහ. සිදු වන්නේ කුමක්දැයි මටවත්, මල්ලීටවත් නිසියාකාරයෙන් නිශ්චය කරගැනීමට නොහැක. කුමක් නමුත් අපගේ පාලනයෙන් තොර අමුතු දෙයක් සිදුවන බවක් අපට හැඟුණි. කාලය ගතවීමත් සමඟ අප දෙදෙනා නැවතත් සාමාන්‍ය නොවුණත් එදිනෙදා ජීවිතයට හුරු වූහ. නිවස එකම පාළු අම්බලමක් වී තිබුණි. අප දෙදෙනාම ගෙදර සිටින වේලාවකදී වූවත් අප අතර වැඩි කතා බහක් නොවුණි. දැන් දැන් අප ඇසුරු කරනා යාළු මිත්‍රාදීන්ද හිඟය. අප පවුලම කුමක් හෝ සාපයකට ගොදුරුවී ඇතැයි අනුමාන කළ ඔවුන් ක්‍රමක්‍රමයෙන් අපගෙන් ඈත් වෙමින් සිටියහ.
    ඊළඟ මාර්තු 21 වෙනිදාව උදාවූයේ අප දෙදෙනාගේම හදවත් භීතියෙන් සලිත කරවමිනි. එදින උදයේම අවදිවූ මා දෙවියන් බුදුන් සිහිකර අප දෙදෙනා වෙනුවෙන්ම ආරක්ෂාව පැතුවේය. කිසිඳු අතුරු අන්තරාවකින් තොරව මේ දිනය පහු කර ගැනීමට ලැබේවායි පැතුවෙමි. දෙදෙනාම එදින නිවාඩු දමා ගෙදරට වී සිටියේ අනතුරකට ලක්වීමේ ඉඩ අහුරාලනු වස්ය. නමුත් සිද්ධවීමට ලියවී ඇති දෑ කෙසේනම් වළකාලම්ද !

    එදින දහවල් දිවා ආහාරයෙන් පසුව අප දෙදෙනා සාලයේ අසුන් ගෙන රූපවාහිනී යන්ත්‍රය නරඹමින් සිටියහ. හදිසියේම ඇසුණු බළල් පොරයේ හඬට අවධානය යොමු කර පිටත බැලූ අපට, අපගේ බළලා ලුහු බැඳ එන කළු පාට බළලෙකු දිස් විය. අපගේ බළලා ආරක්ෂාව පතා ගෙට වැදී පුටුවක් යටට රිංගුවේය. එහෙත් කළු බළලාද ඌ හඹා විත් පුටුව යටදීම පෙරළාගෙන සපන්නට විය. මෙයින් කෝපාවිෂ්ට වූ මල්ලි අප බළලාව බේරාගැනීම සඳහා එතනට ලංවන විටදීම ඔහු වෙතට කඩා පිනූ කළු බළලා ඔහුව සපා කා පැන දිවීය. දත් පහරවල් හතරක් සමඟින් නියපොතු පහරවල් කිහිපයක් ඔහුගේ දකුණතෙහි විය. ඒවා එතරම් බරපතල තත්ත්වයේ නොවූ හෙයින් ඔහු බේත් දමා ගැනීමට යාම ප්‍රතික්ෂේප කොට ගොඩ වෙදකමකින් සෑහීමකට පත් විය. අප දෙදෙනාට කිසිඳු අනතුරකින් තොරව මාර්තු 21 ගෙවී ගියේය. ඒ ගැන අප බොහෝ සතුටට පත්වූ අතර කිසියම් හෝ අසුබ දෙයක් තිබුණිනම් එය අවසන් වී ඇතැයි අප අනුමාන කළහ.

    එතැන් සිට මාස දෙකක් ගෙවුණ තැන මල්ලීගේ හැසිරීමෙහි යම් අමුත්තක් මා හට දිස් විය. ඔහු සාංකාවෙහි හා විශාදියෙහි මූලික ලක්ෂණ පෙන්නුම් කර සිටියේය. එක දිගට පැමිණි කරදර වැල නිසා එසේ වන්නට ඇතැයි අපි අනුමාන කෙළෙමු. එහෙත් එන්න එන්නම තත්ත්වය නරක අතටම හැරුණි. ඔහු මහ රෑ හදිසියේම අවදිව භීතියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. යම් යම් රූප හා ඡායාවන් පෙනෙන බවට සඳහන් කළේය. ඔහුට කිසිඳු දියර වර්ගයක් පානය කළ නොහැකි වූ අතර මුත්‍රා පිට කිරීමෙහි පාලනයද ඔහු වෙතින් ගිලිහී තිබු බැවින් නිතරම ඇඳ තෙමීම ඔහු අතින් සිදු විය. කිසිවකුගේ හව්හරණක් නොමැතිව මෙම කරදරයට මුහුණ දීමට මා හට සිදුවී තිබුණි. කළ යුතු කිසිඳු ප්‍රතිකර්මයක් නොදුටු තැන අවසන මා ඔහු රෝහලට ඇතුළත් කෙරුවේය. අවාසනාවකි ! ඔහු ජලභීතිකා රෝගයෙන් ඔත්පලව සිටින බැව් වෛද්‍යවරුන් මාහට පවසා සිටියේ එයට කිසිඳු ප්‍රතිකර්මයක් මේ වන විට සොයාගෙන නොමැති බවද දන්වමිනි. මාගේ මුලු ලොවම නැවතත් මා හිස මත කඩා වැටෙමින් තිබුණි. මා හට මෙලොවෙහි වූ එකම හිතවතාද මා හැර යාමට සූදානම් වෙමින් රෝහලෙහි ඇඳක් මත දගලමින් සිටියේය. තවත් දින දෙකක් පෙරකී රෝග ලක්ෂණයන්ගෙන් බැට කෑ මලණුවන් අවසානයේදී මා තනිකර යන්නටම ගියේය. මෙම දරුණු ප්‍රහාරය ඉවසා දරා ගැනීමට තවමත් මාහට ශක්තිය තිබීම ගැන විටෙක මමම පුදුමයට පත් වීමි. වසරක් පාසා එකින් එක මාගේ සමීපතමයන් මා හැර යද්දීත් තවමත් මා නිරුපද්‍රිතව හොඳ සිහියෙන් පසු වීම විටෙක මටම අදහා ගැනීමට නොහැකි තත්ත්වයකි. සැබවින්ම මා ජීවත් වේද ? නැතහොත් මා මේ දකින්නේ සිහිනයක්ද ? මා ඔවුනට පෙර මිය ගොස් ඔවුන්ගේ මරණයන් කොහේ හෝ සිට නරඹමින් සිටින්නේද ?

    මල්ලිගේ දේහය නිවසට ගෙන යාමට මම ප්‍රතික්ෂේප කළ බැවින් රෝහල මුල්වී අවසන් කටයුතු සිදු කර දමන ලදී. නෑ හිත මිතුරන් සියල්ලම පාහේ බොහෝ දුරට අප අත් හැර සිටි බැවින් මළ ගෙයි කටයුතු වෙනුවෙන් හෝ ඔවුන් සහභාගී වෙදෝයි මා හට වූයේ සැකයකි. මළ මිනියක් සමඟින් නිවසේ තනිවීම මා උමතු කරවන්නක් වීමට ඉඩ තිබුණි.

    මල්ලීගේ මරණයත් සමඟින් මෙතෙක් මා පිළිගැනීමට අදිමදි කළ එක් දෙයක් අකමැත්තෙන් හෝ පිළිගැනීමට වී තිබේ. ඔව්, අප පවුලට කිසිවකුගේ හෝ සාපයක් වැදි ඇත. එහෙත් ඒ කාගේ සාපයද ? දන්නා තරමින් අප කා හට හෝ අහිතක්, නපුරක්, අනතුරක් සිදු කොට නොමැත.

    සිදුවන්නේ කුමක්දැයි අදහා ගැනීමට නොහැකිව අඳුරෙහි අතපත ගාමින් සිටි මාහට ඉතා අහඹු ලෙස ප්‍රහාරකයා හෙළිදරව් කරගැනීමට හැකි විය. මා දැන් විශ්වාස කරනා අන්දමට අවසාන ඉලක්කය වූ මා වෙත ප්‍රහාරය එල්ල කිරීමට පෙර තමාව හඳුන්වා දීමට ඌට උවමනා වූවා වැනිය. මෙතැන් සිට කතාව කීමට මම මදක් පැකිලෙමි. ඒ ඔබ මා අන්ධ විශ්වාසයන් ඇති මිථ්‍යාදෘෂ්ටිකයෙකුයැයි අනුමාන කිරීමට ඉඩ ඇති බැවිනි. නමුත් මාගේ ඉන්ද්‍රියනට වැටහෙනා පරිධි මෙම ඛේදවාචකයට මීට වඩා තේරුමක් දිය නොහැකිය.

    ඉතා අහඹු ලෙස ඔබගෙන් කෙනෙකු ( අදාල නොවන බැවින් මම ඔහුගේ නම හෙළි කිරීමෙන් වැළකෙමි ) හා කළ සංවාදයකදී මා හට එඩ්ගා ඇලන් පෝ නැමති ඇමෙරිකානු ලේඛකයාගේ කෘති අඩංගු අඩවියකට සබැඳියක් ලැබුණි. එහි වූ කතා විශාල ගණනක් අතරින් එකවරම මාගේ අවධානය The black cat කතාව වෙතම යොමු වූයේ මන්දැයි මම තවමත් සිතමි. එය කිසිවකුගේ අදෘශ්‍යමාන මගපෙන්වීමක්යැයි විශ්වාස කිරීමට මා කැමතිය. මා එම කතාව කියවා අවසන් කෙරුවේ ලොමුදැහැගැන්වීය. ඒ එම කථාවෙහි වූ කිසිඳු භයානක කමක් නිසා නොව එය මාගේ එක් දුෂ්ට ක්‍රියාකාරකමක් හා 100%ක් ගැළපීමේ අපූරු සමානකම නිසාවෙනි. එය එසේ සිදු විය හැකිද ? මා විසින් සැබවින්ම කළ ක්‍රියාකාරකමක් එලෙසින්ම අතීතයෙහි වූ ලේඛකයෙකු ලියා තැබුවේ කෙලෙසද ? මෙම කතාව කියවීමෙන් පසු මෙතෙක් මාහට සම්පූර්ණයෙන්ම අමතකව තිබූ, අතීතයේ මා කළ ඒ මහා පාපය මාගේ දෑස් ඉදිරියෙක් මැවී පෙනෙන්නට විය. ඒ සමඟම අපගේ පවුලේ සෑම සාමාජිකයෙකු මිය යාමට ප්‍රථම ප්‍රාදූර්භූත වූ ඒ මහා පොදු සාධකය, කාලවර්ණ නපුරු යක්ෂ බළලා මාගේ දැස් ඉදිරියෙහි මැවී පෙනුණි. ඔව් එය එසේම විය යුතුය. ඒ ගැන මා හට අබමල් රේණුවක තරම්වත් අවිශ්වාසයක් නොමැත.

    මෙම බිහිසුණු පලිගන්නාගේ අවසාන ඉලක්කය මා බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. තාත්තාව සහ අක්කාව මුලින්ම ක්ෂණිකව මිය යාමට සලස්වන්නේ අන් අයගේ මරණයන් තුළින් ඔවුනට ඇතිවෙන වේදනාව වැළැක්වීමට හා ඔවුන්ගේ මරණයන් තුළින් අප තිදෙනා වේදනාවට පත් කිරීමට බව දැන් මා හට ප්‍රත්‍යක්ෂය. මන්ද යත් ඔවුන් දෙදෙනා මේ මහා පාප කර්මයට කිසි ලෙසකිඳු හවුල් නොවූ බැවිනි. අම්මා මද කෙටිකාලීන වේදනාවකුත්, මල්ලී ඊට වැඩි වේදනාවකුත් විඳ මිය ගියේ ඔවුන් මෙම පාපයට හවුල් වූ ප්‍රමාණයේ අනුපාතයට බව සැකයක් නොමැත. මෙසේ බලන කළ මෙම පාපයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ මා වෙත මෙම පලිගන්නාගේ සැලසුම මොන තරම් බිහිසුණු එකක් වේදැයි හිතා ගැනීමටවත් නොහැක. එය අති බිහිසුණු සෙමෙන් සෙමෙන් ළඟාවන විනාශයක් බවනම් සහතිකය. මෙතෙක් සිදු වී ඇත්තේ අන් අයගේ මරණයන් තුළින් මා දරුණු චිත්ත පීඩාවකට ලක් කිරීම පමණකි. මා හට උරුම සැබෑම දඬුවම තවමත් මා වෙනුවෙන් බලා සිටී. ඒ දිනය එන තෙක් බලා සිටී.

    මම ඌට ආදරයට කපූ කිවෙමි. ඒ කළු පූසා යන්න කෙටි කරය. මුළු ශරීරයේම වූ සෑම මවිල් ගසක්ම තද කළු පැහැයෙන් යුක්ත වූ මෙම බළලාගේ එකඳු සුදු හෝ වෙන යම් වර්ණයක් සොයා ගැනීමට නොහැකි විය. කට දෙපසින් වූ සන්වේදක ස්පර්ශකයන් පවා තද කළු පැහැයෙන් යුක්ත වූහ. මුලින් මුලින් ඉතා හුරතල් බළලෙකු වූ කපූ අප සැමගේ ආදරයට පාත්‍ර විය. උගේ ආගමනයත් සමඟින් නිවසෙහි අරක්ගෙන සිටි මීයන් අදෘශ්‍යමාන වීමෙහි ගෞරවයද අපි නොඅඩුවම ඌටම පිදුවෙමු. එහෙත් පසු කලෙක මෙම සත්වයාගේ ඇතිවූ නොමනා හැසිරීමක් නිසා අප හට ඌ එපා වෙමින් පැවතුණි. නිවසේ උයා පිහා තැබූ කෑම වලඳේ සිට මේසයට බෙදා තිබූ බත් පත දක්වා හොරා කෑමට ඌ පසු බට නොවීය. එතකින් නොනැවතී අසල්වැසියන්ගේ නිවෙස් වලින්ද සොරා කෑමට පටන් ගැනීම නිසා අප ඔවුන්ගේ දෝෂාරෝපණයටද ලක් වූහ. කෙතරම් දඩුවම් කළත් මෙම සත්වයාගේ මෙම කැත පුරුද්ද අත් හැරීමට සූදානම් වූයේ ඌ නොවේය. මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම ප්‍රකෝපව සිටියේ අම්මාය. එයින් වැඩියෙන්ම පීඩා වින්දේ ඇය බැවින් එය ස්වාභාවිකය.

    එය, උක්ත රිය අනතුර සිදුවී තාත්තාත්, අක්කාත් මිය යාමට පෙර වසරේ මාගේ උපන් දිනයයි. මෙවර උපන් දිනය යාළුවන් කිහිප දෙනෙකුටද අරාධනා කොට මදක් උත්සවාකාරයෙන් ගැනීමට අප සැලසුම් කළහ. එදින සවස මුළුතැන්ගෙයින් ඇසුණු අම්මාගේ ගෝරනාඩුව ඇසී මා එදෙසට යන විට පෙර දින ඈ විසින් පිළියෙල කොට කපුවාට විවෘත්ත කළ හොහැකියැයි විශ්වාස කළ ලෙස වසා ඉහළින් තබා තිබුණු කේක් ගෙඩිය බිම වැටී තිබුණ අතර එයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඌ විසින් කා දමා තිබුණි.

    "මූව මැරුවත් හිත්වදින්නෑනෙ මේ කරපු වැඩේට. මටනම් මේ යක්ෂ බළලත් එක්ක තවත්නම් බෑ මේ වැඩේ කරන්න. එක්කෝ ඕකව කොහෙට හරි ගිහින් දාපල්ලා, නැත්නම් මරලා දාපල්ලා. කොච්චරක්නම් කියලා ඉවසන්නද මේ වදේ ? " ඒ ආවේගශීලීව බැණ වදින අම්මාය. එය මෙයින් ප්‍රකෝපව සිටි මාගේ ගින්නට දැමූ පිදුරු විය. දඩුවම් කිරීමට සිතා සොයා බලන විට කිසිවක් නොවූ ආකාරයෙන් පුටුවක් උඩට වී අත පය දිගෑරගෙන නිදා සිටි බළලා දුටු මාගේ ප්‍රකෝපය දෙගුණ තෙගුණ විය. කෑ ගසන විටම බෙල්ලෙන් අල්ලා ගෙන රෙදි කඩකින් උගේ මුහුණ වැසූ මා ඌට දරුණු ලෙස පහර දුනිමි. මෙයට මල්ලීද හවුල් විය. බළලා අඩපණ වෙන තෙක්ම අපි ඌට පහර දුනිමු. එහෙත් තවමත් මාගේ සිතට මදිය. අතට හසු වු පටියකින් මා උගේ ගෙල සිර කොට බැඳ කුස්සියෙහි උළුවස්සෙහි එල්ලා නැවතත් තදින් පහර දුන්නේය. එල්ලා ඇති පන්දුවකට ක්‍රිකට් පිත්තකින් පහර දෙන්නාක් මෙන් ඌට පහර දුන්නේය. වදින සෑම පහරක දිම කොන්ද වකුටු කොට, අත් පා එකට ලංකරමින්, යටි ගිරියෙන් ඤාව් හඩ නිකුත් කරමින් බළලා කෑගැසීය. එය "අනේ මාව බේර ගන්න" වැනි ඉල්ලීමක් වන්නට ඇත. එහෙත් අවාසනාවකට මා හට බළල් භාෂාව නොතේරුණි. ටික වේලාවකින් බළලා නිශ්චල විය. ඒ ඌ අඩ පණ වූ නිසායැයි මම සිතුවෙමි.

    තාත්තාත්, අක්කාත් උත්සවයට අවැසි බඩු වගයක් ගෙන ඒමට කඩයට ගොස් නැවත පැමිණියේ අප මෙසේ චූදිතයාව එල්ලුම් ගස් යවා අහවර වූ පසුවය. කර ඇති අපරාධය දුටු තාත්තා දුන් කම්මුල් පහරින් මා විසිවී ගොස් බිම වැටුණි. අක්කා වහ වහා ලණුව ලිහා බළලාව නිදහස් කර ගත්තද ඒ වන විටත් ඌ අවසන් ගමන් ගොස් තිබුණි. මෙය මා කිසි විටෙකත් අපේක්ෂා නොකළ දෙයකි. බළලුන්ගේ පණ හයිය බැවින් ඔවුන් ලෙහෙසියෙන් නොමැරෙන්නන් ලෙස මම විශ්වාස කළෙමි. එම විශ්වාසයම පෙර කී දරුණු දඬුවමට මා යොමු කළේය. එහෙත් මාගේ විශ්වාසය වැරදී තිබුණි. හිතවත / හිතවතිය මම ඔබට මේ අවසන් මොහොතේ සත්‍යයක් කියමි. මට කපුවාව මැරීමේ කිසිඳු චේතනාවක් නොතිබුණි. එය අප පවුලේ සිව් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි තරමටම සත්‍යයකි. මට ඒ සම්බන්ධයෙන් ඕනෑම තැනක දිව්රිය හැකිය, චේතනාව කුමක් වූවත් මා අතින් එම අපරාධය සිදුවී තිබුණි.

    ඔබ එඩ්ගා ඇලන් පෝ ගේ මතු සඳහන් කෘතිය කියවා ඇත්නම් බළලාට හිංසා කිරීමට ඝාතකයන් දෙදෙනාම යොදා ගන්නා ක්‍රමවේදයේවූ ඒ අපූරු සමානත්වය දකිනු ඇත. සමහරවිට එය කළු බළලෙකු මැරීම සඳහා කාල, ද්වීප, දේශ නොසලකා දෛවයෙන් නියමවී ඇති ක්‍රමවේදය වන්නටද හැකිය. ඒ සමානත්වය නොවන්නට මා පසු පස හඹා එන මේ ශාපය පිළිබඳව නොදැනුවත්වම මා එයට ගොදුරු වනු නියතය. අඩුම තරමින් මම එසේ විශ්වාස කරමි.

    තව හෝරා කිහිපයකින් ඒ බිහිසුණු දවස උදාවනු ඇත. ඔව් හෙට මාගේ උපන් දිනයයි. මේ දක්වා වූ සියල්ල විශ්ලේෂණයකොට බැලීමේදී හෙට දිනයේදී ඒ කළු බලලා මා ඉදිරියෙහි දර්ශනය වන බව හෙට හිරු නැග එන්නාක් මෙන්ම නිශ්චිතය. මෙවර ඌ පැමිණෙනේ මාරාන්තික ප්‍රහාරයටය. තම නියම සතුරා වෙත ඉලක්කය බලා එල්ල කරනා, තම සතුරා අඩපණ කොට, දීර්ඝ කාලයක් විඳවීමට සලස්වා ක්‍රමක්‍රමයෙන් මරා දමනා ඒ බිහිසුණු ප්‍රහාරයටය. දාමාව කැපීමට ප්‍රථම ඌ වටා ඉන්නා ආරක්ෂක ඉත්තන් කපා ඉවත්කරන්නාක් මෙන්, මා වටා සිටි සියලු හිතවතුන් ඌ විසින් කපා ඉවත් කොට මා හුදකලාකොට තිබේ. මේ ප්‍රහාරය මට දරාගත නොහැකිය. ඒ ගැන සිහිවන විටත් මා සියොලඟම දහදියෙන් තෙත්ව, අප්‍රාණික වී යයි. ඔව්, මා ඉස්සර විය යුතුය. ඒ බිහිසුණු කාලවර්ණ මරණයේ දූතයා සම්මුඛ වීමට ප්‍රථම මා ඉස්සර විය යුතුය.

    ප්‍රිය හිතවත / හිතවතිය වෙන්ව යාමට කලින් ලද අත්දැකීම් ඇසුරෙන් යමක් පැවසීමට අවසර ! කිසි දිනෙක, කිසි විටෙක, කිසිම හේතුවක් අරභයා සම්පූර්ණයෙන් කාල වර්ණ බළලෙකුව ඝාතනය කිරීමට එඩිතර නොවන්න. එය ඔබව විනාශය කරා රැගෙන යනු ඇත. ඔවුන් වනාහී සූක්ෂම පළිගන්නන්ය. එද්මොන් දාන්තේ පවා අභිබවා යන අති සූක්ෂම පළිගන්නන්ය.

    එපමණක් නොව කිසිඳු කුඩා සතෙකු උවද ඝාතනය කිරීමෙන් වළකින්න. ඔබට එය සුළු සිදුවීමක් වූවත් ඔවුනට එය ජීවිතය පිළිබඳ ගැටලුවකි. අප සිදු කොට අමතක කරදමනා කුඩා වුවත් පාපකර්මයන්ගේ ප්‍රති විපාක කෙතරම් බිහිසුණුද යන්න වටහා ගැනීමට ඔබට මාගේ කතාව ඉවහල් වනු ඇතැයි සිතමි ... !!!!

    උපුටා ගැනීමකි . සියලුම හිමිකම් මුල් රචකයා සතුයි 

    Link
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek: ado sirada bn meka