හොල්මන් කතා

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    බහුතරයක්‌ නිවෙස්‌වල කුප්පි ලාම්පුව දැල් වූ අතර පැය කිහිපයක්‌ පැට්‌ට්‍රොල් මැක්‌ස්‌ ලාම්පුවක්‌ පත්තු කිරීම යමක්‌ කමක්‌ ඇති නිවෙස්‌වල සිදු වුවද පැය කිහිපයකින් නිවා දමා නින්දට යැමට බොහෝ දෙනා පුරුදුවී සිටියහ. එකී ගමේ එකලට අනුව තරමක්‌ යමක්‌ කමක්‌ තිබුණේ මා පියාණන් වූ එළාරිස්‌ මුදලාලි මහතාට ය. උදයේ වෙළෙඳසලේ සිට නිවසට පැමිණෙන විට ඇතැම් දිනවල මධ්‍යම රැය ද පසුවිය. එයට හේතුව ඔහුගේ කඩයේ තිබූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාවිරහිත කිරීමට අසන්නන් ඉඩ නොදෙන හෙයිනි. එදා ද මුවන් පෑලැස්‌ස ගුවන් විදුලියේ ප්‍රචාරය විය. එය ඇසීමට බොහෝ දෙනකු කඩයට එන නිසාවෙනි.
    ඇතැම් දිනවල පියා නිවසට පැමිණෙන විට අප නිදිය. පසුදා අවදි වන විට පියා නිවසින් බැහැරව ගොස්‌ ය. මව ගෘහනියක්‌ වූ හෙයින් අපට පියාගේ අඩුව එතරම් නොදැනින. අපට මහ ගෙදර හා අලුත් ගෙදර නමින් නිවෙස්‌ දෙකක්‌ විය. එක්‌ නිවසක අප සිවුදෙනා ද මහ ගෙදර ජීවත් වූයේ පියාගේ සමීප හිතවතකු වූ මාතර සිට පැමිණ සිටි බබුන් ආතා නම් වූ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අතිශයින් ප්‍රකට අයෙකි. පවුලේ අයකු මෙන් ජීවත් වූ බබුන් ආතා ගමේ මිනිසුන්ගේ අසනීපවලට නූල් මැතිරීම දෙහි කැපීම, අණ වින දෝෂ ඉවත් කිරීමට බැරිම අවස්‌ථාවක ඉල්ලීමකදී හූනියම් කර දීමට ද බබුන් ප්‍රකට දෛවඥයකු විය.
    මෙම සිදුවීම වන විට මා පාසලේ හයවැනි පංතියේ ඉගෙන ගනිමින් සිටි සිසුවෙකි. එකල ගමේ බොහෝ දෙනකු මා ඇමතුවේ බේබි මහත්මයා යනුවෙන් හෙයින් බබුන් ආතා ද එක්‌ දවසක්‌ මා හට කතා කර බේබි මහත්තය අද මම ගමනක්‌ යනව රෑට හදිසියකටවත් ගෙදරින් එළියට එන්න එපා කියා මගේත්, නංගිගේත් හිස මත තෙල් බිඳු කීපයක්‌ තවරා මොනවාදෝ කියූ බව මතකය. බබුන් ආතා ගියේ කාගේ හෝ හූනියමක්‌ නිදහස්‌ කිරීමට බව මව කීවාය. එයින් අප සිත් තුළ තිබූ බිය වැඩිවිය. මන්ද බබුන් ආතා එවන් කාරණයක්‌ සඳහා නිවසින් බැහැර වන සෑම දිනකම තෙල් මතුරා අපගේ හිස්‌වල තවරා යැම නිසා අතුරු කරදර කිසිවක්‌ අපට බල නොපෑය. එහෙත් ඇතැම් දිනවල බබුන් ආතාගේ කාමරයේ තිබූ යකඩ ට්‍රන්ක පෙට්‌ටිය වෙවුලන හැටි දැසින් දැක ඇත්තෙමු. එතුළ යමක්‌ දඟලන අයුරු පැහැදිලිවම පෙනිණි. එසේ හෙයින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ඔහු ප්‍රදේශය පුරාවටම ප්‍රසිද්ධය.
    මෙවන් ප්‍රකට බබුන් ආතාට දිනක්‌ තමන් කළ ගුරුකමක්‌ වැරදිනි. මා අසා ඇති පරිදි වෙනත් කට්‌ටඬියකු විසින් කළ ගුරුකමක්‌ නිදහස්‌ කිරීමට බාරගත් බබුන් ආතා එයට පෙර දින රාත්‍රියේ සිටම එකී කටයුත්ත සඳහා සූදානම් විය. ඔහුගේ සහායට කවදත් යන මැන්තෝරිස්‌ නම් මාමා ද එදා උන්දෑ සමඟ අවශ්‍ය කුඩුම්බ සකස්‌ කළ බව කියයි. පුරා විසිහතර පැයක්‌ මන්ත්‍ර යන්ත්‍ර පේ කරමින් කාන්තාවකට වැහී සිටිය භූතාත්මයක්‌ ඉවත් කිරිමේ භාරදූරය කටයුත්ත නිසි ලෙස ඉෂ්ඨ සිද්ධ කිරීමට පසුදින මධ්‍යම රාත්‍රිය තෙක්‌ යාග හෝම කළ බව අසා ඇත. මහා සොහොන් පිල්ලියෙන් ආවේශව භූතයා කාන්තාවගේ ආත්මයෙන් එළවීමේ කාලය එළඹියෙන් වැදෙන බෙර පදයට හා යාතිකාවලට අනුරූපව තම දේව තෝත්තර කර ගෙන ගියහ. ගුරුකමේ අග තැම්පත්ව සිටි බබුන් ආතා කාන්තාව ආවේශ කරවා ඇය අතැර යන ලෙසට පොරොන්දු කරවා ගෙන සළකුණක්‌ ද කර යන ලෙස ඉල්ලා ඇත. එහි පලය ලෙස පාන්දර යාමයේ නිවස ඉදිරිපිට කිරි ගසක මුදුන් අත්ත කඩා ගෙන යන බවට පොරොන්දු වී සැවුල් බිල්ල ගෙන ලේ බී වැළපෙමින් කොස්‌ අත්තක්‌ ද බිඳ ගෙන ගිය බව අදත් ඇසින් දුටුවන් භීතියෙන් යුතුව එකී සිදුවීම් කියති. එය එසේම සිදුවිය. ආතුරයා සුව විය. ඥතීන් සතුටු කඳුළු හැලූහ. බබුන් ආතාට තුඩු පඬුරු ලැබිණි. එහෙත් කියන පරිදි කිසිදු දිනක යාග හෝම කළ නිවසින් කෑම බීම නොගන්නා බබුන් ආතා මැන්තෝරිස්‌ මාමා සමඟ සැතපුම් දෙකක්‌ පමණ පයින්ම අප නිවස කරා පැමිණෙමින් සිට ඇත්තේ පොල් අතු හුළු එළියක ආධාරයෙනි. එහෙත් බබුන් ආතාට කොතැක හෝ වැරදී ඇති බව දැනුනේ නිවසින් පිටවීමට පෙර තමන් හා කොට්‌ටෝරුවා නිසි ලෙස ආරක්‍ෂා නොකරගෙන ගිය නිසාය. එහි ප්‍රතිඵලය වූයේ බබුන් ආතා විසින් ආතුරයාගේ ශරීරයෙන් ඉවත් කළ භූතාත්මය ඔහු පසු පස පැමිණීමය. එහෙත් එහි වගක්‌ ඔහුට නොදැනුනි. කෙසේ හෝ අපේ මහ ගෙදර නැවතී සිටි බබුන් ආතාට
    රැය පහන්වන තුරු නින්දක්‌ නොවුන බව කියයි. ඔහු නිදන ගෝනි ගැසු බූරු ඇඳේ ඔහු සමඟ කාන්තාවක්‌ නිදා ගෙන සිටින බවත්, වරින්වර බබුන් ආතාගේ ගෙල සිරකරන බවත් ඔහුට දැනී ඇත. වරෙක ඔහුගේ ගත තරයේ වැළඳගත් බව තේරුන බවත් බබුන් ආතා පවසා ඇත.
    මෙවන් භූතාත්මයක්‌ ආත්මයෙන් නික්‌මවුන පසු දෛවඥයාගේ ප්‍රාණය ඇපට ගන්නා බවක්‌ ඔහු දනී. කළයුතු ප්‍රතිකර්මයක්‌ නොවුන කල පඬිවෙල වාසය කළ හේරත් මාමා පණිවිඩයකින් ගෙන්වාගෙන තෙල් මතුරුවාලීමෙන් පසු බබුන් ආතාට පියවි සිහිය පැමිණි බව මා අසා ඇත. එසේම එක්‌ දිනක අසල්වැසි ගමක්‌ වූ දිවුරුම්පොල මුස්‌ලිම් කාන්තාවකට යක්‍ෂ දිෂ්ඨ§යක්‌ බලපා නූලක්‌ මතුරා සමතයකට පත් කර ආපසු අප නිවසට පැමිණෙන විට අභිමාන වූ වෙල් යායක්‌ දිය ඇළක්‌ පසු කිරීමට සිදුවේ. එහි රාත්‍රියේදී ඇතැම් විවිධ සිදුවීම් සිදුවන බව ප්‍රකටය. හුදකලාව රාත්‍රියේ ආපසු එන බබුන් ආතා ඉදිරියට කොටියකු වැනි විශාල සතෙකු පැන්න බවත් ඔහු කොටියා මෙල්ල කිරීමට ඇකයේ සඟවා ගෙන සිටින උල් පිහිය ගෙන කීපවිටක්‌ම තදින් ඇන්න බවත් ඇනුම් කෑ කොටියා පළා ගිය ද බබුන් ආතා ආවේ අඩ සිහියෙනි. එහෙත් එතරම් දරුණු නොවූ හොල්මනක්‌ නොවන බව ඔහු කීවද, පසුදින මා ද අනෙක්‌ අය සමඟ මගේ පියාද එම ස්‌ථානය පරීක්‍ෂා කිරීමට ගියෙමු. ඇත්තෙන්ම බබුන් ආතා කොටියකු යෑයි පොරබදා පිහියෙන් ඇන තිබුණේ පාර අද්දර තිබූ පැළ පොල් ගසක කඳටය. ගසේ වටේටම පතුරු ගැලවී තිබුණ බව දක්‌නට හැකි විය. එදා සිට බබුන් ආතා මියයන තුරු තනිවම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමට නොගිය අතර කාලයාගේ ඇවෑමෙන් වයස්‌ගතව මිය පරලොව ගිය ද ඔහුගේ දේහය අප ගමේම පොදු සුසාන බිමේ මිහිදන් කෙරුණි. මගේ පියා සත්දින දානය ද තෙමස්‌ දානය ද දී පිංපෙත් පතන ලදී.
    අභාගයකි ඔහුගේ සකල සබ්බ වස්‌තු වූ ට්‍රන්ක පෙට්‌ටිය බාර දීමට ඥාතියකු නොවීය. එය විවෘත කිරීමට යතුරක්‌ ද නොවීයෙන් කාලයක්‌ යනතුරු එම කාමරයේ ම තැම්පත්ව තිබිණි. එහෙත් ඇතැම් කෙම්මුර දිනවල එකී කාමරය තුළින් නැගෙන යාතිකා හඬ මතුරන හඬ පැහැදිලිව ඇසෙන්නට විය. කිසිවෙකු එකී පෙට්‌ටිය විවෘත කිරීමට හෝ අහක්‌ කිරීමට ඉදිරිපත් නොවිණි. කාලයක්‌ ගතවිය. අප නිවසේ විවිධ වූ භූත ශබ්ද හා මිනිසුන් ගැවසෙන සේයාවක්‌ දැනෙන්නට විය. නිවසේ අයට නිරතුරු අසනීප ඇති විය. මගේ මව දැඩි ලෙස රෝගාතුර විය. සුවයක්‌ නොවීය. අවසානයේ අප දේවාල, පේනකරුවන්ගේ පිහිට පැතුවෙමු. එකී ස්‌ථානවලින් පැවසුනේ නිවසේ තැම්පත් කර ඇති පෙට්‌ටියක්‌ තුළ ඇති මිනිස්‌ හිස්‌කබල සහිත මිනිස්‌ ඇට කැබලි වහාම නිවසින් ඉවත් කළ යුතු බවයි. එහෙත් කිසිවකු එය ඉවත් කිරීමට ඉදිරිපත් නොවුනි. එයට හේතුව ඉවත් කරන්නාට විවිධ වූ අතවරයන්ට ලක්‌වීමට සිදුවෙතැයි බියෙනි. එහෙත් අවසානයේ අප ගම විසූ සයිනේරිස්‌ නම් මන්ත්‍රකරු ඉදිරිපත්ව එම පෙට්‌ටිය කඩා විවෘත කළ පසු දක්‌නට වූයේ මිනිස්‌ හිස්‌ කබලක්‌ සහ මිනී ඇට කැබලි කීපයකි. එසේම බබුන් ආතාගේ යන්ත්‍ර මන්ත්‍ර පොත පත විය. එදා එම හිස්‌ කබල හා ඇටකටු වැළලීමට නොහැකි විය. එදා රාතිය පුරාම බබුන් ආතා සිටි කාමරයේ එකම ගාලගෝට්‌ටියකි. අඬති. වැළපෙති. සුසුම් හෙළන හඬ සැබෑවටම අපට ඇසුනි. ඇඟ කිලිපොළා යන ශබ්දයන් ය. නංගිත් මමත් අතිශයින් ම බියට පත්ව සිටියෙමු. ගමේ තවත් කීපදෙනෙකුම රැය පහන්වන තුරු නිදි වර්ජිතව අප නිවසේ මගේ පියා සමඟ සිටියහ. පාන්දර ජාමයේ නැඟුන විලාප හඬින් ගමම භීතියෙන් වෙලී ගිය බවත් අසල්වැසියන් පැවසූ අයුරු අදත් සිහිපත් වන විට ඇඟේ මවිල්a කෙලින් වූ බව දැනේ. පසුදින සයිනේරිස්‌ වෙද මාමා විසින් ගෝනියක දමා සොහොනේ වළ දැමිනි. ඒ සමගම නිවසේ තිබූ විවිධ වූ ශබ්ද, අඳෝනා, කෙඳිරිලි නිමාවට පත්වුව, නිවස කඩා දමන තුරු කිසිදු දිනක අප එකී නිවසේ
    රැය හෝ දහවල ගත නොකළෙමු.
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    මල් ශාලාවට එදා සරු දවසකි. සුනිල් මිනී දෙකක් කපා කොටා එම්බාම් කර පැත්තක දමා සිගරට්ටුවක් දල්වාගෙන තොල් මත රඳවා ගත්තේ තවත් එකක් බලාපොරොත්තුවනි. ඒ ළිඳේ වැටී හුස්ම හිරවීමෙන් මියගිය වයස අවුරුදු විසි දෙකක තරම් යුවතියකගේ වැඩකොටසක් තම අතින්ම සිදුවන්නට තිබීම නිසාය. මරණ පරීක්ෂණයෙන් පසු එම යුවතියගේ දේහය සුනිල් අතට පත්වන විට රාත්‍රි එකොළහත් පසුවී තිබුණේය. එම්බාම් වැඩේට අති දක්ෂයකු වූ සුනිල් වැඩේට බැස්සේය. සිහින් කොක්කක් සහිත පිහි තුඩ යුවතියගේ ගෙල පටන් උදරය හරහා ගමන් ගද්දී සුනිල්ට දැනුණේ මිනිය දඟලන බවකි. කිසි දිනෙක මෙවන් අත්දැකීමක් ලබා නොතිබුණු ඔහු තරමක් තිගැස්සී තත්පර කිහිපයක් පසෙකට වී සිටියේය. එවේලේ ඔහු දුටුවේ මියගොස් සිටි යුවතියගේ දේහය එලෙස තිබියදී රුව කෙළින් වී සිටගන්නා අයුරකි. අනතුරුව මියගිය යුවතියගේ රුව සෙමෙන් කාමරයේ ‍ෙදාරටුව දෙසට ඇදී ගියේය.
    තවත් කල්පනා කරමින් සිටීමේ කිසිම තේරුමක් නැතැයි සිතූ ඔහු වෙන දෙයක් වෙද්දෙන් යන හැඟීම තුළින් තම කාර්යය කිරීම ආරම්භ කළේය. එහෙත් ඔහුගේ සිත දිව ගියේ යුවතියගේ රුව ඡායාව දෙසය. සුනිල්ගේ මතකයට එක්වරම එකතු වූයේ එම්බාම් කාමරයේ අසල බිත්තියේ එල්ලා ඇති රැවුල කැපීමට භාවිත කළ කණ්ණාඩියය. ඔහු වැඩේ කරන ගමන්ම කණ්ණාඩිය බැලුවේය. එතුළින් කාමරයේ ‍ෙදාරටුව හොඳින් පෙණුනත් යුවතියගේ රුව පෙනෙන්නට නොවූවාය.
    "මනස්ගාත"
    තමන් තමාටම කියාගනිමින් සැකහැර ගැනීමට මෙන් ආපසු හැරී ‍ෙදාර දෙස බැලුවේය. සුනිල්ගේ ඇඟේ මයිල් කෙළින් වී ගියේය. ‍ෙදාර උළුවස්සට හේත්තු වී තමන් කරන දේ දෙස විමසිල්ලෙන් බලා හිඳින මියගිය යුවතියගේ අවතාරයයි. ‍ෙදාර අහුරවාගෙන සිටින ඇයගෙන් මිදී පලා යා හැකි මඟක් නොවුණ තැන සුනිල් තම වැඩේ අහවරයක් වනතුරුම කරගෙන ගියේය. අවසාන සිගරැට්ටුවද දල්වාගත් සුනිල් කළ යුත්තක් නැති තැන කාමරයේ කෙළවරක වූ ලණු පුටුවට වී වකුටු වුණේය.
    ඊළඟ මොහොතේ මියගිය යුවතියගේ රුව යළි තම දේහය අසලට විත් නොපෙනී ගියාය. මෝහිනියට නොදෙවැනි දිෂ්ටියක් තමා ඉදිරියේ මෙසේ හැසිරී තිබුණත් ඔහුට නම් කිසිදු අන්තරාවක් හදියක් යුවතියගේ දිෂ්ටි තුළින් ඇති නොවුණේය.
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    මේ කතාව අලුත්වැව පැත්තේ ගොඩක් ප්‍රසිද්ද කතාවක් කතාව මේකයි.....
    මිට අවුරුදු 7 කට කලින් ....අලුත්වැව ඉස්කෝලෙක කොල්ලෙක්(නම නොකියමි) අදර සම්බන්දයක් නිසා සියදිවි නැතිකරන් මැරිලා තියෙනවා .......ඉතින් හොදම සිද්දිය කියන්නේ මේ අවතාරය අලුත්වැව පාරේ රිය අනතුරු වෙලා හෝ අනතුරක් වෙන්න යනවනම් බේරාගන්නවලු.....ඉතින් .....මේ සිද්දිය සමහරු මිනිස්සු හදාගත්ත බොරු මනස්ගාතයක් කියල සමහරු කිවලු.........දවසක් මට මේ කතාව කියපු යාළුවගේ තාත්ත අලුත්වැව කැලේ පාරේ යනකොට........වේගයෙන් ආපු බස් එකක් තාත්තගේ ත්‍රීවිල් එකේ වැදිලා තාත්තවයි ත්‍රීවිල් එකයි විසි වෙලා පාර අයිනකට වැටිලා තියෙනවා එතකොට අර මැරිච්ච කොල්ලගේ ආත්මේ ඇවිත්.......අනේ අනකල්ට හුගක් අමාරුයි නේද ???? ඔහොම ඉන්න කියල ට්‍රිවිල් එකේ හිරවෙලා හිටපු තාත්තව එලියට අරගෙන අරගෙන යනකොට .......මේ අර මැරුණු කොල්ලගේ නම කියල අව සිහියෙන් අහල තියෙනවා පුතේ මේ ඉන්නේ උඹමද??? උඹ මලානම් මේ යස අගේට ඉන්නේ කියලා......ඒ ගමන මේ හොල්මන තාත්තාව පාර අයිනෙන් හාන්සි කරවලා...එකෙන් වැඩක් නැනේ මම යන්නම් අන්කල් කියලා අතුරුදහන් උනාලු..............ඊට පස්සේ මිනිස්සුන් ඇවිත් අර හිස් බස් එකේ සිහි නැතිවෙලා ඉන්න ඩ්‍රයිවරුයි ...පාරේ ඉන්න තාත්තවයි ඉස්පිරිතාලේ ගෙනිහින් තියෙනවා.........පස්සේ තාත්ත සිහිය ඇවිල්ල අහල තියෙනවා ඔයාල දැක්කේ නැද්ද අර පුතා (හොල්මන) මාව බේරගත්ත කියලා කියලා.......ඒ ගමන එතන හිටපු අන්කල් කෙනෙක් කිවලු නෑ පිස්සුද අපි එනකොට ඔය හිටියේ පාර අයිනට වෙලා කකුලෙන් ලේ එනවා කියලා .....පස්සේ ඔය ඉස්පිරිතාලේමලු අර බස් එකේ ඩ්‍රයිවර් කකුල කැඩිලා නැවතිලා හිටියේ........එයාගෙන් ඇහුවලු අර තාත්ත ඔයාට ගොඩක් අමාරුයිද කියලා........ඒ ගමන කිවලු අනේ මන්ද දැන් නම් හොදයි වගේ කියලා ඉතින් ඔහොම කතා කර කර ඉන්නකොට කිවලු.......අනේ මන්ද බන් මම මගදී නැවැත්තුවා තැබිලි ගෙඩියක් බොන්න වතුර තිබහට එතකොට අවුරුදු 18 ක විතර කොල්ලෙක් ලගට ඇවිත් කියලා ගියා වැඩිය වේගෙන් යන්න එපා ඉස්සරහ ගොඩක් මිනිස්සු පාරේ එහා මෙහා යනවා කියලා...මම එත් කල්පනා කළා මේ කොල්ලට පිස්සුද කියලා එත් මේ කොල්ල කියලා පැයක් යන්න කලින් මම උඹේ වාහනේ හැප්පුනානේ කියලා පස්සේ........අපේ යාළුවගේ තාත්ත .....මේ කොල්ලගේ නමින් දානයක් දීලා දිඹුලාගල පන්සලට ඒත් තවමත් ගමේ මිනිස්සුන්ට මේ අවතාරය උදව් කරනවලු.................හැබැයි මේ අවතාරේ ආදරේ කරපු කෙල්ල පිස්සු හැදිලා මේ ලඟදී දවසක ඉස්පිරිතාලේ ඇඩ්මිට් කලාලු
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    නොඉදුල් දැරියගේ මිනියෙන් නයි පිල්ලිය යවයි
    ජයනන්ද පාරම්පරික රදළ පෙළපතකින් පැවැත එන්නෙකි. පාරම්පරික ධනවතෙක් වූ ඔහුගේ පියා සුදු පාලකයන්ගෙන් තාන්න මාන්න මෙන්ම වරප‍්‍රසාද ද ලැබූවෙකි. එංගලන්තයේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ උගතෙක් වූ ජයනන්ද සතුව තේ වතු මෙන්ම වෙනත් ආදායම් මාර්ග රැුසක් ද විය. ජයනන්දගේ පියාගේ මරණයෙන් පසු පවුලේ එකම දරුවා වූ නිසාම පියාගේ නමින් වූ සියලූ ව්‍යාපාරවල පාලනය ද ඔහුට හිමිවුණි. ඔහු කිසිම දිනක පය නොගැසූ වතු හා වෙනත් කර්මාන්ත හරහා මාස්පතා ව්‍යාපාරයේ ගිණුමට මුදල් බැර කෙරිණි. කාලය කෙමෙන් ගෙවී යමින් පැවැතුණි. බොහෝ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජයනන්දගේ සිතත් දේශපාලනය කෙරෙහි ඇදී යන්නට වූයේ මේ අතර තුරය. ඔහු සිත් ගත් එක් දේශපාලන පක්ෂයක් උදෙසා යහමින් මුදල් වැය කළේය. ඔහුගේ බලාපොරොත්තුව වූයේ තමා සිටි ප‍්‍රදේශයේ ම ප‍්‍රබල දේශපාලනික තනතුරක් ලබා ගැනීම වුවත් ඔහුගේ බලාපොරොත්තුව ඉටු වූයේ නැත. එයට හේතුව වූයේ එම ප‍්‍රදේශයේ සිටි දේශපාලන බලවතා ජයනන්දගේ පියා සමඟ ඇති වූ ගැටලූවක් මත ජයනන්දගේ පරපුර සමඟ දැඩි වෛරයකින් විසීමයි. මේ හේතුවෙන් ජයනන්දගේ බලාපොරොත්තුව දිනෙන් දින බිඳ වැටෙන්නට වූ අතර එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ තම අරමුණ ඉටු කර ගැනීම උදෙසා ජයනන්ද යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පිහිට සොයා යෑමයි. දකුණු ලක එවකට යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩවලට නමක් දිනා සිටි කිහිප දෙනකුගෙන් මේ සම්බන්ධ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කටයුතු කිහිපයක් කර ගත්තත් ඔහුගේ අදහස ඉටු කර ගත නොහැකි විය.
    මේ අතරතුර දකුණට ආසන්න නගරයක සිටින ප‍්‍රබල දේශපාලනඥයන් බොහොමයකගේ යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතු සිදු කරන ඇදුරකු පිළිබඳ ජයනන්දට දැන ගන්නට ලැබුණි. ජයනන්ද ඔහු සොයා ගොස් තමන්ගේ අවශ්‍යතාව පිළිබඳ ඇදුරාට දැනුම් දුන්නේය. ඇදුරා එම කටයුතු බාරගත්තේ තම ගාස්තුව වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක පොරොන්දු පිටය. වසර 30 - 40 කට පෙර රුපියල් ලක්ෂයක් යනු ඉතා විශාල මුදලකි. පසු දිනම පොරොන්දු වූ ආකාරයට පනස් දහසක මුදලක් ඇදුරා අත තැබීය.
    එම පූජාව කළ යුතු දිනය කළ යුතු ආකාරය දැනගැනීම උදෙසාද පූජාවක් පැවැත්විය. එයට සහභාගි වූයේ ඇදුරා, ජයනන්ද හා ඇදුරාගේ අතවැසියන් පමණි. රාත‍්‍රිය උදාවිය. පහන් දැල්විණි. පංචෝපකාර සහිතව දේව ආරාධනා ඇරඹුණි. ඇදුරා පරල විය. අවශ්‍ය පූජා ද්‍රව්‍ය එකින් එක කියද්දී අතවැසියා ඒවා ලියා ගන්නට ද විය. එහි දී පූජාවට අවශ්‍යයයි පැවැසූ දෙයකින් ජයනන්ද හොල්මන් විය. ඇදුරා පැවැසූයේ වයස අවුරුදු 12ට අඩු නොඉඳුල් දැරිවියකගේ මළ මිනියක් ද පූජාවට අවශ්‍ය බවය. ඔහුට අනුව මිය ගොස් දින හතක් ඇතුළත මිනිය ලබාගෙන පූජාව තැබිය යුතු විය. අනතුරුව ඇදුරා දිගින් දිගටම කතා කරන්නට විය. ඇදුරාගේ ශරීරයට ආරූඪ වී තිබුණේ සොහොන් කාලි මෑණියන්ය. ඇදුරා ගේ දිව බොහෝ සෙයින් එළියට ඇදී ඇත. ‘‘උඹට පුළුවන් ද පූජා බඩු ටික දෙන්න’’
    ‘‘මිනිය ඇර අනිත් ඔක්කොම දෙන්න පුළුවන්.’’
    ‘‘ඈ යකෝ තෝ දන්නැද්ද. මම කන්නේ මිනී කියලා. උඹ මට මිනියක් දෙන්න බෑ කියන්නේ.’’
    ‘‘ මෑණියෝ තියෙන තැන කියනව නම් ගෙනත් දෙන්නම්’’ ඇදුරා කලින් කියා තිබූ ආකාරයෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නය ජයනන්ද ඇසීය.
    ‘‘අදින් පස්සේ එන තුන් වන මාස පෝය දවසේ අල්ලපු ගමේ පැඟිරියෙක් කනත්තට ගෙනෙයි. ඒක මට ගෙනත් දීපං. ඒක දුන්නොත් උඹේ වැඬේ කෙරෙයි.
    මිනිය ගෙනත් දීමේ වගකීම ජයනන්ද භාර ගත්තේය. එය ඉතා රහසිගතව කළ යුතු කාර්යයක් විය. එසේම මිනිය ගොඩගත් බව කිසිවකු නොදැනගත යුතු විය. තෙවන මාස පෝය උදාවීමට ඇත්තේ දින දෙකකි. අසළ ගමක හදිසියේ රෝගාතුර වූ දැරිවියක් මිය ගියාය. ජයනන්දගේ ගෝලයෝ මේ සිදුවීම ඇස ගසා ගෙන සිටියහ. මාසේ පෝය දිනයේ සාමාන්‍යයෙන් මිනී වළදමන්නේ නැති වුවත් කුමන හේතුවක් මත හෝ එදින දැරියගේ මිනිය භූමදානය කෙරිණි. එදින රාත‍්‍රියේ ඉතා සූක්ෂමව ජයනන්දගේ ගෝලයෝ මිනිය
    ගොඩගැනීමට කටයුතු සූදානම් කළහ. මිය ගිය දැරිය පෙට්ටියෙන් එලියට ගෙන පැදුරක දමා ඔතා ගැට ගැසුවේය. ඉන් සු මිනී වළ යළි තිබූ ආකාරයටම වසා දැමුවේය. මේ අතරතුර ඇදුරා තම නිවස අසල කැලය තුළ සිට මැතිරීම් කටයුතු අරඹා තිබුණි. පන්දම් හතරක් හතරකොණෙහි ගසා මැද පූජා තටුවක් සාදා ඒවාට දොළ වර්ග පුදා ඇත. බිලි දීමට ගෙන ආ කුකුළන් තිදෙනකු එකට ගැට ගසා කොටුව තුළ දමා ඇත. සුදු සරමක් ඇඳ රතු රෙද්දක් ඒ මතින් ඇඳ රතු රෙද්දක් කරට දමාගෙන ඇදුරා ආරූඪයෙන් දිගින් දිගටම මතුරයි. මාස පෝය දිනයේ පරිසරයේ ඇති ගන ඇඳුර මැදින් දැල්වෙන පන්දම්වලින් මතු වූයේ පරිසරය තුළ තව තවත් බියංකරභාවයකි. කතා කරගත් ආකාරයට මධ්‍යම රාත‍්‍රිය එළඹීමට පෙර මිනිය පූජාව කරන තැනට රැුගෙන ආ යුතු ය. මධ්‍යම රාත‍්‍රිය ක‍්‍රම ක‍්‍රමයෙන් ළං වෙත්ම ඇදුරාගේ මුහුණ ද ක‍්‍රම ක‍්‍රමයෙන් රෞද්‍ර වන හැටි ජයනන්දට පෙනෙයි. ඒ සමඟම ජයනන්දගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. එයට හේතුව වූයේ මධ්‍යම රාත‍්‍රිය එළඹීමට පෙර මිනිය නොලැබුණහොත් යන සිතුවිල්ලයි. මධ්‍යම රාත‍්‍රිය එළඹෙත්ම පූජාව කරන ස්ථානයට මිනිය රැුගෙන එන්නට ඔහුට හැකි විය. ඇදුරාගේ ගෝලයෝ මිනිය කෙලින් සිටින සේ අතපය විහිදුවා මැස්සට තබා ගැට ගැසුවේ මිනියේ තිබූ ඇඳුම් පවා ඉවත් කිරීමෙන් අනතුරුව ය. ඉන්පසු කහ දියරෙන් මිනිය හොඳින් සේදීමෙන් පසු රතු මල් දමක් කරේ හා ඉණේ පැළැඳුවේ ය. ගෝලයෝ මිනියට සුවඳ දුම් අල්ලද්දී ඇදුරා මැතිරීම පටන්ගත්තේ ය. පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩිකරමින් නරින්ගේ හූ හඬ ඈතින් ඇසෙන්නට විය. ඇදුරා කුකුළකු අතට ගෙන මිනියේ හිස මත තබා සැනෙකින් කුකුළා බිලි දුන්නේ ය. කුකුළාගෙන් වැගිරෙන ලේවලින් පූජාව වෙනුවෙන් සකස් කළ ගොටු විසි එකක් පුරවා ගත්තේ ය. මෙලෙස කුකුළන් තිදෙනාම බිලි දුන් අතර එකතු කර ගන්නා ලේවලින් මිනිය නෑවීමට කටයුතු කළේ ය. දැරියගේ මිනිය රත් පැහැ වී ඇත. දැඩි අඳුර බිඳලමින් දැල්වෙන පන්දම්වලින් නිකුත් වන රත් පැහැ ආලෝකයෙන් ලේවලින් රත් පැහැවූ සිරුර දකිනා ජයනන්දගේ ලොමුදැහැගැන් වී ඇත. මෙය මෙතරම් සංකීර්ණ දෙයක් බව ඔහු කලින් නොසිතුවේ ය.ඇදුරා දිගින් දිගට මිනියට මතුරන්නට විය. කෙමෙන් කෙමෙන් මිනියේ ස්වරූපය වෙනස් වන්නට විය. දැන් දැන් මිනිය පිච්චෙන්නා සේ හැඟීමක් ජයනන්දට ඇති විය. ඇදුරු අතවැසියා විසින් පන්දම් මධ්‍යයේ කුඩා ගිනි මැලයක් අවුළනු ලැබුවේ ය. මිනියේ පපු පෙදෙස ගිනි මැලයට හසුවන පරිදි මිනිය බැඳි මැස්ස ගිනි මැලයට පහත් කර මුක්කු දෙකක් සවි කළේ ය. ඇයගේ මුහුණ කෙළින් බිම තබා බඳුනක් තැබුවේ ය. ඇදුරා දිගින් දිගට මතුරන්නට විය. පපුවට ගින්දර වැදුණ මිනිය පිලිස්සීමක් නැත. මිනියේ දිව ටිකින් ටික දික් වන්නට විය. ඇදුරා වේගයෙන් මතුරයි. පරිසරයේ ගස් අඹරවමින් වේගයෙන් සුළං හමන්නට විය. ඒ අතරතුර මිනියේ දිව අඩියක් පමණ දික් වී ඇත. දිව දිගේ ගලාගෙන එන මිනී තෙල් බිංදුවෙන් බිංදුව තඹ බඳුනට වැටෙයි.
    මෙලෙස ලබාගත් මිනී තෙල් යනු සියලූ දිෂ්ටි කැටි වුණු විනාශකාරී දෙයක් බව ඇදුරා අත්දැකීමෙන්ම දනියි. මිනිය භාරගන්නා යක්ෂ ආත්මයන් මිනී තෙල් තුළ කැටි වී ඇත. ඇදුරා විසින් තමා රැුගෙන ආ නයි පෙට්ටියක් ගෙන එම තෙල් බඳුන නයි පෙට්ටි අසලින් තැබුවේ ය. ඉන්පසු පියන ඉවත් කළේ ය. එක් වරම නයා ආවේශ වූවකු මෙන් තෙල් බඳුනට හිස දමා එම තෙල් බොන්නට පටන් ගත්තේ ය. තෙල් බී අවසන් වූ සැණින් යළි වේගයෙන් මිනිය උඩට ඇදී වට කිහිපයක් මිනියේ එතෙමින් සිට කැලය තුළට ඇදී ගියේ ය. නයා පිටවූ සැණින් ගෝලබාලයන් එක්ව කලින් කපා තිබූ වළට මිනිය හා සියලූ පූජා ද්‍රව්‍ය දමා වැසුවෝ ය.
    නයි පිල්ලිය සකස් කළේ එලෙස ය. එම නයා තුළ ඇති දිෂ්ටියට ඉන් පසු භාර වූයේ මරා දැමීමට සැලසුම් කළ ශරීරයයි. නයා තුළින් ගමන් කරන්නේ එම දිෂ්ටියයි. නයා පිටවූ සැනින් මිනිය වළලන්නේ එම දිෂ්ටිය යළි මෙම සිරුරට ඇතුළුවීම වැලැක්වීමට යි. අවසානයේ ඔවුහු සිය පූජාව සාර්ථක කරමින් ජයනන්දගේ සතුරා වෙත නයි පිල්ලිය ගමන් කරවූහ.
    ජයනන්දගේ විරුද්ධවාදියා පසු දින උදෑසන අවදි වූයේ නැත. සැමියා නැඟිටීමට ප‍්‍රමාද වන්නේ ඇයි දැයි බැලීමට සැමියාගේ කාමරයට ගිය බිරිඳට දැකගත හැකි වූයේ ඇස් දෙක විසල් කරගෙන තිගැස්මෙන් මිය ගොස් සිටින තම සැමියා ය. ජයනන්ද තම අභිප‍්‍රාය කෙලෙසින් හෝ ඉටු කර ගත්තේ
    ය.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිල්ලිය!!!!!

    කොම්පැනියෙ මේල් සර්වරයට හිKiල:baffled:!!!!!! කවුද හුත්$ගෙ පුතාල ටිකක් ඩොස් ඇටෑක් එකක් දෙනව:angry::angry:......තිබුන හොඳම ෆයර් වෝල් එකත් හැන්ග් වෙලා:oo:........ සී.ඊ.ඕ. රෙද්ද උස්සන් කෑගහනව:angry: ඉම්පෝර්ටන්ට් මේල්ස් නෑ කියල...... අනේ ඒකිගෙ වැදගත් මේල්ස් වල තරම දන්නෙ මමනෙ:eek:....... ඕන හුත්$ක් කියල මේල් සර්වරය ඩිරෙක්ට් ගැහුව ලින්ක් එකට.......... තඩි අයි.බී.එම්. පෙට්ටගම යකා වගේ වැඩ:):).............

    හිතාගන්න පුලුවන්නෙ සිටුවේශන් එක....... ටක පුයිට් හොඳ එක:(!!!!! ජී.එම්.ටයි සී.ඊ.ඕ. ටයි රිට්න් එක්ස්ප්ලනේශන් දෙන්න ඕන මොකද වුනේ කියල........:(
    ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ එහෙට මෙහෙට දුව දිව ඉන්නකොට මොබයිල් එකත් රිං වෙන්න ගත්ත.................:angry::angry:

    50 සෙන්ට්ස් ඉන් ද ක්ලබ්:D........ ටාට් ටා..... ටාට් ටා.... ටාට් ටා!!!!.......:P
    :frown:හෙලෝ.......
    :dull:හලො... මේ රොබොට් මහත්තයද???
    :frown:ඔව් රොබොට් තමයි කවුද මේ???
    :dull:ආහ් මම මේ........xxx ගුරුන්නාන්සේ මහත්තයට මතකෙයි???........
    :frown:ඔව් ඔව් මොකෝ මතක නැත්තේ...... ඉතින් මොකෝ මේ හදිස්සියේ???........
    :dull:මහත්තය අපි හෙට රෑට පොඩි සෙල්ලමක් දාන්න හිතන් ඉන්නව..... එනවද බලන්න????
    :angry:හප්පේ මොන සෙල්ලම් ද ගුරුන්නාන්සේ........හෙනට වැඩතියෙනව........ එන්න බැරිවෙයි.......
    :dull:හා එහෙනම් කමක් නෑ...... මේක ටිකක් බලගතු වැඩක් හින්ද මගත්තයට එන්න කිව්වෙ සාස්තරේ ඇත්ත නැත්ත බලාගන්නත් එක්ක.......

    :frown:ඉතින් කිව්වනම් බලන්න මොකක්ද සිද්දිය කියල??.........
    :dull:කියන්න බෑ....... මහත්තය යකෙකුට වත් බය නැත්නම් හෙට උදෙන්ම මාව මුනගැහෙන්න එන්න......... මම තියනව......:baffled:


    ඕන් ඉතින් උඹලත් කරකවල අතඇරිය වගේ බලනව ඇති මේ මොන කෙන්ගෙඩියක් ද මේ රොබොටා එකපාරටම කියන්නෙ කියල.........

    මේකයි සිද්දිය ................

    මට මේ කෝල් කලේ ලංකාවෙ පට්ටම පට්ට යකැදුරෙක්:baffled:..... ඇත්තටම මාත් මූට බයයි:dull:...... වැඩිය ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි...... මේ සිද්දි සොයා යන ගමනෙදි හෙන කට්ටක් කාල හොයාගත්ත කෙනෙක්...... විස්තර හුවමාරුකරගෙන.......... අපේ පරම්පරා හා දැනට වැඩවසන මගේ :love:හාමුදුරු සීයගෙ විස්තර කිවුවට පස්සෙ මූ මට පනදෙන්න ආදරේවුනා:love:...... ඉතින් මූ භූත ලෝකෙ කරන විශේෂ දේවල් දැකගන්න මටත් ආරාධනා කරනව...........;)


    මොනව කරන්නද....... ගුරුන්නාන්සේ වැඩි විස්තරයක් කිවුවෙත් නෑ....... ඌට කතාකරන්න නම්බරේකුත් නෑ.... කොහොම හරි වැඩ ටිකත් ගොඩ දාල ගෙදරටත් පට්ට බොරුවක් කියල:) සෙනසුරාද උදේ රැයින් මාතර යන්න පිටත් වුනා........

    උදේ එකොලහ විතර වෙනකොට යාන්තමින් ගුරුන්නාන්සේගෙ ගෙදරට යාගන්න පුලුවන් වුනා........ මගෙ
    ම්මේ ගේ පිරෙන්න බඩු........ පුහුල් ගෙඩි, ගොක්කොල තටු......පලතුරු වට්ටි කකුල් බැඳල තියෙන කුකුල් නාම්බො........ හෙන සීන් එකක්.......... පන්ඩිතය වගේ ගෙදරට බොරුකියල තනියම ආවට මොකද මමත් ටිකක් ගැස්සිලා ගියා මූ නටන්න යන නාඩගම බලල......... :(

    :frown:ඉතින් ඉතින් ගුරුන්නාන්සේ....... අද මොකෝ මේ වෙනදටත් වඩා......... මොකක්ද අල්ලන්න යන අඩව්ව??????

    :dull:අදනම් පුතෝ නටන්නෙ අමුතුම නාඩගමක්...... මහත්තයත් ඕනම එකකට ඔට්ටු නිසා එන්න කිවුව මිසක්...... මම මගේ දරුවෙක් මල්ලෙක් වත් මේ වැඩේට ගෙනියන්න හිතන් නෑ........

    මල හුත්$යි.........:angry::angry::angry::angry: එච්චර ක්‍රිමනල් කේස් එකක්නම් තනියට තව එකෙක් එක්ක එන්න තිබුනෙ..........කොහෙද මූ කිව්වෙ නෑ නෙ



    :frown:ඉතින් මොකක්ද සිද්දිය????
    :dull:සිද්දිය කියන්න බෑ..... කට වරද්දගන්න බෑ...... වැඩේ කරනකොටම බලාගන්න බැරියැ........ මහත්තය දැන් මොනව හරි කාල කාරිය ඇලවෙලා ඉන්න......... හැන්දෑවෙ අපිට පොඩි ගමනක් යන්න තියෙනව...........:shocked:

    මොන නිදාගැනිල්ලක්ද...... මාත් ඉතින් බඩ කට පිරෙන්න කොටාබාල පොඩි උන් ටිකකුත් එක්ක වෙල් අස්සෙයි ගස් අස්සෙයි රිංග රිංග හිටිය...........

    වෙලාව හැන්දෑවෙ හයට විතරඇති....... ගුරුන්නාන්සෙගෙ ගෙදරට තුන් සක රියකින් දෙන්නෙක් ආව...... උන් දෙන්න කෙලින්ම ගුරුන්නාන්සේගෙ කාමරේට ගිහින් කිව්ව.......

    ගුරුන්නාන්සේ තම්බිය වළදැම්ම:shocked: අදරෑම වැඩේ කරමු කියල.........

    මටත් ඉතින් හිතාගන්න බෑ මුන්ටික මොකාටද එන්න යන්නෙ කියල......... මුන් ටික මර්ඩර් කේස් එකක් දීල ආවද දන්නෙත් නෑ:baffled:......... (මොක වුනත් මුන් කිසි විශ්වාසයක් නෑ නෙ......)

    කෝකටත් කියල ත්‍රීවීල් එක පැදන් ආපු එකා එක්ක මම කතාවට සෙට් වුනා.......... ඔහේ නිකන් වල් බූත කතාකරකර ඉඳල එකපාරටම මම මුගෙන් ඇහුව අද මේ මොකෝ වෙන්න යන්නෙ කියල????....... අරූ කිව්ව...... අද රෑට ගුරුන්නාන්සෙ :growl:පිල්ලියක්:growl: යවන්නයි යන්නෙ...... මේපාරනම් සෙල්ලන් වෙන් නෑ වැරදුනොත් කපෝතියි කියල:shocked::shocked:.............


    පට්ට හොඳ එක..... මම විස්තර අහල තිබුනට පිල්ලියක් ඇත්තටම යවනව දැකල තිබුන් නෑ..... මාත් ඉතින් ඇඟට ගට අරන්........ හිත සන්තෝසෙන් ලෑස්තිවුනා සිද්දිය බලන්න........:):frown:


    වෙලාව රෑ දහයයි.........ගුරුන්නාන්සේ හදිස්සියෙම අපේ අත්වල කහ නූල් බැන්ද........පස්සෙ කිව්ව "මේ වැඩේ කරන අතරතුර එකෙක්වත් තනි වෙනව එහෙම නොවෙයි ඕං" කියල...... කට්ටිය ඔක්කෝම ඉක්මනින් අඩුම කුඩුම ටික පොඩි ලොරිකබලකට පටවගෙන යන්න ලෑස්ති වුනා................ ගමනට සම්භන්ද වුනේ ගුරුන්නාන්සේයි මමයි අර ත්‍රීවීල් එකේ ආපු තුන්දෙනයි විතරයි:dull:...........

    කට්ටිය කට්ට කලුවරේම හෙන රටරවුමක් ගහල පට්ටම පට්ට කලුවර සොහොන් පිට්ටනියක් ඇතුලට ලොරිය පැදෙව්ව........ඇහැට පෙන මානෙක බලු බල්ලෙක් නෑ..... අඩුගානෙ එක ලයිට් එලියක්වත්:baffled:.......... අපි මිනීපිට්ටනිය මැද්දටම ගියා.......... ඒහරියෙ හිටිය සුදු සරමක් ගහගත්ත එකෙක්.....:oo: (කතා කරල බැලුවම ඌ තමයි කනත්තෙ වලවල් කපන එකා...... අම්බානකට ගහල හිටියෙ........)

    ගුරුන්නාන්සේ දඩබඩ ගාල ලොරියෙන් පැන්න...... යකුනේ ඉක්මන් කොරහල්ලා වෙලාව පනියි ඉක්මන් කොරහල්ලා ....... :angry:

    ඉතින් කට්ටිය දඩ බඩ ගාල ලොරියෙන් පැනල විලක්කු දෙක තුනක් පත්තුකරන්........උදලු, සවල් අරන් අර වලවල් හාරන හාදය පස්සෙ ගියා...... :shocked:

    ඌත් ඉතින් වැනි වැනි මිනී පිට්ටනියෙ ඉහත්තාවක තිබුන සුදු වැලි දාපු තැනක් පෙන්නල මෙන්න මෙතන තමයි කිව්ව...........


    කට්ටියත් ඉතින් විලක්කු පන්දම් එහෙම වටේට ගහල උවමනා කලමණා, පෙරේත තටු ආදිය ගෙනහල්ල ගුරුන්නාන්සෙට මතුරන්න ලෑස්තිකරල දුන්න:baffled::nerd:..........

    ඕං ඉතින් අර සුදු වැලි දාල තියෙන වල ඉස්සරහට වෙලා ගුරුන්නාන්සේ මතුරගෙන මතුරගෙන යන්න ගත්ත....... පස්සෙ මූ පරල වෙලා වල වටේ නට නට එකපාරටම හාරපිය ඕක හාරපිය ඕක කිවුව:shocked::angry:.............. කට්ටිය දඩබඩගාල වල හාරන්න ගත්ත.....අඩි තුන හතරක් පහලට හාරනකොට රෙදිවලින් ඔතපු මිනියක් මතුවුනා:shocked::growl::growl:..............

    මමත් ඉතින් සීන් එක ඩිම් වෙලා බලන් ඉන්නව:nerd:........ හිතපන්කො තියෙන සනීපෙ..........:baffled::dull:


    කට්ටියත් ඉතින් මිනියට ලනු දාල ගොඩට අරන් වහල තිබුන රෙද්දත් කපල දාල වල උඩින් තිබ්බ.......... :oo:
    කතාකරල වැඩක් නෑ........ හෙන තඩි මිනිහෙක්ගෙ මළකුණක්........... ඒ මදිවට ඉදිමිළ ගඳත් ගහනව.......... තූ නොදකින් :angry::angry:

    දැන් කට්ටිය මළමිනියෙ අත් දෙක පොලු වලින් ගහල කඩල (මිනිය දරදඬු වෙලා තිබුනේ.....අතපය අපිට ඕන විදියට හොලවන්න බෑ........ කඩල තමයි හදන්න ඕනා.....) කකුල් දෙකයි අත් දෙකයි යකඩ බටේකට තියක ගැටගැහුව........... පස්සෙ එකෙක් හොඳ පොලුපාරක් දුන්න කොන්දත් කඩල යන්න පස්සෙ කට්ටිය හෙන ගේමක් දීක මලමිනිය වී අකුරෙ හැඩේට (V)යකඩ පොල්ලෙ එල්ලන් වැටෙන්න හදල යටින් ගිනිමෙලවුව:growl::growl:........... (හරියට උඹල ඌරෙක් බාබකිවු කරනව වගේ..........)

    මටනම් මහ පට්ට චා සීන් එක.....:baffled: අරුනුත් ඉතින් ගිනි ගගහ ගිනි ගගහ මිනිය රොස් කරනව:no::no::baffled:.......... කුණු ගඳයි කුනු මස් කරවෙන ගඳයි ඉවසන්නම බෑ:no:....... මිනිය ගානට රත්වේගෙන එනකොට ගුරුන්නාන්සේ මිනිය යටින් පොඩි භාජනයක් තිව්ව........ ඉතින් මිනිය රත් වෙන්න රත් වෙන්න මිනියෙ තෙල් නට නට අර භාජනයට වැක්කෙරෙන්න ගත්ත........

    ඔහොම පැය භාගයක් විතට කට්ටිය මිණී තෙල් හින්දුව:baffled::shocked:........ වැඩේට ඇතිතරම් මිනීතෙල් හිඳුන ගමන් කට්ටිය මලමිනිය ගිනිමැලෙන් එහාට ගත්ත......... ගුරුන්නාන්සෙත් දඩබඩ ගාල කොහෙද තිබුන තඩි යකඩ අඬුවක් අරන් හෙන ගේමක් දීල ඉස්සරහ දත් ටිකත් කඩල දාල මළමිනියෙ කට ඇරගත්ත:baffled:....... පස්සෙ මළමිනියෙ දිව අඬුවෙන් ඇදල මතුරන ගමන් පොඩි කිනිස්සකින් කපල ගත්ත එලියට.......:eek::eek::shocked::growl:


    ගුරුන්නාන්සෙ හරි සන්තෝසෙන්.......... කලමණා ටික නම් හරි......... අපි විගහට වැඩේට ලෑස්තිවෙමු කියල කට්ටියට කිව්ව......:dull:

    ගුරුන්නාන්සෙ මහ හයියෙන් මිනිය ඉස්සරහ මතුරගෙන මතුරගෙන ගියා.............. ආවතේවකාරයොටික මළමිනියෙ පපුව උඩින් ගොක්කොල වට්ටියක උගේ දිව තියල කුකුල් නාම්බෙක් කපල ලේ විදින කුකුල් බෙල්ලෙන් අර දිවට ලේ වැක්කෙරුව:oo::baffled:.......... පස්සෙ මිනී තෙලුත් තවත් කලමණාත් උඩින් දාන්න ගත්ත...... ගුරුන්නාන්සෙත් මැතිරිල්ල වැඩිකරා....... වැඩිකරන් වැඩිකරන් එකපාරටම කට්ටකුමන්ජල් ගැහුව දිව ඉස්සරහ තිබුන විලක්කුවට......... දුම් විකාරෙ....... දුම අස්සෙන් කලු ඔලුවක් පේන්න ගත්ත........ ගුරුන්නාන්සෙත් පැනපු ගමන් දඩබඩ ගාල දිවට පත ඇනයක් ගැහුව........... පස්සෙ දුම් ගහ ගහ ඒ රූපෙ නැතිවෙන්න නොදී කරන්න ඕන කාරණාව කිව්ව:growl::growl:..............

    ගුරුන්නාන්සෙ පිල්ලියට කිව්වෙ අද එලිවෙනකොට එහා ගමේ ඉන්න කට්ටඩිය මැරෙන්න ඕන බවයි.......... අපි බලන් ඉන්දෙද්දිම ඒ කලුපාට මූන දුමත් එක්කම යන්න ගියා:growl::growl:.........


    ගුරුකම අගවරයි:dull:......... ගුරුන්නාන්සේ ඇනේ ගහපු දිව ලොකු මාමයිට් බෝතලයකට දාල මිනීතෙල් වලින් පුරවල ඉනේ ගැටගහගත්ත.........:eek::eek:


    කට්ටියත් ඉතින් ගොඩදාල දසවද දීපු මලමිනිය වලට දාල වටේ පිටේ තිබුන සියලු දේත් වලට දාල වල වහල දැම්ම......... :baffled::no::no:

    වැඩේ ඉවරවෙනකොට පාන්දර 2-3ට ඇති...... කට්ටියත් ඉතින් සද්දයක් බද්දයක් නැතිව ලොරියෙම ගෙදර ගියා................

    හැම කෙනාම කහ වතුරින් ඇඟ සෝදන් නා පිරිසිඳුවෙලා ගෙට ගියා......... කට්ටියටම වෙච්ච දේ නිසා නින්ද අහලකවත් තිබුන් නෑ:shocked:....... මාත් මේ වෙච්ච දේ නිසා කරකවල අතහැරිය වගේ:shocked:........ ඕන හුත්$ක් කියල කොළඹ්න් අරන් ගියපු බෝතල් දෙකත් අරන් බයිටුත් නැතිව සෙට්වුනා ගසන්න....... :no:
    කට්ටිය බිබී ඉන්න ගමන් ගුරුන්නාන්සේ මට විස්තරේ කියන්න ගත්ත..........:dull:


    මහත්තයෝ..... මම මේ වැඩේ මගෙ ජීවිතේට කරන්න හිතන් හිටිය දෙයක් නෙමෙයි......... ඒත් අල්ලපු ගමේ කට්ටඩිය මට ඉන්නම දෙන් නෑ......... ගුරුකං කරල අම්ම මැරුව, ගෑනි මැරුව....... ඒත් ඉවසන් හිටිය...... සති කීපෙකට උඩදි මගෙ කෙල්ලට මතුරල අනූනමයෙන් බේරගත්තෙ........ බලන් ඉන්න බැරිම තැනයි මම මේ දේ කරේ.......... හෙට අපිට විස්තරේ බලාගන්නපුලුවන් කියල..................:nerd:

    ඒ කාලකන්නි දවසේ............ ආපු මෝඩකම කියලත් හිත හිත ඇඟ රත්කරගත්තත් ඊට වඩා හිත රත්වෙලා තිබුන නිසා ඇහැක් පියවන්නැතිව රැය පහන් කලා.........:baffled::baffled::shocked:

    එලිවෙලා ගුරුන්නාන්සේ මට උගේ කාමරේට එන්න කිව්ව...... බුවා මල් තට්ටුවක අර දිව තියල ජපකරන්න ගත්ත:growl::growl:........ කට්ටකුමන්ජල් දුම ගැහුව විතරයි අර කලු මූන දුම ඇතුලින් ආයෙත් පේන්න ගත්ත පස්සෙ ගුරුන්නාන්සෙ මොනවදෝ කුටු කුටු ගාල........මැතිරිල්ල නැවත්තල දිව දැම්ම බෝතලේට.........:shocked:

    පස්සෙ මට කිව්ව.... මහත්තය ඇස්දෙකටම දැක්කනේ යකාව:growl::growl:......ඕන් ඉතින් කරන්න තිබුන වැඩෙත් අහවරයි කියල හිතාගන්න:shocked:......... අපි දවල් කොරේ මරණෙ බලන්න යමු කියල...............


    මටත් තාම මේ කතාව විශ්වාසකරන්න බැරුව හිටියෙ....... ටිකක් දවල් වෙලා අපි එහා ගමට ගෑටුව......... වැඩි දුරක් යන්න ඕන වුන් නෑ..... මගදිම අපිට පනිවිඩේ හම්බවුනා........ එහා ගමේ කට්ටඩිය බාල්කෙ එල්ලිල මැරිල කියල..........:baffled::shocked:
    අපේ ගුරුන්නාන්සේ මලගෙදර පැත්තෙ යන එක ඇඟට ගුන නැහැ කියපු නිසා මම හෙමිහිට බල්ල දාල ආව........ ඒ වෙනකොට බොඩිය ඉස්පිරිතාලෙට ගෙනිහින්.............:dull:

    මාත් ඉතින් භයානක අත්දැකීමක් මුල සිට අගටම බලන් ඉඳල ප්‍රතිපලත් ඇහැටම දැකල, ගුරුන්නාන්සෙටත් ස්තූතිකරල හැකි ඉක්මනින් කොළඹ ආව...........


    මට මේ මගුල ලියනකොටත් නහයට අර මිනී පුලුටු ගඳ එනව........... :eek::eek:
    මමනම් කියන්නෙ මේ වගේ දේවල් මිනිහෙක්ට බලන්නවත් නොවේවා කියල..............

    :shocked:ආහ්...... තව ඩිංගෙන් මිස්වෙනව...... උඹල අහයි ඇයි තම්බි බොඩියක්ම මේ වැඩේට උන් ගත්තෙ කියල...... එකම හේතුව මුස්ලිම් අය මලමිනී එම්බාම් නොකරන එක..... අනික මැරුන දාම වලදාන එක........ මුන් ටිකත් මේ මරනෙ සෙට්වුනගමන්ම වැඩේට බැස්සෙ ඒනිසයි....

    අත්දැකීම කියවනකොටම ගොඩක් අප්‍රසන්න ඇති....... කරන්න දෙයක් නෑ.......ඕක බලන්න ගිහින් මම ඊට වඩා පරිප්පුවක් කෑවෙ.......මම මේක නොදාඉන්නත් හදල දැම්මෙ මේව තවමත් ලංකාවෙ රහසිගතව සිදුවෙනබව පවසන්න:nerd:..........


    පස්සෙ සෙට්වෙමු......

    :frown:රොබොට් අයියා

    http://elakiri.lk/forum/showpost.php?p=11792651&postcount=398