හොල්මන් නගරය කිලම්බා

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේ වගේම නොවුනත් මීට සමාන ප්ලේස් එකක් තියෙනවා ගාල්ලේ හබරාදුව, හබරාදුව තැපැල් කාර්යාලයට එහා පැත්තේන් තමයි තියෙන්නේ..:yes:


    රජයේ සේවකයන්ට විකුණන්න ටාගට් කරගෙන තමයි මට මතක විදියට ප්‍රොජෙක්ට් එක ගියේ අපාර්ට්මන්ට් වගේ ගැහුවේ ඒකත් පොඩි ටවුන් එකක් වගේ තට්ටු පහේ වගේ මහල් නිවාස 6ක් 8ක් විතර ගැහුවා දැන් මෙලෝ බල්ලෙක් නෑ දැන් අවුරුදු 10ක් විතර ඇති මොකෙක්වත් නෑ...:baffled::angry: කාලයක් යනකොට ගරා වැටෙනවා ආයේ රෙපයාර් කරනවා මං දැක්කා ලගදිත් ආයේ රෙපයාර් කරනවා ජාතික අපරාදයක්..


    මේ තියෙන්නේ ඒ ප්ලේස් එක...



    z_p09-sda2.jpg





     
    Last edited:
    • Like
    Reactions: inspiron

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Good post bro...Thx...
    lankawatath me wage project godak genawanam hodayi ban. nathnam kalayak yanakota me ratath kaantharayak weyi hamathanama gewal hadala.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ වගේම නොවුනත් මීට සමාන ප්ලේස් එකක් තියෙනවා ගාල්ලේ හබරාදුව, හබරාදුව තැපැල් කාර්යාලයට එහා පැත්තේන් තමයි තියෙන්නේ..:yes:


    රජයේ සේවකයන්ට විකුණන්න ටාගට් කරගෙන තමයි මට මතක විදියට ප්‍රොජෙක්ට් එක ගියේ අපාර්ට්මන්ට් වගේ ගැහුවේ ඒකත් පොඩි ටවුන් එකක් වගේ තට්ටු පහේ වගේ මහල් නිවාස 6ක් 8ක් විතර ගැහුවා දැන් මෙලෝ බල්ලෙක් දැන් අවුරුදු 10ක් විතර ඇති මොකෙක්වත් නෑ...:baffled::angry: කාලයක් යනකොට ගරා වැටෙනවා ආයේ රෙපයාර් කරනවා මං දැක්කා ලගදිත් ආයේ රෙපයාර් කරනවා ජාතික අපරාදයක්..


    මේ තියෙන්නේ ඒ ප්ලේස් එක...



    z_p09-sda2.jpg






    harima dukayi ban, :sorry: aparade salli.
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo

    පාලුවට ගිහිපු ජනශූන්‍ය නගර සාමාන්‍යෙයන් හැඳින්වෙන්නේ හොල්මන් නගර විදියට. ඒවා වැඩි හරියක් ගොඩක් පැරණි ප්‍රදේශ. ඒත් අසාර්ථක ශක්‍යතා අධ්‍යයන හා සැලසුම් නිසා බිහිවූ ජනශූන්‍ය හොල්මන් නගරද තියෙනව. මම දැන් කියන්න යන්නේ චීනයේ මූල්‍ය දායකත්වය මත අප්‍රිකාවේ බිහිවූ එවන් නගරයක්.
    4ff317e369beddee6c000012-480-360.jpg

    චීන මූල්‍යාධාර මත China International Trust and Investment Corporation (Industrial and Commercial Bank of China) මඟින් තෙල් සමඟ හුවමාරු කිරීම කොන්දේසි යටතේ (තෙල් ආදායමෙන් ණය ගෙවීම) මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනව. තමන්ගේ රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ අරමුණින් එවකට ජනාධිපති José Eduardo dos Santos විසින් ආරම්භ කරනව. 2010 දී මෙහි වැඩ නිම කරනව. මෙයට විශාල මාධ්‍ය ප්‍රචාරණයක්ද ලබාදෙනව.
    4ff3105c69beddb957000005-750-563.jpg

    මෙයට දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වැය කරනව. මෙය ඇන්ගෝලාවේ අගනුවර වන ලුවන්ඩා නුවරට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි අක්කර 2,355 භූමියක ලක්ෂ පහක ජනතාවට නිවාස පහසුකම් සපයා දීමට ඉදි කර ඇත. මෙහි තට්ටු 5සිට13 දක්වා ඇති appartment ගොඩනැගිලි 750කින් සමන්විත වේ. මෙම නගරය තුළ පාසල් 17ක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන 24ක්, වෙළඳ ආයතන 100කින් සමන්විත ලෙස සාදවා ඇත.
    4ff3100269beddb25a000009-750-563.jpg

    ඉතා හොඳ අරමුණකින් යුතුව ඉදිකළත් අවාසනාවකට මෙය අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙනව. මෙම එක් තට්ටු නිවාසයක මිල ඩොලර් 120000-200000 පමණ වුනා නමුත් ඇන්ගෝලා වැසියෙකුගෙ දිනක ආදායම $2 පමණ විය. ඇන්ගෝලාවට මධ්‍යම පන්තියක් සිටියේ නැත, ධනවතුන් ඉතා සළු ප්‍රමාණයක් විය එහි ප්‍රථිපලයක් ලෙස මෙහි නිවසක් මිලදී ගැනීමට සුදුසු ධාරිතාවකින් යුත් ඇන්ගෝලා වැසියන් සොයා ගැනීම දුෂ්කර වූනිසා මෙම නගරය බොහෝ දුරට පාලු ස්වභාවයක් ගත්තා. මෙහි ජනතාව පදිංචි වීම ප්‍රමාණවත් නොවූ නිසා මිල $70,000-140,000 දක්වා පරතරයකට අඩු කරා (පසුව මෙයටත් වඩා අඩුකළ බව මාධ්‍ය වාර්ථා වල සඳහන්). පසුව මෙහි නිවාස වෙනත් රටවල් වල ජනතාවට ලබාගතහැකි ලෙස පහසුකම්ද ඇතිකළ නමුත් එයද සිතූ තරම් සාර්ථක වූයේ නැත .
    4ff313a16bb3f7da0d00000f-750-563.jpg

    මෙහි මුල් නිවාස කාණ්ඩය නිවාස 2800කින් පමණ සමන්විත වූ අතර එයින් මුලින් අලවි වූයේ නිවාස 220ක් පමණි:(. 2012 කාලයේදී මෙය අතිශයින්ම ජනශූන්‍ය නගරයක් ලෙස පැවතියත් මිල අඩුකිරීම් හා ණය පහසුකම් වැඩිදියුණු කිරීම් සහ විදේශිකයන් ඉලක්ක කරගත් වැඩසටහන් නිසා මේ වනවිට 80000ක් පමණ ජනගහණය වැඩිවීවක් සිදුවි ඇත..
    timthumb.php_.jpeg

    සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භකිරීමට පෙර නිසිආකාරයක අධ්‍යයනයක් සිදුකිරීමේ වැදගත්කම මෙමගින් හිතාගන්න පුලුවන් නේද?

    මම කියෙවුව විදිහට ඕක අසාර්ථක ප්‍රොජෙක්ට් එකක් වෙන්නේ ඇන්ගෝලාවට විතරයි. ඕක චිනාගේ සාර්ථක ප්‍රොජෙක්ට් එකක්. චීනා ඕක හදද්දිම දන්නවා ඔකේ ඇන්ගෝලා වැසියන්ට ජීවත්වෙන්න බැරි බව. ඕක ඇත්තටම හදලා තියෙන්නේ ඇන්ගෝලාවේ ස්වභාවික සම්පත් දැනටම කොල්ල කන චීනෙන් එන චීන්නුන්ට අනාගතයේදී පදිංචි වෙන්න ඕවා හදලා තියෙන්නේ. ඕක චිනේ silk belt ප්‍රොජෙක්ට් එකේ කොටසක් කියලා යි කියන්නේ. silk belt ප්‍රොජෙක්ට් එකේ මුලික අරමුණක් recurred countries වල දේශපාලකයෝ අල්ලාගෙන බිලියන ගණන් දීලා silk belt ප්‍රොජෙක්ට් එකේ විදිහට වැඩේ සෙට් කරන එක. ඇන්ගෝලාව, ලංකාව, පකිස්ථානය වගේ රටවල් කීපයක් දැනටමත් චිනාගේ බිල්ලක් වෙලා ඉවරයි. ඔය වගේම පකිස්ථානයේ කරච්චි ඉඳන් රට උතුරට ලොකු highway එකක් දීලා තියනවා පකිස්ථානයෙන්. පකිස්තනෙත් වාරයක් අවුරුදු 40 කට බදු අරන් තියෙන්නේ චීනා. highway නිකන් දීලා තියෙන්නේ. ඇත්ත අරමුණ silk belt ප්‍රොජෙක්ට් එකේ විදිහට අර වාරයේ ඉඳන් උතුරට චිනගේ බඩු ප්‍රවාහනය කියලා කියන්නේ. silk belt ප්‍රොජෙක්ට් එක ඇමරිකානු $ ට්‍රිලියන 18 ක විතර ප්‍රොජෙක්ට් එකක් මම කියවපු විදිහට.

    ඕවා හොල්මන් නගර නෙවේ. මම ඔය දල වශයෙන් මතක විදිහට කිවුවේ. වැඩි විස්තර හරියට දන්නා කෙනෙක් විස්තර කරාවි.
     
    Last edited:

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    silk belt ප්‍රොජෙක්ට් එක අනුව අනාගතයේ ලෝක ආර්ථික වශයෙන් බලවත්ම රට චීනය වෙන එක නවත්තන්න බැහැ. චීනය ලෝක ජන ගහනයෙන් වැඩිම පිරිසක් ඉන්න ආසියා අප්‍රිකා ඔය ඔක්කොම සෙට් එකේ ආර්ථික බලය තහවුරු කරන්න හදන්නේ. ඒක වලක්වන්න කරන වැඩ විදිහට තමයි ඇමරිකාව අපේ වගේ රටවල විවිද ඇඟිලි ගැසීම් කරලා චිනගේ වැඩ කොට උඩ යවන්නයි ඇමරිකාවේ වැඩ සාර්ථක කර ගන්න හදන්නේ කියලයි කියන්නේ. කරුණු හොයලා බලන්නකෝ. :)

     
    Last edited: