මේ සිද්ධිය උනේ මගෙ යාලුවෙකුට. පොර අදටත් විඳවනවා මේක නිසා.
මිනිහගෙ යාලු කපල් දෙකක් එක්ක මූයි මුගෙ කෙල්ලයි බයික් තුනක ට්‍රිප් එකක් ගිහින්. උදේ ගිහින් හවස ඇවිත්. රෑ වෙලා කෙල්ල්වත් ගෙදරින් දාල ඩයල් එක එනවලු ෂෝට් කට් පාරකින්. මුන්ගෙ ගෙදරට කිලෝමීටර් පහක් වගේ තියෙද්දි වයසක අංකල් කෙනෙක් අත දාලා.කෙට්ටු මිටි පොඩි මනුස්සයෙක්ලු. අපේ මිනිහ නවත්තලා. කිලෝමීටර් තුනක් විතර ඉස්සරහ තැනකින් බහින්න ඕනෙ කියලා. වැඩිපුර හෙල්මට් එකත් තිබ්බ එකෙ මූ නග්ගගෙන. දාගන්න අංකල් කියල හෙල්මට් එක අතට දීලා. මූගෙ උරිස්සට බර වෙලාලු බයික් එකට නැංගෙත්. එනකොට වැඩිය කතාබහක් කෙරිලම නෑ. බහිනවා කිව්ව තැනට ඇවිල්ල් බලද්දි අංකලයා නෑලු. හෙල්මට් එකත් නෑලු. බයක් ආවත් වාරු නැති නාකියා ඇදගෙනවත් වැටුනද දන්නෙ නෑ කියලා ආයෙ හරවගෙන නග්ගගත්ත තැනටම ගිහින්. බඩු නෑලු.
මූ බය වුනත් හිතට ගට අරන් කුණුහරුපයක් කියල කෙළ ගහලා ඩබල් එකේ ගෙදරට ඇදලා. දවස් දෙකක් යනකල් එලියට බැස්සෙ නෑ. තුන්වෙනි දවසෙ බැස්සා. ඒ ඒ බයික් එකෙන් ගිය අවසාන දවස. මහ දවල් පාලමක් ගාව ඉඳන් පාරට පැන්න එකෙක් බේරන්න බ්‍රේක් කරල අහකට කපලා. පාලං ගැට්ටෙ වැදිලා මුගෙ කකුල දෙපොළකින් කැඩුනා. දනිස්සට වෙච්ච ඩැමේජ් නිසා අදටත් පොඩි කොරයක් තියෙනව මූ ඇවිදිද්දි. බයික් එක ගැට්ට උඩින් කැරකිලා පාලමෙන් පල්ලට වැටිලා කන්ඩෙම්.