හොල්මන් 6

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    " බලපන්කෝ බං අද එක හයර් එකක් සෙට් උනේ නෑ ගානක් අතට එන විදියට.මොන කරුම දවසක්ද දන්නේ නෑ "

    කියු නිමල් තම ත්‍රීරෝද රථයේ සිට අනෙක් පසින් නවතා තිබු ත්‍රීරෝද රථයේ සිටි තම අතිජාත මිත්‍රයා වු රුවන් හට පැවසීය.ගාල්ල දිස්ත්‍රික්කයේ,හිනිදුම නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොල අසල ත්‍රීරෝද රථ අංගනයේ නිත්‍ය ත්‍රීරෝද රථ කරුවන් දෙදෙනකු වු රුවන් හා නිමල් කුඩා කල සිටම එකට හැදුනු වැඩුනු බොක්කේ යාලුවන් දෙදෙනෙකි.පාසල් යන කාලයේ සිටම එකට හැදුනු වැඩුනු මොවුන් දෙදෙනා තම පාසල් ගමනට සමුදිමත් සමග තමන්ගේ මව්පියන්ගෙන් උදව් උපකාරද ඇතිව ත්‍රීරෝද රථ දෙකක් මිලදී ගත්තේ තම ජීවීතයේ ඉදිරි වැඩ කටයුතු රෝද තුනකට බාර දෙමිනි.දෙදෙනාම අවිවහක වු බැවින් එදිනෙදා උපයා ගන්නා මුදලෙන් ත්‍රීරෝද රථයේ මාසික වාරිකය ගෙවිමට මුදලක් වෙන්කොට ඉතිරි මුදල් සියල්ලම රජයේ අනුමත මත්පැන් හල් සදහා වියදම් කිරිමට දෙදෙනාම පුරුදු වී සිටියේය.පාන්දරින් පැමින රාත්‍රී 7 පමන වන තෙක් බස් නැවතුම් පොල අසල ත්‍රීරෝද රථ අංගනය තම නවාතැන කරගත් නිමල් හ රුවන් රාත්‍රි කාලය වැඩි හරියක් ගෙවා දමන්නේ සුරා සැල් වලය..

    " මටත් එහෙමයි බං..අද දවසම වැඩක් නෑ.දැංනම් පාරේ සෙනගත් නැ බං.යන්ද යන්න බාර් එක පැත්තේ අඩියක් ගහන්න.ගහලා යමන් ගෙදර යන්න "

    පැවසු රුවන් තම ත්‍රීරෝද රථයේ හරි බැරි ගැසි වාඩි වී එන්ජිම පනගන්වන්නට විය.රුවන් කී දෙය අනුමත කරමින් නිමලුත් තම රථය පනගන්වමින් දවසේ සේවා කාලය අහවර කරමින් බස් නැවතුම්පොලට කිලොමීටර් දෙකකට පමන එහායින් පිහිටි රට බීම හල වෙත යන්නට වුයේ නිවසට යාමට පෙර තම අවසන් නවාතැන එය වු නිසාය.රට බීම හල ඉදිරියෙන් දෙදෙනාම ත්‍රීරෝද රථ දෙක නවතා ඇතුලු වුයේ මත්පැන් ලබා ගැනිමට අවශ්‍ය මුදල්ද දෙදෙනාම හවුල් වී එකතු කරගනිමින්ය.කොනක වු රවුම් මේසයකින් වාඩී වු දෙදෙනා එය වෙත උරු මස් පීරිසයක්,තැම්බු කඩල පිරිසියක්,සෝඩා බෝතලයක් හා මත් පැන් බෝතලයක් සේවකයකු ලවා ගෙන්වා ගත්තේය.දවසේ උන දෙවල් හා ජීවිතයේ සුන්දර අසුන්දර තැන් ගැන කතා කරමින් මත්පැන් බෝතලයම හිස් කල දෙදෙනා නිවස් බලා යාමට නැගිට සිටියේ හොදට මත් පැනින් සප්පායම් විමෙන් අනතුරුවය..

    " යමන් ගෙදර..දැන් රෑත් වෙලා ගොඩක්.අද දන්නේම නැතුව රෑ උනානේ බං "

    කියු රුවන් තම ජංගම දුරකථනය ගෙන වෙලාව බැලුවේය.එහි රාත්‍රී 11.30 ලෙස සටහන්ව තිබුනි.නිවසට බාර් එකෙ සිට තවත් කිලොමිටර් පහක පමන දුරක් යායුතුව තිබුනු බැවින් දෙදෙනා තම ත්‍රීරෝද රථ වලට නැගි නිවස බලා යන්නට විය.

    ................................................

    " එ අඩෝ උබ වැඩට යන්නේ නැද්ද..දැන් වේලාව කීයද බලපන්."

    තවමත් නිදි ඇදේ සිටි රුවන්ගේ පිටට පහරක් එල්ල කරමින් නිමල් විමසීය.හීනේන් මෙන් එල්ල වු පහරෙන් ගැස්සි ඇහැරුනු රුවන් ජංගම දුරකථනයේන් වෙලාව බැලීය.ඒ වන විටත් උදෑසන 9ට ආසාන්න වී තිබුනි...

    " අද මගේ ඇගට ටිකක් අමාරුයි බං..ඉයේ ගැහුව්වා වැඩි උනා මට හිතෙන්නෙ..උබ පලයං.මං අද ගෙදර ඉන්නවා "

    කියු රුවන් නැවතත් ඇදේ අනෙක් පසට හැරුනි.කිසියම් ලෙඩක් නිසා ඇරෙන්න තම මිත්‍රයා කිසිදා රැකියාවට නොගිහින් සිටින බව දන්නා නිමල් කිසිත් නොකියා සුපුරුදු පරිදි තම රැකියාව සදහා පිටත්ව ගියේය....

    ...................................................

    " ගෙදර කවුද ඉන්නේ.රුවන් පුතා "

    තම නිවස ඉදිරි පස දොර දෙසින් ඇසෙනා කටහඩ ඉතාමත් හුරු පුරුදු කටහඩක් වු බැවින් රුවන් දෙවරක් නොසිතා ඉදිරිපස දොර විවෘත කලේය.

    " අහ් ඇන්ටි..මොකද මේ රෑ වෙලා.මොකො කලබලෙන් වගේ..දාඩියත් දාලා "

    නිමල්ගේ මව පැමින සිටින බව දුටු රුවන් කුමක් හෝ සිදු වි ඇති බව ඉවෙන් මෙන් තේරුම් ගත්තේය.නැත්තං කිසිම දවසක තම නිවසට මෙතරම් රෑ බෝ වී නිමල්ගේ මව නොපැමිනෙන බව රුවන් හොදටම දනි.

    " නෑ පුතා.අපෙ ලමයා තම ගෙදර ආවේ නෑනේ.මං හිතුවේ පුතාත් වැඩට ගිහින් ඇති කියලා.පුතා ගෙදර ඇවිත්ද කියල දැනගන්නයි මං ආවේ "

    " මට අද ඇගට පොඩ්ඩක් හරි නෑ නැන්දේ.ඒක නිසා මං අද ගියේ නෑ.තාම ආවේ නැද්ද නිමල් "

    " නෑනේ පුතා..බලන්නකෝ වෙලාව.දැන් රෑ 12 ටත් ලගයි.වෙනදට පරක්කු වෙනවනම් කෝල් එකක් දෙනවා මට.අද එහෙමවත් දුන්නේ නෑ.මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ පුතා "

    කියු නිමල්ගේ මව අඩන්නට විය.හවස වැඩ අහවර වු පසු පුරුද්දක් සේ බාර් එකට යන බව රුවන් හොදටම දැන සිටියද මේතරම් රෑ වෙන තෙක් නිමල් කොහෙ ගියාදැයි රුවන්ගේ සිතටත් දැඩි ප්‍රශ්නයක් විය..

    " නැන්දා කලබල නොවි දැං ගෙදර යන්නකො.මං ගිහින් බලන්නම් හංදිය පැත්තට.අද හයර් නැති නිසා රෑ වෙනකන් හිටියාද දන්නේ නෑනෙ "

    කියු රුවන් නිමල්ගේ මවගේ සිත සනසා නිවසට පිටත් කොට,ඇද සිටි කොට කලිසමට උඩින් ෂර්ටයක්ද හැද තම ත්‍රීරෝද රථයට නැගි පිටත්ව ගියේ නිමල්ට සිදු වී ඇත්තේ කුමක්ද කියා සොයා බැලිමටය.මද දුරක් යන විට තම වහානයේ ඉදිරිපස ප්‍රධාන ලම්පුවේ එලියෙන් දුටුවේ නිමල්ගේ කොල පැහැති ත්‍රීරෝද රථය මාර්ගය අසල නවතා ඇති අකාරයයි.එය අසලට පැමින වහනය නැවතු රුවන් නිමල්ගේ වහනය දෙස විපරම් කරන්නට විය.වහනයේ යතුර යතුරු කටේම ඇති බව දුටු රුවන් කිසියම් හෝ නරක දෙයක් සිදු වී ඇති බව තේරුම් ගත්තේ කිසිමදාක වහනයේ යතුර අමතක කොට නිමල් කිසිම තැනක නොයන බව හොදටම දන්නා නිසාය.තම ත්‍රීරෝද රථය පාර අයිනට වෙන්නට නැවතු රුවන්,නිමල්ගේ රථය අසල පරික්ශ කරන්නට විය.රථය නවතා තිබු තැනට පහලින් ලදු කෑලැව තුල යමක් දුටු රුවන් එය පැහැදිලිව දැක ගැනිමට එම ඉසව්ව දෙසට පියනගන්න විය.එය අසලට ලං වු රුවන් දුටු දෙයින් දෙපා වාරු නැතිවී මුලු ඇගම සීතල වි ගියේය.තම අතිජාත මිත්‍රයා වු නිමල් උඩුබෙලි අතට වැටී සිටි අතර,නිමල්ගේ ගෙල ප්‍රදෙශයෙන් බෙල්ල ශරිරයෙන් වෙන් වී තිබුනි.දුටු දෙයින් ඇස් අදහාගත් නොහැකි වු රුවන්ගේ දෑස් බොද වී දෙපාද පන නැති වෙනවා සේ දැනුනි.......

    රුවන් දෑස් හැර බලන විට ඉහල සිවිලිමේ විදුලි පංකාව දුටුවේය.රුවන්ගෙ නාසයට ආ බෙහෙත් සැරත්,අවට සෙනග රැස්ව සිටින නිසාත් තමා රෝහලක් සිටිනා බව පසක් කර ගැනිමට රුවන්ට ඒතරම් අපහසු කාරනයක් නොවීය.සිදු වු සියල්ල හීනයක් සේ දැනුනද තමන් කෙසෙ රෝහලකට පැමිනියද,කවුරුන් විසින් නිමල්ට මෙම අපරාධය සිදු කරාද යන වග රුවන්ගේ සිතට දැඩි අවුල් සහගත කරුනු විය.තමාව පරික්ශා කිරිමට පැමිනි හෙදියකගෙන් විමසු විට.." රුවන් පාර අසල වැටි සිටිනවා දැක ලොරියක ගමන් ගත් පුද්ගලයෙකු ගෙනවිත් රෝහලට බාර දුන් බවත්,ඉට මීටර් ගනනක් දුරින් තවත් පුද්ගලයකුගේ මළ සිරුරක් තිබෙන බව දුටු බවත් එම පුද්ගලයා රෝහල් පොලිසියට දන්වා සිටි බව හෙදිය රුවන්ට පැවසීය.ඉන්පසු රෝහල් පොලිසිය විසින් ගාල්ල පොලිසියට මළ සිරුර ගැන දැන්වු බවත්,ගාල්ල පොලිසිය විසින් මළ සිරුර එම ස්ථානයෙන් රැගෙන ගිය බවත් හෙදිය පැවසීය.කොයි මොහොතක හෝ පොලිසිය කට උත්තරයක් ලබා ගැනිමට රුවන්ව හමුවට පැමිනෙන බවත් වැඩි දුරටත් පවසා සිටි හෙදිය රුවන් අසලින් නික්ම ගියෙය.දෑසට දැනුන විඩාබර ගති‍යත් හිතට දැනුන නොසංසුන් බවත් නිසා රුවන් දැස් පියාගත්තේ මේ සියලුම දෙයින් විනාඩි කිපයකට හෝ මිදිමේ අරමුනෙනි...

    කිසියම් ස්පර්ශයක් නිසා ගැස්සි අවදි වු රුවන් හට දැකගත හැකි වුයේ කාකි ඇදුමින් සැරසි තම ඇද අසල සිටිනා පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ය.හෙදිය පැවසු අකාරයට සිදු වු සිද්ධීන් සම්බන්ධව තමාගෙන් කටඋත්තරයක් ලබා ගැනිමට මොවුන් පැමින ඇතැයි නිගමනය කල රුවන් ඇද වට්ටමට හෙත්තු වුයේ පොලිස් නිලධාරියෙක්ගේ සහයත් ඇතිවය..

    " අපි හිතනවා අපි මිස්ටර් රුවන්ට කරදරයක් කරේ නෑ කියලා.ඔබතුමාට අපහසුතාවයක් නැත්තං අපි අහන දේවල් වලට උත්තර දෙන්න පුලුවන්ද "

    තරමක් උස,ප්‍රසන්න පෙනුමකින් යුත් එක් නිලධාරියෙක් රුවන්ගෙන් විමසුවේ අසල ඇති පුටුවක් ගෙන ඇද අසල වාඩි වෙමිනි.

    " නෑ සර්.අහන්න.මං උත්තර දෙන්නම් "

    " අපිට කියන්න පුලුවන්ද ඔයාගේ යාලුවට කවුරු හරි හතුරෝ එහෙම හිටියද,මොකද මේක ඉතාම සීරියස් කෙස් එකක්.ඔයාගේ යාලුවා මරලා දාලා තියෙන්නෙ මනුස්සයෙක් වෙන්න බෑ.කිසිම සලකුනක් නෑ එහෙම සැක හිතන්න තරම්.කොටින්ම එතන නිමල් හැර වෙන කෙනෙක් හිටියා කියන්නවත් කිසිම සාක්ශියක් නෑ "

    " මමයි නිමලුයි පොඩි කාලෙ ඉදන් දන්නවා.එයා මගේ ඉස්කොලේ යාන කාලේ ඉදන් යාලුවෙක්.මං දන්න තරමටනම් එයාට හතුරෝ නෑ සර්.මටත් මේ උන දේවල් හිතාගන්න බෑ සර් "

    " මේ සිද්ධිය උන දවසේ ඇයි ඔයා වැඩට නොගියේ "

    " අපි හැමදාම වැඩ ඉවර කරලා බාර් එකට ගිහින් ඩ්‍රින්ක් එකක් දලා එන්නේ සර්.ඔය සිද්ධිය උන දවසට ඉස්සෙල්ලත් අපි දෙන්නා එහෙම ගියා.මට ඊට පස්සෙන්දා උදේ ඇගට අමාරු නිසා මං වැඩට ගියේ නෑ සර් "

    " බොහොම් ස්තුති මිස්ටර් රුවන්.අපිට ඕන උනොත් ආයිත් එනවා කට උත්තරයක් ගන්න "

    කියමින් පොලිස් නිලධාරීන් දෙදෙනා ඉවත්ව ගියේය.

    දවස් දෙකක් රෝහලේ ගත කල රුවන් සුවය ලබා නිවසට යන විට නිමල්ගේ අවසන් කටයුතු සිදුකොට තිබුනි.නිමල්ගේ ත්‍රීරෝද රථය තවමත් පොලිස් බාරයේ තබගෙන සිටියේ නිමල්ගේ අභිරහස් මිය යාම පොලිස් පොතේ නොවිසුදුනු අපරාධයක් ලෙස තවමත් සටහන් වී තිබුනු බැවිනි.දවස් කිහිපයක් යන තුරුම නිවස තුලටම වී සිටි රුවන් හරි හැටි කෑමක් බීමක් නොගෙන කල් ගෙව්වේ තම අතිජාත මිත්‍රයාට සිදු වු දෙයින් තවමත් කම්පනයට පත් වී සිටි නිසාය.දිනක් රාත්‍රියෙ නින්දේ සිටි රුවන් එක්වර අවදි වුවේ තම කන අසලින් කිසියම් කෙනෙකුගේ සිහින් හඩක් ඇසුන නිසාය.එම හඩ ඉතා පුරුදු ලෙස දැනුනාද කගේද යන වග තේරුම් ගැනිමට රුවන්ට අපහසු විය.කවුරුන් හෝ තම සමීපයේ සිටිනා බව දැනුනද කිසිවෙකු පෙනෙන්නට නොසිටි හෙයින් තම සිතෙහි ඇති වු සිතුවිල්ලක් බව සිතු රුවන් නැවතත් නින්දට වැටුනි...

    දින කිපයක් ගෙදරට වී සිටි රුවන් තම මිත්‍රයාගේ සමුගැනිමෙන් පසු රැකියාවට යන පලමු දවස උදා විය.තම ත්‍රීරෝද රථය වෙත ගිය රුවන් දුටුවේ පසුපස ආසනය මත ලියුමක් වැනි යමක් තිබෙන බවයි.එය අතට ගත් රුවන් කියවන්නට විය.පැහැදිලි අත් අකුරු නොවුනද ලියා තිබු සියල්ල කියවිය හැකි අකාරයට ලියා තිබුනි..

    " ඒකී එනව බං.උබවත් හොයාගෙන එනවා.කොච්චර කල් ගියත් අපිට අපි කරපු පවෙන් බේරෙන්න බෑ..මං ගිය තැනට උබවත් ලගදිම ඒකි එවයි "

    යනුවෙන් ලියුමේ සටහන් වී තිබුනි.අන්තිමටට ලියුම ලියු තැනැත්තා ලෙස නිමල්ගේ නම සටහන් වී තිබෙනවා දුටු රුවන්ට හීන් දාඩිය දැමීය.නිමල් මිය ගොස් දැනට සතියක් පමන ඉක්මවා ගොස්ය.නිමල්ගේ නමින් ලියුම් එවන්නේ කවුද.නිමල්ට සිදු වු දෙයත් මේ ලියමනත් අතර සම්බන්ධයක් තිබෙනවාද යන දහසක් ප්‍රශ්න හිතට නැගුනද ඒ පිලිබද නොසිතා ලියමනත් රැගෙන ගාල්ල පොලිස් ස්තානය වෙත රුවන් ගියේ තමන් සහ නිමල් එකතු වී මීට මාස ගනනකට පෙර සිදු කල අපරාධයක් ගැනද පාපොච්චාරණයක් කිරිමේ අරමුනෙනි.පොලිස් ස්ථානයට ගොස් ලියමනද පෙන්වා තමන් හට යම්ක් පැවසිමට තිබෙන බවත් ස්තානාධිපතිවරයා මුන ගැසි එය පැවසිය යුතු බවත් දන්වා සිටි රුවන්ව ස්තානාධිපතිවරයාගේ කාමරයට කැදවාගෙන ගියේය..
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    " තමුන්ට දැන් මොකක්ද කියන්න තියෙන්නේ.කියනවා බලන්න "

    " මේකයි සර්.මීට සතියකට ඉස්සෙල්ලා මගේ යාලුවා නිමල්ව පාර අයිනේ මරලා දාලා තිබ්බා.ඒක ඇස් දෙකෙන් දැක්කෙත් මං.මාත් ඒක නිසා මාර විදියට ශොක් වෙලා හිටියේ.මං උදෙ වැඩට යන්න හදනකොට මගේ වීල් එකෙ පස්සෙ ශීට් එක උඩ ඔය ලියමන තිබ්බා සර්.මට එකෙන් පස්සෙයි තේරුම් ගියේ මේක පලිගන්න කරපු දෙයක් කියලා.අපේ අතින් ලොකු වැරැද්දක් උනා සර් අහිංසක් කෙල්ලෙක්ට.මං හිතන විදියට ඒ කෙල්ලගේ අත්මේ ඇවිත් අපෙන් පලිගන්න "

    කියු රුවන් ලොකු හුස්මක් පහත හෙලීය.අසල සිටි කොස්තාපල් වරයෙකුගෙන් වතුර විදුරුවක් ඉල්ලාගෙන පානය කල රුවන් නැවතත් තම පාපොච්චාරණය ඇරඹීය.

    " දවසක් මායි මගෙ යාලුවා නිමලුයි වැඩ ඇරිලා එද්දි මගදි ගැනු ලමයෙක් මගේ වීල් එකට අත දැම්මා සර්..මම නැවැත්තුවේ නෑ.මොකද මං බය උනා හොල්මනක්ද කියලා.ඒත් මගෙ පස්සෙන් ආව නිමල් වීල් එක නැවැත්තුවා.පස්සෙ මාත් මගේ වීල් එක නවත්තලා ගියා මොකද බලන්න.එ කෙල්ලට අන්තිම බස් එක මිස් උනා කිව්වා.පුලුවන්නම් ගෙනිහින් දාන්න කිව්වා ඉල්ලන ගානක් දෙන්නම් කියලා.මුලින්ම අපි කැමති උනේ නෑ.පස්සෙ මායි නිමලුයි වෙනම විදියක් හිතලා කැමති උනා සර්.කෙල්ලත් ඉටි රූපෙ වගේ ලස්සනයි.එක පාරක් දැක්කම ආයිත් බලන්න හිතෙන තරම් ලස්සනයි.මායි නිමලුයිත් හිටියේ එදා හොදටම බීලා.ඉතිං අපි කෙල්ලට නිමල්ගේ වීල් එකට නගින්න කියලා මං ඉස්සරහින් මගේ එකෙ ගියා.ටික දුරක් ගිහින් මං බොරුවට මගේ වීල් එක කැඩුනා වගේ පාලු හරියක නතර කලා.නිමලුත් ඇවිත් එතනම නතර කලා.ඉට පස්සේ අපි හදනවා වගේ බොරුවට රගපෑව ටිකක් වෙලා යනකන්.ඒ කෙල්ලට සැක නොහිතෙන විදියට.ඒත් අපෙ කරුමෙකට එ කෙල්ලට සැක හිතුනා සර්.කෙල්ලට තේරුනා අපි කරන්නේ බොරුවක් කියලා.එක පාරටම කෙල්ල නිමල්ගේ වීල් එකෙන් බැහැලා පාර දිගේ දිව්වා.අපි දෙන්නත් එ කෙල්ලගෙ පස්සෙන් දිව්වා අල්ලන්න.එයා ඇදන් හිටියේ සාරියක් නිසා වැඩි දුර දුවන්න උනේ නෑ ඇදගෙන වැටුනා.පස්සේ මායි නිමලුයි එකතු වෙලා කෙල්ලව බලෙන්ම පාර අයිනෙ කෑලැවකට අරං ගිහින් දුශනය කලා සර්.එ කෙල්ල් වැන්දෙ නැති එක විතරයි.ඒත් අපි එ වේලාවේ හිටියෙ මත් වෙලා සර්.අපි අපේ උවමනාව කරගත්තට පස්සේ කෙල්ලව මරලා ඒ ලග ඇල පාරකට දාලා යන්න ගියා.දවස් ගානකට පස්සෙ අරංචි උනා අදුරගන්න බැරි බොඩි එකක් එහා ගමේ දොල පාරක් ගාව තියෙනවා කියලා.අපි මුකුත් නොවුන ගානට හිටියා සර්.ඒත් දැං එයා ඇවිත් එයාගේ පලිය ගන්න.මාව බේරල දෙන්න සර් "

    කියු රුවන් මේසය මත හිස ගසාගෙන අඩන්නට පටන් ගත්තේය.මුලු ගතම දහඩියෙන් තෙත් වී සිටි රුවන් තමාත් මිතුරත් සිදු කල අපරාධය අකුරක් නෑර පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කලේ එමගින් හෝ සහනයක් ලැබේ යැයි බලපොරොත්තුවෙනි...

    " තමුසෙලා වගෙ උන්ට මෙහෙම වෙලා මදි අයිසේ..තමුසෙලා කරපු අපරාදෙට හොදම දඩුවම තමයි මරනය.යාලුවට දඩුවම් දුන්නේ ස්භාවධර්මයෙන්.තමුසෙට දදුඩුවම් දෙන්නෙ නීතියෙන්,කොස්තාපල් මේ මිනිහාව ලොකප් කරනවා.මුං එක්ක කතා කරලා මගේ කාලේත් කා ගත්තා .ගිය මාසේ අර කෙල්ලෙක්ගෙ බොඩි එක්ක හම්බු උනේ.ඒ නඩුවේ ෆයිල් එකත් රෙඩි කරනවා හෙට උසාවියට ඉදිරිපත් කරන්න."

    කියු ස්තානාධිපතිවරයා තම අසුනෙනෙන් නැගිට ගියේ රුවන් හට තම කෝපය මුසු බැල්මක්ද යොමු කරමිනි.කොස්තාපල් වරයෙකු විසින් ‍රුවන් හට මාංචු දමා සිර මැදිරයක් තුලට දමා ඉබි යතුරු දැමුවේ තවත් එක් අපරාධයක සුල මුල හෙට දින උසාවිය හමුවේ තැබීමෙ අරමුනෙනි......

    " සර්...සර් ...මෙහෙ එන්න.මේ බලන්න වෙලා තියෙන දෙ "

    කියමින් කොස්තාපල් වරයෙකුගේ කැගැසිමත් සමග උදෑසන රාජකාරියට ව‍ර්තා කල ස්තානාධිපතිවරයා සිර මැදිරිය අසලට දිව ආවේ සිදු වී ඇති දේ කුමක්දැයි කියා දැන ගැනිම සදහාය.සිර මැදිරිය තුල නිසලව තිබු රුවන්ගේ සිරුර දුටු ස්තානාධිපතිවරයාගේ දෑස් පුදුමයෙන් විශාල වී ගියේය.මීට පෙර නිමල් නැමැති පුද්ගලයාගේ මරනයට සමාන ලක්ෂන සහිතව සිර මැදිරිය තුලම රුවන්ගේ ජිවිතයේ අවසන් හුස්ම වා තලය විසින් තමන් සතු කොට ගෙන තිබුනි.දෑස් විශාලව තිබු අතර ඔහුගෙත් බෙල්ල කදින් වෙන් වෙන සෙ මරා දාමා තිබුනි.රුවන්ගේ නිසල දේහය අසල කුඩා කොල කැබැල්ලක් තිබෙනවා දුටු ස්තානාධිපතිවරයා එය අහුලා අතට ගෙන දිගහැර බැලුවේය.එහි මෙලෙස ලෙයින් සටහන් වී තිබුනි...

    " පලිගැනිම අවසානයි "

    කොල කැබැල්ල කියවු ස්තානාධිපතිවරයා එයත් රැගෙන තම නිල කාමරයට යන්නට හැරෙනවාත් සමග දුටුවේ සුදු පැහැති සාරියකින් සැරසි සිටි කන්තාවක් ප්‍රධාන ගෙට්ටුව දෙසින් පොලිස්ථානයේන් පිට වී යන අකාරයයි.වැරදි කරුවන් හට මිනිසා විසින් සෑදු නීතියෙන් දඩුවම් දීමට පෙර ලෝකයෙ පවතින හොදම ස්වාධීනම නීතී පද්ධතිය තුලින්ම දඩුවම් දී ඇති බව ස්තානාධිපතිවරයා වටහගත්තේය.

    " කොස්තාපල් අර ෆයිල් එක ක්ලෝස් කරලා දානවා.ආයිත් ඒ නඩුවේ අපිට විසදන්න දෙයක් නෑ..

    කියු ස්තානාධිපතිවරයා තම නිල කාමරයට ගියේ රුවන්ගේ මිනිය අසලින් හමුවු කොල කැබැල්ලත් තම අතෙහි ගුලි කර ගනිමිනි....

    නිමි

    Story : Sampth Lakruwan
     
    • Like
    Reactions: DXB2021

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    IMG_3579.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    අඩේ අද මම දැක්ක ගල් බනිස් ගෙඩියක්

    සිරාවටම ගල් බනිසක් ගැන දැනන් හිටියෙ නෑ
    මං හිතුවෙ විහිලුවට කියන එකක් කියල
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අඩේ අද මම දැක්ක ගල් බනිස් ගෙඩියක්

    සිරාවටම ගල් බනිසක් ගැන දැනන් හිටියෙ නෑ
    මං හිතුවෙ විහිලුවට කියන එකක් කියල
    උබ බබා