හෝදලා - වේලලා පිටකොටුවේ විකුණන මාස්ක්

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    2.jpg


    මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද නිර්නාමික පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකින්, නැවත භාවිත කළ නොහැකි මුව ආවරණ 3128ක ප්‍රමාණයක් මුද්‍රා තබා තිබේ.
    ඊයේ (10) දහවල් කොළඹ, කොටුව හතරවන හරස් වීදියේ, ගොඩනැගිල්ලක එම මුව ආවරණ වේලීම සඳහා තබා තිබිය දී මෙලෙස සොයා ගෙන ඇත.
    කොටුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර මහත පවසා සිටියේ, පිටකොටුව පරිසර පොලීසිය සමග අදාළ ස්ථානය වෙත යන විට නිල් පැහැති හා සුදු පැහැති මුව ආවරණ හා KN 95 වර්ගයේ මුව ආවරණ විශාල ප්‍රමාණයක් වේලීමට තබා තිබු බවය.
    පසුව කළ ප්‍රශ්න කිරීම්වල දී හිමිකරුවන් විසින් වැස්සට තෙමී ගොස් ඇති බැවින් මෙලෙස වේලා ගන්නා බව සඳහන් කර ඇතැයි ද පැවසු ඒ මහතා, ඒ පිළිබඳ ඇති වු සැකය මත වැඩිදුර ප්‍රශ්න කිරීම් කළ බව ද සඳහන් කළේය.
    ඒ අනුව, පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය මත හිමිකරුවන් සමග එම මුව ආවරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන විත් මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.
    මුව ආවරණ තොගය හා එහි හිමිකරුවන් මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගනු ලබන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර මහතා පැවසීය.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    පාවිච්චි කරපුවා වුනත් ඔච්චර හොයාගන්නේ කොහොමද බං?
    Hospital, බැංකු, ගාමන්ට් වගේ කම්පැනි

    කුනු අදින එකෙක් අල්ලගන්න විතරයි තියෙන්නෙ.