හෝමාගම තාක්ෂණ නගරයේ අරමුණු

saturn

Well-known member
  • Mar 21, 2015
    4,564
    7,405
    113
    Around the world
    හෝමාගම තාක්ෂණ නගරයේ අරමුණු

    අනාගතේ ඩොලර් බිලියන ගණනක් වෙන අපේ රටේ KPO - BPO ව්‍යාපාර ගැන ඔබ දැනුවත් ද?

    අද වෙනකොට ලංකාවේ ආර්ථිකයට අලුතින් ශක්තියක් ලැබිලා තිබෙන්නෙ පරිගණක වැඩසටහන් නිර්මාණයත් අන්තර්ජාලය හා සබැඳිව අනෙකුත් සේවාවන් සැපයීමෙනුත් පමණයි. නමුත් ඒකට රජය තඹ දොයිතුවකින්වත් දායක වෙලා නැහැ. ඒක ඇත්තටම පෞද්ගලික හැකියාවන්ගෙන් ඇතිවෙච්ච දෙයක්. කණගාටුයි කියන්න 1990න් පස්සේ කිසිම රජයක් රටක් හැටියට ලංකාවේ අපේ අපනයන ආදායම් වර්ධනය කරන්න විප්ලවකාරී පියවරක් අරගෙන නැහැ.

    YYBdqxi.png


    ඔබ දන්නවාද මම ඔය කිව්ව අපේ මේ තරුණ පිරිස් අලුතින් කරගෙන යන සේවා විකිණීමේ KPO – BPO ව්‍යාපාර මේ වෙනකොට ස්වෝත්සහයෙන් සෑහෙන දුරක් ඇවිත් තියෙන බව? අද ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල එකවුන්ට් හදන්නේ අපේ ලංකාවේ. මේ ඉතාම දුෂ්කර මට්ටමකින් පටන් අරගෙන තිබෙන ස්ටාර්ටප් කම්පැණි විසින් අද වෙනකොට, දැනට විතරක් ඩොලර් මිලියන 600 කට අධික ප‍්‍රමාණයක් රටට විදේශ විනිමය ගෙනඑනවා. මේවා බිලියන ගණනක ආදායම් බවට පරිවර්තනය කරන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි හෝමාගම තාක්ෂණ නගරය හදන්නේ. ඒ වගේම සඳහන් කළ යුතුයි අපි දන්නවා අපේ දරුවන් ඉන්නවා ගෙදර ඉඳගෙනම, තනිවම අප්-වර්ක්, ෆයිවර්, ෆ්රීලාන්සර් ආදී නොයෙකුත් වෙබ්අඩවි හරහා නොයෙකුත් සේවාවන් පිටරැටියන්ට සපයලා දීලා රටට විශාල ආදායමක් ගෙන දෙන. දැන් අපේ රටේ සාපේක්ෂ වාසිය මේ දැනුම මුල්කරගත්තු ක්‍රියාදාමයයි.

    සරළ උදාහරණයක් අරන් මේක තවදුරටත් පැහැදිලි කළොත්, අද ඇමරිකා එක්සත් ජනපදයේ ඉංජිනේරුවෙක් ගත්තාම, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක්ගෙන් වැඩක් ගන්න සාමාන්‍යයෙන් අඩුම ගානේ ඩොලර් හත් අටසීයයක් ගෙවන්න ඕනෑ. නමුත් ලංකාවේ ඒ හැකියාවම තියෙන අපේ අය ඉන්නවා ඩොලර් තිහට හතලිහට වැඩකරන්න. එහෙනම් ඒ අයගේ හැකියාවන්, කුසලතාවයන් මත අපට අද ලංකාවේ ඉඳන් මේ සේවා සැපයීම් කරන්න පුළුවන්. තවත් උදාහරණයක් ගත්තොත් පිටරටක එකවුන්ටන් කෙනෙකුට වඩා ලංකාවේ එකවුන්ටන් කෙනෙක් පස් හය ගුණයකින් අඩුයි. ඉතින් මේ සේවාවන් අපට ලංකාවේ ඉඳන්ම සපයන්න පුළුවන්. මේ දැනුම පදනම් කරගත්ත සේවා සැපයීම අපට මහා ආදායම් ලබන්න පුලුවන් දෙයක්. අපි මේ දැනුම පදනම් කරගත්ත සේවා විකිණීමට අවශ්‍ය වටපිටාව වහාම හදන්න ඕනේ. අපේ හෝමාගම තාක්ෂණ නගරයේ එක අරමුණක් ඒක.

    නමුත් මේ නව ප්‍රවනතාවය වටහානොගත්තු අය අදටත් ලංකාවේ අපනයන සැලසුම් කලාප කිය කිය හැමතැනම ඒවා ගහන්න හදනවා. නමුත් ලංකාවේ අපනයන සැලසුම් කලාප දැන් සාර්ථක වෙන්නේ නැහැ. මොකද ලංකාවෙ අපේ මිනිස්සු ඒ කාලේ වගේ අඩු මුදලට ඒවායේ වැඩ කරන්න සූදානම් නැහැ. අසූව අනූව දශකයන්ගේ වැඩ කළාට ඒක තවදුරටත් ලංකාවේ සාපේක්ෂ වාසියක් නෙවෙයි. ඒක මුලින්ම තේරුම් ගන්න ඕනෑ. තායිවානය, සිංගප්පූරුව, හොංකොං, කොරියාව වගේ මේ හැමෝම ලෝකයේ බලවත් උනේ තමන්ගේ සාපේක්‍ෂ වාසිය තෝරා ගැනීම හරියට කරලයි. අපි කියනවා ඒකට කොම්පැරටිව් ඇඩ්වාන්ටේජ් කියලා. ඉතින් කලිනුත් කිව්වා වගේ අද ලංකාවේ මේ සාපේක්‍ෂ වාසිය ලාභ ශ‍්‍රමය නෙමෙයි මේ දැනුම මුල්කරගත් ක්‍රියාදාමයයි. ඒ නිසා මුළු ලෝකයම ගමන් කරන මේ හතරවෙනි කාර්මික විප්ලවයට අදාලව ඒ දැනුම ලංකාවේ අපේ දරුවන් කරා ලබාදෙන ප‍්‍රධාන ස්ථානයක් තමයි අද මේ හෝමාගම සහ මාලබේ ඉදිකරගෙන යන්නේ. මොකද අපි වහාම මේ ක්‍රියාදාමයට, නව කාර්මික විප්ලවයට සම්බන්ධ වෙන්න ඕනේ.

    ඒ සඳහා ලංකාවේ නවෝත්පාදනය දෙසට යොමු වූ ආර්ථිකයක් ඇතිකරලා, නවෝත්පාදන සේවා විකිණීම සඳහා කටයුතු කිරීමට කටයුතු කළ යුතුයි. අසූව අනූව දශකයන්ගේ අපි කරපු ශ‍්‍රමය විකිණීම වෙනුවට දැන් දැනුම විකිණීමේ ක්‍රියාවලියකට ජාත්‍යන්තරව ගමන් කළ යුතුයි. මොකද මේ සම්ප‍්‍රදායික ආර්ථික උපාය මාර්ගයෙන්, සම්ප‍්‍රදායික අධ්‍යාපන උපායමාර්ගයෙන්, සම්ප‍්‍රදායක තාක්ෂණ උපාය මාර්ගයෙන් මේ රට ගොඩගන්න බැහැ.

    අද කවුද මේ ලෝකයේ ලොකුම ධනවත්තු ? මේ ලෝකයේ කාලෙකට කලින් ලොකුම ධනවත්තු ආයුධ වෙළෙන්දො, ඖෂධ වෙළෙන්දෝ, තෙල්, ගෑස්, ගල් අඟුරු ව්‍යාපාරිකයෝ තමයි ලෝකයේ ලොකුම ධනවත්තු වුනේ. නමුත් අද කවුද ඇමරිකා එක්සත් ජනපදයේ, ලෝකයේ ලොකුම ධනවත්තු වෙලා තියෙන්නේ? වර්තමානයේ ඒ අයට කියන්නේ FAANG කියලා.

    F අකුරෙන් කියන්නේ Facebook, A අකුරෙන් Apple, දෙවැනි A අකුරෙන් Amazon, N අකුරෙන් Netflix සහ G අකුරෙන් Google. ඉතින් ඔය අය තමයි අනාගත ලෝකයේ ට්‍රිලියනාධිපතියෝ. කිසිම තෙල් හා ගෑස් සමාගමක්, කිසිම ඖෂධ සමාගමක්, කිසිම ආයුධ නිපදවන්නෙක් මේ කිට්ටුවකවත් නැහැ. ඒ සමාගම් සියල්ලම කොහොමද බිහි උනේ. මේ පහුගිය අවුරුදු දශක දෙකක කාලය තුළදි. මතක් කරලා බලන්න, අද වගේ අපේ ජනතාව අතර අවුරුදු 10කට කලින් ෆේස්බුක් තිබුණද? කවුද මේ ෆේස්බුක් හදපු මාර්ක් සකර්බර්ග්? මේ සමාන්‍ය තරුණයෙක්.

    අපි ගමු නෙට්ෆ්ලික්ස් සමාගම.. ඔවුන්ගේ කතාවෙනුත් ඉගනගත යුතු දේවල් බොහොමයි. ටෙලි නාට්‍ය, චිත‍්‍රපට ඇතුළු වීඩියෝපට බෙදාහැරීමේදී අද ලෝකයේ ප‍්‍රමුඛයා ඔවුන්. ඔවුන්ට කලින් ඇමරිකාවේ ඒ ක්ෂේත‍්‍රයේ හිටපු බලවතා තමයි බ්ලොක්බස්ටර් (BlockBuster) කියන්නේ, ලෝකය පුරා විහිදුනු දස දහසකට ආසන්න ශාඛා සංඛ්‍යාවක් බ්ලොක්බස්ටර් සමාගම සතුව තිබුණා. ඔවුන් ප‍්‍රධානවම කළේ සම්ප‍්‍රදායික විදිහට වීඩියෝ ඩීවීඩී, සීඩී, වීඑච්එස් කැසට් ආදිය කුලියට දීමයි. එතකොට චිත‍්‍රපටයක් බලන්න ඕනෑ කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ගේ ශාඛාවකට ගිහින් ඒ මුදල ගෙවලා ඒක ගෙදර අරන් එන්න පුලූවන්. නමුත් කාලය ගතවීමත් එක්ක ලෝකයේ සිදුවුණු තාක්ෂණ විප්ලවය හරියට හඳුනාගන්න බ්ලොක්බස්ටර් සමාගමට බැරි වුණා. නෙට්ෆ්ලික්ස් ආයතනය කඩයට ගිහින් චිත‍්‍රපටය ගන්නා ක‍්‍රියාවලිය අන්තර්ජාලය භාවිතයෙන් අනික් පැත්ත හරවලා, ඒ වෙනුවට පාරිභෝගිකයාගේ ගෙදරටම, අතටම චිත‍්‍රපටය එවන්න කටයුතු කළා. අද වනවිට ඔවුන් එසේ යවලා තිබෙන ඒකක සංඛ්‍යාව බිලියන 4කට අධිකයි. ඒ වගේම මේ තාක්ෂණික දියුණුවීමත් එක්ක අද වන විට නෙට්ෆ්ලික්ස් සමාගමේ සේවාවන් හරහා ලෝකය පුරා ඕනෑ තැනක ඉඳන් තමන්ට ඕනෑ කරන චිත‍්‍රපටයක්, ටෙලි නාට්‍යයක් බලන්න පුළුවන් කම ලබලා දීලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි දැන් ඔවුන් චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදනයත් සිදු කරනවා. මේ මගින් අති විශාල ධනස්කන්දයක් ඔවුන් උපයාගන්නවා. ඕක තමයි තාක්ෂණය එක්ක ලෝකය යන දිශානතිය. අවසානයේ අර තාක්ෂණ විප්ලවය හඳුනාගන්න, ඒකට නිවැරදිව අනුගත වෙන්න අසමත් වුණු බ්ලොක්බස්ටර් සමාගමට වුනේ බංකොලොත්වී ව්‍යාපාරය වසා දමන්නයි. රටක් හැටියට අපිත් ලෝකයේ නව ප්‍රවනතාවයන් හඳුනාගත යුතුයි. අපිත් සුහුරු යුගයට පියමං කළ යුතුයි.

    අද අපේ රටෙත් එවැනි තරුණ ව්‍යාපාරික පන්තියක් බිහිවෙමින් තිබෙනවා. මේ වතුවල අක්කර තිස් හතලිස්දහසක අයිතිය තිබිල හෝ මේ රටේ සමාගම් තිහ හතලිහක අයිතිය තිබිලා හෝ බැංකුවල අයිතිය තිබිලා හෝ, අරක්කු කඩවල අයිතියෙන් නෙමෙයි ඒ අය එතනට ඇවිල්ලා තිබෙන්නේ. ඔවුන් එතනට ඇවිල්ලා තිබෙන්නේ දැනුම පදනම් කර ගත් අයිතියකින්. අද එවැනි ව්‍යාපාරික පිරිස් බය නැතිව අද ඉදිරියට ඇවිල්ලා මේ ක්‍රියාදාමයට ඇතුළු වෙලා තිබෙනවා. ඉතින් රටක් හැටියට අපි ඒ ගොල්ලන්ට ශක්තිය වෙන්න ඕනේ, අපි ඒ අයට ඉඩකඩ ලබා දෙන්න ඕනේ, බැංග්ලෝරයට පුළුවන්නම් ඒ කටයුත්ත කරන්න අපිටත් පුළුවන්.

    පළමුවෙන්ම සඳහන් කළ යුතුයි ඒ අරමුණ සඳහා අපි මේ හදන තාක්ෂණ නගරය ගැන අක්කර 4,000 ක් මිනිස්සුන්ගේ ඉඩම් ගන්නවාය කියලා පට්ටපල් බොරුවක් පතුරුවලා තිබෙනවා. එවැනි කිසිම ක්‍රියාදාමයක් නැහැ. ඒවගේම ඉඩම් කොරියාවට විකුණන්න යනවයි කියලා චෝදනාවක් තියෙනවා. කිසිම කොරියන් ආයතනයකට මෙහි ඉඩම් විකිණෙන්නේ නැහැ. ඇත්තටම අපි කොරියානු ආණ්ඩුවට ස්තූතිවන්ත විය යුතුයි අපට නොමිලේ මේ මුළු ප‍්‍රදේශයේම අවශය කරන ප‍්‍රධාන සැලසුම, මාස්ටර් ප්ලෑන් එක අපට නොමිලේම සිදුකර දීම ගැන. Land use කියන ඉංග‍්‍රීසි වචනය පටලවාගෙන තමයි මේ අක්කර 4,000 කතාව නිර්මාණය කර ගත්තේ. ඒක නිසා එවැනි කිසිම ක්‍රියාදාමයක් මෙතන සිදු නොවන බව තහවුරු කළ යුතුයි.

    ඒ වගේම අපි දැනටමත් අපේ දේශීය ආයතනවලට රටේ අනාගතය වන මේ මාස්ටර් ප්ලෑන් එකට අනුව ඉඩහසර විවෘත කරලා දීලා තිබෙනවා, උදාහරණයක් විදිහට අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨ සඳහා අක්කර 17 ක් ලබාදී තිබෙනවා. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය රත්මලානේ ඉතාම දුෂ්කර විදිහට පවත්වාගෙන යන්නේ සර්වෝදයට අයිති ඉඩම්වල කිසිම පහසුකමක් නැතිව. ඒ සඳහා අපි ලබාදී තිබෙනවා අක්කර 20 ක්. මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා අක්කර 20ක් ලබාදී තිබෙනවා. ඊළඟට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉතාමත්ම ප‍්‍රභල ඉදිරි ගමනක් යනවා, ඒ අනුව ඔවුන් භාරගෙන තිබෙනවා ඒ ප‍්‍රදේශයේ සන්නිවේදන කොඳුනාරටිය යව රැහැන් පද්ධතිය සම්බන්ධ කටයුතු. ඒ අනුව ඒ කටයුතු අද ඒ අය කරගෙන යනවා. ඒ අයගේ ප‍්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථානය ඒතැන ස්ථාපිත කර තිබෙනවා. ඊළඟට නැනෝ තාක්ෂණ ආයතනය සඳහා අක්කර 45 ක් දීලා තිබෙනවා. ඒ නිසා මම නැවත සඳහන් කරන්නට කැමතියිි අක්කර 4,000 ක් මිනිස්සුන්ගේ ඉඩම් ගන්නවාය කියලා පට්ටපල් බොරුවක් කියන කාරණය. අපි එහෙම කරන්නේ නැහැ.

    ඒ වගේම අද මේ සමහරු කියනවා නැනෝ පර්යේෂණාගාරයෙන් නිකුත්වන කිරණවලින් තමයි කියලා පසුගිය කාලේ පෑවිල්ල ඇතිවුණේ ආදී මෙන්න මේ වගේ කතා. නැනෝ තාක්ෂණ ආයතනයේ ආචාර්ය මහාචාර්යවරු අද ඉතාම විල්වකාරී පරිවර්ථන කිහිපයක් සිදුකලා. එකක් අද ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක‍්‍රීඩා කරන ඒ ඇඳුම ඇත්තටම Self Cleaning Apparel එකක්. අපේ රටේ තිබෙන නෙලූම් කොලේ ආදර්ශයට අරගෙන තමයි ඒ ඇඳුම නිර්මාණය කළේ. එය ඒ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන තාක්ෂණ පිම්මක් බවට පත්වුණා. ඒ වගේම අද අපේ කුඹුරුවලට නිකුත් කරන පොහොර වලින් 50% ක් අපතේ යනවා. නමුත් නැනෝ තාක්ෂණ ආයතනයේ අපේ විද්‍යාඥවරියක් නිර්මාණය කළා පොහොරවලින් 50% ක් ඉතිරි කරගන්න පුළුවන් වැඩපිළිවෙලක්. ඒවා තමයි මෙතන සිදු කෙරෙන්නේ. එය තමයි අද රටට අවශ්‍යය. මෙතන අහසට තරංග යවලා පෑවිල්ල ඇති කළා කියලා, විහිළු සහගත කතාවක්, තුට්ටු දෙකේ දේශපාලනය කරන අය ප‍්‍රචාරය කරනවා. එහෙම කරලා ජනතාව රවටලා ඔවුන්ව තමන්ගේ දේශපාලනයේ කොටස් කාරයෝ කරගන්න. මේ අපේ ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි, එය සඳහන් කළ යුතුයි. ඉතින් මේ පිරිස් උත්සාහ කරනවා ජනතාව බිය වද්දන්න. ජනතාව නොදන්න තවත් කාරණයක් මම කියන්න කැමතියි. අපේ රටේ අද මුලතිව්වල තිබෙනවා විශාල ඛනිජ සම්පතක්. එකෙන් අපට ටයිටේනියම් ලෝහය මුදාගන්න පුළුවන් නම් ටොන් එකකට ඩොලර් 14,000 ක් උපයා ගන්න පුළුවන්. අද අපට හම්බවෙන්නේ ඩොලර් 300 යි. ඉතින් ඒ සම්පතෙන් ටයිටේනියම් වෙන්කර ගැනීමේ පර්යේෂණගාරය සහ ඒකට අවශ්‍ය අනෙකුත් උත්පාදන ක්‍රියාදාමය අද එතන සිදුකරමින් තිබෙන්නේ. ඒ අනුව තව වර්ෂයකින් දෙකකින් එහි ප‍්‍රතිඵල අපට ලැබෙනවා. එතකොට අපනයනයෙන් යෝධ ධනයක් රටට ගලාගෙන එනවා. මෙන්න මේකයි අපි අද එතන කරගෙන යන්නේ නැනෝ තාක්ෂණ ආයතනය මගින්. නමුත් පටු දේශපාලනය කරන පිරිස්වලට රටේ අනාගතය අදාල වෙන්නේ නෑ. ඔවුන්ට ඕනෑ ජනතාව නොමග යවා ඔවුන්ගේ දේශපාලනයට පාවිච්චි කරගන්න.

    ඊළඟට මිනුම් ඒකක ප‍්‍රමිති කාර්යංශයට දීලා තිබෙනවා අක්කර 5 ක්. පොත් ගබඩාවට දීලා තිබෙනවා අක්කර 7ක්. පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අක්කර 2 ක් දීලා තිබෙනවා. කොළඹ විද්‍යාලයේ ඉංජිනේරු පීඨය, කැළණිය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයත් ඒ වගේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනුත් අපට ඇවිත් තිබෙනවා පශ්චාත් උපාධි ආයතනයක් සඳහා වන යෝජනාවක්. ඒ වගේම කාර්මික තාක්ෂණ ආයතනයට මාලඹේ, ඒ වගේම ජාන විද්‍යා අනුපරමාණුක ජීව විද්‍යාවලින් අපට යොජනා ඇවිත් තිබෙනවා. ඒවා අපි ඉදිරියේදී සලකා බලනවා. එතකොට මේ සඳහා අපි මොනවද කරගෙන යන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා අපි ලබාගන්නවා ඉඩම් අක්කර 246 ක්. ඒ ඉඩම් අක්කර 246ට කිසිම මිනිසෙකුගේ පුද්ගලික පර්චර් 10 - 15 කෑලි, අක්කර භගයේ කෑලිවල එකම ගෙයක්වත් අයිතිවෙන්නේ නැහැ. ප‍්‍රධාන වතු පහක් තමයි එයට අයත් වෙන්නෙ. දෙහිගහවත්ත, පිටිපන දකුණේ අක්කර 23 යි. තලගල වත්ත, තලගල උතුරේ අක්කර 27 යි. දඹගොල්ල වත්ත අක්කර 34 යි. හොරගොල්ල වත්ත අක්කර 120 යි. කාවුුලූ හේන අක්කර 42 යි. මේ ඉඩම් පහෙන් ඉඩම් අයිතිකාරයෝ තුන් දෙනෙක්ම මාව හමුවෙන්න ඇවිල්ලා කිව්වා, මේ වගේ විශිෂ්ඨ කාර්යයකට ඉඩම් දෙන්න ලැබීම අපේ පිංකමක් කියලා. අද මේ අසත්‍ය තොරතුරු නිසා පෙළපාලි යන අය මතක තියා ගන්න ඕනේ. මේ ව්‍යාපෘතිය නිසා කිසිම කෙනෙක්ගේ කිසිම නිවාසයක් තිබෙන ඉඩමක් අපි අත්පත් කර ගන්නේ නැහැ කියන දේ. අපි NSBM ආයතනය එතන හැදුවා. එය දැන් පුළුල් කරන්න යනවා කුරුඳුවත්ත පැත්තට. ඊට මෙහා පැත්තෙන් අවුරුදු ගානට කලින් කරපු පරණ උක් වගාවක් තිබෙනවා. කෙසේ නමුත් අද හරිත විශ්ව විද්‍යාලය ආදියෙන් ඉතාම විශිෂ්ඨ ගනයේ සේවාවක් රටට සිදුවෙනවා. ඒවා අපි තවදුරටත් පුළුල් කරන්න කටයුතු කරනවා.

    ඒ වගේම මෙම ප‍්‍රදේශයට ඉතිහාසයේවත් නැති විදිහට 220 KV විදුලි බල පද්ධතියක් ගෙන එනවා. ඒ වගේම ජල පද්ධතියත් පැති දෙකකින් මෙතනට ගෙන එනවා. එතකොට මේ කලාපයේ තිබෙන ජනාවාසවලටත් අලූතෙන් ජලය ලැබෙනවා. ඒ වගේම මේ ප‍්‍රදේශයේ ජනාවාස වල අලූතින් යමෙක් පදිංචිවනවා නම් ඒ හැම කෙනාටමත් එමගින් ප‍්‍රයෝජනය ලැබෙනවා. අද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 11,000 ක් දරුවන් අධ්‍යාපනය ලබනවා. අද ඒ විජේරාම ප‍්‍රදේශයට මොනතරම් වටිනා ආර්ථිකයක් එමගින් ගොඩනැගී තිබෙනවාද?. බත්මුල, හොස්ටල්එක, අනෙකුත් අඳුම් පැලඳුම්, පොතපත විකුණන්න ද ආදී වශයෙන් පෙර නොතිබූ ආර්ථිකයක් අද විජේරාමයේ ජනතාවට එමගින් ඇතිවී තිබෙනවා. ඒ නිසා මෙමගින් හෝමාගමට ශක්තිමත් බලගතු ආර්ථිකයක් තව අවුරුදු 10 කින් ලැබෙනවා. අද ඔය විරෝධතා දක්වන ඇතැම් පිරිස්වලට නම් මේ ගැන කිසිම උවමනාවක් නැහැ, කෙසේ නමුත් පිටින් පැමිණ දේශපාලන අරමුණුවලට විරෝධතාවය දක්වන පිරිස්වලට නැති වුණත් අනාගතයේ මේ මගින් ඒ ප‍්‍රදේශයේ ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙනවා.

    මේ ඉඩම්වල අපි මොනවද කරන්න යන්නේ කියන කාරණය තවදුරටත් කිව්වොත්, දෙහිගහවත්ත අක්කර 23ක ප‍්‍රමාණයක අපි කරන්න යනවා තාක්ෂණික බෙදා හැරීමේ හා සුළු, මධ්‍ය පරිමාණ උපකාරක මධ්‍යස්ථානයක්. ඊළඟට නවෝත්පාදන වාණිජකරණය කිරීමේ ආයතනයක්. එමගින් කරන්නේ නවෝත්පාදනය සඳහා කැපවන සියළුම දෙනාගේ නවෝත්පාදනය වාණිජකරණය කිරීමයි. Commercialization සඳහා අවශ්‍ය කරන පර්යේෂණාගාරය එතැන බිහි වෙනවා. ඊළඟට හරිත කලාපයක් ඇතිකරනවා පරිසරයට. මේවා වැරදිද? මේවද කරන හානිය හෝමාගමට? ඊළඟට තලගල උතුරේ අක්කර 27ක අපි ප‍්‍රධාන වශයෙන්ම කරන්නේ ලංකා විදුල බල මණ්ඩලයේ ග‍්‍රිඞ් උපපොළ එතැන ඉදිකරනවා. ඒ වගේම ප‍්‍රදේශයේ වැසිජලය ඇතුළු අනෙකුත් ජලය පිරිසිදු කිරීම සඳහා වන පිරිපහදු මධ්‍යස්ථානයක් ජලසම්පාදන මණ්ඩලයෙන් පිහිටුවනවා.

    දඹගොල්ල වත්තේ අක්කර 34 ජෛව තාක්ෂණික පර්යේෂණ ආයතනයක් අපි ඇති කරනවා. මේකෙදි අර පිරිස මොකද කියන්නේ, ලංකාවේ ජාන හොරකම් කරන් යනවයි කියලා. ලංකාවේ ජාන නෙමෙයි මේ ලෝකේ ඕනම ජානයක් අද ජාන පර්යේෂණයෙන් කරගෙන යන්න පුළුවන්. අපි මේක රජයේ සම්පූර්ණ අධික්‍ෂණය යටතේ සිදුකරන්නේ. මේ ජාන ක්‍රියාදාමය මගින් අද කර තිබෙන දේවල් ඉතා විශාලයි. ලෙඩරෝග ගණනාවකට අද ජාන ක‍්‍රියාදාමය මගින් පිළිතුරු දී තිබෙනවා. මවගේ සිට එන අවේණික ලෙඩ රෝග දහස් ගණනක් මේ ලෝකේ මේ තාක්ෂණයෙන් විසඳලා තිබෙනවා. ඒ වගේම නොයෙක් ආකාරයට, අපේ සතුන්ට, ශාකවලට වැළඳෙන රෝග වලක්වන්නත් මේවයින් ප‍්‍රතිලාභ ලැබිලා තිබෙනවා. අපි එකක් කියනවා ජාන හෝ අනෙකුත් කාරණාවලින් කෙරෙන දේවල් පර්යේෂණවලට හසු කරන්නේ නැතිව කිසිම ආකාරයකින් මනුෂ්‍ය පරිභෝජනයට හෝ වෙනත් කරුණුවලට යොදා ගන්නේ නැහැ. දැනටමත් ලෝකයේ සහතික වෙලා තිබෙන ආකාරයට පසුව ප‍්‍රශ්න ඇති නොවන ආකාරයේ දේවල්වලට විතරයි අපි මෙතන ඉඩකඩ සකසලා තිබෙන්නේ.

    ඒ වගේම හොරගොල්ල වත්ත අක්කර 120 ක අපි කරන්න බලාපොරොත්තුවනවා ආතර් සී ක්ලාක් පර්යේෂණ ආයතනය. ඒ වගේම විද්‍යා තාක්ෂණික ආයතනය. දැන් එතන පවත්වාගෙන යනවා නේචර් සීක‍්‍රට් ආයතනය. අපි ඒ අයටත් ඉඩදී තිබෙනවා තවදුරටත් එතන පවත්වාගෙන යන්න. ඒ ඉඩම අපි ගන්නේ නැහැ. ඒ වගේම ළමා උද්‍යානයක්, වාණිජ මධ්‍යස්ථානයක් එතන අපි ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ගැන නොදන්න අයට කියනවා නම් ලංකාවට අභ්‍යවකාශයේ චන්ද්‍රිකා දෙකක් රඳවා ගැනීමේ අයිතිය තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ සිදු කළේ මොකද්ද චීන චන්ද්‍රිකාවකට අපේ චන්ද්‍රිකාවක් කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ ගල් අඟුරුවලින් උපයා ගත් මිලියන 460 ක් අර රාජපක්ෂ පුතාට දීලා ලංකාවේ චන්ද්‍රිකාවක් ඇරියා කියලා කියාපු එක. ලංකාවේ කිසිම චන්ද්‍රිකාවක් ඒ ආකාරයට යවලා නැහැ. නමුත් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය අපේ පළවෙනි චන්ද්‍රිකාව දැන් යවන්න සූදානම් කර තිබෙනවා එය නැනෝ චන්ද්‍රිකාවක්. ඒ වගේම අපට එක්සත් ජාතීන්ගේ UNS කප් එක චන්ද්‍රිකාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ චන්ද්‍රිකාවේ ඒ සම්ප්‍රේෂණය ලබාගන්නා ස්ථානය (Receiving Station) අපි මෙතන ඉදිකරන්නේ. ඒ අනුව සියළුම කාලගුණ වාර්තා, අනෙකුත් දේශගුණික වාර්තා, ඒ වගේම ඨෂී මැපින් මේ සියල්ලම අපේ විද්‍යාඥයින්ට රට ඇතුළේ කරන්න පුළුවන්. අද මේ සඳහා කෝටි ගණනක් ගෙවන්න ඕනේ.

    අපේ ජල මට්ටම ගැන හැමදාම මම කතානායකතුමාට කතාකරලා කියනවා අද 1.2 යි.1.65 යි, 2 වුණ ගමන් ගංවතුර එනවා ඒ ආදී වශයෙන් කියනවා. මේ තොරතුරු අපි ජපානෙන් ගන්නේ. ජපානය අපට දැනට සේවයක් හැටියට කරන්නේ නමුත් ඉදිරියේදි අපට සේවයක් හැටියට කරන්නේ නැහැ. මේ සියල්ලම අපට ලබාගැනීමේ හැකියාව තිබෙනවා මේ මධ්‍යස්ථානයත් සමග. ලංකාව කියන්නේ අභ්‍යවකාශයේ ඉඳන් බැලූවහම පුංචි දෙයක්. මොකද්ද මේකට කියලා තිබෙන කතාව මේකෙ ඉඳන් කිලෝමීටර 2 ක් දක්වා කිරණ නිකුත් වෙනවාලූ. එමගින් පිළිකා හැදෙනවලූ. මේක තමයි මේකට කියන කතාව. මෙන්න මේ වගේ අමූලික අසත්‍යමත පදනම් වෙලා තමයි මේ කතා යන්නේ. මේවායෙන් ආපස්සට යන්නේ රට. අපි අනිවාර්යයෙන්ම මේ තාක්ෂණ ප‍්‍රවාහයට ඇතුළු විය යුතුයි. අපට තනියෙන් කරගන්න බැරි දෙයක් එක්සත් ජාතීන්ගේ ශක්තිය ඇතුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට ලැබිලා තිබෙනවා. ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනේ ආතර් සී ක්ලාක් මැතිතුමා ගැන. එතුමා 1945 මේ විද්‍යාත්මක පත්‍රිකාව ලිව්වේ. චන්ද්‍රිකා 3 ක් දැම්මට පස්සේ ලෝකෙම පණිවිඩ හුවමාරු කරන්න පුළුවන් කියලා. එතුමාට ඒ සඳහා ලැබුනේ පවුම් 15 යි. හැබැයි අද ට්‍රිලියන ගාණක ව්‍යාපාරයක් එය. අපි වහාම මේ ක්‍රියාදාමයට ඇතුළු විය යුතුයි.

    ඊළඟට කාවුලූහේනේ, විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශයේ පර්යේෂණ සංකීර්ණයක්. එය කරන්නේ කොස්ටි කියන ආයතනයෙන්. ශ‍්‍රී ලංකා විද්‍යා තාක්ෂණික ආයතනය එතන අපි බිහිකරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපේ විද්‍යා තාක්ෂණ ආයතන පිහිටුවාගෙන යද්දි 1960 ගණන්වල. ඊට සමාන්තර ආයතන කොරියාව ආදී රටවලත් පිහිටෙව්වා. නමුත් අපේ ආයතනයට සාර්ථක වෙන්න බැරි උනාට ඒ රටවල ආයතන සාර්ථක වෙලා තිබෙනවා. ඒ ආදර්ශය අරගෙන නව විද්‍යා පර්යේෂණ ආයතනයක් එතන අපි කරගෙන යනවා. ඒ වගේම මෙහි යටිතල පහසුකම් සියල්ලම අපි කරනවා. ඒ වගේම මම කියන්න ඕනෑ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, අපජල කළමනාකරණය ඒ සියල්ලම මෙතන සිදුවෙනවා. ඒ වගේම ඒ ඉඩම් කොටස් අත්පත් කර ගන්න විට ඒ අයට තමන්ගේ අයිතිය නිශ්චිතව සහතික වූ වහාම රජය විසින් වන්දිය අපි ලබාදෙනවා. ඒ වන්දිය අපි ප‍්‍රාදේශීය ලේකම්වරයා ගාව තැන්පත් කරනවා. ඒවගේම සෑම අවුරුද්දක් ගානෙම 7% ගානේ ඒ වන්දි මුදල ඉහළ යනවා ඉඩම්වල අයිතිකාරයා හොයා ගන්නකන්.

    එතකොට මේකෙ තිබෙන ඇතැම් වගන්ති අල්ලගෙන, ඇතැම් අයගේ තිබෙන දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වෙනවා. අපි මේවා ගැන දැනුවත් කළේ නැහැ කිව්වට මේවා ගැන ඇතිවෙන්න දැනුවත් කළා. හෝමාගම ප‍්‍රදේශයේ රජයට අයිති පක්ෂවලින් නෙමෙයි ප‍්‍රාදේශී සභාව පිහිටුවලා තිබෙන්නේ. ප‍්‍රාදේශීය සභාව පිහිටුවා තිබෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ. එතකොට එහි දේශපාලන බලධාරියා අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමා. එතුමා ඒවට විරුද්ධ වෙලා නැහැ. ඒ අය අපේ අමාත්‍යාංශයට ඇවිල්ලා කතා කරලා මේ කරුණු ඉගෙනගෙන, අපටත් යම් යම් යෝජනා ඉදිරිපත් කරලා අපි සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා. කරුණු එහෙම තියෙද්දී අර සයිටම් ප‍්‍රශ්ණයෙන් පස්සේ තමන්ට දේශපාලන පැවැත්මට අල්ලාගන්න සටන් පාඨයක් හොයමින් හිටිය දේශපාලන කල්ලිය තමන්ගේ දේශපාලනයට මිනිස්සු පාවිචචි කරන්න විහිළුසහගත අසත්‍ය තොරතුරු පතුරුවනවා.

    අපි ඒ ජනතාවගෙන් ඉල්ලනවා අපේ දරුවොත් අපිත් ජීවත් වෙන්නේ මේ රටේ. හැබැයි ඔය උද්ඝෝෂණ කරුවන්ගේ දරුවෝ ජීවත් වෙන්නේ, පවුල් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. එහේ ඉඳන් තමයි මේ ළමයි ටික පාරට ගන්නේ. ඒ අයගේ ළමයි ඕස්ට්‍රේලියාවේ ඉන්න ගමන්, අපේ ළමයි පාරට ගේනවා. ඕක තමයි මේ උද්ඝෝෂකයින්ගේ ක්‍රියාදාමය. මමත් අපේ දරුවොත්, මේ රටේ ඉපදිලා ඉන්න අය. මගෙත් ළමයි ඉගෙන ගන්නෙත් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල. එතකොට අපි මේ රටේ ඉන්න අය. මම ඒ සෑම ජන කණ්ඩායමකටම බොහොම පැහැදිලිව කියනවා, කොළඹ දිස්ත‍්‍රික්කයේ කෙනෙක් හැටියට මටත් මනාප දීපු ජනතාවක් එහේ ඉන්න පිරිස හැටියට අපි කිසිම අවස්ථාවක අපේ ජනතාවට වැරදිවන දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හෝ ඒ ක්‍රියාදාමයට අපි වැරැද්දක් කරන්නේ නැහැ. මේ රටේ අනාගත ආර්ථික ක්‍රියාවලියයි මේ සිදුවෙන්නේ.

    පාඨලී චම්පික රණවක මැතිතුමාගේ දෙසුම් ඇසුරින් සැකසිනි.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔබතුමා පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ?:confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,435
    113
    9
    කටුකරෝලගම
    ඔය සැලසුම් ඇමතිවරු මාරුවෙද්දී ආණ්ඩු පෙරලෙද්දී වෙනස් නොවුනොත් හොඳයි :yes: හරි අපරාදයක් වෙන්නේ නැත්තන්.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,030
    5,199
    113
    ඔක ගෑන හරි අදහසක් නෑ කාගාවවත්.මේ ලිපියත් එක පෑත්තක ඉදන් ලියපු එකක්.
    මොකද හෝමාගම ඔය කියන හරියේ, ජල, විදුලි ප්‍රශ්න නෑ.
    අනික අලුතෙන් පාරවල් හදන්න යන්නේ, තියන පාරවල් ලොකු කරන්න කාතාවෙන්නේ අවුරුදු 20ක් විතර ඉදන්. (උදා. වහින දවසට වාහන 2ක් මාරුවෙන්න අමාරු කටුවාන පාර )
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    4,564
    7,405
    113
    Around the world
    ඔය සැලසුම් ඇමතිවරු මාරුවෙද්දී ආණ්ඩු පෙරලෙද්දී වෙනස් නොවුනොත් හොඳයි :yes: හරි අපරාදයක් වෙන්නේ නැත්තන්.

    හොද වැඩක් පක්ෂ බේදයෙන් තොරව ඉදිරියට ගෙන යාමේ ප්‍රතිපත්තියක් මේ රටේ නැහැනේ. කොමිස් කුට්ටිය එනවා නම් සලකා බලයි ඔන්න. රට ගැන නොව බඩ ගැන පමණයි හිතන්නේ
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    68
    28
    පාඨලී චම්පික රණවක mu wedak kalath nokalath rata genai rate situation eka genai idea ekak tiyanawa muuta..
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බන්දුල ගුණවර්ධන තමා හොමාගම ආසනෙ හිටියෙ මහින්දගෙ කාලෙ. මිනිහා ඒ කාලෙ කිව්වා අනාගතෙ හොමාගම දෙවෙනි වෙන්නෙ හම්බන්තොටට විතරයි කියලා.
    කතාව ඇත්ත වගෙ බලාගෙන යනකොට
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,334
    5,607
    113
    අද නම් හදට ආවා
    oyaa itn thawa e rata wala wada karana untath kela wena wadak meka

    සරළ උදාහරණයක් අරන් මේක තවදුරටත් පැහැදිලි කළොත්, අද ඇමරිකා එක්සත් ජනපදයේ ඉංජිනේරුවෙක් ගත්තාම, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක්ගෙන් වැඩක් ගන්න සාමාන්‍යයෙන් අඩුම ගානේ ඩොලර් හත් අටසීයයක් ගෙවන්න ඕනෑ. නමුත් ලංකාවේ ඒ හැකියාවම තියෙන අපේ අය ඉන්නවා ඩොලර් තිහට හතලිහට වැඩකරන්න. එහෙනම් ඒ අයගේ හැකියාවන්, කුසලතාවයන් මත අපට අද ලංකාවේ ඉඳන් මේ සේවා සැපයීම් කරන්න පුළුවන්. තවත් උදාහරණයක් ගත්තොත් පිටරටක එකවුන්ටන් කෙනෙකුට වඩා ලංකාවේ එකවුන්ටන් කෙනෙක් පස් හය ගුණයකින් අඩුයි. ඉතින් මේ සේවාවන් අපට ලංකාවේ ඉඳන්ම සපයන්න පුළුවන්. මේ දැනුම පදනම් කරගත්ත සේවා සැපයීම අපට මහා ආදායම් ලබන්න පුලුවන් දෙයක්. අපි මේ දැනුම පදනම් කරගත්ත සේවා විකිණීමට අවශ්‍ය වටපිටාව වහාම හදන්න ඕනේ. අපේ හෝමාගම තාක්ෂණ නගරයේ එක අරමුණක් ඒක.


    Asia wala thama mehema mara mara wada gnne.
    balapn sweden wage ratak.
    life balance.salary hodatama thiynwa.

    ara uba dapu ata magala atawa gattama nkn lankawe IT indusrty or mkak hari ekak nkn lankawe garment factory ganata watenwa.
    balapn dala thiyana hatima aru 700$ karana eka lankawe ekek lawwa 40$ karanna :lol:

    katath udin penne ahh ape ratata income ekak enawane kiyala.
    oya karanna yanne amu gobba concept ekak.

    oka thawath issarahata giyama kelinma one field ekak garment wage wenwa sure.
    eeta passe minissu leda wenne stress wela.

    pacha ranawakayage gobba concept ekak
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,576
    37,725
    113
    ඒ පාර මූත් රොකට් යවන්නද හදන්නෙ? දිග හෑලි කියවන්න වෙලවක් නෑ. මේක කියවපු එකෙක් kpo bpo කියන එකේ තේරුම කියපන්කො.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,222
    20,279
    113
    Fantasy
    oyaa itn thawa e rata wala wada karana untath kela wena wadak meka




    Asia wala thama mehema mara mara wada gnne.
    balapn sweden wage ratak.
    life balance.salary hodatama thiynwa.

    ara uba dapu ata magala atawa gattama nkn lankawe IT indusrty or mkak hari ekak nkn lankawe garment factory ganata watenwa.
    balapn dala thiyana hatima aru 700$ karana eka lankawe ekek lawwa 40$ karanna :lol:

    katath udin penne ahh ape ratata income ekak enawane kiyala.
    oya karanna yanne amu gobba concept ekak.

    oka thawath issarahata giyama kelinma one field ekak garment wage wenwa sure.
    eeta passe minissu leda wenne stress wela.

    pacha ranawakayage gobba concept ekak

    මචන් මන් මේ කියන්නේ මගේ අදහසක්. ඒක හරිද වැරදිද කියලා දන්නේ නෑ මන්. අපි ගනන් උස්සපුවම ඔවා ලංකාවට නොදී ඉංදියාවට යයි නෙදා? මොකද clienta රට මොකක්ද කියන එක අදාල නෑනේ තමාගේ වැඩේ කෙරෙනවනම්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,435
    113
    9
    කටුකරෝලගම
    oyaa itn thawa e rata wala wada karana untath kela wena wadak meka




    Asia wala thama mehema mara mara wada gnne.
    balapn sweden wage ratak.
    life balance.salary hodatama thiynwa.

    ara uba dapu ata magala atawa gattama nkn lankawe IT indusrty or mkak hari ekak nkn lankawe garment factory ganata watenwa.
    balapn dala thiyana hatima aru 700$ karana eka lankawe ekek lawwa 40$ karanna :lol:

    katath udin penne ahh ape ratata income ekak enawane kiyala.
    oya karanna yanne amu gobba concept ekak.

    oka thawath issarahata giyama kelinma one field ekak garment wage wenwa sure.
    eeta passe minissu leda wenne stress wela.

    pacha ranawakayage gobba concept ekak
    ඕක දැනටමත් ලංකාවේ වෙනවනේ කට්ටිය වැඩකරනවනේ ඉතින් ඒකට තව පහසුකන් හදල දෙන එකේ වැරැද්ද මොකද්ද.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕක දැනටමත් ලංකාවේ වෙනවනේ කට්ටිය වැඩකරනවනේ ඉතින් ඒකට තව පහසුකන් හදල දෙන එකේ වැරැද්ද මොකද්ද.




    මන් දන්න විදියට අයි ටී ෆීල්ඩ් එකෙ ඉන්න ගොඩාක් උන් සැටිස්ෆයි නැහැ ජොබ් එක ගැන සැලරි එක ලොකු උනත් .
    පට්ට ස්ට්‍රෙස් එකෙ ඉන්නෙ කියලා තමා කියන්නෙ ගොඩාක් උදවිය.
    ඉන්දියාවෙත් අයි ටී කියන එක බල්ලාට ගිහින් තියෙන්නෙ.
    ලංකාවෙත් ඒ තත්වෙ වෙවි ඉස්සරහට.

    ගාමන්ට් ඒ කාල ආවහම එව්වායෙ මහන්න වැඩ කරන්න කෙල්ලො හොයාගන්න කලෙ මොකක්ද විභාග අමාරු කරනවා.
    ඒ කාලෙ මතකද කතාවක් ගියා "පාස් නම් ලකි ෆේල් නම් ජුකි " කියලා ?

    ඉතිං ලංකවෙ අයී ටී ෆීල්ඩ් එකෙ ස්කිල් ගැප් එකක් තියෙනවා.
    ලංකාවෙ රජයෙ පෞද්ගලික යුනි වලින් අවුට් වෙන ප්‍රමාණය මදි ප්‍රොජෙක්ට්ස් ඉවර කරන්න.
    ඉතිං එක්කො පොඩි පොඩි කොර්සස් වල එවුන්ටත් චාන්ස් එක දෙන්න වෙනවා. එක්කො ඉස්කොලෙ ඒ ලෙවල් වලින්වත් සබ්ජෙක්ට් එක දාල කට්ටිය හොයාගන්න වෙනවා.

    ඉලක්කමක් විදියට නම් ඉතිං ආදායමක් එන එක හොඳයි .එත් මිනිස්සුන්ගෙ පැත්තෙන් සමාජීය වශයෙන් ගැටළු කොච්චර තියෙනවාද?

    නිකන් බලන්න විදෙශ ශ්‍රමිකයො ? එතනත් වෙන්නෙ ඒ වගෙ දෙයක් නෙ ? සල්ලි නම් එනවා ඒත් ???
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,435
    113
    9
    කටුකරෝලගම


    මන් දන්න විදියට අයි ටී ෆීල්ඩ් එකෙ ඉන්න ගොඩාක් උන් සැටිස්ෆයි නැහැ ජොබ් එක ගැන සැලරි එක ලොකු උනත් .
    පට්ට ස්ට්‍රෙස් එකෙ ඉන්නෙ කියලා තමා කියන්නෙ ගොඩාක් උදවිය.
    ඉන්දියාවෙත් අයි ටී කියන එක බල්ලාට ගිහින් තියෙන්නෙ.
    ලංකාවෙත් ඒ තත්වෙ වෙවි ඉස්සරහට.

    ගාමන්ට් ඒ කාල ආවහම එව්වායෙ මහන්න වැඩ කරන්න කෙල්ලො හොයාගන්න කලෙ මොකක්ද විභාග අමාරු කරනවා.
    ඒ කාලෙ මතකද කතාවක් ගියා "පාස් නම් ලකි ෆේල් නම් ජුකි " කියලා ?

    ඉතිං ලංකවෙ අයී ටී ෆීල්ඩ් එකෙ ස්කිල් ගැප් එකක් තියෙනවා.
    ලංකාවෙ රජයෙ පෞද්ගලික යුනි වලින් අවුට් වෙන ප්‍රමාණය මදි ප්‍රොජෙක්ට්ස් ඉවර කරන්න.
    ඉතිං එක්කො පොඩි පොඩි කොර්සස් වල එවුන්ටත් චාන්ස් එක දෙන්න වෙනවා. එක්කො ඉස්කොලෙ ඒ ලෙවල් වලින්වත් සබ්ජෙක්ට් එක දාල කට්ටිය හොයාගන්න වෙනවා.

    ඉලක්කමක් විදියට නම් ඉතිං ආදායමක් එන එක හොඳයි .එත් මිනිස්සුන්ගෙ පැත්තෙන් සමාජීය වශයෙන් ගැටළු කොච්චර තියෙනවාද?

    නිකන් බලන්න විදෙශ ශ්‍රමිකයො ? එතනත් වෙන්නෙ ඒ වගෙ දෙයක් නෙ ? සල්ලි නම් එනවා ඒත් ???
    සමාජීය ගැටළු මොනවද අයිටී වල තියෙන :baffled: ඕනෙම රස්සවක ස්ට්‍රෙස් එක තියෙනව, ඕනෙම රස්සවක අසන්තෝසෙන් වැඩ කරන මිනිස්සු තමා ගොඩක් ඉන්නේ. එහෙමයි කියල ඒවා වහල දාන්නේ නෑනේ. අසන්තොසෙන් ඉන්න මනුස්සය මොකක් කරත් අසන්තොසෙන් ඉන්නේ ඕක ඕනෙම රස්සාවකට පොදුයි. පඩිය ගැන උනත් කවුරුත් මේ ඇති කියන්නේ නෑ හැමෝම කියන්නේ පඩි මදි කියල.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සමාජීය ගැටළු මොනවද අයිටී වල තියෙන :baffled: ඕනෙම රස්සවක ස්ට්‍රෙස් එක තියෙනව, ඕනෙම රස්සවක අසන්තෝසෙන් වැඩ කරන මිනිස්සු තමා ගොඩක් ඉන්නේ. එහෙමයි කියල ඒවා වහල දාන්නේ නෑනේ. අසන්තොසෙන් ඉන්න මනුස්සය මොකක් කරත් අසන්තොසෙන් ඉන්නේ ඕක ඕනෙම රස්සාවකට පොදුයි. පඩිය ගැන උනත් කවුරුත් මේ ඇති කියන්නේ නෑ හැමෝම කියන්නේ පඩි මදි කියල.





    සමාජීය ගැටළු කිව්වෙ ඉතිං වර්ක් ලයිෆ් බැලන්ස් එක තමා මන් සඳහන් කළෙ.
    දන්නෙ නැද්ද සමහරු ඉතිං රැ එලිවෙනකනුත් වැඩ .හැම කම්පැණියෙම නෙමෙ ඉතිං.
    මන් වරදක් දකින්නෙ අයි ටී වල නෙමෙ. අනික් දෙවල් හැම එකෙම වගෙ අපෙ අයි ටී වලත් කිසි වෘතීකයින්ගෙ සුවපහසුවට කිසි නියාමනයක් නොමැති කම.
    දොස්තරලාට ,ගුරුවරුන්ට, රජයෙ අනෙකුත් සෙවකයින්ට වෘතිය සංගම් හරි තියෙනවා.


    නියම සමාජීය ගැටළුව එන තැනක් මන් කියන්නද ?

    අපෙ උන් දැන් ලක්ෂෙ පඩිනෙ අවුට් වෙච්ච ගමන් හොයන්නෙ ?
    එත් කම්පැණි කාරයො ඕකට කැමතිද නැහැ?
    එහෙනම් අඩු ගාණට වැඩ කරන එවුන් ඔනි.
    කොහෙන්ද ගේන්නෙ ? අහ් තියෙනවා ඉන්දියාව .ඔය තියෙන්නෙ ?
    මතකද එට්කා සීපා ගිවිසුම් වලට විරොධය පෑව.
    එත් මෙ තාක්ෂණ පුරවරය හැදුවොත් ඔය ගිවිසුම් නොගහ තියෙවිද ?
    එතකොට ඉන්දියන් හිඟන්නො මෙහෙ එන එකෙන්ම සමාජීය ගැටළු නිකන්ම පැන නඟිනවා.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    oyaa itn thawa e rata wala wada karana untath kela wena wadak meka




    Asia wala thama mehema mara mara wada gnne.
    balapn sweden wage ratak.
    life balance.salary hodatama thiynwa.

    ara uba dapu ata magala atawa gattama nkn lankawe IT indusrty or mkak hari ekak nkn lankawe garment factory ganata watenwa.
    balapn dala thiyana hatima aru 700$ karana eka lankawe ekek lawwa 40$ karanna :lol:

    katath udin penne ahh ape ratata income ekak enawane kiyala.
    oya karanna yanne amu gobba concept ekak.

    oka thawath issarahata giyama kelinma one field ekak garment wage wenwa sure.
    eeta passe minissu leda wenne stress wela.

    pacha ranawakayage gobba concept ekak

    Sweeden wala agriculture sector eka thamai godak diunu. Lankawe kohe karannada wessa nethiwa. Sweeden wala natural resources thinawa. Lankawe monada thienne?

    Anika Lankawe inna Jathiwadee Sinhala,Muslim,Tamil ewun tikai,
    Wurthiya Samithi Mafia ekai thienakan me rata diunu karanna hithannawath ba.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    4,564
    7,405
    113
    Around the world
    11ApWCX.jpg

    හෝමාගම පැවති ජන හමුවකදී දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබුණා හෝමාගම තාක්ෂණ නගරය අහෝසි කිරීමක් පිළිබඳව. මේ ලෝකය අද ගමන් කරමින් තිබෙන්නේ හතරවන කාර්මික විප්ලය හරහා. එම කාර්මික විප්ලවයට අවශ්‍ය වන නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය මෙන්ම රොබෝ තාක්ෂණය හා මෙරට විශ්ව විද්‍යාල වල තාක්ෂණ පීඨ සියල්ලම හා වෘත්තීයවේදීන් සියල්ලමත් එකම ස්ථානයකට එක් රැස් වන තැනක් ලෙස තමා හෝමාගම තාක්ෂණ නගරය ගොඩනැගෙන්නේ.

    එසේම මෙය ගොඩනැගීමේදී පෞද්ගලික ඉඩම් ආදිය අත්පත් කර ගැනීමේදී මිනිසුන් පදංචි වී සිටි ඉඩම් මග හරිමින් ඒවා අත්පත් කර ගැනීමට අපි කටයුතු කළා. ඒ සඳහා රජය විශාල ආයෝජනයක් සිදු කළා වගේම මේ වන විට විශ්ව විද්‍යාල 04ක තාක්ෂණ පීඨ එහි ගොඩ නැගෙමින් තිබෙනවා.

    1930 ගණන් වල පරණ රදලයෝ හිතනවා තමන්ගේ ඉඩම් ඒ ප්‍රවේනි දාසයොත් එක්කම පවත්වාගෙන යන්න ඕනේ කියලා. කටින් මොන වාමාංශික සටන්පාඨ කීවත් ගතින් ඒ රදලයන්ට අවශ්‍ය ප්‍රවේනි දාසයො හරක් බලාගෙන, තමන්ගේ වතුපිටි වල පොල් අතු ටික එකතු කරගෙන, ගැමි පැල්පත් වල ජිවත් වෙමින් වලව්වට කඹුරමින්, දරුවෝ නුගතුන් හැටියට වලව්වේ දරදිය අදිනවා දකින්නයි.

    බොරුවට රතු සේල පැළඳ ගත්තත් පසුගිය සියවසකට අධික කාලය තුළ මේ අය මේ රටේ සමාජ දේශපාලනය ඉහළට ගන්න කරපු දෙයක් නෑ, බොරු සටන් පාඨ හැරෙන්න. ඉතින් ඒ නිසා අපි මේ ගැන මේ රටේ උගත් ජනතාවට පෙන්වා දෙනවා මේ රට ඉදිරියට ගෙන යන්න මෙවැනි නරුම පාදඩ අතීතයට අයිති රදල පැලැන්තියට තව දුරටත් ඉඩ දිය යුතු නෑ කියලා. එසේම දිනේෂ් ගුණවර්ධන මතක තබා ගත යුතුයි බොරලුගොඩ වලව්වට ජනතාව කඹුරපු යුගය දැන් මේ රටේ අවසන් වෙලා බොහෝ කල් බව.

    එසේම මේ තාක්ෂණ නගරයට ඇතැම් අය බොරු අස්ථාන භිතිකා පැතිරෙව්වා. ඒ බොරු භිතිකා මැදින් තමා රට ඉදිරියට ගමන් කළේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන පොදුවේ කොළඹ නගරයේ කසළ කළමනාකරණ වැඩසටහන් දෙකක් අවුල් කරලා කොළඹ කුණු කඳු ගොඩ නගන්න සෘජුව දායක වූ ප්‍රධානම දේශපාලකයෙකු විදියට මේ රටේ ඉදිරි ගමනට තියෙන විශාලම බාධකය ලෙස අප හඳුනා ගත යුතුයි. ඒ නිසා බොරු සටන්පාඨ, බොරු දේශප්‍රේමය සියල්ලම එක්ක කැටිකරගෙන රට ආපස්සට අදින වැඩ පිළිවෙලට නෙවෙයි අප යා යුත්තේ. අපි තරුණ පරපුරෙන් ඉල්ලනවා අනාගතයත් එක්ක නවීන තාක්ෂණයත් එක්ක ඉදිරියට අපි ඇපකැප වෙමු පක්ෂ, පාට බේදයකින් තොරව.

    Patali Champika Ranawaka