හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    ..

    වත්සලා නම් සුරූපී තරුණියක් අනුරාධපුරයේ සිට තිස්සමහාරම ප්‍රදේශයට පැමිණියේ තම නෑදෑ කෙනෙකුගේ නිවසේ නවාතැන් ගන්නටය ඇය ටිකෙන් ටික තිස්සමහාරාමයටම හුරු පුරුදු විය නිමල් නැමැත්තා සමඟ ප්‍රේමසම්බන්ඳයක්ද ඇති කරගත් මැය නිතර නිමල් හමුවන්නටද පුරුදුවී සිටියේය. එසේම ඒ අතර වාරයේ මැයගේ ජීවිතයට කනකොකා හැඬුවේ ඒ ආදරය අතරට පැමිණි විරාජ් නම් තරුණයා නිසාය..නිමල්ට වඩා විරාජ් හොඳබව නිතර ඇයට සිතෙන්නට විය ඒ නිසාම නිමල් මඟහැර විරාජ් සමඟ පෙම් කරන්නට ඇය නොදැනුවත්වම පෙළඹුනේය..කෙසේ වෙතත් නිමල් ද ප්‍රදේශයේ තරමක සෙල්ලක්කාර චරිතයකි ඔහු තරමක් ආවේග ශීලී පුද්ගලයෙක්ද විය ..

    දිනක් තම මිතුරකු මාර්ගයෙන් වත්සලා විරාජ් සමඟ තිස්ස-මාතර බස් රථයක පිටිපස අසුනේ පෙම් සුව විඳිමින් මාතර ප්‍රදේශයට ගමන් ගත් බව දැන ගත්තේය එසේම රහසේම ජංගම දුරකථනයෙන් එම දෙදෙනාගේ ඡායා රූපයක්ද එම මිතුරා ගත්තේ තම මිතුරාගේ ආදරය රැවටීමක් බව ඔප්පු කිරීමටය මෙය දුටු නිමල් කෝපා විශ්ඨ විය තමාට කුමක් සිදුවූයේ දැයි සිතා ගත නොහැකි විය ඒවන තෙක් නිමල් සමඟද ඇය පෙම් බස් තෙපලමින් පෙම් සුව විදිමින් සිටියේ විරාජ්ට අසුනොවන අයුරිණි. තමාට මේ තරම් වංචාවක් කළේ මන්දැයි ඇසීමට ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළද එය ඒ මොහොතේ සාර්ථක නොවිය එසේ ඇමතුමක් ගත්තා නම් මේ කථාව මීට වඩා වෙනස් එකක් වන්නට ද තිබුණි.

    එදින තම මිතුරන් සමඟ දැඩිලෙස සුරා පානය කළ නිමල් තම මිතුරන්ටද හඬමින් මේ කථාව සැල කරසිටියේය.කෙසේ හෝ තමාගේ එක් පාපතර මිතුරකු ඔහුට කදිම අදහසක් දුන්නේය එනම්...."මේ බව උඹ වත්සලාට කියන්න යන්න එපා..කෙල්ලො කපටියි..ඒ නිසා උඹ ෂේප් එකේ ඒකිට කෙහේ හරි යන්න කථා කරපන් ...ඊට පස්සෙ කරන්න ඕන දේ දන්නව නේ අපිත් ඔනනම් සපොර්ට් එකක් දෙන්නම් මගේ වීල් එක තියනවනේ ඕන තැනක යමනං"..ආදීවශයෙනි. නිමල්ද ඇය කෙරෙහි ඇතිවූ වෛරය නිසාම ඒ අදහසට කැමැත්ත පළකළේය.ඒ මෙහොතේම සිදුවන ආකාරය ප්ලෑන් කළ මොවුන් වත්සලාගේ ජීවිතය විනාශ කිරීමේ මුල් පියවරට අත තැබුවේය......

    ඉන් දින කිහිපයකට පසුව සුපුරුදු අයුරින් වත්සලා හා කථාබහ කළ නිමල් හමුවීමට ස්ථානයක්ද යෝජනා කළේය කිසිවක් නොදත් ඇය වෙනදා මෙන්ම නිමල් කෙරෙහි විශ්වාසයෙන් එයට කැමැත්ත පල කළේය ඒ දිනය උදාවිය තම මිතුරාගේ ත්‍රී වීලරයෙන් ගමන යෑම සඳහා පිටත් විය.(ගිය ස්ථානය දැනගැනීමට නොහැකි විය) එසේ යමි ස්ථානයකට ගොස් දෙදෙනාම තනිවී පෙම් බස් මුමුණන්නට විය එහෙත් ටික වෙලාවකින් නිමල්ගේ සැබෑ ස්වරූපය මතුවන්නට විය නිමල්ගේ අතින් වත්සලාගේ ජීවිතය ඒ මොහොතේ විනාශවී ගියේය...එතනින් නොනැවතුණ නිමල් තම මිතුරාටද අවස්ථාව ලබා දුන්නේ මාරා වෙශයෙණි හිත් පිත් නැති මිතුරා තම අශාවද රිසිසේ ඉටු කරගත්තේ වත්සලාගේ විලාපය මැදය..කෙසේ නමුත් නිමල්ට ඇති වූ අනුකම්පාව නිසා ඇය නොමරා නැවතත් වීරවිල හංදිය අසලට ගෙනවිත් දමා මිතුරාද කැඩුව වේගයෙන් තිස්ස බලා ධාවනය කළේය..දැඩි ලෙස අසරණව සිටි වත්සලාට දරාගත නොහැකි සිදුවීම හමුවේ තම ජීවිතය පවා එපා වුයේය ඇය මේ පාපතර ලෝකය හැර යන්නට හිතා ගත්තේ ශණිකවය ඈතින් වේගයෙන් ආ බස්රථය පැන්නේ නිමල් සහ ඔහුගේ මිතුරාගෙන් පළිගන්නා බව සිතමින් විය යුතුය..වත්සලාගේ සෙල්ලක්කාර ජීවිතය එතනින් නිමා වුණි....

    වත්සලාගේ අවසන් කටයුතු ඉටු කිරීමෙන් දින කිහිපයකට පසුව ‍තිස්සමහාරාම අලුත්ගොඩපාරේ දී නැවතත් වත්සලා උපත ලැබුවේ අවතාරයක් ලෙසිණි...රාත්‍රී කාලයේ එම පාරෙන් ගමන් ගන්නා ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනෙකුම වත්සලාගේ ගන්ධබ්බ රුව දැකඇත පිස්සියක සේ කෙස් රොද හේලාගෙන පාවී එන මේ රුව දුටු කිහිප දෙනෙකුම අලුත්ගොඩ පාරේ ඇති බව කිව යුතුය..

    දිනක් ගොම්මන් යාමයක ගැබිණි මවක් අලුත්ගොඩපාරෙන් තනිවම පැමිණ ඇත එකවරම වත්සලාගේ අර්ධ රුව ඒ මව වෙත කඩාපැන ඇත එතැන් පටන් එම ගැබැණි මව පිස්සියක සේ විකාරයෙන් යම් යම් දේ පවසන බව ද නිතරම ත්‍රීරෝද රථ ගැන පවසන බවද ගම්මුන් කියති නිමල්ටද එම මිතුරාටද එදින සිට මේ දක්වා හරියට නින්දක් නොමැත රෑ කාලයේදී තමන්ට නොයෙකුත් අද්භුත ශබ්ද ඇසෙන බව හිතවතකු සමග පවසා ඔහු සහ එම මිතුරා දැනට ප්‍රදේශය හැරගොස් ඇති බවද ආරංචිවෙයි කෙසේ නමුත් මෙහි සත්‍යතාව සොයාබැලීමට පුද්ගලයින් කිහිප දෙනෙකුම මෙහි පැමිණ ඇති නමුත් ඒ කිසිම කෙනෙක්ට මෙතෙක් හෝඩුවාවක් හෝ දැනී නොමැත නමුත් අහම්බෙන් ඒ පාරෙන් රෑ බොවී ගමන් කරණ ඔනෑම කෙනෙක්ට යම් යම් අද්භූත තත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද නොරහසකි. මෙසේ අසාධාරණයකට ලක්වූ ඒ අවතාර යුවතියටවත් සමාජයේ මෙවන් විපත් භිය ගන්වා හෝ වැළක්වීමට හැකි නම් එය හොල්මන් අඩවියේ ද ප්‍රශංසාවට ලක්වනු ඇත......



    උ,ගැ- හොල්මන් අඩවිය:yes::yes:

    :love::love:රෙප් + එකක් දෙනවද???:love::love:

    එල මචන් :D
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මෙහෙම කියනවට තරහ වෙන්න එපා මචන් මැක්ස වැඩේ කීප් ඉට් අප් මෙ ලින්ක් එක ප්ම් කරනවද?:)
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    මීට වසර ගනනාවකට පෙර දිස්ත්‍රික් පාසල් වොලිබෝල් තරඟාවලියක් සඳහා අම්පාර ප්‍රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට අයත් නාමල්වැව නම් සුන්දර ගම්මානයේ වැව ඉස්මත්තෙහි පිහිටි නාමල් වැව විදුහලට යෑමට ප්‍රියන්ත ගුණසේකර මහතාද එක්වී ඇත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නි‍යෝජනය කළ ඔහු ඉතා ඉහල දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි පළමු තරඟය ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට අම්පාරේ යාමට ඒමට නොහැකි බැවින් පසුදින තරගයට සහභාගි වීම සඳහා එදින නාමල් වැව විදුහල් ගොඩනැගිල්ලේ රැය පහන් කිරීමට සිදුවිය .


    නමුත් එදින රැය එතරම් භිහිසුණු වේයැයි කිසිම කෙනෙකු කිසිවිටකත් නොසිතා ඇත...එකල ක්‍රීඩා ගුරුවරයා වූයේ අම්පාරේ වසන්ත ගුරුමහතාය..සංවිධායක මණ්ඩලය විසින් මොවුන්ට පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ල නවා තැන් සඳහා වෙන් කර දී ඇත මිතුරන්ද කැටුව ප්‍රියන්ත මහතාද නිද්දට සැරසෙන විට රෑ දහය පසුවී තිබුණි ශාලාව පුරා කොල්ලන්ගෙන් පිරී තිබුණි.ප්‍රියන්ත මහතා ලැගුම් ගත්තේ ශාලාවේ දකුණු කෙළවරේය...වසත්ත ගුරුමහතාද මොවුන් අසලම ඩෙස්බංකු කිහිපයක් දමා ඒ මත නිදාගැනීමට සැරසී ඇත මෙසේ සියල්ලෝම නින්දට වැටිණ නාමල් වැව පෙදෙසින් හැමූ සීතල සුළඟත් මහන්සියත් නිසා නොදැනුවත්වම සියල්ලම පාහේ තද නින්දට වැටිණ.

    එකවරම පැරණි දොරක් අරින විට නැගෙන සබ්දය ශාලාවේ වම් කෙළවරින් ඇසෙන්නට විට එය ශාලාවේ වම් පස තිබූ බිත්ති කබඩ්එක විවෘත වන හඩයි සබ්දයට ළමුන් සියල්ලන්ම ඇහැරුනත් සුළඟට කබඩ් එක විවෘත වූවා යැයි සිතා නැවතත් සැවොම නින්දට වැටිණ නමුත් ගතවූයේ සුළුමොහොතකි ශාලාවේ වම්පස සිට පුද්ගලයකු අඩි හප්පමින් දකුණු පස දෙසට ඇවිද යන ආකාරයක් ඇසෙන්නට විය වසන්ත ගුරුමහතා ඇතුලූ සියලුම ළමයින් වහා නැගිට විදුලි පන්දම් ගෙන සෝදිසි කරන්නට වූයේ සොරකු තමන් සතු බඩු භාහිරාදිය සොරා ගැනීමට පැමිණ ඇතැයි සැක සිතූ බැවිණි එමෙන් පලමු බිත්ති කබඩ් එකද විවෘතවී තබුණි ප්‍රියන්ත මහතා ඇතුළු සැවොම සිතුවේ කබඩ් එකෙහි සැගවී සිට පුද්ගලයකු ශාලාවේ ඇවිද ගිය බවයි නමුත් පාසල් වත්ත පුරා ද විදුලිපන්දම් යොදා සෝදිසි කරද කිසිම සලකුණක් හෝ සොයාගැනීමට අපෝසත් විය.

    නැවතත් බල්ලකු හෝ විය හැකි යැයි සිතා සියල්ලෝම නින්දට සැරසුණි සියල්ල තැන්පත්වූ විගසම වම් පස සිට දෙවන කබඩ් එකද හඬ නංවමින් විවෘත විය සියල්ලම නිසොල්මනේ සිටියේ මෙය කුමක්දැයි දැන ගැනීමටය ඒ සමඟම ශාලාවතුල කවුරුන් හෝ දුවන බවක් ඇසෙන්නට විය තෙවන කබඩ් එක ද එකවරම විවෘතවිය සියල්ලම නැගිටිනවාත් සමගම ප්‍රියන්ත මහතා අසලම තිබූ බිත්ති කබඩ් එකද හඬනංවා විවෘත විය සියල්ලම භයෙන් ත්‍රස්තවිය ළමයින් ඒ මේ අත දිවයන්නට පටන් ගත්තේය වසන්ත ගුරුමහතා දැඩි වෙහෙසක් දරා සියල්ලම පාලන කර ගැනීමට සමත් විය නමුත් විදුලිපන්දම් ගෙන සෝදිසි කරබැලුවද සියලුම බිත්ති කබඩ් විවෘත වී ඇති ආකාරය පමණක් දැක ගත හැකි විය පුදුමය නම් අගුලු දමා තිබූ බිත්ති කබඩ් පවා විවෘතවී තිබීමයි කෙසේ වෙතත් සියලු දෙනාම එක තැනකට රොක්වී නිදිවර්ජිතව රැය පහන් කළේය....හිමිදිරියේ සිදුවූ සිද්දිය පිළිබඳ සොයා බැලුවද කිසිම සලකුණක් අඩි සලකුණක් හෝ තිබී නැත නමුත් ශාලාවේ බංකුවක් අසල සයිස් 10යේ තනි සෙරෙප්පුවත් තිබී හමුවිය නමුත් එම සෙරෙප්පුව කෙරෙහි අවධානයක් යොමුවූයේ නැත.

    සිද්ධිය පිළීබඳ කතා කරමින් සියල්ලම නාමල්වැවට මුහුණ සේදීමට ගියේය එවිට එතන සිටියේ තරමක් වයසැති පුද්ගලයෙකි. වසන්ත ගුරුතුමා ඔහු සමඟ ඊයේ රෑ වුන සිදුවීම පැවසීය එකවරම ඔහු ඇසුවේ සයිස් 10 සෙරෙප්පුවක් තිබුණාද? කියාය සියල්ලන්ටම දෙලොව රත්වූයේ එම පුද්ගලයා පැවසු කථාවෙනි..."මහත්තයෝ...ඔය හෝල්එකේ බාල්කෙ එල්ලිලා ගෑණු මනුස්සයෙක් මැරුණ නේ ...හැබැයි මරණ පරික්ෂණයෙදි හෙලිවූණේ ඒක සියදිවි හානිකර ගැනීමක් නොව මිනී මැරුමක් කියල...ඔය ගෑනිගෙ අවතාරෙ ගමේ කීප දෙනෙක් දැකල තියනව..ඔය හෝල් එකේ කාටවත් ඉන්න දෙන්නෙ නෑ හිටියොත් ඔය වගේ අද්භුත දේවල් සිදුවෙනව ඒ වගේම උදේ බලද්දි සයිස් 10 සෙරෙප්පුවක් කොහෙන් හරි හෝල්එක ඇතුලෙ තියනව..මිනිස්සු නම් කියන්නෙ ඔය ගෑනිව මරල එල්ලල තියෙන්නෙ සයිස් 10 සෙරෙප්පු දාන කෙනෙක් නිසා මේ අවතාරය ඒ බව මිනිස්සුන්ට අඟවන්න එහෙම කරනව ඇති කියල..."

    උ.ගැ- හොල්මන් අඩවිය:love::love:

    :love::love:රෙප් ++ එකක් දාන්න හොදේ...!!!:love::love:

    :oo: :eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හොල්මං වලට බයයි නම් කනත්තෙ ගෙවල් හදයිද බන්.
    මොනව උනත් ඇස් දෙකෙන් දැක්ක වගේ ගොතල තියනවා.ලොල්
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    ඔන්න තව එකක් දාන්න යන්නේ...!!! බය වෙන්න ලෑස්ති වෙන්න.............!!
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හොල්මං වලට බයයි නම් කනත්තෙ ගෙවල් හදයිද බන්.
    මොනව උනත් ඇස් දෙකෙන් දැක්ක වගේ ගොතල තියනවා.ලොල්


    monawa unath wade maru kiyala hithenawa machan kocchara candi hitiyath atthata muhuna dunnoth aniwa badaeliya yanawa mamanam awankawama bayay onn ...........
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    එඩේර හොල්මන...!!

    බදුල්ලට නුදුරු හාලිඇල නම් ප්‍රදේශයේ බෝගහමඬිත්ත ගමේ සිට බලන විට ගලපිටගල නම් කදු මුදුන ස්වභාව සෞන්දර්යය අතින් මනරම්ය ...නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට ගමන් බිමන් යෑම ඉතා අපහසුය ඒ විශාල කන්දක් තරණය කිරීමට ඇති බැවිණි.එම ප්‍රදේශයට නුදුරු ජයන්තිපුර ගම්මානයේ ඉෂාරට ගලපිටගල ප්‍රදේශයේ ඇති තමාට හිම ඉඩමෙහි ඇති ගොවිපළ වෙත යෑම සුපුරුදු පහසු කට යුත්තක් වූ නමුත් නුපුරුදු පුද්ගලයෙකුට නම් එය ඉතා අසීරු කටයුත්තකි එම කන්දේ එකසැරයක් ගියොත් හොඳපන ගිහින්.! මෙම කන්ද තරණය කරන මාර්ගය ඉතාම පාළුය පෙදෙසකි..පේන තෙක්මානයක ගෙයක් දොරක් නැත සිවලන්ගේ හූ හඬ පමණක් ඇසෙයි එමෙන් සමහර සිවලුන් මිනිසුන් ගේ පසුපස ලුහු බඳින අවස්ථාද ඇති බව ඉෂාර පවසයි.


    තම ගොවිපලෙහි කිරි හරකුන් 4 දෙනෙකු සහ කුකුලන් 25-30ක කොටුවක් ද ඇත එම සතුන් බලාකියා ගැනීමට ඔහුට සිදුවූයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක රැකියාව කරන අතරතුරය.නිවාඩු දිනයන්හී රැය ගොවිපලේ ඇති කුඩා නිවසේ ගත කිරීම ඔහුගේ සිරිතයි. එසේ එම ගොවිපලෙහි රාත්‍රිය ගතකරන දිනයක වුණ සිදුවීමකි මේ....

    ගවයින්ට තණකොළ ද කපා ගෙනත් දැමූ ඔහු තිබූ මහන්සිය නිසා වේලාසනින් කෑම ටිකක් කා නින්දට යන්නට සිතුවේය ඔහු ඉක්මනින් බතක් පිසෙන්නට හැර පරිප්පු හොද්දක් සඳහා සියල්ල සූදානම් කරමින් සිටියේය එකවරම බල්ලන් බුරන හඬක් ඇසෙන්නට විය ඔහු විදුලි පන්දම ගවයින් සහ කුකුලන් සිටින දෙසට යොමු කරමින් විපරම් කරන්නට විය කිසිම සතකු හෝ පුද්ගලයෙකු එහි නොසිටින බව තේරුම් ගත් ඔහු නැවත තම කාර්යයයෙහි නිරත වුයේය.පරිප්පුයි බතුයි කෑ ඔහු සිගරුට්ටුවක් දල්වා එළි මහනේ ඇති කුඩා පුටුව මත වාඩි වූයේය එවිට නැවතත් බල්ලන් තමන් ඉදිරිපිටට විත් ගව ගාල දෙසට හැරී බුරන්නට විය එවිට කුකුලන්ද කෑ කෝ ගසන්නට විය එය එන්න එන්නම වැඩි වන්නට විය ඔහු තම කැප් තුවක්කුව ද අතට ගෙන පරුෂ වචන කියමින් කවුද යකෝ ඔතන ඉන්නෙ ...කවුරු උනත්ත කමක් නෑ වෙඩි තියනව! කියමින් විදුලි පන්දම ඒ දෙසට යොමු කරමින් ඉදිරියට යන්නට විය නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ නැතිවී ගියේය..හැම අස්සක් මුල්ලක්ම විපරම් කල අතර ඒ අවට පේන තෙක් මානයෙහි විදුලි පන්දම යොදා සොයා බැලිය නමුත් කිසිම හෝඩුවාවක් හෝ දැක ගැනීමට නොහැකි විය නමුත් යම් නුහුරු බවක් දැනුනු හෙයින් ඔහු කවුරුන් හෝ එතැයි සිතා අසල පිහිටි ගස මුදුනට නැග රැක සිටීමට සිතුවේය යාන්තමින් හඳ එළියද වැටී තිබුණි .

    ටික‍ වෙලාවක් ගතවූ තැන නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ ඇසෙන්නට විය ඔහු ගහ මුදුනේ සිට ගව මඩුව දිහා ඇස් යොමා සිටියේය පුදුමයකි! එකවර ඒ දෙසින් සිහින් ටින් හඬක් නිකුත් විය කුඩා ටින් එකකට ගසනවාක් මෙන්. ඒ සමඟම බල්ලන් ඒ දෙසට පැන පැන බුරන්නට විය ගස උඩ සිටින ඔහුට යාන්තමින් ඡායාවක් පෙනෙන්නට විය කුඩා බෙරයක් බැඳගත් දිගු වැරහැලි කබායක් හැදගත් හිසරෙදි කැබැල්ලකින් වසා ගත් තරමක කුඩා මිනිසකු ගේ ඡායාවකි. මෙය දුටු වහාම ඉෂාර සිතුවෙ කුකුලන් සොරකන් කිරීමට ආ පුද්ගලයෙක් ය යන්නයි පරුෂ වචන කියමින් ගසෙන් බැස ඔහෙ හිටු හොර තක්කඩියා! කියමින් එම මිනිසා සිටින තැනට යන්නට විය මදක් ඒ දෙසට කිට්ටුවන විට ඉෂාරට දෙලොව රත්විය, එයට හේතුව මෙම මිනිසාගේ ශරීරයෙන් විනිවිද පෙනෙන්නට විමයි ඔහු භය භිරන්ත වී ඒ අසලට නොයා කැගසන්නට විය නමුත් එම පුද්ගලයා එය ගනනකට වත් නොගෙන කුඩා රිදීපාට භාජනයකට හරකුන්ගේ කිරි දොවන්නට විය පසුව ටික වේලාවකින් නොපෙනී යන්නට විය ඔහු කිසි විටකත් තමාට මුහුණු දුන්නේ නැත මුහුණ කෙබඳුදැයි කීමට පුළුවන්කමක් නැති බව ඉෂාර පවසයි ඇඳසිටියේ වැරහැලි ලෝගුවකි.

    ඇතැමුන් පවසන්නේ කිරි ගවයින් සිටින ස්ථාන වලට එන එ‍‍‍‍ඩේරකුගේ අවතාරයක් බවයි කෙසේ වුවත් එතෙක් කාලයක් හොල්මන් අවතාර නැතැයි තරයේ පැවසූ ඉෂාර දැන් පවසන්නේ එහි යම් සත්‍යයක් ඇති බවත් තමා සියැසින් ඒ බව දුටු නිසා එම මත දැන් විස්වාස කිරීමට සිදුවී ඇති බවත්ය එහෙත් එදා දුටු ඒ එඩේර අවතාරය නැවතත් කිසිම දිනක දැක ගැනීමට නොහැකි වූ බවද ඔහු අප සමඟ පැවසීය.

    :confused::confused::confused::confused:

    බුදු අම්බෝ...............!!! මටත් බයයි වගේ...!!:baffled::baffled::baffled::baffled::baffled:
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    හොල්මං වලට බයයි නම් කනත්තෙ ගෙවල් හදයිද බන්.
    මොනව උනත් ඇස් දෙකෙන් දැක්ක වගේ ගොතල තියනවා.ලොල්

    හොල්මං මරු හලෝ........!! මාර ෆන්..!!:confused::confused::confused::baffled::baffled::baffled::baffled: