හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මරණින් මතු පුතුගෙ නිවසට..........!!!

    "තාත්තේ , අම්මේ මවා බේරා ගන්න ආච්ච් අම්මා මගේ බෙල්ල මිරිකනවා."


    කුඩා දැරියගේ මරලතොනිය නිවස පුරා පැතිරිණ. ඒ සමගම ඈ උගුර යටින් ගොර ගොර හඩක් නිකුත් කළාය. දැරියගේ මවත් පියාත් කාමරයට දිව ගියහ. ඹවුන් දුටුවේ ගෙලෙහි ඇගිලි පහරවල්ද සහිතව මිය ගොස් සිටින තම සිගිති දියණියයි. ඇගේ ගෙල මිරිකා දමා තිබිණි.


    මේ ගමක් බිය ගැන්වු "ලෙකී" මහත්මියගේ අවතාරය විසින් සිදු කරන ලද බිහිසුණුම ක්‍රියාවයි.


    දහඅටවැනි ශත වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ සොමර් සෙටි ග්‍රාමයේ ජිවත් වු "ලෙකී" මහත්මිය ඉතාමත් කරුණාවන්ත මහළු කතක් වුවාය. තම එකම පුත්‍රයාත් ලේලියත් කුඩා මිණිපිරියත් සමගය ඈ වාසය කළේය. ඈ ගේ කරුණාවන්ත ගතිගුණ නිසා අසල්වැසියෝ ද ඇයට බෙහෙවින් ඇලුමි කළෝය. දිනක් ලෙකී මහත්මිය සමග කතා කරමින් සිටි අසල්වැසි කාන්තාවක් මෙසේ කීවාය.


    "ඹබ වගේ කරුණාවන්ත ගැහැණියකගේ අගය කවද හරි අපට හරියටම තේරෙන්නේ ඹබ නැති දවසකටයි."


    මෙයට "ලෙකී" මහත්මිය දුන්නේ පුදුම එලවන සුළු පිළිතුරකි.


    "ජිවත්ව ඉන්න මාව ඹබට ප්‍රිය වුනාට මා මිය ගියාට පසු මාව දකින එක හෝ කතා කරන එක ඹබට ප්‍රියජනක වන්නේ නහැ."


    "අසල්වැසි කාන්තාව උපහාසාත්මකව සිනාසුණාය. ඹබ මිය ගියාට පසුව අපි කොහොමද ඹබව දකින්නේ? කතා කරන්නේ?"


    "හොදයි බලමුකෝ ලෙකී මහත්මිය කීවාය."


    "ලෙකී" මහත්මියගේ මරණයෙන් පසු අවමගුල් කටයුතු සිදු කරන ලදි. ගමි වැසියෝ ඇය වෙනුවෙන් අවංකව වැළපුණාහ. "අපි අයෙ කවද මේ තරමි කරුණාවන්ත ඇය දකින්නද?" කදුළු සලමින් ඹවුහු පැවසුහ.


    එහෙත් ඉක්මනින්ම ඹවුහු ඇයව දුටුවෝය.

    *********

    දිනක් ගමේ දොස්තර මහතා හිරු රැසින් නැහැවෙන සුන්දර උදෑසනක කුඹුරු යායක් මැදින් ගමන් කරමින් සිටියේය.මගදී හමු වු මහළු කාන්තාවකට සුබ උදැසනක් පැතු ඹහු අගලකින් පැන ගැනිමටත් ඇයට උපකාර කළේය. හදිස්සියේම දොස්තරට විශාල අමුත්තක් දැනිණ.මහලු කතගේ මුහුණ පරීක්ෂාකාරීව බැලු ඹහුට ඇය කතා කරන විට ඇගේ දෙතොල නොසෙල්වන බවත් ඇය හිස පසකට හැර වු විටත් ඇගේ දෙනෙත් තමාගේ දෙසට ඹරවාගෙන සිටින බවත් පෙණින. මෙයින් මදක් තැති ගත් දොස්තර මහතා වහා ඇය මගහැර ඉදිරියට වේගයේන් ඇවිද ගියේය. එහෙත් ඊළග මොහොතේ තමා ඉදිරියේ දිස් වු දර්ශනයේන් ඹහු පුදුමයට පත්විය.


    ඉදිරියෙහි වු කඩුල්ලක් මත මහළු කාන්තාව වාඩි වී සිටියාය. තමා පසු නොකොට කිසිවෙකුට ඒ කඩුල්ල අසලට යා නොහැකි බැවින් දොස්තර මැදිවුයේ විසදාගත නොහැකි ගැටලුවකටය.


    දොස්තර මහතා කඩුල්ල අසලට පැමිණී විටත් මහළු ගැහැණිය කඩුල්ල මතින් ඉවත් නොවී ඹහුගේ පාර හරස් කරමින් සිටියාය.


    "කරුණාකරල මට එහා පැත්තට යන්න ඉඩ දෙන්න" දොස්තර පැවසුවේය.


    "මම කැමති නෑ ඹබ එහා පැත්තට යනවට"


    "ඒක මහ පුදුම කතාවක්නේ. කරුණාකරල මට යන්න ඉඩ දෙන්න"


    හඩ නගා සිනාසුණු ඇය ඉවත් නොවීම සිටියාය.


    "ඹබට කඩුල්ලෙන් පනින්න මම උදවි කරන්නද?" දොස්තර ඇසුවේය.


    "මම දැනටමත් ඉන්නේ එහා පැත්තේ තමයි"


    මහළු කත සමග වාග් සංග්‍රාමයෙන් විඩාවට පත් වු දෙස්තර මහතා ඇය පසෙකට තල්ලු කර දමමින් කඩුල්ලෙන් එහා පැත්තට පැන්නේය. ඒ සමග මහළු ගැහැණිය ශක්තිමත් පා පරක් එල්ල කර බැණ වැදුණාය.


    "මහළු කාන්තාවන්ට ගරු කරන්න ඉගෙන ගනින්"


    මේ අතරේමිය ගිය ලෙකී මහත්මිය නැවත ගම වටා සැරි සරන බවට කට කතාවක් පැතිරිණි. ගමිමානයට නුදුරින් වු තොටුපල අසල සිටගෙන සිටින ඇය ඈත පෙනෙන බෝටිටු වල සිටින අයට කතා කරන්නීය. ඇයට එගොඩ වීමට බෝටිටුවක් ගෙන එන ලෙසකියමින් පරුෂ වචනයෙන් බෝටිටු කරුවන්ට බැණ වදින්නීය. මුළින් දිනවල ඇය හදුනා නොගත් බෝටිටු කරුවන් ඇය අසලට ගිය පසු ඹවුන්ට ශාප කරමින් බෝටිටුව නැවත රැගෙන යන ලෙසට ඇය තර්ජනය කරයි.


    පසු කාලයේ බෝටිටු කරුවෝ ඇගේ කෑ ගැසීම ගණන් නොගත්හ. එවිට ඇය වඩාත් කෝපයෙන් වියරු වැටි ඹවුන්ට ශාප කරමින් බැණ වදින්නීය.


    ජීවත්ව සිටි කාලයේ ලෙකී මහත්මිය සිය එකම පුත්‍රයාට දැඩි සෙනෙහසක් දැක්වුවාය. නමුත් මියගිය පසු ඇය ක්‍රියා කළේ ඹහු තම පරම සතුරෙකු ලෙස සලකාය.


    තරුණ ලෙකී ව්‍යාපාරිකයෙකි. අයර්ලන්තය සමග වෙළද සමිබන්ධකමි පැවති බැවින් ඹහු තම භාණ්ඩ එංගලන්තයේ සිට අයර්ලන්තය කරා පිටත් කළේ නැවි මගිනි. පුත්‍රයාගේ පළිගැනිමට මාන බලමින් සිටි ලෙකී මහත්මියගේ අවතාරයේ මුල්ම පියවර වුයේ මෙම නැවි මුහුදු බත් කරවීමයි.


    වරාය කරා ළං වන ලෙකී ගේ නැවි දකින මහළු ගැහැනිය වරායේ සිට කටින් සිවුරුහන් කරයි. එවිට එක්වරම නිශ්චල පරිසරය කැළඹෙයි. දැඩි සුළගක් හමා වෙළද භාණ්ඩ රැගත් නැව මුහුදු බත් වෙයි. මෙලෙස නැවි ගණනාවක් විනාශ වීම නිසා තරුණ ලෙකී ගේ වෙළදාම ද පිරිහුනේය.


    ලෙකී ගේ භාණ්ඩ රැගෙන යන නැවි වලට අත්වන අභාග්‍ය සමිපන්න ඉරණම දන්නා නැවි හිමියෝද ඹහුට නැවි කුලියට නුදුන්ණෝය. අළුතෙන් වෙළද භාණ්ඩ මිලට ගැනීමට ඹහු අත මුදල් හිග විය.


    පුතාගේ වෙළදාමේ පරිහානියෙන් නොනැවතුණු මහළු කාන්කාව ඹහුගේ නිවසද ආක්‍රමණය කළාය. පුත්‍රයා හැරුණු විට නිවසේ අනෙක් සියල්ලන් හමුවේ විටින් විට ඇය දෘශ්‍යමාන වුවාය. මේ නිසා ලෙකී නිවසේ සියල්ලන්ම කල් ගත කලේ සංත්‍රාසයෙනි.


    ඇතැමි රැයක නින්දට යාමට සුදානමි වන තරුණ ලෙකී යුවලගේ කාමරයේ මහළු කත දිස්වෙයි. නමුත් ඇව පෙනෙන්නේ බිරිදට පමණකි.


    "අන්න ඹයාගේ මව අපිත් සමග කාමරයේ ඉන්නවා" කියමින්ඇය බියපත්ව කෑ ගසන්නීය. ගෙතුළ දිස්වෙන අවතාර දර්ශන නිසා ලෙකී පවුල කාලය ගතකළේ මහත් අසහනයෙනි.


    මෙම සිදුවිමි සියල්ලෙහි උචිච අවස්ථාව වුයේ මුලින් සදහන් කළ කුඩා දැරියගේ මරණයයි. දියණියගේ අවමගුලෙන් පසු ලෙකී යුවල කල්ගත කළේ උමතු වුවන් ලෙසිනි. මිය යාමට පෙර මහළු ලෙකී මහත්මිය කියු පරිදිම ඇය කාගෙත් අප්‍රසාදයට පත්වෙමින් හුන්නාය.


    දැරිය‍ගේ මරණයෙන් පසු දිනක් ඇගේ මව කැඩපත ඉදිරියට වී දුක්දුසු මුහුණෙන් යුතුව තම හිස පීරමින් හුන්නාය.


    එක්වරම ඇගේ උරහිසට උඩින් කැඩපතෙහි දිස් වුයේ මියගිය ලෙකී මහත්මියගේ රුවයි.


    "ඇයි අමිමා අපට මෙහෙම දුක් කරදර දෙන්නේ" නිරායාසයෙන්ම තරුණ කාන්තාවට කියවිණ.


    "අපි මීට පස්සෙ සාමයෙන් ඉමු. මම ඹබලාට කරදර කරන්නේ නෑ" බෙහෙවින් පසුතැවිලි වන හඩකින් අවතාරය පිළිතුරු දුන්නාය.


    මොනවද අමිමට අපෙන් ඹිනැ කරන්නේ නැවතත් තරුණ කාන්තාව ඇසුවාය. අවතාරයෙන් පිළිතුරක් නොලැබුණි. එය නොපෙනී ගියේය. ඉන්පසු මහළු කාන්තාව තම පුතාට හා ලේලියට කරදර නොකළාය. නමුත් ඉතාමත් දිලින්දන් ලෙස තම එකම දරුවාද අහිමි වු තරුණ යුවළ මිය යන තෙක්ම ජීවත් වුයේ දුක් සුසුමි මැදය.


    ඹවුන්ගේ මරණයෙන් බොහෝ කලක් ගතවන තුරුත් "ලෙකී" මහත්මිය ගම පුරා හොල්මන් කළාය. ඇතින් එන නැවි විනාශ කළාය. ගම පුරා සැරි සරන මහළු ආත්මය පිළිබද පැහැදිලිවම නිර්වචනය ඉදිරිපත් කළේ ගමේ දේවස්ථානයේ තරුණ පුජකයාය.


    "ලෙකී" මහත්මිය තුළ සැගවුනු කුරිරු ගති තිබුණා. නමුත් ඇය ඒවා සගවාගෙන ඉතාම කාරුණික තැනැත්තියක් ලෙස ජීවත් වුණා. ඇය දැඩි ආගමානුකුල ජීවිතයක් ගත කිරීමටත් මීට එක් හේතුවක්. ඇගේ යහපත් ගතිගුණ නිසා මිනිස්සු ඇයට ප්‍රශංසා කළා.තමාගේ පියවි ස්වරූපයයෙන් ජීවත් විමට නොහැකි වු ඇය වෙස් මුහුණක් පැළදගෙනයි මිනිස් ලෝකයේ හිටියේ. මරණයෙන් පසු ඇගේ ආත්මය රිසි පරිදි ජීවත් වෙන්න නිදහස ලබා ගත්තා.




    උ.ගැ- කලුවර අඩවිය :love::love:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    බදුල්ලට නුදුරු හාලිඇල නම් ප්‍රදේශයේ බෝගහමඬිත්ත ගමේ සිට බලන විට ගලපිටගල නම් කදු මුදුන ස්වභාව සෞන්දර්යය අතින් මනරම්ය ...නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට ගමන් බිමන් යෑම ඉතා අපහසුය ඒ විශාල කන්දක් තරණය කිරීමට ඇති බැවිණි.එම ප්‍රදේශයට නුදුරු ජයන්තිපුර ගම්මානයේ ඉෂාරට ගලපිටගල ප්‍රදේශයේ ඇති තමාට හිම ඉඩමෙහි ඇති ගොවිපළ වෙත යෑම සුපුරුදු පහසු කට යුත්තක් වූ නමුත් නුපුරුදු පුද්ගලයෙකුට නම් එය ඉතා අසීරු කටයුත්තකි එම කන්දේ එකසැරයක් ගියොත් හොඳපන ගිහින්.! මෙම කන්ද තරණය කරන මාර්ගය ඉතාම පාළුය පෙදෙසකි..පේන තෙක්මානයක ගෙයක් දොරක් නැත සිවලන්ගේ හූ හඬ පමණක් ඇසෙයි එමෙන් සමහර සිවලුන් මිනිසුන් ගේ පසුපස ලුහු බඳින අවස්ථාද ඇති බව ඉෂාර පවසයි.


    තම ගොවිපලෙහි කිරි හරකුන් 4 දෙනෙකු සහ කුකුලන් 25-30ක කොටුවක් ද ඇත එම සතුන් බලාකියා ගැනීමට ඔහුට සිදුවූයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක රැකියාව කරන අතරතුරය.නිවාඩු දිනයන්හී රැය ගොවිපලේ ඇති කුඩා නිවසේ ගත කිරීම ඔහුගේ සිරිතයි. එසේ එම ගොවිපලෙහි රාත්‍රිය ගතකරන දිනයක වුණ සිදුවීමකි මේ....

    ගවයින්ට තණකොළ ද කපා ගෙනත් දැමූ ඔහු තිබූ මහන්සිය නිසා වේලාසනින් කෑම ටිකක් කා නින්දට යන්නට සිතුවේය ඔහු ඉක්මනින් බතක් පිසෙන්නට හැර පරිප්පු හොද්දක් සඳහා සියල්ල සූදානම් කරමින් සිටියේය එකවරම බල්ලන් බුරන හඬක් ඇසෙන්නට විය ඔහු විදුලි පන්දම ගවයින් සහ කුකුලන් සිටින දෙසට යොමු කරමින් විපරම් කරන්නට විය කිසිම සතකු හෝ පුද්ගලයෙකු එහි නොසිටින බව තේරුම් ගත් ඔහු නැවත තම කාර්යයයෙහි නිරත වුයේය.පරිප්පුයි බතුයි කෑ ඔහු සිගරුට්ටුවක් දල්වා එළි මහනේ ඇති කුඩා පුටුව මත වාඩි වූයේය එවිට නැවතත් බල්ලන් තමන් ඉදිරිපිටට විත් ගව ගාල දෙසට හැරී බුරන්නට විය එවිට කුකුලන්ද කෑ කෝ ගසන්නට විය එය එන්න එන්නම වැඩි වන්නට විය ඔහු තම කැප් තුවක්කුව ද අතට ගෙන පරුෂ වචන කියමින් කවුද යකෝ ඔතන ඉන්නෙ ...කවුරු උනත්ත කමක් නෑ වෙඩි තියනව! කියමින් විදුලි පන්දම ඒ දෙසට යොමු කරමින් ඉදිරියට යන්නට විය නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ නැතිවී ගියේය..හැම අස්සක් මුල්ලක්ම විපරම් කල අතර ඒ අවට පේන තෙක් මානයෙහි විදුලි පන්දම යොදා සොයා බැලිය නමුත් කිසිම හෝඩුවාවක් හෝ දැක ගැනීමට නොහැකි විය නමුත් යම් නුහුරු බවක් දැනුනු හෙයින් ඔහු කවුරුන් හෝ එතැයි සිතා අසල පිහිටි ගස මුදුනට නැග රැක සිටීමට සිතුවේය යාන්තමින් හඳ එළියද වැටී තිබුණි .

    ටික‍ වෙලාවක් ගතවූ තැන නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ ඇසෙන්නට විය ඔහු ගහ මුදුනේ සිට ගව මඩුව දිහා ඇස් යොමා සිටියේය පුදුමයකි! එකවර ඒ දෙසින් සිහින් ටින් හඬක් නිකුත් විය කුඩා ටින් එකකට ගසනවාක් මෙන්. ඒ සමඟම බල්ලන් ඒ දෙසට පැන පැන බුරන්නට විය ගස උඩ සිටින ඔහුට යාන්තමින් ඡායාවක් පෙනෙන්නට විය කුඩා බෙරයක් බැඳගත් දිගු වැරහැලි කබායක් හැදගත් හිසරෙදි කැබැල්ලකින් වසා ගත් තරමක කුඩා මිනිසකු ගේ ඡායාවකි. මෙය දුටු වහාම ඉෂාර සිතුවෙ කුකුලන් සොරකන් කිරීමට ආ පුද්ගලයෙක් ය යන්නයි පරුෂ වචන කියමින් ගසෙන් බැස ඔහෙ හිටු හොර තක්කඩියා! කියමින් එම මිනිසා සිටින තැනට යන්නට විය මදක් ඒ දෙසට කිට්ටුවන විට ඉෂාරට දෙලොව රත්විය, එයට හේතුව මෙම මිනිසාගේ ශරීරයෙන් විනිවිද පෙනෙන්නට විමයි ඔහු භය භිරන්ත වී ඒ අසලට නොයා කැගසන්නට විය නමුත් එම පුද්ගලයා එය ගනනකට වත් නොගෙන කුඩා රිදීපාට භාජනයකට හරකුන්ගේ කිරි දොවන්නට විය පසුව ටික වේලාවකින් නොපෙනී යන්නට විය ඔහු කිසි විටකත් තමාට මුහුණු දුන්නේ නැත මුහුණ කෙබඳුදැයි කීමට පුළුවන්කමක් නැති බව ඉෂාර පවසයි ඇඳසිටියේ වැරහැලි ලෝගුවකි.

    ඇතැමුන් පවසන්නේ කිරි ගවයින් සිටින ස්ථාන වලට එන එ‍‍‍‍ඩේරකුගේ අවතාරයක් බවයි කෙසේ වුවත් එතෙක් කාලයක් හොල්මන් අවතාර නැතැයි තරයේ පැවසූ ඉෂාර දැන් පවසන්නේ එහි යම් සත්‍යයක් ඇති බවත් තමා සියැසින් ඒ බව දුටු නිසා එම මත දැන් විස්වාස කිරීමට සිදුවී ඇති බවත්ය එහෙත් එදා දුටු ඒ එඩේර අවතාරය නැවතත් කිසිම දිනක දැක ගැනීමට නොහැකි වූ බවද ඔහු අප සමඟ පැවසීය.

    :confused::confused::confused::confused:

    බුදු අම්බෝ...............!!! මටත් බයයි වගේ...!!:baffled::baffled::baffled::baffled::baffled:

    Mail Kelin Wenawa....Mamath Badulle inne:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    හොල්මන් ගැන දැන ගන්න..

    ඔයාලට හොල්මන් ගැන දැන ගන්න ආසාවක් තියෙනවා නම් මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න,,,!!:love::love::love::love:

    Ghost Research Society



    www.ghostresearch.org
     
    Last edited:

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    තව තියෙනවා.. ඔක්කොම දාන්නම්.. ඔයාලත් දන්න කියන කතා තියෙනම් පෝස්ට් කරන්න...!!!

    :love: :love:
    :love::love: :love::love:
    :love::love::love::love: :love::love::love::love:

    කෝ බං..
    මට පී. එම් එකක් එව්වේ නැනේ.
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කාඩ රජා;7969917 said:


    කෝ බං..
    මට පී. එම් එකක් එව්වේ නැනේ.


    මම සීන් එක ගැන කතා කරා... සිද්දමුල්ලෙ පොට් එක සෙට් කරල දෙන්නම්... මම වැඩේ කම්ෂර්ම් කරල කියන්නම්...!!
    :yes::yes::dull::dull: