හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
මම සීන් එක ගැන කතා කරා... සිද්දමුල්ලෙ පොට් එක සෙට් කරල දෙන්නම්... මම වැඩේ කම්ෂර්ම් කරල කියන්නම්...!!

siddamulle koheda ban ,mama inne pelenwatte.....
 

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    ghoost.jpg

    :D:D:D:D:D:D:D:D
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මේක කියවන බැරිනම් මෙතනින් ෆොන්ට් එක බා ගන්න...!!!
    http://www.kaputa.com/slword/kaputa_new.zip
    :yes::yes::yes::yes:


    ඇයගේ නම එස්‌තර්. වයස අවුරුදු තිහයි. ඇය උප්පත්තියෙන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්‌. වෘත්තියෙන් නිදහස්‌ මාධ්‍යවේදිනියක්‌.

    ඔහුගේ නම ගුන්නාර් ඔහු ස්‌වීඩන් ජාතිකයෙක්‌. වයස අවුරුදු තිස්‌හතයි. එස්‌තර් වාගේම ගුන්නාරුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධයි. එස්‌තර්ට ගුන්නාර්ව මුල්වරට මුණ ගැසිලා තිබුණේ ලන්ඩන් නුවරදියි. ඒ ගුන්නාර් ජනමාධ්‍ය සමුළුවක්‌ සඳහා ස්‌වීඩනයේ ස්‌ටොක්‌හොල්ම්නුවර සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගිය විටකදීයි. හරියටම කියනවා නම් ඒ 2006 වර්ෂයේදීයි.

    ගුන්නාර් මේ ලිපිය ලියන මාගේත් ළබැඳි හිතවතෙක්‌. ඒ හිතවත්කම ඇතිවූයේද වඩාත් දලු ලෑයේද මාද කලක්‌ මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධව සේවය කර තිබුණු බැවිනි. ගුන්නාර්ගේ හිතවත්කම මත, ස්‌වීඩනයට ආගිය එස්‌තර්ව දැන හඳුනාගන්නටද මා හට හැකිවිය.

    මේ සබැඳි යුවළගේ විවාහ උත්සවය සංවිධානය කොට තිබුණේ මහා බ්‍රිතාන්‍යයේ නොටින්ග්හැම්ෂයර් ප්‍රදේශයේදීයි. ඒ සඳහා මා හටද ආරාධනා කරන්නට ඔවුන් අමතක කර තිබුණේ නැත. සැබවින්ම මේ නිහඬ චාම් මංගල්‍ය සඳහා දෙපක්‍ෂයෙන්ම ආරාධනා ලැබ තිබුණේ හතලිස්‌ දෙනකු පමණෙකි.

    ගුන්නාර්ගේ ස්‌වීඩන් පාර්ශ්වය වෙනුවෙන් ඔහුගේ මව මාර්ග්‍රේතා, පියා බෙනඩික්‌, නැඟණිය කමීලා, සොහොයුරු ඇලෙක්‌ස්‌ සහ ඔහුගේ සේවාවස්‌ථානයේ දොළොස්‌ දෙනකුද, මාද ස්‌විඩනයේ පදිංචි තවත් එක්‌ ශ්‍රී ලාංකික සම්භවයක්‌ ඇත්තෙකු වන කෙනත්ද අයත් වූහ. මේ කෙනත්ගේ පියා ස්‌වීඩන් ජාතිකයෙකි. මව ශ්‍රී ලාංකික කාන්තාවකි. එමෙන්ම කෙනත් ගුන්නාර්ගේ නැඟණිය වන කමීලාගේ පෙම්වතාය.

    අදාළ දිනට පෙර දිනයේ ගුවන් මගින් ස්‌වීඩනයේ ස්‌ටොක්‌හොල්ම්නුවර සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගිය අප එහි සිට මනාලයාද පෙරටු කොටගෙන නොටින්ග්හැම්ෂයර් ප්‍රදේශයට ගියේ ඊට පසුදාය. අප එහි යන විට සියල්ල හොඳින් ලකලෑස්‌තිකර තබන්නට එස්‌තර්ගේ පාර්ශ්වය පියවර ගෙන තිබුණාහ. එහි දේවස්‌ථානයකදී දෙදෙනාගේ අතිනත ගැනීම සිදුවූ අතර, අමුත්තන් වෙනුවෙන් දිවා භෝජනය සංවිධානය කර තිබුණේ අවන්හලකය. කෑමෙන්ද බීමෙන්ද එහි අඩුවක්‌ නොවිණි.

    "ඔයගොල්ලෝ දන්නවාද? මේ එස්‌තර් ප්‍රියකරනම විෂය මොකක්‌ද කියලා. අද ඇයගේ අතගත් මේ මනාලයාත්, මෙතන ඉන්න අමුත්තන් කවුරුවත්මත් ඊට නොකැමැති බවට නම් මට විශ්වාසයි......" මනාලිය එස්‌තර් ගැන හැඳින්වීමක්‌ ඇරඹූ ඇයගේ මාධ්‍ය සේවා ආයතනයේ කෙනෙකු මංගල සභාවෙන් විමසුවේය.

    කිසිවකු ඔහුට ඊට උත්තර දෙන්නට ගියේ නැත.

    "මම කියන්නම් මේ එස්‌තර් හුඟාක්‌ දක්‍ෂයි අභිරහස්‌ දේවල් ගැන ගවේෂණය කරන්න. ඒවා ගැන ලියන්න. කොටින්ම කියනවානම් හොල්මන්, අවතාර ගැන. හුඟාක්‌ ගැහැනුන් ඒවාට බයයි. ඒත් මේ සියුමැලි එස්‌තර් ඒවා ගැන දක්‌වන්නේ පුදුම උනන්දුවක්‌. මේ මනාල මහත්තයා එස්‌තර්ට ඒ ගැන වැටකඩොළු නොදමාවි කියලා හිතෙනවා. මෙහේ තියෙනවා ඉතා පැරණි සුවිශාල මන්දිර බොහෝමයක්‌. ඇත්තම කියනවානම් එස්‌තර්ට ඕණෑවුණේ ඒ එක මන්දිරයක මේ සාදය ලක ලෑස්‌ති කරන්නයි. ඒත් මම වාගේම එස්‌තර්ගේ දෙමව්පියෝත් ඒකට විරුද්ධ වුණා......" ඔහු කියා සිටියේය.

    මනාලියගේ ගුණ වයමින් ඇයගේ පියා විලියම්ද, සොහොයුරු පීටර්ද, සේවා ස්‌ථානයේ ප්‍රධානියකුද කතා පැවැත්වූහ. අනතුරුව මනාලයා වෙනුවෙන්ද එවැනිම ගුණ වැයුම් කිහිපයක්‌ම විය.

    නව යුවල මධුසමය සඳහා පිටත්ව යැමේ වේලාවද එළඹ තිබුණේය.

    "මොකක්‌ද අර කිව්ව මන්දිරය. මොකක්‌ද ඒකේ තියෙන විශේෂත්වය." යුවළට සමුදෙන අතරතුර මම එස්‌තර්ගෙන් විමසුවෙමි.

    "ඒක අයිතිවෙලා තිබුණේ ඩුබායිවල ව්‍යාපාරිකයකුට. මම ඔහුව ටිකක්‌ විතර දන්නවා. ඒක හරිම ලස්‌සනයි. පරිසරයත් හොඳයි. නිස්‌කලංකයි. ඉඩ පහසුකම් ඕණෑ තරම්. මේ සාදය සඳහා ඒ මන්දිරය ලබාගන්නයි මං උත්සාහ කළේ. ඒත් ඒකේ හොල්මන්, අවතාර තියෙනවාලු. මං මුලින් ඒ ගැන දැනන් හිටියේ නැහැ. පස්‌සේ මං ඒ ගැන වාර්තාවක්‌ පවා සකස්‌ කළා. හැබැයි ගවේෂණයක්‌ කරන්න තරම් කාලයක්‌ නම් ලැබුනේ නැහැ. මෙතන ඉඳලා වැඩිදුරක්‌ නැහැ. යන ගමන්ම ඔයගොල්ලන්ටත් ඒ මන්දිරය දැකබලාගන්න පුළුවන්. ගුන්නාර්ගේ මල්ලී ඇලෙක්‌ස්‌ පවා ඔය ගැන හුඟාක්‌ විස්‌තර දන්නවා......." එස්‌තර් කියා සිටියාය.

    මේ මංගල සාදයේ සිට ආපසු යන මඟ පිහිටි මේ හොල්මන් මන්දිරය දැකබලා ගැනීමේ වුවමනාවක්‌ද මා තුළ පහල වූවා යෑයි කිවහොත් එය නිවැරදියි. මා මාගේ ඒ අදහස ඇලෙක්‌ස්‌ ඇතුළු ගුන්නාර්ගේ පවුලේ උදවියට ප්‍රකාශ කළ විට ඔවුහු ඊට විරෝධයක්‌ නොදැක්‌වූහ.

    "මේ වෙලාවේ ඒක ඇතුළට යන්න අපට අවසර ලැබෙන්නේ නැහැ. මේක දැන් බැංකු භාරයේ තිබෙන දේපලක්‌. ඒත් වටින් ගිහින් බලන්න පුළුවන්. මේ මන්දිරය පාමුලින් තමයි ට්‍රෙන්ට්‌ ගඟ ගලා යන්නේත්." වටින් ගොඩින් මෙන් අපගේ අදහස දැනගත් එස්‌තර්ගේ සොහොයුරු පීටර් කීවේය.

    කිලෝමීටර් තුනහමාරක මඟක්‌ ගෙවා අප ඒ වෙත ගියෙමු. ඒත් එහි කිසිවකුහෝ දැකගන්නට ලැබුණේ නම් නැත.

    "මේ හොල්මන් මන්දිරයේ උණුසුම තවමත් එහෙමයි. මිනිස්‌සු මේ ගැන තවමත් කතා කරනවා....." අප සමග එහි ගිය පීටර් කියා සිටියේය.

    සැබවින්ම එය මහල් තුනකින් යුත් දැකුම්කළු සුවිශාල මන්දිරයෙකි. එහි නම හැටියට භාවිතාවෙන් "ක්‌ලිප්ටන් ශාලාව" නැතහොත් ක්‌ලිප්ටන් මන්දිරය" යන්නයි. මෙය ඉදිකර ඇත්තේ මීට වසර දහසකට ආසන්න කාලයේදීය. එනම් ක්‍රි. ව. 1100 තරම් ඈත කලෙකදීය. එහෙත් 18 වැනි ශත වර්ෂයේදී ක්‌ලිප්ටන් පවුලේ හිමිකරුවකු විසින් මෙම මන්දිරය ජෝර්ජියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නවීකරණය කර ඇත්තේය. 13 වැනි ශත වර්ෂයේ සිට 20 වැනි ශතවර්ෂයේ මැදභාගය දක්‌වාම මෙම මාළිගයේ හිමිකාරීත්වය නොටින්හැම්ෂර්හි ක්‌ලිප්ටන් පවුලේ අයට පරපුරෙන් පරපුරට උරුමව තිබුණද, 20 වැනි ශත වර්ෂයේ මැද භාගයේදී එවක එහි හිමිකාරීත්වය දරමින් සිටි ලුතිනන් කර්නල් පීටර් තෝමස්‌ ක්‌ලිප්ටන් විසින් එය ක්‌ලිප්ටන් පවුලෙන් පිටත අයට විකුණා ඇත. ඒ අනුව වසර 700 ක කාලයක්‌ තිස්‌සේ ක්‌ලිප්ටන් පවුලට උරුමව පැවත ආ මේ මන්දිරය හා ඉඩකඩම් එතැන් සිට වරින්වර හිමිකරුවන් කිහිපදෙනකු අතටම පත්ව තිබුණාහ.

    මෙම මන්දිරයේ ඇති මුළුකාමර ගණන පනස්‌ දෙකකි. එයින් දාහතක්‌ම නිදන කාමරය. නාන කාමර සංඛ්‍යාව දහයකි. අමුත්තන් පිළිගැනීමේ කාමර සංඛ්‍යාව දහයකි. චිත්‍රපට නැරඹීම සඳහා වෙනමම චිත්‍රපට ශාලාවක්‌ද, ශාරීරික ව්‍යායාම් වෙනුවෙන් ඒ සඳහාම ඉදිකර ඇති මධ්‍යස්‌ථානයකින්ද, අලංකාර ගෙවතු කිහිපයකින්ද, ශුද්ධ වූ මරිය මව්තුමියගේ නමින් ඉදිකළ දේවස්‌ථානයකින්ද, ඊටම යාබද සොහොන් උද්‍යානයකින්ද ඇතුළු මහා මන්දිරයකට අවැසි සියල්ලකින් මේ ක්‌ලිප්ටන් මන්දිරය පරිපූර්ණය.

    මෙම මන්දිරය පිහිටි භූමියට සමාන්තරව ගලායනුයේ දර්ශනීය ට්‍රෙන්ට්‌ ගංගාවයි. 17 වැනි ශත වර්ෂයේ අගභාගයේදී මෙම මන්දිරය සහ ට්‍රෙන්ට්‌ ගංගාවට සමගාමීව කිලෝමීටර් තුනහමාරකට ආසන්න ප්‍රදේශයක්‌ ආවරණය වන පරිද්දෙන් "එල්ට්‌" ගස්‌ සිටුවා මන්දිර ප්‍රදේශය අලංකාර කරන්නට එවක එහි හිමිකරුවාව සිටි සර් ජෙර්වාස්‌ ක්‌ලිප්ටන් පියවර ගෙන ඇත්තේය. දළ වශයෙන් අක්‌කර 944 ක්‌ පුරා පැතිරුණු සුවිශාල භූමි ප්‍රමාණයක්‌ ක්‌ලිප්ටන් පවුලට අයත්ව තිබුණද, එම විශාල ඉඩම් ප්‍රමාණයද ක්‌ලිප්ටන් මන්දිරයද 1940 - 1958 අතර තුර කාලයේදී ක්‌ලිප්ටන් පවුලට අහිමිව තිබුණේය. ඊට හේතුව වී ඇත්තේ එවක එහි හිsමිකාරීත්වය දැරූ අර මා මුලින් කියූ ලුතිනන් කර්නල් පීටර් තෝමස්‌ ක්‌ලිප්ටන්ගේ අදූරදර්ශීභාවයයි.

    ඩුබාහි පදිංචිව සිටි අන්වර් රසීඩ් නමැති තරුණ ව්‍යාපාරිකයා සිය සිහින විමන මහා බ්‍රිතාන්‍යයෙන් මිලදීගත යුතුය යන මතයේ සිටියෙකි. මහා බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති විකුණා දමන්නට යන නිවෙස්‌ පිළිබඳ අවධානයෙන් සිටි ඔහුට නොටින්ග්හැම්ෂයර්හි පිහිටා ඇති මෙම ක්‌ලිප්ටන් මන්දිරය විකුණා දමන්නට යන බව දැනගන්නට ලැබෙන්නේය. ඒ 2007 වර්ෂයේදීය. එනම් මීට වසර තුනකට පමණ පෙරය. එකල එහි මිල ලෙස නියමකර තිබී ඇත්තේ දළ වශයෙන් අපගේ ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් ලක්‍ෂ දහදාහස්‌ හාරසියයකටය. නැතහොත් රුපියල් මිලියන 2040 කටය.

    එකල අන්වර් රසීඩ් තිස්‌දෙහැවිරිදි වියේ පසුවූ අතර ඔහුට තිබූ ධනස්‌කන්ධය ශ්‍රී ලංකාවේ අපගේ මුදලින් නම් රුපියල් ලක්‍ෂ හැටදහසකි. නැතහොත් රුපියල් මිලියන හයදහසකි. ඔහු මීට අමතරව ඩුබායිහි පිහිටි හෝටලයක්‌ද, සාත්තු නිවාසයක්‌ද ඇතුළු දේපල 26 කම හිමිකරුවාද වී සිටියේය. මේ නිසා සුවිශාල ක්‌ලිප්ටන් මන්දිරය මිලදී ගැනීම සඳහා ඔහුට මුදලින් බාධාවක්‌ද නොවූයේය.

    සිය බිරිය වන විසිපස්‌ හැවිරිදි නබීලා රසීඩ්ද, වයස අවුරුදු පහක්‌ සහ තුනක්‌ වන දියණියන් දෙදෙනාද, වසරක්‌ පමණ වයෑසැති සිය කුඩා පුතුද සමඟ අන්වර් රසීඩ් ඩුබායිහි සිට මහාබ්‍රිතාන්‍යයේ නොටින්ග්හැම්ෂයර්හි පිහිටි ක්‌ලිප්ටන් මන්දිරය දැකබලා ගන්නට පැමිණෙන්නේ සිය සිහින විමන පිළිබඳව දහසක්‌ බලාපොරොත්තු පොදි බැඳගෙනය. එම මන්දිරය පළමුවරට දුටු පමණින්ම ඔවුනට එයට සිත් ඇදීගොස්‌ තිබුණාහ.

    "අවිවේකී ව්‍යාපාරික ලෝකයෙන් මිඳී නිවී සැනසිල්ලෙන් ඉන්න පුළුවන්. හැදෙන දරුවන්ට දුවපැන ඇවිදින්න, සෙල්ලම් කරන්න, ඥාතීන්, හිතවතුන් ආ විට නවාතැන් ගන්නට, පරිසරයේ චමත්කාරය අත්විඳින්නට ක්‌ලිප්ටන් මන්දිරය කියාපුම තැන." රසීඩ්ගේත්, නවීලාගේත් අදහස එය වූහ. ඒ අනුව රසීඩ් ක්‌ලිප්ටන් මන්දිරය මිලදී ගනු ලබන්නේ ය. ඒ 2007 වර්ෂයේ ජනවාරියේදීය. අනතුරුව ඔවුහු එම මාසයේම මේ මන්දිරයේ පදිංචියට පැමිණියහ.

    ඒ පළමු දිනයයි. එදින සැඳෑවේ මන්දිරයේ පහත මාලයට වී අන්වර් සිය බිරිය නබීලා සමඟ එක්‌ව කුඩා දියණියන් දෙදෙනා සහ පුතු සුරතල් කරමින් මේ සුවිශාල මන්දිරය මිලදී ගැනීමේ ප්‍රීතිය භුක්‌ති විඳිමින් සිටියහ.

    එකෙනෙහිම කිසිවකු පහත මහලෙහි වූ දොරකට තට්‌ටු කරනා හඬක්‌ ඔවුනට ශ්‍රවණය වූහ. ඒ සැනෙන්ම කිසිවකුගේ හඬක්‌ද ඔවුනට අසන්නට ලැබුණාහ.

    "හලෝ ! ඔතන කවුරුහරි ඉන්නවාද?" දොරට තට්‌ටු කළ පුද්ගලයා විමසුවේය.

    ""මේ වේලාවේ එන්න කෙනෙක්‌ නම් නැහැ. කවුරු හරි එනවා නම් ඒ ගැන අපට කලින්ම කතාකරලා කියනවානේ." නබීලා අන්වර්ට එසේ කියමින් විමතිය පළ කළාය.

    "එහෙම එන්න කෙනෙක්‌ නම් නැහැ තමයි කෝකටත් මම බලලා එන්නම්." අන්වර් හුන් තැනින් නැඟිට ගොස්‌ පහත මහලෙහි වූ දොරවල්ද, ජනෙල්ද විවරකර බැලුවේය. එහෙත් කිසිවකු නොමැත.

    කෝ! කවුරුවත් නැහැනේ." අන්වර් පැමිණ හිඳගත්තේය.

    අනතුරුව ගෙවී ගියේ තවත් මිනිත්තු දෙකක්‌ පමණෙකි.

    "හලෝ ෘ ඔතන කවුරුහරි ඉන්නවාද" යළි අර හඬය. ඒ හඬ පිරිමියකුගේ බවටද හොඳහැටි පැහැදිලිය.

    "මම බලලා එන්නම් ෘ" අන්වර් යළි සියලු දොරවල්ද, ජනෙල්ද පිරික්‌සුවේය. ඒත් කිසිවකු නොමැත.

    එදා ඔවුනගේ පළමු දිනය එලෙස ගෙවී ගියේය.

    අන්වර් රසීඩ් මෙන්ම නබීලාද හොල්මන්, අවතාර, අද්භූත දේවල් ගැන විශ්වාසයක්‌ ඇත්තවුන් නොවූහ. අර පළමු දින සිද්ධියෙන් අනතුරුවද මේ සුවිශාල මන්දිරයේ වරින්වර සිදුවූ දොර, ජනෙල් ඇරෙනවා. වැහෙනවා වැනි දේවල් ගැන හෝ ශ්‍රවණය වන මිනිස්‌ හඬවල් ගැන ඔවුනට තැකීමක්‌ තිබුණේම නැත. ඔවුන් දරුවන්ද සමඟ මේ මන්දිරයේ ජීවිතයට හුරුවෙන්නට උත්සාහ දරමින් සිටියහ. සැබෑවටම මේ මන්දිරයේ පළමු දිනයේදී අත්දුටු අර සිද්ධිය මෙන්ම අනෙකුත් සිද්ධීන්ද ඔවුනට අමතකව යමින් තිබුණාහ.

    දිනක්‌ සිය සිඟිති පුතුට කිරි පෙවීම සඳහා නබීලා අවදි වූවාය. එවිට වේලාව අළුයම පහය. පුතුට කිරි පොවන්නේ නම් එය රත්කර පෙවිය යුතු බව නබීලා දැන හුන්නාය. මේ පවුලේ නිදන කාමර පිහිටියේ මන්දිරයේ ඉහළ මහලයේය. කිරි රත්කිරීම සඳහා නබීලා පහත මහලයට යා යුතු විය. ඒ සඳහා ඇය ඉහළ මහලයේ සිට පහත මහලය කරා තරප්පුපෙළ මතින් පියමැන්නාය.

    පහත මහලයෙහි වූ රූපවාහිනි නැරඹුම් කාමරයෙහි වූ රූපවාහිනි යන්ත්‍රය ක්‍රියාකාරීව තිබෙනවා ඇය දුටුවාය.

    "නැහැ ෘ ඒක කොහොමටවත් වෙන්න බැහැ. අපි ඊයේ මේ ටී. වී. එක දැම්මේත් නැහැනේ......." නබීලා තමන්ටම කියා ගනිමින් එය ක්‍රියාවිරහිත කිරීමට පියමැන්නාය.

    එවර දුටු දෙයින් ඇයට ඇයගේ ඇස්‌ අදහ ගත නොහැකි වූවාය. එමෙන්ම ඇය කෝපයටද පත්වූවාය.

    ඒ සිය පස්‌හැවිරිදි වැඩිමහල් දියණිය හොඳින් හරිබැරි ගැහී වාඩිවී ඒ පාන්දර ජාමයේ රූපවාහිනිය නරඹමින් සිටිනා අන්දම දැකීමෙනි.

    "මේ මහ පාන්දර නැඟිටගෙන මොනවද මේ කරන්නේ........" ඇය දියණියගේ නම කියමින් කෑගැසුවාය.

    එනමුදු දියණියගෙන් පිළිතුරක්‌ නොමැත.

    "මගේ ලොකු දූ මේ විදිහට මුරණ්‌ඩු නැහැ. මොකක්‌ නමුත් අභූත දෙයක්‌ මෙතැන සිද්ධ වෙනවා....." නබීලා සිඟිති පුතුට කිරි රත්කිරීම පසෙක තබා වහා එසැනින්ම උඩු මහලට දිවගියාය. එසේ දිවගියේ දියණියන් දෙදෙනා නිදා සිටි කාමරය බලාය.

    අනේ ! මීට මොහොතකට පෙර පහත මහලෙහි සුවපහසු ලෙස වාඩිවී රූපවාහිනිය නරඹමින් සිටි වැඩිමහල් දියණිය සුවසේ නිදා සිටිනා අන්දම ඇයට දක්‌නට ලැබුණේය.

    "අපි ගණන් නොගත්තාට මොකක්‌ නමුත් අභූත දෙයක්‌ මෙහේ සිද්ධවෙනවා." මේ සිද්ධියෙන් තැතිගෙන සිටි නබීලා දරුවන්ද තුරුළුකරගෙන අන්වර්ට මොරදුන්නාය.

    ඔහු පහත මහලයට ගොස්‌ බලද්දී රූපවාහිනි යන්ත්‍රය ක්‍රියාවිරහිත ව තිබුණේය. එය බැලූ කෙනෙක්‌ද නොමැත.

    "ඕවා ගණන් ගන්න එපා. හොල්මන් අවතාර කියලා දෙයක්‌ නැහැ......" අන්වර් නබීලාව සැනසුවේය. සැබවින්ම අන්වර් හොල්මන්, අවතාර වැනි අද්භූත දේවල් ගැන විශ්වාස නොකළේය. එම නිසා නබීලාටද අන්වර්ගේ මඟ අනුගමනය කරනවා හැරෙන්නට අන් මඟක්‌ තිබුණේ නැත.

    එහෙත් මෙම සිද්ධියෙන් නබීලාගේ සිත ගැස්‌සී තිබුණේය. මේ ගැන කුමක්‌ හෝ කරන්න යන්න නබීලාගේ ඉල්ලීම විය. ඇයගේ දැඩි පෙරැත්තය නිසාම මෙවැනි දෑ සම්බන්ධයෙන් පර්යේෂණවල නියෑලෙන ඉහළ පෙළේ පර්යේෂකයන් පිරිසකගේ සහාය ලබාගන්නට අන්වර් පියවර ගත්තේය. එම පර්යේෂකයන් මෙවැනි අන්දමේ අද්භූත බලවේගයන් මෙල්ල කිරීමේ සමත්කම් ඇත්තෝද වූහ.

    කෙසේ නමුදු සියලු උත්සාහයන් වතුරේ ගියේය. එම කණ්‌ඩායමේ ප්‍රධානියා වු ලී රොබට්‌ස්‌ ඇතුළු පිරිසට ක්‌ලිප්ටන් මන්දිරයේ සිද්ධවන අභූත දෑ මැඩපවත්වන්නට නොහැකි වූයේය.

    "මේ මන්දිරයේ හුඟාක්‌ ක්‍රියාශීලී අද්භූතයන් සිටිනවා. ඔවුන් බොහෝම ක්‍රියාශීලීයි. ඇත්තම කියනවානම් මම දැකපු මෙවැනි ස්‌ථානවලින් අති භයානකම ස්‌ථානයක්‌ මේක. සාමාන්‍යයෙන් මෙවැනි අය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි කාලයටයි. ඒත් ආලෝකය ඇති විට පවා මෙහි සිටින භූතයන් ක්‍රියාකාරීයි. මේ ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මට මේ ගැන තියෙන්නේ ඉතාම භයානක හැඟීම් සමුදායක්‌ පමණයි." පර්යේෂණ ප්‍රධාන ලී රොබට්‌ස්‌ කියන්නේය.

    මේ අන්දමින් විවිධ හැලහැප්පිලි මැද කාලය ගෙවී යමින් තිබුණේය. ඔවුන් එහි පදිංචියට පැමිණ අටවන මාසයටද එළැඹ තිබුණේය. එනම් 2007 වර්ෂයේදී අගෝස්‌තු මාසයයි.

    එමස දිනෙක මැදියම් රැයේ සිඟිති පුතු අවදිව මොරදුන්නේය.

    "ඉන්න මම බලන්නම්......." නබීලා අන්වර්ට එසේ කියමින් පුතු අතට ගෙන නලවන්නට උත්සාහ ගත්තාය. එහෙත් සිඟිති පුතු නැලවෙන බවක්‌ නොමැත. ඇයගේ දෑස පුතුගේ කුඩා නිදන යහනෙහි වූ ඇඳ ඇතිරි වෙත යොමුවූයේ නිරයාසයෙනි. එහි උණු ලේ පැල්ලම් දැකගන්නට ලැබුණේය. ඇය පිස්‌සියක මෙන් දහඅට මසැති සිඟිති පුතු තුරුළු කරගෙන වැළපෙන්නට වූවාය.

    "දැන් ඇති. දැන්නම් හොඳටම ඇති. මම කිව්වාට ඔයා ඇහැව්වේ නැහැ." ඇය අන්වර්ට බැණ වැදුණේය. අන්වර්ද වහා දිවවිත් සිද්ධිය පිරික්‌සුවේය. සත්‍යයකි. සිඟිති පුතුගේ ඇඳ ඇතිරිලිවල උණු ලේ පැල්ලම් විය.

    හොල්මන්, අවතාර ගැන කිසිදු දිනෙක විශ්වාස නොකළ අන්වර්ටද කුමක්‌ නමුත් අභිරහස්‌ හස්‌තයක්‌ මේ මන්දිරයේ ක්‍රියාත්මකව පවතින බවට එත්තු යන්නට එය හොඳම සාක්‍ෂිය විය.

    අන්වර් රසීඩ් ඇතුළු මුළු පවුලම ඒ රාත්‍රියේ හඬා වැටුණේය. එමෙන්ම තවදුටත් ඒ රැය ඒ මන්දිරයේ පහන් කිරීමටද ඔවුන්ට සිත් නොදුන්නාහ. ඒ මහරෑම ඔවුන් ඒ සුවිශාල මන්දිරයෙන් පිටමං වෙන්නට තීරණය කළහ.

    "අපි එහේ පදිංචියට ගිය පළමු දවසේ ඉඳලාම මේ ගෙදර ඉන්න භූත බලවේගවලට අපව එලවා ගැනීමේ ලොකු වුවමනාවක්‌ තිබුණා. ඇහැට නොපෙනෙන මේ අයව ජයගන්න අපට හැකියාවක්‌ තිබුණේ නැහැ. ඒ වාගේම ඒ අයව ජයගන්න මාර්ගයකුත් අපට තිබුණේ නැහැ. අපේ පවුලට සිද්ධ වුණේ හරියට අපර "දි අදර්ස්‌ (ඔයෑ දඑයෑරි) කියන හොලිවුඩ් චිත්‍රපටයෙන් කියෑවෙන පවුලට අත්වූ ඉරණමයි." අන්වර් මේ පිළිබඳව එස්‌තර් ඇතුළු මාධ්‍යකරුවන් සමඟ කියා තිබුණේය.

    දැන් මේ මන්දිරය යෝක්‌ෂයර් බැංකුව භාරයට ගෙන ඇති අතර, එම බැංකුව විසින් මේ හොල්මන් මන්දිරයට නව හිමිකරුවකු සොයාගැනීම සඳහා කටයුතු කරමින් සිටින්නේය. එමෙන්ම අන්වර් ඇතුළු පවුලේ පිරිසද එම ප්‍රදේශයෙන්ම වෙනත් නිවසක්‌ මිලට ගන්නට කටයුතු කරමින් සිටින්නාහ.

    "ඉස්‌සර කවුරුහරි හොල්මන්, අවතාර ගැන කියද්දී මම ඔවුන්ට සිනහා වෙනවා. මම එවැනි අභූත දේවල් ගැන විශ්වාස නොකළ කෙනෙක්‌. ඒත් මම මේ මන්දිරයට එන අලුත් හිමිකරුට නම් ඒ ගැන ඇත්තම කියනවා. ඒ වාගේම යළි කිසිදු දිනෙක මේ වගේ පැරණි මන්දිර ආයිත් කිසිම දවසක මම නම් මිලදී ගන්නේත් නැහැ....." අන්වර් එස්‌තර් ඇතුළු මාධ්‍යකරුවන් සමඟ එසේද කියා ඇත්තේය.

    යම් හෙයකින් මේ හොල්මන් කතාව එලියට නොආවානම් එස්‌තර්ගේ විවාහ දිවියේ ප්‍රිය සම්භාෂණ සඳහාද මේ මන්දිරයේ දොරගුළු ඇරෙන්නට ඉඩ තිබුණේය.

    පවුලක පිරිසක්‌ මුහුණ දෙන ඇඟලොමු දැහැගැන්වෙන අතිභයානක සිද්ධිදාම පෙළක්‌ අරභයා "දි අදර්ස්‌" නමැති හොලිවුඩ් චිත්‍රපට නිපදවී ඇත්තේය. 2001 වර්ෂයේදී තිරගත වූ මෙම චිත්‍රපටයේ ඔස්‌ටේලියානු ජාතික සුපිරි හොලිවුඩ් නිළියක වන නිකොල් කිඩ්මෑන් ඇතුළු පිරිසක්‌ රඟපාන්නාහ. "දි අදර්ස්‌" චිත්‍රපටය මනඃකල්පිත හුදු සිද්ධිදාම පෙළක්‌ අරභයා හොලිවුඩ්කරුවන් විසින් නිපදවා තිබුණද එම චිත්‍රපටයෙන් කියෑවෙන කතාන්දරය හා එම චිත්‍රපටය ප්‍රදර්ශනයට පැමිණ වසර හයක්‌ ගතවූවාට පසුව අන්වර්, නබීලා ඇතුළු රසීඩ් පවුලේ පිරිසට මුහුණ දෙන්නට සිදුවනුයේද එම චිත්‍රපටයෙන් කියෑවෙන දෙයටම සමාන අතිභයංකර අද්භූත ක්‍රියාවලියකටය. එය එක්‌තරා අතකට හොලිවුඩ් කරුවන්ගේ මනඃකල්පිතයන් ඉඳහිට වුව සැබෑ ලෝකයේදීද සත්‍ය වශයෙන්ම සිදුවෙන්නට පුළුවනිය යන්නට එක්‌ හොඳ උදාහරණයකි.
     
    Last edited:

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    patta machn ++ , mamat kamare taniyen inne , mewa kiyawala bayaweida danna raata

    මම ඊයෙ රෑ නිදා ගත්තෙත් නෑ බන්...!!! සිරාවට කියන්නේ...!! උදේ 4 විතර වෙනකම් ඇහැරගෙන ගිහියා...!!!!!
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ok i didn't mean to make that empy "ghost post" lol (speak of the devil huh) i was saying that the movie "the others" was not at least remotely similar the last story you posted ..but do watch that movie it is a damn a good ghost movie