සුපිරි වෙළෙඳසැල් කොල්ල කෑ විදෙස් යුවළ අත්අඩංගුවට
ගල්කිස්ස පොලිස් වසමේ පිහිටි සුපිරි වෙළෙඳසැල්වලින් මුදල් කොල්ල කෑමේ කටයුතුවල නිරතවෙමින් සිටි විදේශ ජාතික යුවළක් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ආයතනවල මුදල් අයකැමි සමග කතා බහකර ඔහුගේ අවධානය වෙනත් අතකට යොමු කොට මෙම යුවළ මුදල් සොරකම්කර තිබේ.
සැකකරුවන් (13දා) රාත්රියේදී ගල්කිස්ස පොලීසිය විසින් මාතලේ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම වෙළෙඳසැල්වල සවිකර තිබූ CCTV කැමරා දර්ශන මගින් පරීක්ෂණ මෙහෙයවා තිබේ. මෙම විදේශ යුවළගේ පිරිමි පුද්ගලයා පකිස්තාන ජාතිකයෙකු වන අතර, කාන්තාව ඉරාන ජාතිකයෙකු බව පොලීසිය පවසයි. අද (14දා) ඔවුන් ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
source:ada(lankadeepa)
ඇයි යකෝ මේ මුන්ගේ රාමදාන් මාසේ නේද..ඒ මාසෙත් කරන්නේ හොරවැඩ.
.මේ මාසේ කන්නේ නැතුව ඉන්නවට හරියන්න හොරාකනවා..ඒකත් අනුන්ගේ රටවල් වලට ඇවිත්..ලැජ්ජයි අෆ්ෆා..





