මේ දවස්වල කතානායකගෙයි, බලශක්ති ඇමතිගෙයි උපාධි හුටපටයක් කතාවෙනවනේ. මේකෙන් අපිට ඉගෙන ගන්න හොද පාඩමක් තියනවා. මේ දෙන්නගෙම පෞද්ගලික දේවල්, රහස් එළියට දැම්මේ ළගම යාලුවෝ. සමහරු එකට ෂොට් එකක් දාල උපාධිය කර ගන්න බැරි වෙච්ච දේවල් කතා වෙච්ච හැටිත් ෆේස්බුක් එකේ ලියලා තිබුනා. මේ නිසා යාලුවෙක්ට, ගෙදර ඉන්න සහෝදරයෙක්ටවත් උබේ ජීවිතයේ කිසිම පෞද්ගලික දෙයක්, රහසක් කියන්න එපා. කවදාහරි ඒ වැරැද්ද අල්ලගෙන උබේ සාර්ථකත්වයට පත්වෙද්දි මුලින්ම පහර ගහන්නෙත් උන්ම තමයි. අරුන් දෙන්නා පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත්වෙද්දි උපාධි සීන් එක අදින්න තිබුනා. ඒත් දැන් හෑලි ලියන එකෙක්වත් එහෙම කරේ නෑ. මොකක් හරි හොද තනතුරකට පත් වෙනකල් ඉදලා අරුන්ට කෙලවෙලා යන්නම හෑල්ලක් ලියලා ෆේස්බුක් එකට අත ඇරියා. අරුන් දෙන්නට කතානයක සහ ඇමති කමක් නොලැබුනා නම් ඒ ලියපු උන් ඕක ෆේස්බුක් නොදා ඉන්නත් ඉඩ තියනවා. මිනිස්සු ළග ඉරිසියාව තියනවා. මේක ඔලුවේ තියා ගනින්. ළගම ඉන්න උන් තමයි අපිට මුලින්ම අරින්නේ