ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න

fidget

Member
Jan 3, 2018
608
65
0
ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න

දියණියට එරෙහිව අම්මාගෙනුත් පැමිණිල්ලක්..!! කාන්තාවන් රැවටූ දළුගම අක්කාට මොකද වුනේ..?

කාන්තාවන් රවටමින් රුපියල් ලක්‍ෂ ගණනක මුදල් වංචාවක් සිදුකර පලාගොස්‌ සිටින කාන්තාවක්‌ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට පැමිණිලි රැසක් ලැබී ඇති බව වාර්තා වෙනවා. අදාල කාන්තාවගේ මවද තම දියණියගේ වංචාවන් පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබීම විශේෂත්වයක්.

දළුගම නුවර පාරේ අංක 125 හි පදිංචි වීරසේකර මුදියන්සේලාගේ රේණුකා දමයන්ති (ජා.හැ.අංක 695992530 V) නමැති ඇය විවාහක දෙදරු මවක්‌ බවයි වාර්තා වන්නේ. මෙම කාන්තාව ස්‌වයං රැකියා සඳහා වෙළෙඳපොළ පහසුකම් ලබාදෙන බව පවසමින් කාන්තාවන් රවටමින් මුදල් ලබාගෙන ඇති අතර මේ වන විට රුපියල් ලක්‍ෂ විස්‌සකට ආසන්න මුදලක්‌ මෙම කාන්තාව විසින් වංචා සහගතව ලබාගෙන ඇති බවද පොලීසියට ලැබී ඇති පැමිණිලි වල සඳහන් වන බවද දැනගන්නට ලැබෙනවා.

මෙම කාන්තාව පිළිබඳව තොරතුරු දන්නේනම් ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස ඇය විසින් වංචාවට ලක්කරන ලද කාන්තාවන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

nethgossip

r.png