ළඟ නොව දුර බලන්න

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
ළඟ නොව දුර බලන්න

ළඟ නොව දුර බලන්න

බුදුන් වහන්සේගේ මග පෙන්වීම නැණවතුන්ට ය. එනම් පවත්නා දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට හැකියාව ඇත්තවුන්ට ය. අප සැවොම ඇසෙන, පෙනෙන දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට සමත්වන්නවුන් දැ’යි පිරික්සා බැලිය යුත්තේ තම තමා විසින් මය. අප අපට ම අවංක විය යුතුය. එසේ අවංක විය යුත්තේ අනෙකක් නිසා නොව, අප යළි යළිත් උපදින බැවිනි. ඒ උපදින තැන අත්විඳීමට ලැබෙන දේවල්, හමුවන්නවුන් තීරණය කෙරෙන්නේ, මේ ජීවිතය තුළ අප ලබන හික්මීමෙහි සහ අවබෝධයෙහි තරම මත ය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
මා රස්සං - දීඝං පස්ස


පින්වත්නි,

ආගම් බිහි වූ ආකාරය සොයන්නවුන් එයට මුල් වූ සාධක දෙකක් දකිති.ඒ අවදානම්වලට ලක් වීමට තිබෙන බිය සහ අත්විඳින සැප සදාකාලික එකක් බවට කර ගැනීමට තිබෙන ආශාවයි. පෞරාණික මිනිස්සු සොබා දහමට බිය වූහ. ඒ මුළුමනින් ම සොබාදහම මත යැපුණ ජීවිතවලට අවශ්‍ය අව්ව, වැස්ස, සුළඟ, නිසි කලට ඇවැසි පමණින් ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රධානතම ගැටළුව වී තිබූ බැවිනි. මේ සම්පත් නිසි කලට, ඇවැසි පමණින් නොලැබීමේ මෙන්ම අවැසි තැනට අවැසි වේලාවට නොලැබීමේ අවදානමට ද නිතර මුහුණ පෑ ඔවුහු ඒ ස්වභාවික සම්පත් දෙවියන් සේ සලකා පුද සත්කාර කළේ, එමගින් ඒවා සතුටු කර, ඔවුන්ගේ අදහස් ඉටුකර ගත හැකි ය යන අදහසිනි. මේ ජීවිතවල බලාපොරොත්තු ඉටුවීමක් නොතිබුණා නොවේ.පැවති බරපතළ ම ගැටළුව ඒ පැතුම් ඉටුවීම සියල්ල තාවකාලික වීමය. සදාකාලික සතුටක් පිළිබඳ අපේක්‍ෂාවක් මෝදුවීමට පටන් ගැනුණේ එහෙයිනි.

එම පදනමෙහි ගොඩනැගී තිබූ ආගමික ඉගැන්වීම්වලින් සිදුහත් ගෞතම බෝසතාණන් වහන්සේට ඇති වූ ගැටළුවලට විසඳුම් හමු නොවුණි. උන්වහන්සේට අවශ්‍ය වූයේ ජාති, ජරා, මරණයන්ගෙන් කෙසේවත් ගැලවීමක් නොමැති, අෂ්ඨ ලෝක ධර්මයන්ට මුහුණ දෙන ජීවිතය මුහුණපාන මගහැරවිය නොහැකි අතවරයන් පිටුදැකීමට මගක් සොයා ගැනීමය. මෙනිසා ආගම් ඇතිවීමට බලපෑ පොදු සාධක බුදු දහමේ පහළවීමට පසුබිම් නොවුණි. සනාතන ගැටළුවලට ස්ථිර සාර, හැම දෙනාටම පොදු, කිසිදු සීමාවකට කොටු නොවූ ප්‍රායෝගික වැඩපිළිවෙළක් පෙන්වා දීමට බුදුන් වහන්සේට හැකි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
 

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
බුදුන් වහන්සේ ඉදිරිපත් කළ මගෙහි මුල් ම පියවර අත්හැරීමේ හැකියාව දියුණු කිරීමයි. ඒ තිබෙන පමණින් සෑහීමකට පත්වෙමින් සැප, සතුට වෙනුවෙන් අමතර වෑයමක් නොදැරීමය. කායික සහ මානසික විවේකය ඇති කර ගැනීමටත්, සිහියෙන් යුක්ත ව පරිභෝජනය කිරීම ලෙස තිත් ඥත් හැන් හිමිපාණන් දක්වන හික්මීම ඇති කරගැනීමටත් එමගින් ඉඩ සැලසෙයි. සම්පත් මෙන් ම කාලයත් අරපිරිමැසෙන මේ පිළිවෙත නිසා ඉතිරිවන අමතර කාලය සිත වැඩීමට යොදා ගත හැකිය.


සිත වැඩීමේ මුල් පියවර මෙත් වැඩීමයි. මෙත් වැඩීමෙන් අදහස් වන්නේ ලොව සියලු ම සතුන් කෙසේවත් , මූලික වශයෙන් තමාට වඩා වෙනස් වූවන් නොවන බව අදහා ගෙන, ඒ හැම දෙනාගේම යහපත , සුවය සහ සුරක්‍ෂිත භාවය තහවුරු කිරීමයි. එහි දී පොදුවේ සියලුම සතුන් සැළකිල්ලට ගැනේ. ඊළඟ අවස්ථාව දයාවන්ත වීමය. එහිදී කෙරෙන්නේ පොදු ජිවිත අතරින් සුවිශේෂ අවශ්‍යතා ඇති අය තෝරාගෙන ඔවුන්ගේ සුබසෙත වෙනුවෙන් විශේෂයෙන් කැපවීමය. මෙහි දී සිදුවන මහත් ම පෙරළිය මානසික හික්මීමයි. හුදෙක් මනස සංසිඳුවා ගැනීම සඳහා ම වූවක් මිස, දඬුවමකට බියෙන් හෝ යමක් අහිමිවේ ය යන බියෙන් ඇතිකර ගැනෙන්නක් නොවන ඒ හික්මීම සැබෑ සීලයයි. තාවකාලික ආස්වාදයන් හඹා යාමෙන් පුද්ගලයාව බැහැර කරවන එයා නොසැලෙන මනසක් ඇතිකර ගැනීමේ හැකියාවට ඔහුව වඩාත් සමීප කරවයි.


මේ වනවිට ප්‍රමාණවත් විවේකයක් සහ දියුණුවට යොමු වූ මනසක් හිමිකරගෙන සිටින ඔබ, දේවදූතයන් නිවැරදි ව හඳුනා ගැනීමට සමත් විය යුතුය. ඒ උපත, ජරාව, ලෙඩදුක් සහ මරණයයි. ඔවුන් හඳුනාගන්නා ඔබ කැපවිය යුත්තේ, තමා ඒ එක ද තත්වයක්වත් නොඉක්මවූවකු බව සිතමින්, කායික සහ මානසික හික්මීම වඩ වඩාත් දියුණු කර ගැනීමට ය. අනෙකුත් සියලු කායික සහ මානසික අවශ්‍යතා සපුරා ගැනීමේ දී මෙම හික්මීම අමතක නොකිරීමට ඔහු වග බලා ගත යුතුය.
 

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
බුදුන් වහන්සේගේ මෙම දැක්ම තුළ සිටින්නේ, දෙයාකාරයක පුද්ගලයන් පමණි. ඒ නූගත්, පුහුදුන් තැනැත්තන් හා උගත් , අරිය සව්වන්ය. මේ දෙපිරිස කායික වේදනාවන්ට ප්‍රතිචාර දක්වන්නේ දෙපිළිවෙළකටය.පුහුදුන් තැනැත්තා හැඟීම්බර ව හඬා වැළපීමට හෝ කේන්තියෙන් පිපිරීමට යොමුවන අතර ආර්ය ශ්‍රාවකයා එය අනිත්‍ය ධර්මතාවට යටත් වූවක් බව දනියි. ඒ නිසා ම, කවර වේදනාවක් දෙස වුව ද බලන්නේ, ඇතිවී, පැවතී, නැතිව යන්නේ ය. යන අවබෝධයෙන් ම ය. වේදනාවන් තම ජීවිත උරුමයන් බව ඔහු දනියි. තමා වේදනාවන් නොඉක්මවූවකු බව හෙතෙම සිහිපත් කර ගනියි. ඇතිවන කවර වේදනාව වුව සැපවත්, දුක්ඛිත හෝ මධ්‍යස්ත එකකට වඩා වෙනස් තැනකට ගොනු කළ නොහැකි බව හෙතෙම දනියි. තමා ම වුව විවිධ වේදනාවන් විඳ තිබෙන බවත්, ඒ සියල්ල අතීත මතකයන් පමණක් බවත්, මෙය වුව ද ඊට වඩා යමක් විය නොහැකි බවත්, ඔහුට ප්‍රත්‍යක්‍ෂය. මෙලොව සිටින වේදනාවන්ට භාජනය වූ එක ම තැනැත්තා තමා නොවන බව ඔහු දනියි. තමාට වඩා වේදනාවන්ට ලක්වූවන්, පීඩාවට පත් නොවූවද බුදුන් වහන්සේ සහ රහතන් වහන්සේ පවා, වැඩ සිටි බව,ඔහු දනියි. මේ අවබෝධය තුළින් අවස්ථාව මග හැරෙන තෙක් සන්සුන් ව, විඳ දරාගෙන සිටිය යුතු බව ප්‍රත්‍යක්‍ෂකර ගන්නා හෙතෙම, මනා දැනුවත් භාවයෙන් , අවදියෙන් සහ සිහියෙන් යුතුව අවස්ථා පියමං කරවයි. ධර්මාවබෝධය සඳහා අවශ්‍ය බොජ්ක්‍ධංග ධර්ම වැඩෙන්නේ මේ අවබෝධය තුළ ය.


අෂ්ඨලෝක ධර්ම නමින් දැක්වෙන්නේ, ලොව කිසිවෙකුටත් මගහැර යා නොහැකි, බුදුන් වහන්සේගේ අවධානයට ලක් වූ ධර්මතා අටකි. මේවා හමුවෙහි දැක්වෙන පුහුදුන් මිනිස් ප්‍රතිචාර සංවේගය දනවන සුළුය. බුදුන් වහන්සේට අනුව උන්වහන්සේ ද ඇතුළු ව කිසිවෙකුත් ඒවා මගහැර යාමට සමත් නොවන අතර, නොසැලෙන මනසකින් එළඹෙන කවරකට වුවද මුහුණ දීමට සමත්කමක් ඇතිකර ගැනීමට තරම හික්මීමකින් යුක්ත විය යුතුය. නූගත්කම නිසා වැටහීමේ ශක්තියෙන් දුබල පුහුදුන් අය මේ දුක් පීඩා හමුවෙහි වඩ වඩාත් තදින් ස්කන්ධයන්ට බැඳී යාමේ නැඹුරුවක් දක්වති. සියලු, මානසික පටලැවිලි මිනිස් මනසින් ම හටගැනෙන ඒවාය. ඒවා එතැනින් සමාජයට ද විසරණය වෙයි. සියලු ගැටුම් ඇරඹෙන්නේ පුහුදුන් මනසින් බව නොදකින ගැටෙන්නන් හැම විට ම සලකන්නේ, තමා පත්ව සිටින මුලාවත්, ශක්තියක් ලෙස ය.


බුදුන් වහන්සේගේ මග පෙන්වීම නැණවතුන්ටය. එනම් පවත්නා දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට හැකියාව ඇත්තවුන්ට ය. අප සැවොම ඇසෙන, පෙනෙන දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට සමත්වන්නවුන් දැ’යි පිරික්සා බැලිය යුත්තේ තම තමා විසින් මය. අප අපට ම අවංක විය යුතුය. එසේ අවංක විය යුත්තේ අනෙකක් නිසා නොව, අප යළි යළිත් උපදින බැවිනි. ඒ උපදින තැන අත්විඳීමට ලැබෙන දේවල්, හමුවන්නවුන් තීරණය කෙරෙන්නේ, මේ ජීවිතය තුළ අප ලබන හික්මීමෙහි සහ අවබෝධයෙහි තරම මතය. කල්ප ගණන් සසර සැරිසැරීමට සිදුවන බවත්, කල්පයක් යනු කෙතරම් නම් දිගු කලක් ද යන්න පිළිබඳ බුදු දහමෙහි කෙරෙන පැහැදිළි කිරීමත් දන්නා අප හැම දෙයක්ම කළ යුත්තේ සසර කෙටි වන අයුරින් මිස තව තවත් දිග ඇදෙන ලෙස නම් නොවේ. ළඟ නොව මා රස්සං, දුර බලන්න, දීඝං පස්ස යයි බුදුන් වහන්සේ අවවාද කළේ එහෙයිනි.
කුඩගම්මන සීලරතන හිමි-බුදුසරණ
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
බොහොම වටිනා ලිපියක්. ස්තුතියි Jamison.
අෂ්ට ලෝක ධර්ම- දුක සැප යස අයස ලාභ අලාභ නින්දා ප්‍රශංසා; ඒවට මුහුණ නොදෙන කෙනෙක් නෑ.
අද මමත් මගෙ යාලුවෙකුත් ඔය හා සම්බන්ධ මාතෘකාවක් ඔස්සේ කතා කළා; බාහිර දේ සමග ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ නැතිව ඉන්න හිත හදා ගන්න ඕනෙ, අමාරුවෙන් හරි. එතනයි සදාතනික සතුට තියෙන්නෙ.
 
  • Like
Reactions: ela_eluwa120

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
බොහොම වටිනා ලිපියක්. ස්තුතියි Jamison.
අෂ්ට ලෝක ධර්ම- දුක සැප යස අයස ලාභ අලාභ නින්දා ප්‍රශංසා; ඒවට මුහුණ නොදෙන කෙනෙක් නෑ.
අද මමත් මගෙ යාලුවෙකුත් ඔය හා සම්බන්ධ මාතෘකාවක් ඔස්සේ කතා කළා; බාහිර දේ සමග ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ නැතිව ඉන්න හිත හදා ගන්න ඕනෙ, අමාරුවෙන් හරි. එතනයි සදාතනික සතුට තියෙන්නෙ.

:yes::yes::yes:
ඔව්, දමනය කරපු හිතකට බාහිර දේවල් වලින් බලපෑම් කරන්න බෑ. අපිත් පුලුවන් තරං උත්සාහ ගන්නඕනෙ හිත පාලනය කරගන්න....
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ළඟ නොව දුර බලන්න
    කීවාම මට මතක් උනේ දිගිති කොසල ජාතකය.......

    thanks for sharing bro :)