ළඟ නොව දුර බලන්න
ළඟ නොව දුර බලන්න
බුදුන් වහන්සේගේ මග පෙන්වීම නැණවතුන්ට ය. එනම් පවත්නා දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට හැකියාව ඇත්තවුන්ට ය. අප සැවොම ඇසෙන, පෙනෙන දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට සමත්වන්නවුන් දැ’යි පිරික්සා බැලිය යුත්තේ තම තමා විසින් මය. අප අපට ම අවංක විය යුතුය. එසේ අවංක විය යුත්තේ අනෙකක් නිසා නොව, අප යළි යළිත් උපදින බැවිනි. ඒ උපදින තැන අත්විඳීමට ලැබෙන දේවල්, හමුවන්නවුන් තීරණය කෙරෙන්නේ, මේ ජීවිතය තුළ අප ලබන හික්මීමෙහි සහ අවබෝධයෙහි තරම මත ය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
මා රස්සං - දීඝං පස්ස
පින්වත්නි,
ආගම් බිහි වූ ආකාරය සොයන්නවුන් එයට මුල් වූ සාධක දෙකක් දකිති.ඒ අවදානම්වලට ලක් වීමට තිබෙන බිය සහ අත්විඳින සැප සදාකාලික එකක් බවට කර ගැනීමට තිබෙන ආශාවයි. පෞරාණික මිනිස්සු සොබා දහමට බිය වූහ. ඒ මුළුමනින් ම සොබාදහම මත යැපුණ ජීවිතවලට අවශ්‍ය අව්ව, වැස්ස, සුළඟ, නිසි කලට ඇවැසි පමණින් ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රධානතම ගැටළුව වී තිබූ බැවිනි. මේ සම්පත් නිසි කලට, ඇවැසි පමණින් නොලැබීමේ මෙන්ම අවැසි තැනට අවැසි වේලාවට නොලැබීමේ අවදානමට ද නිතර මුහුණ පෑ ඔවුහු ඒ ස්වභාවික සම්පත් දෙවියන් සේ සලකා පුද සත්කාර කළේ, එමගින් ඒවා සතුටු කර, ඔවුන්ගේ අදහස් ඉටුකර ගත හැකි ය යන අදහසිනි. මේ ජීවිතවල බලාපොරොත්තු ඉටුවීමක් නොතිබුණා නොවේ.පැවති බරපතළ ම ගැටළුව ඒ පැතුම් ඉටුවීම සියල්ල තාවකාලික වීමය. සදාකාලික සතුටක් පිළිබඳ අපේක්‍ෂාවක් මෝදුවීමට පටන් ගැනුණේ එහෙයිනි.
එම පදනමෙහි ගොඩනැගී තිබූ ආගමික ඉගැන්වීම්වලින් සිදුහත් ගෞතම බෝසතාණන් වහන්සේට ඇති වූ ගැටළුවලට විසඳුම් හමු නොවුණි. උන්වහන්සේට අවශ්‍ය වූයේ ජාති, ජරා, මරණයන්ගෙන් කෙසේවත් ගැලවීමක් නොමැති, අෂ්ඨ ලෝක ධර්මයන්ට මුහුණ දෙන ජීවිතය මුහුණපාන මගහැරවිය නොහැකි අතවරයන් පිටුදැකීමට මගක් සොයා ගැනීමය. මෙනිසා ආගම් ඇතිවීමට බලපෑ පොදු සාධක බුදු දහමේ පහළවීමට පසුබිම් නොවුණි. සනාතන ගැටළුවලට ස්ථිර සාර, හැම දෙනාටම පොදු, කිසිදු සීමාවකට කොටු නොවූ ප්‍රායෝගික වැඩපිළිවෙළක් පෙන්වා දීමට බුදුන් වහන්සේට හැකි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.