ළතැවෙන ආදරය
හඬන නෙතු
සිනාසෙන ඇස්
කෙසේ පැතුවද
ගිලෙනු
මිස තැවුල
තුළ මදහසට
ඉඩ ඇද්ද
ඒවි යැයි මග බලා සැනසිලා නැවතුනද
අතරමගදී නුඹව ගිලිහෙතැයි නොසිතම්ද
කඳුළු
ලෝදිය ගලා ගොසින් ඇත පිටාරට
ගිලුණු නැව ඉපිල එනු එතැයි සිතනුද කුමට
පන්හිඳක පබඳා කවි රසය කර සුමට
සෙනෙහසක වේදනා
නොදී යමි නුඹ හට
සිනිඳු මුව සරසන්න මට වරම් නැති වුණත්
දෙකොපුලින් මැවෙනා මදහසද නොලදත්
සිනාසුනු නෙතු සඟල මට උරැම නැති වුණත්
හදවතින් නුඹ සමග පමණමයි අදටත්
පෙම් සුවඳ
ගලන්නේ තාම නුඹගෙන්මයි
ගිම් නිවූ ජීවිතේ පැතුම තව නුඹමයි
නිම් නැතිව ඇසෙන්නේ නුඹේ ගී මිහිරයි
පෙම් කරන්නේ කොහොම නුඹ නැතිව ළතැවෙයි
සංකල්පනාව - මාලන් විදානපතිරණ
හඬන නෙතු
සිනාසෙන ඇස්
කෙසේ පැතුවදගිලෙනු
මිස තැවුල
තුළ මදහසට
ඉඩ ඇද්දඒවි යැයි මග බලා සැනසිලා නැවතුනද
අතරමගදී නුඹව ගිලිහෙතැයි නොසිතම්ද
කඳුළු
ලෝදිය ගලා ගොසින් ඇත පිටාරටගිලුණු නැව ඉපිල එනු එතැයි සිතනුද කුමට
පන්හිඳක පබඳා කවි රසය කර සුමට
සෙනෙහසක වේදනා
නොදී යමි නුඹ හට සිනිඳු මුව සරසන්න මට වරම් නැති වුණත්

දෙකොපුලින් මැවෙනා මදහසද නොලදත්

සිනාසුනු නෙතු සඟල මට උරැම නැති වුණත්

හදවතින් නුඹ සමග පමණමයි අදටත්
පෙම් සුවඳ
ගලන්නේ තාම නුඹගෙන්මයිගිම් නිවූ ජීවිතේ පැතුම තව නුඹමයි

නිම් නැතිව ඇසෙන්නේ නුඹේ ගී මිහිරයි
පෙම් කරන්නේ කොහොම නුඹ නැතිව ළතැවෙයි

සංකල්පනාව - මාලන් විදානපතිරණ
