.
අඩු වයසින් උපදින නොමේරූ දරුවන්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑමට උපකාරීවන surfactant (සර්ෆැක්ටන්ට්) ඖෂධයේ දැඩි හිඟයක් මේ වන විට ඇති වී තිබෙනවා.
වෛද්‍යවරුන් පවසන ආකාරයට වසරකට valve 3000ක් අවශ්‍ය මේ ඖෂධයෙන් මේ වනවිට ලංකාව පුරා රෝහල් සියල්ල තුල ඇත්තේ valve 65ක් පමණයි. එය ඉදිරි දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් ය.
මේ ඖෂධය අවශ්‍ය දරුවන්ට එය අවශ්‍ය විට දී නොලැබුණහොත් කොතරම් කෘතීම ස්වසනය ලබා දුන්නද ඔක්සිජන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව දුර්වල වීම නිසා බොහෝ විට මරණයට පත් වීම හෝ මොළය ආදී ඉන්ද්‍රියයන්ට දැඩි ලෙස හානි වීම සිදුවේ.
රජය මගින් ඉදිරියේ දී මෙම ඖෂධය ගෙන්වා ගැනීම සිදු කරනා කාලය අතර මාස දෙකක පමණ හිඩැසක් ඇති වීමට ඉඩ ඇති බවත් ඒ සඳහා කඩිනම් ක්‍රියා මාර්ගයක් නොගතහොත් බොහෝ නොමේරූ දරුවන් ප්‍රමාණයක් අකාලයේ මිය යෑ හැකි බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය යි.
මේ හදිසි තත්ත්වය පිළිබඳ ව ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා සහ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නවජන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා විසින් සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අළුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනුවත් කළ අතර ඒ අනුව නාහිමිපාණන් වහන්සේගේ සභාපතීත්වයෙන් යුතු, සේරුවිල මංගල රාජමහා විහාරයත් ශ්‍රී ලංකා පරිජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් එක්ව පිහිටුවා ගත් ‘සේව් අ බේබි’ (Save A Baby) සංවිධානයේ මැදිහත් වීම මත ඉදිරි මාස දෙක සඳහා Surfactant (සර්ෆැක්ටන්ට්) ඖෂධයේ ජාතික අවශ්‍යතාව වන valve 500ක් ජාතික සෞඛ්‍ය සේවාව වෙත පරිත්‍යාග කරමින් මරණය අබියස සිටිනා දරුවන් 500 දෙනෙකුට වැඩි පිරිසකගේ ජීවිත සුරැකීමට පුණ්‍ය ව්‍යාපෘතියක් දියත් කොට තිබේ. (වැඩි විස්තර සඳහා මේ සමඟ ඇති වීඩියෝව බලන්න.)
මෙම ඖෂධයේ එක් valve එකක් සඳහා රුපියල් හැත්තෑදහසක් වැයවන අතර එක් valve එකකින් අවම වශයෙන් එක් දරුවෙකුගේ ජීවිතයක් ආරක්ෂා කළ හැකිය. එසේ රු. 70,000/- බැගින් පරිත්‍යාග කරනු කැමති පරිත්‍යාගශීලින් 500ක් සඳහා මේ උතුම් ජීවිත දානමය පින්කම හා එක්වීමට අවකාශ තිබේ.
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නාහිමිපාණන් වහන්සේ පැවසුවේ, ගවයෙකුගේ ජීවිතයක් බේරීමටත් වර්තමානයේ මීට වඩා ඉතා වැඩි මුදලක් වැය වන බවත් එනිසා රුපියල් හැත්තෑදහසක් වැනි මුදලිකින් මරණය අභියස සිටිනා ‘වටිනා මිනිස් ජීවිතයක්’ ආරක්ෂා කොට දුර්ලභ ‘මනුෂ්‍ය ජීවිතදානමය’ පිනක් රැස් කරගැනීමේ අවස්ථාව මේ හා එක්වන පරිත්‍යාගශීලීන් වෙත සැලසෙන බවයි. මේ ඖෂධ මිල දී ගැනීම් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Sri Lanka College of Paediatricians) හරහා සිදු කරනු ලැබේ. දැයේ දරුවන්ගේ දිවි සුරකින මේ උතුම් වෑයම පිළිබඳ ඔබේ හිතවතුන් සියලුදෙනා දැනුවත් කරන්න. මෙම පණිවිඩය හැකිතාක් share කරන්න. අඩුම තරමේ මේ හා එක් විය හැකි ඔබේ මිතුරන් වෙත මේ පණිවිඩය ලබා දෙන්න.
මෙම උදාර පුණ්‍ය ව්‍යාපෘතිය උදෙසා සම්බන්ධ වීමට ඔබත් කැමති නම් ඔබගේ පරිත්‍යාගයන් පහත ගිණුමට බැර කරන්න.
ගිණුමේ නම - SAVE A BABY (සේව් අ බේබි)
ගිණුම් අංකය - 233 2001 900 44 394
මහජන බැංකුව - සේරුවිල ශාඛාව
SWIFT Code : PSBKLKLX
මුදල් බැර කිරීමෙන් පසු ඔබගේ රිසිට් පත පහත Whatsapp අංකයන්ට හෝ ඊමේල් ලිපිනයට යොමු කරන්න.
071 347 00 00
071 348 00 00
Email : [email protected]
වැඩි විස්තර සඳහා -
071 347 00 00
071 348 00 00
(උපුටාගැනීමකි)
