ළමයින්ගේ Passport මාස 3න 3ට අලුත් කරගන්න ඕනි

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ළමයින්ගේ Passport මාස 3න 3ට අලුත් කරගන්න ඕනි

දරුවන්ගේ ගමන් බලපත්‍ර වසර තුනෙන් තුනට අලුත් කල යුතුයි​

attachment.php



අහස් කුස පීරා යමින් අහස් යානා හඬ ඇසෙද්දී වහා දිවයමින් ඒ වෙතට දෑත් දිගු කරන්නට අත වනන්නට පුංචි පොඩිත්තන් නොනිමි ආසාවකින් පෙළෙති. පියෙන් පිය ඉදිරියට පියමනිද්දී අහස් යානයක නැඟී විදෙස් රටවල සංචාරය කරන්නට සිහින මවති. ඒ සඳහා ගමන් බලපත්‍රය ( Passport ) අත්‍යාවශ්‍යය. අවුරුදු 16ට අඩු දරුවකුගේ ගමන් බලපත්‍රය සැදීම සඳහා මාපිය දෙදෙනාගේම කැමැත්ත ප්‍රකාශ කල ලිපිය ඉදිරිපත් කරගත නොහැකිව ලතැවෙන පිරිස් සිටිති.

පාසලෙන් විදෙස් රටකට ශිෂ්‍යත්වයක් / සංචාරයක් සඳහා ගමන් බලපත්‍රයක් ( Passport ) සාදා ගැනීමට
පාසල් ළමයින්ට විවිධ අවස්ථා වලදී පාසල නියෝජනය කරමින් විදෙස් රටවල සංචාරය කරන්නට ශිෂ්‍යත්ව ලබා ගැනීමට අවස්තාව ලැබේ. එහිදී මාපිය දෙදෙනාම ගමන් බලපත්‍රය සැදීම සඳහා එකඟත්වය පළ කල දෙදෙනාම අත්සන් කල ලිපිය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන විට විවිධ ගැටළු මතු වේ.

මෙම අවස්ථාව Case by Case යනුවෙන් හැඳින් වේ.

එහිදී කෙටි කාලීන විදෙස් ගත වීමක් නිසාත් පැහැදිලි කරුණු කාරණා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදුහල්පතිවරයා කරන විශේෂ ඉල්ලීමකට අනුව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක අධ්‍යක්ෂක වරයාට අදාළ දරුවා සඳහා ගමන් බලපත්‍ර සෑදීමට අවසර ලබාදීමට අවස්ථාව හිමි වේ.



මුස්ලිම් කාන්තාවන් දික්කසාද වූ විටදී ගමන් බලපත්‍රයක් ( Passport ) සාදා ගැනීමට
මුස්ලිම් කාන්තාවන් දික්කසාද කිරීමේ අයිතිය තියෙන්නේ කාතී උසාවියටයි. එහෙත් ඔවුන්ට දරුවන්ගේ භාරකාරත්වය පැවරීමේ අයිතිය නැත. ඒ සඳහා සිවිල් උසාවියකට නීතිඥවරයෙකු හරහා මෝසමක් මඟින් දරුවාගේ අයිතිය ලැබිය යුතු වේ. මුස්ලිම් කාන්තාව දික්කසාද වී ඇත්නම් ඇයගේ දරුවාට ගමන් බලපත්‍රය සෑදීම සඳහා අවසරය ඇත්තේ දරුවාගේ අයිතිය අධිකරණ නියෝගයකින් මවට පවරුනහොත් පමණි.



මව හෝ පියා මියගොස් ඇති විට ගමන් බලපත්‍රයක් ( Passport ) සාදා ගැනීමට
අවුරුදු 16ට අඩු දරුවකුගේ මව හෝ පියා මියගොස් ඇත්නම් ගමන් බලපත්‍රය සැදීමේදී අවසරය ඇති ලිපියත්, මියගිය කෙනාගේ මරණ සහතිකයේ මුල් පිටපතත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.



භාරකාරයෙකු ළඟ දරුවකු සිටියදී ගමන් බලපත්‍රයක් ( Passport ) සාදා ගැනීමට
මව හා පියා යන දෙදෙනාම මියගොස් ඇත්නම්, දිසා අධිකරණය පැවරූ භාරකාරත්වය හිමි තැනැත්තාගේ අවසරය ඇති ලිපිය හා මියගිය මාපියන්ගේ මරණ සහතිකවල මුල් පිටපතත් ඉදිරිපත් කළ යුතු වේ.

මව සහ පියා යන දෙදෙනාම වෙනත් කසාද කරගෙන සිටිනම් දරුවා ඥාතිවරයෙකුගේ භාරකාරත්වයේ සිටී නම් මව සහ පියා යන දෙදෙනාම ජිවතුන් අතර සිටින නිසා ඔවුන්ගෙන් දරුවාට ගමන් බලපත්‍රය සෑදීම සඳහා අවසරය සහිත ලිපිය ලබාගත යුතු වේ.



දරුකමට හදාගත් දරුවකු සඳහා ගමන් බලපත්‍රයක් ( Passport ) සාදා ගැනීමට
දරුකමට හදාගන්නේ නම් කුලවද්දා ගැනීමේ නිතිය යටතේ අධිකරණ නියෝගයක් ලැබේ. එවිට දරුවාගේ උප්පැන්න සහතිකයේ මව, පියා යන තීරු සඳහා දරුවා හදා වඩා ගන්නා මව, පියාගේ නම දැමීමට අවශ්‍ය නම් දරුවාගේ නම පවා වෙනස් කිරීමට අවසර ලැබේ. දිසා අධිකරණයක් හරහා දරුවා පිලිබඳ අයිතිය හිමිවන නිසා ඉන්පසු දරුවාට ගමන් බලපත්‍රයක් සෑදීම පිලිබඳ ගැටළුවක් මතු නොවේ.



ශ්‍රී ලාංකීය මාපියන්ට දාව විදෙස් රටවල උපදින දරුවන්
ශ්‍රී ලාංකීය මාපියන්ට දාව විදෙස් රටකදී දරුවකු උපදින විට එය විශේෂ අවස්තාවක් ලෙස සැලකේ. එහිදී දරුවා උපන් පසු හැකි ඉක්මනින් කොන්සල් කාර්යයාලය හෝ තානාපති කාර්යයාලය හරහා ලංකාවේ පුරවැසි පනත යටතේ ලියාපදිංචි කල යුතු වේ. විදෙස් රටක උපත ලැබුවත් ලංකාවේ පුරවැසියෙකු ලෙස සලකන්නේ එවිටයි.

දරුවාට අවුරුදු 22ක් වන තුරු මෙරට පුරවැසිභාවය හිමිවේ. අවුරුදු 22ක් යනු දැනුම් තේරුම් ඇති වයසකි. මෙහිදී දරුවා තම පුරවැසිභාවය සඳහා තෝරා ගන්නේ ලංකාවද එසේත් නැත්නම් තමා ඉපදුණු රට ද යන්න තෝරා ගත යුතු වේ.

එහිදී දරුවා උපන් රට තෝරාගතහොත් ලංකාවේ පුරවැසිභාවය අහෝසි වේ.

මෙවැනි දරුවකු ගමන් බලපත්‍රය සකස් කරද්දී වෙනත් දරුවන් ඉදිරිපත් කරන ලියකියවිලි වලට අමතරව කොන්සල් කාර්යයාලය වෙතින් පුරවැසි පනත යටතේ ලියාපදිංචි වූ එම ලියවිල්ලද ඉදිරිපත් කල යුතු වේ.



වසර 3න 3ට ගමන් බලපත්‍රය අලුත් කිරීම
දරුවන්ගේ සිරුර පෙනුම ඉතා ඉක්මනින් වෙනස් වේ. මේ නිසා වයස අවුරුදු 16න් පහළ දරුවන් සඳහා ගමන් බලපත්‍ර සකස් කරද්දී වසර 3න 3ට ගමන් බලපත්‍ර අලුත් කර ගත හැකි වේ.

සාමාන්‍යයෙන් ගමන් බලපත්‍රයක වලංගු කාලය වසර 10කි. ආසියානු රටවල සංචාරය සඳහා නම් වසර 3න 3ට අලුත් කරන ගමන් බලපත්‍රයක් සැකසීම ප්‍රමාණවත් වේ. එහෙත් ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල විසා ලබා දෙන්නේ එකවර වසර 5කටයි.

එවිට වසර 3ක් සඳහා වසර 3ක් සඳහා සකසන ගමන් බලපත්‍රය වලංගු නොවේ. වසර 10ක ගමන් බලපත්‍රයට වඩා වසර 3කට සැකසෙන ගමන් බලපත්‍රයකට ය කෙරෙන මුදලද අඩු අගයක් ගනී.

වසර 3කට පසුව නැවත ගමන් බලපත්‍රයක් සකසද්දීත් අලුත් ගමන් බලපත්‍රයක් සකසනවා මෙන් දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත, මව සහ පියා යන දෙදෙනාගේම අවසරය සහිත දෙදෙනාම අත්සන් යොදා ජාතික හැඳුනුම්පත් අංක ලියු ලිපය මව, පියාගේ ගමන් බලපත්‍ර ඇත්නම් ඒවාහි මුල් පිටුවේ ජායාපිටපත යනාදිය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.



source http://thewoman.lk/passport-renewed-three-years-children/
 

Attachments

  • Passport thewoman.lk 2.jpg
    Passport thewoman.lk 2.jpg
    43.2 KB · Views: 206
  • Like
Reactions: harshana_mahesh

lalan755

Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    mage puthage passport eka 10 years walata hadala thiyenne. PP hadanakota eyata 1.5y dan eyata 6y, dan PP renew karanna onada?
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    දරුවාට අවුරුදු 22ක් වන තුරු මෙරට පුරවැසිභාවය හිමිවේ. අවුරුදු 22ක් යනු දැනුම් තේරුම් ඇති වයසකි. මෙහිදී දරුවා තම පුරවැසිභාවය සඳහා තෝරා ගන්නේ ලංකාවද එසේත් නැත්නම් තමා ඉපදුණු රට ද යන්න තෝරා ගත යුතු වේ.

    එහිදී දරුවා උපන් රට තෝරාගතහොත් ලංකාවේ පුරවැසිභාවය අහෝසි වේ

    purawasikama kohamada ahosi wenne ? mama danna tharamin sri lankawa dithwa purawsikam anumatha karanawa.