ළමයි ඉන්න උන් වරෙල්ලා

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මචන්ලා පොඩි ප්‍රශ්නයකට උපදෙස් ගන්ඩ අවේ . මට කොල්ලෙක් ඉන්නවා බන්. උ පොඩිකාලේ උනන්දුවෙන් ඉගන ගත්තා. උට ඉගෙන ගන්ඩත් පුළුවන් . නමුත් දැන් 6 පන්තියට පස්සේ මුගේ උනදුව හොදටම මදි මන්. දැන් පාඩම් කරන්නේ ගොඩක් අඩුවෙන් . හොදින් නරකින් දෙකෙම්ම කියලා බැලුවා. ඒ වෙලාවට මු ටිකක් වැඩ කරාට අයි දවසක් යද්දී අයෙත් උනන්දුව අඩුයි. මු online වැඩ ඔක්කොටොම class යනවා . දෙකකට hall class වලටත් යනවා . මුට අද්යපනේ වැදගත්කම කිව්වට අහන්නෙත් නැ. දන්නා කෙනෙක් කියපලකෝ මචන් මේකට විසදුමක් . ඒ වගේම අද්යපනේ වැදගත්කම දැනෙන වැකි කීපයකුත් ඕන බන් මුට පෙන්ඩ ගහන්ඩ . දැන් කොල්ලා ඉන්නේ 7 පන්තියේ . තව එකක් කියන්ඩ බැරි උන බන් ලොකු එක්කෙනා කෙල්ලක් එයා සපෝර්ට් කරනවා ඉගෙනත් ගන්නවා . පොඩි එකාව් සපෝර්ට් කීපයකටම දැම්මා නමුත් උ ටිකක් ගිහින් නතර වෙනවා . මුගේ හොද ගතිත් තියනවා බන් . කිසිදේකට කම්මැලි නැ වැඩවලට . ඒවාට මු හරි අසයි.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    6,7 දි අධ්‍යාපනයේ වැදගත් කම කිව්වට තේරෙනවද කියලා හිතපංකෝ උඹට ඒක ඒ වයසෙදි තේරුනාද? මට නම් නෑ. අද මම කැම්පස් එකක ලෙක්චර කෙනෙක්. නමුත් මම පොඩි කාලේ ඉගෙන ගත්තෙ නෑ.
    පොඩි එකාට ඕනවට වැඩිය බලපෑම් කරන්න එපා, ඔන්ලයින් ක්ලාස් වලින් ඈත් කරපං. ඌට ඉස්කෝලෙන් ඉගෙන ගන්න දීලා ඉංග්‍රීසි, ගණිතය අමාරු නම් ඒවට විතරක් හොද ක්ලාස් බලලා දාපං. ඒවත් ෆිසිකල් දාපං. පොඩි එකා ඉස්සරහා උඹලා ෆෝන් ඔබ ඔබ ඉන්න එපාට. ටීවි බල බල ඉන්න ඒවා නවත්තලා ඌ එක්ක කාලෙ ගෙවපං. ඌට ආදරෙන් ඉදපං.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1. ඔච්චර අමතර පන්ති දැම්මාම ඌටම කියලා දවසට පැය කීයද තියෙන්නේ
    2. ඌට දකින්න තියන පරිසරය මොකක්ද?. අම්මා තාත්තා ගෙදරදී මොනවද කරන්නේ?
    3. උනන්දුව මදි කියන්නේ මෙශර්මන්ට් මොනවද? ඉංග්‍රීසි, ගණිතය ලකුණු කීයද?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,640
    11,392
    113
    හඳට කිට්ටුව
    මචන්ලා පොඩි ප්‍රශ්නයකට උපදෙස් ගඳ අවේ . මට කොල්ලෙක් ඉන්නවා බන්. උ පොඩිකාලේ උනන්දුවෙන් ඉගන ගත්තා. උට ඉගෙන ගන්ඩත් පුළුවන් . නමුත් දැන් 6 පන්තියට පස්සේ මුගේ උනදුව හොදටම මදි මන්. දැන් පාඩම් කරන්නේ ගොඩක් අඩුවෙන් . හොදින් නරකින් දෙකෙම්ම කියලා බැලුවා. ඒ වෙලාවට මු ටිකක් වැඩ කරාට අයි දවසක් යද්දී අයෙත් උනන්දුව අඩුයි. මු online වැඩ ඔක්කොටොම class යනවා . දෙකකට hall class වලටත් යනවා . මුට අද්යපනේ වැදගත්කම කිව්වට අහන්නෙත් නැ. දන්නා කෙනෙක් කියපලකෝ මචන් මේකට විසදුමක් . ඒ වගේම අද්යපනේ වැදගත්කම දැනෙන වැකි කීපයකුත් ඕන බන් මුට පෙන්ඩ ගහන්ඩ . දැන් කොල්ලා ඉන්නේ 7 පන්තියේ .
    කොල්ලොන්ගේ හැටි ඔහොම තමා බන්, ඒ හින්දා කලබල වෙන්න එපා..

    පොඩ්ඩක් හිතලා බලපන් උඹත් ඔහොමම තමයි නේද පොඩි කාලේ කියලා..

    උඹේ ඩ්‍රීම්ස් කොල්ලගෙන් සැබෑ කර ගන්න හදන්න එපා බන්...

    ඌට පොඩ්ඩක් පාඩුවේ ඉගෙන ගන්න දීපන්..

    මට තේරෙන විදිහට නම් උඹ තමයි කොල්ලට අනවශ්‍ය ප්‍රේශර් එකක් දාලා වැඩේ කාලා තියෙන්නේ..

    මගේ කොල්ලා ශිෂ්‍යත්ව විභාගය ලියලා ඉවර උනේ ඊයේ පෙරේදා, එදා ඉදලා පොතක් අතින් අල්ලන්නේ නෑ..

    වයිෆ් අම්මලා මොනවා කිව්වත් මම තාම වචනයක් කිව්වේ නෑ කොල්ලට, කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්ඩ යන්ඩ කිව්වා, බයිසිකලේ පදින්ඩ කිව්වා, ගේම් ගහන්ඩ කොම්පුටර් එකක් ගෙනත් දුන්නා..

    ඉදලා හිටලා මම මෑන්ස්ට කියන්නේ, බඩි ඔයා ඉල්ලන හැම දේම ඔයාල දීලා තියෙන්නේ, ඒ වෙනුවෙන් ඔයා මට කරන්න ඕනේ හොදට ඉගෙන ගන්න එක කියලා..

    මම පොඩි සයිකොලොජිකල් ගේම් එකක් ගහන්නේ පොඩි එවුන් දෙන්නා එක්ක..

    මම හැම වෙලේම කියන්නේ ඔයාල දෙන්නා හොදට ඉගෙන ගත්තොත් මේ මේ දේවල් කරන්න පුලුවන් වෙයි කියලා, නැත්තන් මං වගේ රෑ දාවල් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි කියලා..

    මම කන කට්ට උන් දෙන්නා අත් දැකීමෙන්ම දන්නවා, ඒ හින්දා, උන් කොහොමත් ඉගෙන ගන්නවා, දැනට නම් ප්‍රෝග්‍රස් එක සතුටු දායකයි..
    ඉස්සරහට නම් මොනා වෙයිද දන්නේ නෑ..
    කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා..

    මට හරියට ඉගෙන ගන්න බැරි උනා, ඒත් මම කොහොම හරි මැච් එකක් ගහනවා, ඒ වගේම මගේ දරුවොත් මැච් එකක් ගහයි කියලා හිතනවා බන්..

    ලමයින්ව ප්‍රශ්ට්‍රේට් කරන්න යන්න එපා, ඒක තමා දෙමව්පියෝ කරන ලොකුම වැරද්ද මම නම් දකින විදිහට..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    6,7 දි අධ්‍යාපනයේ වැදගත් කම කිව්වට තේරෙනවද කියලා හිතපංකෝ උඹට ඒක ඒ වයසෙදි තේරුනාද? මට නම් නෑ. අද මම කැම්පස් එකක ලෙක්චර කෙනෙක්. නමුත් මම පොඩි කාලේ ඉගෙන ගත්තෙ නෑ.
    පොඩි එකාට ඕනවට වැඩිය බලපෑම් කරන්න එපා, ඔන්ලයින් ක්ලාස් වලින් ඈත් කරපං. ඌට ඉස්කෝලෙන් ඉගෙන ගන්න දීලා ඉංග්‍රීසි, ගණිතය අමාරු නම් ඒවට විතරක් හොද ක්ලාස් බලලා දාපං. ඒවත් ෆිසිකල් දාපං. පොඩි එකා ඉස්සරහා උඹලා ෆෝන් ඔබ ඔබ ඉන්න එපාට. ටීවි බල බල ඉන්න ඒවා නවත්තලා ඌ එක්ක කාලෙ ගෙවපං. ඌට ආදරෙන් ඉදපං.
    💯 යකූ මම ටයිප් කර කර හිටියෙත් ඔය කතාවමයි
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Phone ekata addicted athi
    ඔව් බන් එක තියනවා දැන් අඩු කරා .ජීල් බලලත් තිබ්බා .දැන් ඒවා අඩුයි . ජිල් සීන් දැන් නැ . මු online නිසා phone nodith බැ . online නවත්තන්දත් හිතෙනවා .
     
    • Like
    Reactions: Naughtykolla48

    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    224
    232
    43
    阿布扎比
    ඔව් බන් එක තියනවා දැන් අඩු කරා .ජීල් බලලත් තිබ්බා .දැන් ඒවා අඩුයි . ජිල් සීන් දැන් නැ . මු online නිසා phone nodith බැ . online නවත්තන්දත් හිතෙනවා .
    Invest in a chromebook instead of a mobile phone.. you will have better control and you will be able to see what he is doing
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,640
    11,392
    113
    හඳට කිට්ටුව
    ඔව් බන් එක තියනවා දැන් අඩු කරා .ජීල් බලලත් තිබ්බා .දැන් ඒවා අඩුයි . ජිල් සීන් දැන් නැ . මු online නිසා phone nodith බැ . online නවත්තන්දත් හිතෙනවා .
    oya wayasata jil balannea nathuwa, koi wayasedida uta balanna kiyanne uba??
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම නම් පොත් ගන්න පාඩම් කරන්න කියලා ජීවිතේට කියලා නෑ. මම ඌ එක්ක කතා කරන එක කරන්නෙ. මෙහෙ වරෙන් පොත ගනින් කිව්වට ළමයි පාඩම් කරනවාද නැත්නම් අකමැත්තෙන් බොරුවට පොත දිහා බලන් ඉන්නවාද කියලා හිතපන්.

    මගේ ක්‍රම

    1. ඌ එක්ක මොකක් හරි ගැන කතා කරන එක. විශයට අදාළව නිකම් මම දන්නෙ නෑ උගෙන් අහගන්නවා වගේ දෙයක්.
    2. ගානක් මට හදාගන්න බෑ කියලා උගේ සපෝර්ට් එක ඉල්ලනවා.
    3. පාරෙ යද්දිත් ඌ එක්ක කතා කරනවා එක එක දේවල් ගැන.
    4. තව අපි ගෙදර දැනුම මිනුම තරඟ තියනවා.

    මොකුත් ඕනෙ නෑ ඔය ක්‍රමේට කියලා දීලා මගෙ එකා අවුරුදු 3 දිත් දන්නවා ගුරුත්වාකර්ෂණය ගැන.

    මේ ඔක්කොටම ඉතින් තමනුත් දේවල් දැනන් ඉන්න ඕනෙ. තමනුත් කැපකිරීම් කරන්න ඕනෙ.
    ගොඩක් එවුන් කරන්නෙ තමුන් ටී වී එක හරි පෝන් එක හරි ඔබ ඔබ ළමයාට පොත් පාඩම් කරපන් කියලා කෑගහන එක.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Finnish education system
    this is 100% working system
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    TV balanawada?game gahanawada?padam karanne nathi welawata monwada karanne?
     
    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18

    best advice