මචන්ලා පොඩි ප්‍රශ්නයකට උපදෙස් ගඳ අවේ . මට කොල්ලෙක් ඉන්නවා බන්. උ පොඩිකාලේ උනන්දුවෙන් ඉගන ගත්තා. උට ඉගෙන ගන්ඩත් පුළුවන් . නමුත් දැන් 6 පන්තියට පස්සේ මුගේ උනදුව හොදටම මදි මන්. දැන් පාඩම් කරන්නේ ගොඩක් අඩුවෙන් . හොදින් නරකින් දෙකෙම්ම කියලා බැලුවා. ඒ වෙලාවට මු ටිකක් වැඩ කරාට අයි දවසක් යද්දී අයෙත් උනන්දුව අඩුයි. මු online වැඩ ඔක්කොටොම class යනවා . දෙකකට hall class වලටත් යනවා . මුට අද්යපනේ වැදගත්කම කිව්වට අහන්නෙත් නැ. දන්නා කෙනෙක් කියපලකෝ මචන් මේකට විසදුමක් . ඒ වගේම අද්යපනේ වැදගත්කම දැනෙන වැකි කීපයකුත් ඕන බන් මුට පෙන්ඩ ගහන්ඩ . දැන් කොල්ලා ඉන්නේ 7 පන්තියේ .
කොල්ලොන්ගේ හැටි ඔහොම තමා බන්, ඒ හින්දා කලබල වෙන්න එපා..
පොඩ්ඩක් හිතලා බලපන් උඹත් ඔහොමම තමයි නේද පොඩි කාලේ කියලා..
උඹේ ඩ්‍රීම්ස් කොල්ලගෙන් සැබෑ කර ගන්න හදන්න එපා බන්...
ඌට පොඩ්ඩක් පාඩුවේ ඉගෙන ගන්න දීපන්..
මට තේරෙන විදිහට නම් උඹ තමයි කොල්ලට අනවශ්‍ය ප්‍රේශර් එකක් දාලා වැඩේ කාලා තියෙන්නේ..
මගේ කොල්ලා ශිෂ්‍යත්ව විභාගය ලියලා ඉවර උනේ ඊයේ පෙරේදා, එදා ඉදලා පොතක් අතින් අල්ලන්නේ නෑ..
වයිෆ් අම්මලා මොනවා කිව්වත් මම තාම වචනයක් කිව්වේ නෑ කොල්ලට, කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්ඩ යන්ඩ කිව්වා, බයිසිකලේ පදින්ඩ කිව්වා, ගේම් ගහන්ඩ කොම්පුටර් එකක් ගෙනත් දුන්නා..
ඉදලා හිටලා මම මෑන්ස්ට කියන්නේ, බඩි ඔයා ඉල්ලන හැම දේම ඔයාල දීලා තියෙන්නේ, ඒ වෙනුවෙන් ඔයා මට කරන්න ඕනේ හොදට ඉගෙන ගන්න එක කියලා..
මම පොඩි සයිකොලොජිකල් ගේම් එකක් ගහන්නේ පොඩි එවුන් දෙන්නා එක්ක..
මම හැම වෙලේම කියන්නේ ඔයාල දෙන්නා හොදට ඉගෙන ගත්තොත් මේ මේ දේවල් කරන්න පුලුවන් වෙයි කියලා, නැත්තන් මං වගේ රෑ දාවල් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි කියලා..
මම කන කට්ට උන් දෙන්නා අත් දැකීමෙන්ම දන්නවා, ඒ හින්දා, උන් කොහොමත් ඉගෙන ගන්නවා, දැනට නම් ප්‍රෝග්‍රස් එක සතුටු දායකයි..
ඉස්සරහට නම් මොනා වෙයිද දන්නේ නෑ..
කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා..
මට හරියට ඉගෙන ගන්න බැරි උනා, ඒත් මම කොහොම හරි මැච් එකක් ගහනවා, ඒ වගේම මගේ දරුවොත් මැච් එකක් ගහයි කියලා හිතනවා බන්..
ලමයින්ව ප්‍රශ්ට්‍රේට් කරන්න යන්න එපා, ඒක තමා දෙමව්පියෝ කරන ලොකුම වැරද්ද මම නම් දකින විදිහට..