ළමයෙක් මහණ කරොත් නොමිලේ නිවසක් 🤣 🤣 🤣 🤣 🤣 🤣

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,222
    8,358
    113
    r/srilanka - Donate a child to the clergy and get a house




    බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම පිණිස දරුවන් පැවිදි බිමට එක් කර ඇති, ආර්ථික වශයෙන් දුෂ්කර මට්ටමක සිටින නිවසක් අහිමි දෙමාපියන්ට නිවසක් තනා දීම අරමුණු කර ගනිමින් ‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    දැඩි ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙන පවුල්වල දරුවන් ශාසනයට දායාද කර ඇති දෙමව්පියන් වෙත ශාසනික කෘතගුණ දැක්වීමක් ලෙස මෙම වැඩසටහන දියත් කෙරේ.

    වැඩසටහනේ මූලික අදියර වශයෙන් 2026 වසරේ සිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නිවාස 1,000ක් ඉදිකිරීමටත්, දැනට නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ නිවාස වැඩසටහනේ අනුබද්ධ වැඩසටහනක් ලෙස ‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.

    යෝජිත වැඩසටහන යටතේ හඳුනාගනු ලබන ප්‍රතිලාභීන්ට නව නිවසක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරින්ගේ නිර්දේශ අනුව රුපියල් මිලියන 1.5ක මූල්‍යාධාරයක් ලබා දෙන අතර, නිවාස ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ දායකත්වය උපරිම වශයෙන් ලබා ගැනීමට ඉඩ සලසා දෙනු ඇත.

    ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සුපිරි වියාපෘතියක් මේක. වැඩිමහල් සංඝරත්නය පට්ටට ආස වෙයි පොඩි අය එනවට පිරිවෙනට
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055
    113
    kiyana widiyata bala ganna lamayek naha wayasaka parents la witharak inna unta nam kamak naha.
    naththan lamayek mahana kala hamotama dena seen ekata awoth uparima harak wadak..