ළමාවියේ සන්වර්ධනය නොවු ඔබ

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    tumblr_mme9kthPsx1ru5h8co1_500.gif


    ළමා වියේ මව්පිය සෙනෙහස නිසි ලෙස නොලැබීමෙන් බොහෝ මානසික ගැටලු ඇතිවිය හැකියි

    දරුවකු මෙලොව එළිය දුටු දිනයේ පටන් ම එම දරුවාගේ කායික වර්ධනය මෙන්ම මානසික වර්ධනය ද ක්‍රම ක්‍රමයෙන් සිදු වෙයි. මෙම මානසික වර්ධනය යහපත් ආකාරයට සිදු වන්නට නම් මව සහ දරුවා අතර තීව්‍ර සම්බන්ධතාවක් පැවතිය යුතුය. එවැනි සම්බන්ධතාවක් ඇති වීමට නම් මව දරුවා සිප වැළඳ ගැනීම, තුරුළු කර ගැනීම, දරුවන්ට බොහෝ ආදරය දැක්වීම, දරුවා සමග කතා කිරීම, දරුවාගේ විවිධ අංග චලනවලට ප්‍රතිචාර දැක්වීම, දරුවා රැකබලා ගැනීම වැනි බොහෝ කාරණා ඉටු වීම ඉතාමත් වැදගත් වේ. මෙවැනි දේවල් නිසා දරුවා තුළ ආදරය සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම ඇති වෙයි.

    මෙලෙස වැඩෙන දරුවකුට මවගෙන් ඈත් වී සිටීම අපහසුය. මව දරුවාට සුවිශේෂී පුද්ගලයෙකු බවට පත් වෙයි. තවත් කෙනෙකු තමන් වඩා ගැනීම සඳහා දෑත පෑ විට දරුවා එයට විරෝධය පළකරමින් මවගේ ගෙලෙහි මුහුණ සඟවා ගෙන මවගේ ග්‍රහණය දැඩි කරගැනීමට උත්සාහ දරයි. එසේ වන්නේ මවගේ තුරුලෙහි තරම් ආදරයක්, ආරක්ෂාවක් වෙන කොතැනකවත් නැති බව දරුවා ඒ වන විට වටහා ගෙන තිබීම නිසාය. එසේම මේ වයසේදී මව සමග ගත කරන විට මව හා විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්නට දරුවා කැමැති ය. මව කතා කරන විට අපහසුවෙන් හෝ වචන උච්චාරණය කරමින් දරුවා කතා කරන්නට ද ඉගෙන ගනී.

    මෙසේ මව සමග ඉතා යහපත් සම්බන්ධතාවක් පැවතීම දරුවකුගේ කායික මානසික වර්ධනයට ඉතා වැදගත් වෙයි. එවන් දරුවකුට පාසල් යාම ආරම්භ කළ පසු මව ගෙන් වෙන්ව කිසිදු චකිතයකින් තොරව පාසලේ අනෙක් දරුවන් හා හිඳීමට හා අවශ්‍ය මානසික ශක්තිය ඉබේම ලැබෙනු ඇත.

    නමුත් මෙලෙස මව සමග ඉතා යහපත් සම්බන්ධතාවක් ඇතිව ළමාවිය ගත කිරීමට සෑම දරුවකුටම අවස්ථාව නොලැබේ. යම් හෙයකින් දරුවකුට ළමා වියේ දී මව ගෙන් වෙන් වන්නට සිදු වුවහොත් දරුවා මුලින්ම කරන්නේ පාසල් යාම ප්‍රතික්ෂේප කිරීමයි. එසේම දරුවකුගේ ළමා වියේ සිටම මව හා දරුවා අතර සාර්ථක සම්බන්ධතාවක් නොපැවතියහොත් එහි අනිටු ප්‍රතිඵල වැඩිහිටි වියේදී ද බලපානු ඇත. මෙලෙස ළමා වියේ දී නිසි ආදරයක් නො ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස යොවුන් වයසට එන විට විශාද රෝග තත්ත්වයන් සේම විවිධ කාංසා රෝග තත්ත්වයන්ද හට ගැනීමට අවකාශ තිබේ.

    දරුවකුට පියාගේ ඇති වැදගත්කම ද කෙසේවත් සුළුකොට තැකිය නොහැකිය. පියාගේ ආදරය සහ ආරක්ෂාව කුඩා දරුවකුගේ පෞරුෂ වර්ධනයට ඉතාමත් වැදගත් වෙයි .දරුවාගේ ලෝකයේ වීරයා වන්නේ පියාය.

    මේ ආකාරයට දරුවකුගේ යහපත් කායික මානසික සහ පෞරුෂ වර්ධනයට ළමා වියේ සිටම මව සහ පියා සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගන්නට ලැබීම ඉතා වැදගත් බව පැහැදිලි වී ඇතැයි සිතමු. නමුත් මව හෝ පියා අහිමි වූ විටෙක ඒ ආදරය, අවධානය සහ ආරක්ෂාව ඉතා හොඳින් අන් වැඩිහිටියකු වෙතින් සම්පූර්ණ වන්නේ නම් දෙදෙනාගෙන් එක් අයකු නොසිටීම විශාල ගැටලුවක් වන්නේ නැත.

    මෙසේ ළමා වියේ දී තැන් තැන්වල හැදෙන්නට සිදුවන දරුවන්ට නිසි ආදරයක්, රැකවරණයක් ලැබීම බොහෝ විටම අසීරුය. ළමා වියේ දී සිදු වන මෙම මානසික අලාභය මුළු ජීවිතයටම බලපානු ඇත. එලෙස නිසි ආදරයක්, රැකවරණයක් ළමා වියේදී නොලැබී හැදුනු දරුවකුට ඒ නිසා ඇති වන බලපෑම යොවුන් වියේදී විවිධ පෞරුෂ ආබාධ හට ගැනීම සඳහා ද මුල්වේ.

    එම පෞරුෂත්ව ආබාධ අතර සීමාස්ථ පෞරුෂ ආබාධය, සමාජ විරෝධී පෞරුෂත්ව ආබාධය, නිතර තම ජීවිතය අස්ථාවර ලෙස දැනීම විශේෂයෙන් දැක්විය හැකිය. මේ හැරුණු විට මෙවැනි අයට සුලභව වැළඳෙන මානසික රෝගයක් වන්නේ විශාදයයි. විශාදය හට ගැනීමේ ආරම්භක ලක්ෂණ වන්නේ කලකිරීම, අපේක්ෂා භංගත්වය, විනෝදය සතුට ලැබෙන දේවල් වලින් ඈත් වීම, විවාහය ප්‍රතික්ෂේප කිරීම, සමාජ ජීවිතයෙන් වෙන්වී හුදෙකලාවේ සිටින්නට දැඩි කැමැත්තක් දැක්වීම, කිසිවෙකු සමග හෝ කතාබහෙන් වැළකීම ආදිය දක්වීමට පුළුවන.

    මෙම තත්ත්වය උග්‍ර වීමෙන් විශාදය හටගන්නා අතර ඊට නිසි මනෝ වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් තත්ත්වය ඉතා අයහපත් වීමට තිබෙන හැකියාව වැඩිය.

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ
    වෛද්‍ය රුමී රූබන්

    -ඉන්දු පෙරේරා-

    FB උපුටා ගන්නාලදි​
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    විශාදය හට ගැනීමේ ආරම්භක ලක්ෂණ වන්නේ කලකිරීම, අපේක්ෂා භංගත්වය, විනෝදය සතුට ලැබෙන දේවල් වලින් ඈත් වීම, විවාහය ප්‍රතික්ෂේප කිරීම, සමාජ ජීවිතයෙන් වෙන්වී හුදෙකලාවේ සිටින්නට දැඩි කැමැත්තක් දැක්වීම, කිසිවෙකු සමග හෝ කතාබහෙන් වැළකීම ආදිය දක්වීමට පුළුවන.
    හම්මටසිරි මළ කෙලියයි.. මට ඔය ලක්ෂණ සේරම තියෙනවා කියහන්කො :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @hasithayad මෙන්න උබෙත් ළමා විය සංවර්ධනය වෙලා නැහැ නේද 🤣
    උඹෙ පුක තාම සංවර්දනේ වෙන ගමන් නේද? දැනට ගූ නැවක් ගහගන්න පුලුවන්, සංවර්ධනේ උනාම ගූ නැව් දහයක් විතර බස්සගන්න පුලුවන්
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    උඹෙ පුක තාම සංවර්දනේ වෙන ගමන් නේද? දැනට ගූ නැවක් ගහගන්න පුලුවන්, සංවර්ධනේ උනාම ගූ නැව් දහයක් විතර බස්සගන්න පුලුවන්
    ගු නෑවා නම් ගෙනාවේ උබල වගේ ගූ කන එවුන්ට කන්න මචං
     
    • Like
    Reactions: batmanTES

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,656
    113
    හම්මටසිරි මළ කෙලියයි.. මට ඔය ලක්ෂණ සේරම තියෙනවා කියහන්කො :baffled:
    මචන් ඒ උබේ ජොබ් එක කරන ෆීල්ඩ් එකේ අවුලක් බන්. වැඩියෙ හිතන්න එපා :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගු නෑවා නම් ගෙනාවේ උබල වගේ ගූ කන එවුන්ට කන්න මචං
    අපිට කන්න ගෙනාවට තොපි තැරි දාර බයියො ඒක පුකේ ගහගත්තනෙ