ළමා අපචාර, අතවර සිදු කරමින් ළමා පරපුර විනාශ කරන්නට පාපතරයන් කටයුතු කරන විට ළමයින්ගේ අනාගතය සුවපත් කරන්නට සිටින සමහර ඇදුරු පිරිස් මේ රටේ බංකොළොත් දේශපාලන සංවිධානයන්ගේ උසිගැන්වීම්වල පැටලිලා කටයුතු කිරීම අපරාධයක් බවත් ලෝක ළමා දිනයේවත් මේ තත්ත්වය වෙනස් වෙනවා නම් එය ළමා පරපුරට කරන ලොකුම සේවය බවත් රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා පැවසීය.
ළමා අපචාර කරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා නම් යෝජනාවී තිබෙන මරණ දඬුවම (එල්ලුම් ගහ) වහාම ක්‍රියාත්මක කරන්නට අපගේ සහයෝගය ලබාදිය යුතු බවද කී ඇමැතිවරයා ළමා පරපුර වෙනුවෙන් මේ රජය ලබාදී තිබෙන නිදහස උපරිමයෙන් සුරක්‍ෂිත වීමට එය හේතුවක් යෑයිද කියා සිටියේය.
ඊයේ (01 වැනිදා) ට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වසර 36 කට එපිටින් මේ රටේ ක්‍රියාත්මක වී තිබෙන එල්ලුම් ගහ දිගටම ක්‍රියාත්මක වුණා නම් රටේ සිදුවූ ම්ලේඡ්ච අපරාධ රාශියක් වළකින්නට ඉඩ තිබුණා සේම අපරාධකරුවන් අලුතින් බිහි නොවන්නටත් ඉඩ තිබුණා. ඔක්‌තෝබර් 01 වැනිදාට සමස්‌ථ ළමා පරපුරට නිදහස බුක්‌ති විඳින්නට ඉඩ හරිනවා වගේ වසරේ සෑම දිනකම පීඩනයකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යැමේ පරිසරයක් නිර්මාණය කරදීම දෙමාපියන්ගේ වගේම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් වෙනවා යෑයිද තිසේරා මහතා කියා සිටියේය.