අපි 13 ගේනවා - සජිත් උතුරේදී කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,587
    113
    තමන්ගේ රජයක් යටතේ 43 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) කිලිනොච්චිය භාරතීපුරම්හි දී පැවැසීය.13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමේ දී ඇතැම් නායකයන් බයේ පැනගිය බවත් ඇතැමුන් වෙනත් මාතෘකා පිළිබඳ කතා කළ බවත් කෙලින් කතා කරන අයකු ලෙස තමන් බලයට පත් වූ පසු 13 වැනි සංශෝධනය ඒ අයුරින් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.

    විපක්ෂ නායකවරයා එසේ පැවැසුවේ සක්වළ වැඩසටහන යටතේ කිලිනොච්චිය භාරතීපුරම් මහ විද්‍යාලයට ලබා දුන් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.සක්වල වැඩටහන යටතේ ක්‍රියාත්මක වූ 225 වැනි සුහුරු පන්ති කාමරය ලබාදීම මෙහිදී සිදු කෙරිණ.

    එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.

    අපේ රටේ සමහර ප්‍රදේශවල සිංහල පමණයි කියා ඇතැමුන් පවසනවා. ඔවුන් රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් තුළ දරුවන් හතළිස් ලක්ෂය ගැන සිතා එසේ පවසන්නේ නෑ. ඔවුන්ගේ ඡන්ද මල්ල ගැන සිතා අප සිංහල පමණයි කියා පවසනවා. තවත් ප්‍රදේශවලට දමිළ පමණයි යනුවෙන් පවසනවා. දමිළ පමණයි කියා පවසන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතා නොවෙයි. තමන් ගෙ ඡන්ද වැඩි කරගන්නයි. මා අද කිලිනොච්චියට පැමිණියේ ඡන්ද හදන්නවත් දෙමළ ඡන්ද මල්ලට දාගන්නවත් නොවෙයි.

    ඒ වගේම කියන්නට අවශ්‍යයි 13 වැනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනෙක් නායකයන් එක එක අවස්ථාවල දී ව්‍යාජ තොරතුරු රටේ විවිධ ප්‍රදේශවල කියා සිටිය දී අපි පැහැදිලිව කියා සිටිනවා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප ක්‍රියාත්මක කරනවා කියා. ජාත්‍යන්තර කම්කරු දිනයේදීත් අප ඒ ප්‍රතිඥාව දුන්නා.

    අද උතුරටත් පැමිණ අපි අපේ රටේ උත්තරීතර නීති පොතේ තිබෙන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අප ක්‍රියාත්මක කරනවා කියා උතුරෙත් දකුණෙත් ඇතුළු රටේ ජනතාවට අප එය ප්‍රකාශ කරනවා.

    එය ක්‍රියාත්මක කරන්නට අප මැලිවෙන්නේ නැහැ. පසුබට වෙන්නෙත් නැහැ. අපේ රටේ නීති පොතේ තියන දෙයක්. එය එලෙස ක්‍රියාත්මක කරන්නට අප කටයුතු කරනවා කියා පවසන්නට අවශ්‍යයි. මේ තුළින් මේ ප්‍රදේශයේ ජනතාවගේ දේශපාලන අයිතිය, සමාජීය, ආර්ථික, සංස්කෘතික හා ආගමික අයිතිය අපි ලබා දෙනවා. අප රටේ මූලික අයිතිය මානව අයිතියයි ව්‍යවස්ථාවේ තිබෙන්නේ දේශපාලන හා සිවිල් අයිතිය පමණයි. අප එය පුළුල්කර දේශපාලනික, සිවිල් අයිතිය වගේම ආර්ථික සෞඛ්‍යය සංස්කෘතික හා අධ්‍යාපනික අයිතීන් අපේ රටේ ජනතාවට ලබාදෙන්න අප කටයුතු කරනවා. ඒ වගේම මේ රටේ පළමු පන්තියේ පුරවැසියන්, දෙවැනි පන්තියේ පුරවැසියන් කියා වර්ගීකරණයක් අප තුළ නැහැ. අප සැවොම එකයි.



    හැබැයි මා එලෙස සමානාත්මතාව පිළිබඳ කිව්වට එය ක්‍රියාත්මක වන පහසුකම් පරිපාලන ක්ෂේත්‍රයේ නැති බව ඔබට පැවසිය යුතුයි. නීති පොතේ නැහැ. නීතිය හා සාමය ක්ෂේත්‍රයේ නැහැ. බොහෝ කාර්යාලවල ආයතනවල නැහැ. කටින් කිව්වට සමානාත්මතාව පිළිබඳ එය බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන්නට ඕන, එය මහපොළවේ යථාර්ථය විය යුතුයි යැයි පැවැසීය. සමගි ජන බලවේගයේ උතුරු පළාත් ප්‍රධාන සංවිධායිකා උමා චන්ද්‍ර ප්‍රකාශ් මහත්මිය ඇතුළු දේශපාලන ක්‍රියාකාරීහු භාරතීපුරම් මහ විද්‍යාලයේ විදුහල්පති පී. ශ්‍රීදරන් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.