ළමා අපයෝජන නඩු 4289ක් මේ වනවිට දිවයින පුරා පිහිටි මහාධිකරණවල ගොනුකර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සංඛ්‍යා දත්ත පවසයි.
මෙම 2026 වසරේ ජනවාරි මාසය සඳහා යාවත්කාලීන කරන ලද මෙම වාර්තාවට අනුව නඩු 1683ක් ජනවාරි මාසය තුළ විභාගයට ගැනීමට හෝ කැඳවීමට නියමිතව තිබිණි.
සංඛ්‍යා ලේඛනවලට අනුව වැඩිම ළමා අපයෝජන නඩු සංඛ්‍යාවක් වාර්තා වනුයේ ගාල්ල මහාධිකරණයෙනි. එම නඩු සංඛ්‍යාව 442කි. කුරුණෑගල මහාධිකරණයේ නඩු 423ක්ද, මහනුවර මහාධිකරණයේ නඩු 414ක්ද, කළුතර මහාධිකරණයේ නඩු 229ක්ද, ගම්පහ මහාධිකරණයේ නඩු 220ක්ද ලෙස වාර්තා වේ.
අඩුම නඩු සංඛ්‍යාවක් ඇත්තේ කල්මුණේ මහාධිකරණයේය. එම නඩු ගණන 1කි. ඊට පසු අඩුම අඩු ගණනක් ඇත්තේ මන්නාරම මහාධිකරණයේය. එම ගණන 5කි.
නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 13ක් යටතේ අධි චෝදනා ගොනු කර ඇති වයස අවුරුදු 18ට අඩු දරුවන්ට එරෙහිව සිදුවූ අපරාධ මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.
ඒ අතරට ප්‍රධාන වශයෙන් ස්ත්‍රී දූෂණය සහ බරපතළ ලිංගික අපයෝජනය, ළමුන් කෲරත්වයට භාජනය කිරීම, ළමුන් සිඟමන් යෙදවීම, ළමුන් අසභ්‍ය ප්‍රකාශන සඳහා යොදා ගැනීම, ළමුන් ලිංගික සූරාකෑමට ලක්කිරීම සහ ජාවාරම් කිරීම ඇතුළත් වේ.
