ළමා නාඩගම
ඉතින් හොඳයි මිත්‍රවරුනි අද ශ්‍රී විකාරයෙන් ප්‍රවීණ උත්සව භාණ්ඩ සැකසුම්කරුවෝ සහ උත්සව සංවිදායකයෝ වන චමලේ ඉවෙන්ට් මැනේජර්ස් විසින් ඔබට කීමට යන්නේ ආදර්ශ ළමා දිනයක් පවත්වන ආකාරයයි..
මේ සඳහා අපට අවශ්‍ය වෙනවා..
නගරාශ්‍රිත හොඳින් තණකොළ කපාගත් පාක් එකක්. ( විහාරමහාදේවි වැනි )
ගලවා ඉවත් කල හැකි ලිස්සන බෝට්ටු, හුලං පුරවන ජලක්‍රීඩා උපකරණ, බැට් බෝල, සබන් බෝල යවන උපකරණ
පොඩි දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ
පොප්කෝන් , කඩල, බඩඉරිඟු කරත්ත, බොම්බයිමොටයි, ඉස්සො වඩේ, නූඩ්ල්ස්
වේදිකාවක්,
සවුන්ඩ් සිස්ටම් එකක් / සංගීත කණ්ඩායමක්
ඉස්ටාර් ජයග්‍රාහී ළමා ගායක ගායිකාවන්, නර්තන ශිල්පීන් කිහිප දෙනෙක්.
පොඩි එකෙක්ටවත් හිනා නොයනා ජෝක් කරනා බඩ මහත කෝලම් කාරයන් දෙතුන් දෙනෙක්.
නිල මාධ්‍ය අනුග්‍රාහකයෙක්
නිල ළමා බැංකු ගිනුම් සහයකයෙක්
ළමා ක්‍රීම් කඩයක්
ළමා නිමි ඇඳුම් වැනි ළමා වචනය ඉදිරියෙන් ඇති ඕනෑම ආයතනයක්..
හොඳයි දැන් අපි බලමු ළමා දිනය පවත්වන ආකාරය..
නගර සබාවට කතා කර අර පිට්ටනිය වෙන් කරවා ගන්න..
මීළඟ පියවර ලෙඩ කෑම කඩ සහ සෙල්ලම් බඩු කඩ වලට පිට්ටනියේ කූඩාරම් ගැසීමට මිල ගණන් කැඳවා තහවුරු කරගන්න.
ඉන්පසු බැංකු සහ අනෙකුත් අනුග්‍රාහකයන් අමතා ඔවුන්ගේ කූඩාරම් පිළිබඳව ද තහවුරු කරගන්න.
ගායකයන්ට වාදකයන්ට නර්තන සිල්පීන්ට කෝලම් කාරයන්ට කතා කර එන්නට කියන්න. එතරම් මුදලක් වැයවන්නේ නැත..අවුරුදු කාලයට කලඑලි බහින ජනගී කණ්ඩායම් ඉතිහාස විසේසඥයන් මෙන්ම ළමා දිනේට එලි බහින සෙට් එකක් ඇත.
පසුව මාසෙක පමණ කාලයක සිට පිපෙන්නට වෙර දරන ජරබරාස් පොහොට්ටු වන් දැයේ දරුවන්ගේ අනාගත තෝතැන්න නිර්මාණය කිරීමට ඔක්තෝබර් පළවෙනිදා අහවල් පිට්ටනියට එන්න කියා පැයෙන් පැයට ඇඩ් දැමීමට පටන් ගන්න.
ඉන්පසු පෝස්ටර් ගසා ඔක්තෝබර් පළවෙනිදා උදේ පාන්දර සිට සුබ මොහොතින් වැඩේ පටන් ගෙන බලන්න එන පොඩි උන්ට කියා සින්දු කවි කියවා නැටුම් නටවා තෑගි දී හවස ගෙවල් වල යන්න..
ඔව් දැන් ඔබේ අතට මාස තුන හතරක් ගොඩ යා හැකි මුදලක් එකතු වී ඇත..
ඔබ දේසපාලඥයෙක් නම් රාජ්‍ය මට්ටමෙන් ඔබට ඔයිට වඩා උත්සවාකාරයෙන් සිදු කල හැක. එයට ජාතික ළමා දින සැමරීම වගේ නමක් දා ගත හැක.. ඡන්ද දාස් ගාණක් කඩාගත හැක..
ඉන්පසුව BMICH හෝ නෙළුම් පොකුණ වැනි හෝල් එකක් බුක්කර ගරුගාම්භීරාකාරයෙන් සිදුකල හැක. කලින් විදිහෙන් ඔබට ලැබෙන්නේ සල්ලි පමණක් උනාට මෙයින් ඔබට සල්ලිවලට ගත නොහැකි ප්‍රසිද්දියක් ගා නම්බුනාම ගරු තනතුරු පවා ලැබේ..
එහිදී ඔබ කලයුතු වන්නේ තනි ඇහැට ඇඬෙන හැඟීම්බර කතාවක් පමණි. කතා ලියා ගැනීමට අය කරනු ලැබේ.. පහත දක්වා ඇත්තේ ආදර්ශ ළමා දින කතාවකි. මෙහි දත්ත ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ලබාගෙන ඇත.
පැමිණ සිටින සම්භාවනීය අමුත්තනි..
ඇත්තටම කියනවනං.. ළමයා කියන්නෙ මේ රටට කොච්චර සම්පතක්ද කියලා ඔබතමුන්නාසේලා හොඳාකාරවම දන්නවා.. මම මේ උත්සවය සංවිධානය කලේ දැයේ දරුවන්ගේ අනාගතය යහපත් එකක් කිරීමේ අරමුණින්.. කියන්න කණගාටුයි මිත්‍රවරුනි අපේ ළමයින්ට වෙලා තියන ඉරණම ( ඉහි ඉහි ඉහි. බොරුවට අඬා කඳුළු පිසදමා නැවත කතාව පටන් ගන්න.. ) 2017 දි ළමාරක්ෂක අධිකාරියට පැමිණිළි 9014 ක් ලැබිලා තියනවලු ළමා හිංසනය ගැන.. අනේ අපේ රටට වෙලා තියන දෙයක් අපෙ හාන්දුරුවනේ… ඒකෙන් 511 ක් ලිංගික අඩන්තේට්ටම්ලු..
අධ්‍යාපනය ලබා නොදුන් ඒවා 1300 ගානක්ලු.. දූෂනය කිරීම් 300 ගානක්ලු.. අනේ වාවන්නෙ කොහොමද අපි මේවා..
එතකොට රටේ ළමයි කීදෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාද.. කී දෙනෙක්ට සල්ලි නැතුව ඉස්කෝලෙ නොයා ඉන්නවද.. කී දෙනෙක්ගෙ අම්මලා රට ගිය හින්දා ඉගෙනගන්නෙ නැද්ද.. නෑදෑයො පවා අතින් අතවරයට ලක් වෙනවද.. අනේ දෙයියනේ අපේ සංස්කෘතියට වෙච්ච දේ.. එතකොට ඔය වාර්තා වෙන ඒවා විතරයි.. වාර්තා නොවෙන සිද්දි ලක්ෂ ගාණක් තියනවා.. ඔබට මතකනං දේසපාලකයො කොච්චර ළමයි ගානකට අතවර කරලා අහුවුනාද.. එතකොට ආගමික පූජකයො , ළඟම ඥාතීන් , තාත්තලා අයියලා පවා අහුවුනාද.. කන්න නැතුව හිඟාකන ළමයි කොච්චරක් ඉන්නවද… අපි මේකට වහාම පියවර ගන්නවා අම්මේ තාත්තේ.. මේක මේ එක දවසක් කරන එකක් කියලා හිතන්න එපා.. අපි ඒ සියළු ළමයින්ගෙ බර කරට ගන්නවා…
ආකාරයේ හැඟුම්බර කතාවක් කරන්න.. මාසනක් ඔබේ කතාව රටේ ජනප්‍රිය වෙයි. සෝෂල් මීඩියා වල ෂෙයාර් වෙයි..
මේක කිව්වම එක මන්ත්‍රීතුමෙක් මගෙන් අහනවා අම්මප මල්ලි මේවා කිව්ව වගේද කොරන්න ගියාම කියලා.
පස්සෙ මං එයාට කිව්වා.. අයියෝ ඕක මොකක්ද ඊළඟ ළමා දිනේ එනකං ආයෙ ඕවා මතක නෑ.. බැරිම උනොත් විරුද්ධ මන්ත්‍රියෙක් වැඩ කරන්න දෙන්නෑ කියලා බැනලා පාඩුවෙ ඉන්න තියෙන්නෙ.. මොකෝ අවුරුදු හැත්තෑවක් තිස්සෙ රටේ අනිත් හැමදේටම ඕක කරනවනං මේකට විතරක් බැරි මොකෝ කියලා.. ඌ හරියට මගෙන් අහන්නෙ ඌ කියන අනිත් එව්වා කරනව වගේ.. ඌ ෆේස්බුක් එකේ පොටෝ එකකුත් දාලා තිබ්බා ළමයෙක්ට අතවර කරප ප්‍රාදේශීය සබා මන්ත්‍රියෙක් එක්ක..
අම්මප මුං වගේ උං
Source http://thewoman.lk/archives/6127


