ළමා විවාහයට විරුද්ධ කවුද ?

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ළමා විවාහයට විරුද්ධ කවුද ?

ගැහැණු ළමයෙකුට රැකවරණය අවශ්‍යයි. නමුත් විවාහ වන්නේ කවදාද


attachment.php

දැරියක් මල්වර වුන දිනයේ පටන්ම මව්පියන්ගේ ඊළඟ ඉලක්කය වෙන්නේ ඇයගේ විවාහයයි. මල්වර විම යනු දරුවන් ලැබිම වෙනුවෙන් ඇගේ ජෛව රිද්මය සකස් විමයි.පෙරදිග ශිෂ්ටාචාරයේ කල්පය ඉතාම ප්‍රබලයි. ඒ වගේම ගැහැණු දරුවන්ගේ පවිත්‍රාවයට හානියක් විට දිග තල දිමට තිබෙන වටිනාකම අඩු වෙන බවටත් විශ්වාසයක් ගොඩ නැගුනා.


පිරිමි දරුවන්ට මේ තත්වය බලපාන්නේ නැහැ. රටේ ලෝකේ ඇවිදලා මොන තරම් කිලිටක් වුනත් හෝදලා ගෙට ගත්තාම ඒ සියල්ල අවසානයි…යන සංකල්පය සමාජගතව තිබුනා. මේ හින්දාම ගැහැනු දරුවන්ගේ විවාහය ඉක්මන් වුනා.


තවත් අතකින් දෙමව්පියන්ට ගැහැනු දරුවන් වෙනුවෙන් විශාල වගකීමක් ගොඩ නැගුනා. තමන්ගේ ඇවෑමෙන් ගැහැනු දරුවාගේ ජිවිතයේ හයිය වෙනුවෙන් ශක්තියක් අවශ්‍ය බව ඔවුන් හිතුවා.ජිවිතය බොහොම අවදානම් නිසා වගකිමෙන් නිදහස් වෙලා යුතුකම් ගැහැනු දරුවාගේ විවාහය නිතරම ඉක්මන් කලා.

නමුත් මේ තත්වයේ ආදිනව ගැන අධ්‍යනයේ යෙදුන සංවිධානය තීරණය කලා.මෙය චාරිත්‍රයක් විදිහට සමාජය විසින් සැලකුවත් තවත් අතකින් මානව හිමිකම් අහිමි කිරීමක් බැව් එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කරනවා.



attachment.php



ගැහැනු දරුවෙකු වෙනුවෙන් ආරක්ෂාව , රැකවරණය අවශ්‍ය බැව් සැබෑවක්. නමුත් තමන් විවාහ වෙන්නේ කවදාද ?….කා සමගද…? යන්න තීරණය කිරිමේ අයිතිය ගැහනු දරුවාට දිම අවශ්‍යයි. එක්සත් ජාතින්ගේ සංවිදානයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙන අන්දමට ලොව පුරා මිලියන 67 ක් බාලවයසේදී විවාහ වි සිටිනවා. මේ අයගෙන් බහුතරයක් ආසියානු කලාපයට අයිතියි. මේවනතාවයට අනුව ඉදිරි දශකයේදී සෑම වසරකම මිලියන 14. 2 ක් පමණ දැරියන් අඩු වයසෙන් විවාහයට යොමු වෙනු ඇත.


ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය බබන්තුන්ඩේ ඔසෝට්හේ සඳහන් කරන අන්දමට දෙමව්පියන්ගේ අරමුණ තමන්ගේ දියණියට හොඳම දේ තෝරා ගැනීමයි. නමුත් සො දැරියගේ අනාගත බලාපොරොත්තු සියල්ල බිඳ වැටෙනවා. ඇයටඋසස් හෝ වෙනත් අධ්‍යාපනයක් ලැබිමේ අයිතිය අහිමි වෙනවා. හය හතර නොත්රෙන වයසේදී ගැබ් ගැනීමත්, දරුවන් පෝෂණයත් නිසා තිඛෙන නොදැනුවත් බව නිසා ඇය වෙනුවෙන් මෙලොව එලිය දකින දරුවාගේ නිරෝගිතාවයත් ගැන සංකුලතාවයන් ඇති වෙනවා.මේ නිසාම සංවර්ධනය වෙන රටවල මාතෘ මරණ අතර වයස අවුරුදු 14 සිට 19 අතර මව්වරුන්ගේ සංඛ්‍යාව ඉහළයි.


attachment.php


ළමා විවාහයන් අතර අනන්‍යතාවය නිතරම ගොඩ නැගෙන්නේ ඉන්දියාව මුල් කර ගෙනයි. යුනිසෙෆ් සංවිධානය සඳහන් කරන අන්දමට ඔවුන් වයස අවුරුදු 18 ට රෙ විවාහ වෙනවා.නමුත් ලෝක ප්‍රජාව දැනුවත් කිරිම නිසා 1992 සිට 1993 දක්වා 54% කින්ද,2007 සිට 1010 දක්වා 43% කින්ද මේතත්වය පහළ ගොස් තිඛෙනවා.ඉන්දියාව පමණක් නොව බංගලාදේශය, බුර්කිනෝ , පෙසෝ, ඞ්ජිබෝයුට්,ඉතියෝපියාව, ඉන්දියාව, නයිජිරියාව, සෝමාලියාව, ෂෙනගලි වැනි රාජ්‍යන්ගෙන්ද ළමා විවාහ ගැන වාර්තාවන් සඳහන් වෙනවා.



අධ්‍යාපනය නිසාවෙන් විවාහයට යොමු විය යුතු කාලය ඉබේම සම්පාධනය වේ
මෙම විවාහ තහනම් කිරිම වෙනුවෙන් ළමයින් වෙනුවෙන් අධ්‍යාපනය පිලිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කරනවා. අධ්‍යාපනය වෙනුවෙන් වූ යොමු විම නිසා විවාහය වෙනුවෙන් අවශ්‍ය සුදුසු කාලය ඉබේටම සම්පාදනය වෙනවා.මානව හිමිකම් පිිලිබඳ සංවිධානය පෙන්වා දෙන්නේ ඇෆ්ඝනිස්තානය, බංගලාදේශය , ඉන්දියාව, ඉරාකය, නේපාලය, යේමනය ආදි රටවලින් ළමා විවාහ නිසා මානව හිමිකම්නය වු බවට වාර්තාවන් සඳහන් වේ.බුර්කිනෝ පෙසෝහි 48%ක්ද, කැමරුන්හි36%ක්ද,මධ්‍යම අප්‍රිකානු ජනරජයේ 61%ක්ද, කොංගෝ ජනරජයේ 38%ක්ද, වයස අවුරුදු 18 ට පෙරාතුව විවාහ වුන දැරියන් වෙති.


attachment.php



විවාහය ජිවිතයේ ඉරණම පමණක් නොවෙයි, ශාරිරික මානසික තත්වය වෙනුවෙන්ද විශාල ලෙසින් බලපෑමක් ඇති කරන බැව් බොහෝ දෙනා නොදැන සිටිම ඊට හේතුවක් වෙනවා.තමන්ගේ නිදහස වෙනුවෙන් දැරියගේ අනාගතය අවාසනාව වෙත යොමු කිරිම බරපතල වරදක්.මේ ගැන වැඞ්මහල් පරම්පරාව දැන සිටිම ඉතාම අවශ්‍යයි.විවාහය වෙනුවෙන් ගෝචර වයසක් තිඛෙනවා. දරුවෙකුගේ ළමා කාලය නැවත කිසිම දිනක ලබා ගන්න බැහැ. එහි මිහිර දැරියන්ද අත්විඳිය යුතුයි. නමුත් ඉක්මන් විවාහයෙන් මේ සියල්ල දැිරියට අහිමි වෙනවා.ඒ සුන්දර ළමා ලෝකය දැරියගෙන් අමානුෂිික ලෙස පැහැර ගැනීමක් බැව් ඔවුන් තේරුම්ගත යුතුයි.

මේ තත්වය ලෝක ප්‍රජාව වෙනුවෙන් මොනතරම් වැදගත්ද යත් ජනගහන අරමුදල විසින් මේ ගැන දැනුවත් කිරිමට ඩොලර් මිලියන 20 ක් දැනටමත් වැය කොට තිබෙනවා.


source http://thewoman.lk/marriage-child/
 

Attachments

  • Marriage thewoman.lk 2.jpg
    Marriage thewoman.lk 2.jpg
    39.9 KB · Views: 210
  • Marriage thewoman.lk 3.jpg
    Marriage thewoman.lk 3.jpg
    51.1 KB · Views: 206
  • uk-857777.jpg
    uk-857777.jpg
    35.4 KB · Views: 208
  • IDONT_MAIN.jpg
    IDONT_MAIN.jpg
    68 KB · Views: 210
  • Like
Reactions: LazyLizard