ළැම පමණක් ලොවට පෙණුන ළය නොපෙනුන..ඇය..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ළැම පමණක් ලොවට පෙණුන ළය නොපෙනුන..ඇය..

    ගිහානි වීරසිංහ පසුගික දවස් ගණනාව පුරාම ලංකාවේ සමාජ මාධ්‍යවල අරක්ගෙන සිටින්නාවුන්ට හපන්නට යමක් විය. එවැනි හපන්නට ඉඳ හිට බොහෝ දේ හමුවෙන විට අපට සැබෑ ප්‍රශ්න අමතකවීම ස්වභාවයකි. පාලකයන්ට අවශ්‍යවන්නේද එයය.

    එහෙත් පුරුදු ලෙසම අපේ රටේ බහුතරයක් අල්ලාගෙන සිටින්නේ වැරදි වලිගයකින් බව තේරුම්ගන්නට අමුතුවෙන් කාරණා අවශ්‍ය නැත. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවලට සහභාගීවූ ජනපතිවරයා ඇතුලු තවත් නියෝජිතයන් ගණනාවක් සමග ඡායාරූප වලට පෙනීසිටි ගිහානි ඇතැම් මාධ්‍යවලට අනුව ළාබාලතම ආයෝජන උපදේශකවරයික් වූ අතර තවත් මාධ්‍යවලට අනුව ‘වෛශ්‍යාවක්’ විය. එය අපේ මාධ්‍යවල පොදු ලක්ෂණය නිසා එතනින් එහාට කතාකර පලක් නැත.

    ගිහානි පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ ව්‍යාපාරික සමුළුවකට සහභාගීවී ලංකාවට ආයෝජන වරම් අලුතින් අත්කරදුන්නානම් අපි රටක් ලෙස කොතරම් සතුටුවිය යුතුය, එසේම ඇය එතරම් අඩු වයසකින් ජාත්‍යන්තර සමුළුවක් නියෝජනය කරන්නට වරම් හිමිකරගත්තානම් අපි රටක් ලෙස කොතරම් සතුටු විය යුතුය. එසේම ඇයට ජාත්‍යන්තර සමුළුවකදී ලංකාව නියෝජනය කරමින් හඬක් නගන්නට හැකිවූවානම් එසේ කිරීමට නොහැකිව සිටින අපි කොතරම් සතුටු විය යුතුද. ඒත් ඒ වෙනුවට ගිහානි දෙසට දමා ගැසුවේ මල් ද, නැතිනම් ගල් ද යන්න සිහිපත් කිරීම වටී.

    ප්‍රධානතම කරුණ ඇය ජනාධිපතිවරයාගේ දූත පිරිසේ හැට හුටහමාරක් අතරේ සිට ලංකාවේ මිනිසුන්ගේ බදු මුදල් වියදම් කරගෙන සැප අරගෙන නැවත ආවානම් එය වැරදි බවට තර්කයක් නැත. එහෙත් දන්නා තරමින් ඇයට මෙම අවස්ථාව හිමිව ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා නොවේය, රාජ්‍ය නොවන යාන්ත්‍රණය තුලින් මෙවැනි අවස්ථාවක් හිමිකරගෙන රටට රුපියලක් හෝ ආයෝජන වරමක් අත්කරදීමට ඇයට හැකිවූවානම් සත්තකින්ම ඇයට ස්තූතිවන්ත විය යුතුය.

    පාසල් යන දරුවන් පෙන්වා බදු ගෙවනා ලෙස මහජනතාව පොළඹවමින් කෝටි ගණන් වැයකර හැට පැන හොට බිම ඇණෙන්ට ඔන්න මෙන්න සිටින වැඩබැරි ඇමතිලාට වාහන් ගෙන්වන්නට හා ඔවුන්ගේ මනදොල පිනවන්නට දඟලන ආණ්ඩුවක සට්ටැම්ඹියන් විමට වඩා ගිහානි ඒ අතරකරගත් අවස්ථාව දහස් ගුණයක් වටී. ඒ අවස්ථාවෙන් ඇයට රටට මෙන්ම තමන්ගේ වෘත්තීමය වටපිටාවට යමක් කරගත හැකිවූවානම් තවත් වටී.

    එහෙත් අපේ සමාජයට පුරුදු ලෙසම (පුරුෂයන්ට පමණක් නොව ස්ත්‍රීන්ටද) පෙනුනේ වැඩි වශයෙන් විවෘතව තිබූ ඇගේ ළැම පෙදෙස සහ කොට ඇඳුමින් සැරසුනු ඇගේ නිරුවත් දෙපා මෙන්ම ඇයගේ රංගන ජීවිතය, නිරූපණ ජීවිතය පමණි. ඔවුන් ඒ දෙසට බර අවි යොදා හිතූ පැතූ ලෙස පහරදෙන්නට විය. එහෙත් ඇය ඇඳුම් අඳිනා ආකාරය ඇයගේ අයිතියක් බව පිළිගන්නට අපේ මනස සූදානම්ද? ගැටළුවකි.

    ඇය සාරියකින් හෝ ඔසරියකින් සැරසී බිම බලාගෙන ලන්ඩන් ගොස් ඡායාරූපවලට පෙනී සිටියානම් ඇයට ගෞරවයක් හිමිවේද? නැත්නම් ඇය සමාජ මාධ්‍යවල කොල්ලා සහ බල්ලා හැමදෙනාම සමග වචන කෙලියෙහි යෙදෙමින් සිට කුමක් හෝ පාණ්ඩු අවස්ථාවක් ලැබ මොකක් හෝ රටකට ගොස් පොටෝවක් දැම්මානම් එයට ලැබෙන ප්‍රතිචාර මීට වඩා සෑහෙන්න වෙනස්ය. එසේ නම් අපේ රටේ දක්ෂතාවය තීරණය වන්නේ ඇඳුමේ තරම අනුවනම් අමුඩ ගසාගෙන කුඹුරු කොටන ගොවීන් අමු මැට්ටන්ය, සංස්කෘතිය සදාචාරය වනසන්නන්ය. ඒ අතරින් අපි කොතරම් පසුගාමීද. අපි දුප්පත් සල්ලිවලින් සහ දේපලින් නොව ආකල්ප වලින් බව අපි අදටත් තේරුම් ගෙන නැත, තේරුම්ගන්නා බවක්ද නැත.

    ඒ නිසා තව තවත් කොටට අඳින, සංකර සිරිතට හුරුවුණ කෙල්ලන්ට රට වෙනුවෙන් අවස්ථාවක් නැත, එවැනි අවස්ථා හිමිවූවද සමාජය විසින් ඔවුන් පාගා දමන්නට පසුබට වන්නේද නැත. කතිරය දී හැමදාමත් පස් පඩංගුවෙන් බැණ බැණ සිටින ජනතාවට ඉඳහිට හපන්නට අහුවෙන බයිට් එක ගිහානිලාය. ඒ නිසා ගිහානි සාරියක් ඇඳිය යුතුමය, ළමාසාරියක් නම් වඩාත් හොඳය. නැත්නම් ඉදිරි ගමනක් නැත.

    ඒ මන්ද ‘කුහුඹුවෙකුටවත් වරදක් නැති වැරදිකාරයක්’ බවට පත්කර ඇති නිසාය.

    උපුටා ගැනීම - www.her.lk
     

    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    Apata gihani ge lingikathwaye athi prashnayak naha. Namuth dolarayak sirisenage reddata yatin ihala nagina vitadee e wage gaaniyak gena gos sirisena labana api nolabana amuthu athal eka mokadda dannehe neda