ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,455
    6,328
    113
    උබ ගෙ ලමයෙක් ට ඔහොම උනත් උඹට ඔය ටිකම කියනව නම්, උඹට කොහෙත්ම තේරුමක් නෑ ළමයට වෙන Mental damage එක කොච්චර ද කියල.

    මිනිස්සු Aggressive උනත් නැතා ලමය අවුරුදු 20k ගියත් ඔකෙ effect එක නැති වෙයි කියලා හිතනව ද?

    ළමයට මේ නිසා ඇතිවෙන පුළුවන් එක Mental condition එකක නමක් කියපන් බලන්න පුළුවන් නම්?
    unhealthy adults ---> unhealthy kids ---> unhealthy adults
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    70 දශකයේ මුල කාලයේ දවසක් තාත්තා නුවරඑලියට ගිහිල්ලා එනකොට පොඩි දෙමළ කොල්ලෙක් අරගෙන ආවා. නිතරම නුවරඑළි යන තාත්තා, මේකා ටවුමේ බස් නැවතුමේ, කඩ මන්ඩියේ පරණ කඩදාසි එකතු කරනවා කිහිප වතාවක් දැකලා තියනවා. එදා, ''මාත් එක්ක යන්න එනවද" කියලා (තාත්තාට තමිල් කොංඥ කොංඥ තෙරියම්) අහපුවාම, එවලේම හා කියලා තාත්තා එක්ක ඇවිත්. අඩුම ගානේ, යන බව කියලා එන්න කෙනෙක්වත් ඉඳලා නැහැ. එයාගේ කඩදාසි ගෝනිය බස් නැවතුමේම දාලා එහෙමම ඇවිත්.

    එයාගේ නම වෛයාපුරි රාමදියම්. සිංහල තෙරියා ඉල්ලේ. වයස, උපන්දිනය වගේ දේවල් අදාලම නැහැ. මෙයාගේ කොන්ඩේ කපලා, නාවලා, පිරිසිදු ඇඳුමක් අන්දලා රාජා කියලා නමකුත් දාලා, අපේ ගෙදර සාමාජිකයෙක් කර ගත්තා. විස්තර අහනකොට, (අපේ තාත්තාගේ සහෝදරයෙකුටත්, අම්මාගේ ඥාතියෙකුටත් හොඳට දෙමළ පුළුවන් ඒ අය තමයි මුල් කාලේ උදව් කලේ) එයාගේ ගෙදර තොරතුරු දැනගත්තා.

    තලවාකැලේ වත්තක, ලැයිමක උපන් මේ කොල්ලාට ගෙදරින් හිරිහැර නිසා, පාසැල් යාම නවත්තලා, නුවරඑළියේ "බිස්නස්" කරන නෑදෑ කෙනෙක් ලඟට ගිහිල්ලා. නෑදෑයාගේ "බිස්නස් එක" බෝතල් පත්තර එකතු කිරීම. ඒකා, මේ කොල්ලාව මරවලා වැඩ අරං. හරියකට කන්න බොන්නවත් ලැබිලා නැහැ. ලොකු බඩකුත් එක්ක මන්දපෝෂණ ලුක් එකක් තමයි තිබුනේ.

    දෙකේ හෝ තුනේ පන්තිය දක්වා දෙමලෙන් ඉගෙන ගත්තු මේ කොල්ලා අපි ලඟට එනකොට අවුරුදු 10/12 වගේ කියලා තමයි අපි ගණන් හැදුවේ. කොහොම උනත්, අවුරුද්දක් දෙකක් විතර යනකොට, සිංහල ඉතාම හොඳින් කතා කරන්න පුළුවන් උනා. මාත් එයාගෙන් දෙමළ ඉගෙන ගත්තා. එයාට සිංහල කියවන්නත් ඉගැන්නුවා. එයා ගෙදර තියන පොඩි පොඩි වැඩ පල කරගෙන සතුටෙන් හිටියා.

    මෙයා ඇවිත් ටික කලකින් අපි ලොකු මෝඩ වැඩක් කළා. ඒකට අපේ අම්මා අදටත් පසු තැවෙනවා. "කාගේ උනත් දරුවෙක්නේ, අම්මලා තාත්තාලා නොසැලකුවා උනත්, හොඳින් ඉන්නා බව කියලා ගෙදරට ලියුමක් අරින්න" කියලා උනන්දු කලේ අපේ අම්මයි.

    හරි හැටි ලිපිනයක් නොදැන, උපකල්පිත ලිපිනයන් වෙත බොහෝ වාර ගණනක් ලිපි යැවීමේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේ ඒ ලිපිය රාජා ගේ තාත්තාට ලැබී තිබුනා. ඒ දෙමව්පියන් අකුරු නොදන්නා අය නිසා වෙන කෙනෙක් ලවා කියවාගෙන පිළිතුරු ඒවා තිබුනා. එතැන් පටන් මාස කිහිපයකට වතාවක් රාජාගේ තාත්තා තවත් කෙනෙකු සමග අපේ ගෙදර ඇවිත්, රාජාගේ පඩි සල්ලි කියලා මාසෙකට රුපියල් 15/20 බැගින් මුදලුත්, පරණ ඇඳුම්, පොල් වගේ දේවලුත් එකතු කරගෙන යන්න පුරුදු උනා.

    තවත් කලක් ගතවෙලා, රාජා හොඳට උස් මහත් වෙනකොට, මේ මිනිහට රාජාගෙන් මීට වඩා හම්බ කරගන්න පුළුවන් කියන එක තේරුනා. ඊට පස්සේ, හදිසියේම ඇවිත්, අම්මාට අන්තිමයි, මැරෙන්න ඉස්සෙල්ලා පුතාව බලන්න ඕනෑ කියලා රාජා ව එක්කගෙන ගියා. මේ කියන්නේ බොරු බවත්, ගියොත් නැවත එන්න ලැබෙන්නේ නැති බවත් රාජා අපිට කිව්වත්, එයාව ගෙනියන එක වලක්වන්න අපිට අයිතියක් තිබුනේ නැහැ.

    රාජා කියූ ලෙසටම එයා ආපසු ආවේ නැහැ. ලියුම් යැව්වත් උත්තර නැහැ. මෙහෙම වසර කිහිපයකට පසුව මට රාජා ව පිටකොටුව හරියේ තිබුන ආනන්ද භවාන් එකේ වේටර් කෙනෙක් හැටියට ඉන්නවා හමු වෙනවා. මේ ගැන ගෙදරට කියපුවාම, අම්මයි තාත්තයි ගිහින් එයාව බලලා ඇවිත් තිබුනා. මමත් නිතරම එතනට ගිහින් අඩු ගානට කාලා එනවා. (ඒ ගැන මම මීට කලින් ලියූ පොස්ට් එකක් පහලින් එල්ලනවා.)

    රාජා එතන යම් විදියක හිර කාරයෙක් වගේ රැකියාව කල බවයි තේරුනේ. එයාගේ තාත්තා, අතරමැදියෙකු මගින් මේ රැකියාව ලබා දුන් බවත්, හැම මාසයකම උපයන මුදල් අතරමැදියාත් තාත්තාත් ලබා ගන්නා බවත් එතනින් පැනලා යන්න බැරි බවත් තමයි දැනගත්තේ.
    අවාසනාවට 83 කළු ජූලියට මේ කඩ හැම එකක්ම බිලි උනා. කලබල වලින් පසුව කිහිප වතාවක්ම අපේ තාත්තා ආනන්ද භවාන් පැත්තේ ගිහිල්ලා විස්තර හෙව්වා. කඩ වල නැවතිලා හිටපු දෙමළ අය කිසිවෙකුට පණ බේරා ගන්න ලැබුනේ නැහැ කියලා තමයි තොරතුරු ලැබුනේ. රාජාගේ තාත්තා ඒකාව අපේ ගෙදරින් අරන් ගියේ නැත්නම් ඒ වගේ ඉරණමක් අත් වෙන්නේ නැහැ.

    කඩවල්වලින් හොරෙන් කාලා තියෙනවද?​

    මම මාස කිහිපයක් තිස්සේ, හැම සෙනසුරාදා හවසකම වගේ තෝසේ කඩේකින් හොරෙන් කෑවා. නමුත්, ඒක කලේ ඒ කඩේ (පිටකොටුව/කොටුව අතර තිබුන ආනන්ද භවාන් එක) වැඩ කරපු කොල්ලෙකුගේ උදව්වෙන්.
    මේක දිග කතාවක් උනත්, කෙටියෙන් කියන්නම්. අපි පොඩි කාලේ අපේ ගෙදර දෙමල කොල්ලෙක් හිටියා. එයා ටික ටික ලොකු මහත් වෙනකොට එයාගේ තාත්තා එයාව ආපහු අරන් ගියා. මේවා උනේ 70 දශකයේදීයි.
    ඉන්පසුව, අපිට එයා ගැන මතකයක් තිබුනේ නැහැ.
    මම 83 දී විතර Open Uni එකේ කෝස් එකක් කළා. එකල අලුතෙන් ආරම්භ කල open uni එකට හරි හමන් තැනක් තිබුනේ නැහැ. ඒ නිසා අපේ දේශන තිබුනේ මරදානේ ටෙක්නිකල් එකෙයි. පුළු පුළුවන් දවසට ලෙක්චර්ස් වලටත්, අනික් දවස් වල රියෝ, රීගල්, සෙන්ට්‍රල් වගේ වැදගත් ස්ථාන වලටත් ගිය මම බොහෝ දිනවල තෝසේ පාරකුත් දැම්මා.
    එක දවසක් ආනන්ද භවාන් එකට ගිහිං ඉඳ ගත්තාම, කොල්ලෙක් ඇවිත් "අර මේසෙට යන්න" කිව්වා. මම ගනං ගත්තේ නැහැ. ඌ ආයිමත් කිව්වා, මට මේකට කේන්ති ගිය නිසා අහක බලාගෙන නිකං හිටියා. පස්සේ ඒකා ලඟට ඇවිත්, "බේබි, මම රාජා, ඉක්මනට අර මේසෙට යන්න" කිව්වා. ආන්න එතකොට මගේ ට්යුබ් ලයිට් එක පත්තු උනා. මේ අපේ ගෙදර හිටපු "රාජා"!
    මේ කොල්ලාට සර්ව් කරන්න අවසර තියෙන්නේ එක්තරා මේස පේළියකට විතරයි. ඒ නිසා තමයි එයාගේ මේසයකට යන්න කියලා තියෙන්නේ.
    ඉන්පසුව, මම හැම සෙනසුරාදාවකම වාගේ එතැනට ගිහිං හොඳට (මසාලාතෝසේ/ අලබෝල උළුඳු වඩේ, මසල වඩේ) කාලා, 1.30 (හෝ 1.35 වගේ තමයි මතක) ගෙවලා එනවා. ඒ මුදල ප්ලේන් තෝසේ එකක් සත පනහ බැගින් තෝසේ දෙකකටත්, ප්ලේන් ටී එකකට සත 30 හෝ 35 ලෙසටත් උනා. වේටර් ගේ කීම මත පමණක් බිල හදන නිසාත්, මම නියම විදියට බිල ගෙවලා එන නිසාත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. (අතේ සල්ලි තියන හැටියට රාජාටත් රුපියල් 2-5 දීලා එනවා)
    අවාසනාවකට මේ වැඩේ වැඩිකල් කරන්න පෙරම 83 කළු ජූලිය ආවා. අපේ ගෙදර හැමෝම, පුළු පුළුවන් විදියට මේ කොල්ලාට උනේ මොකක්ද කියලා හෙව්වත්, කිසිම තොරතුරක් ලැබුනේ නැහැ.

    Reactions:NaiRobi, vito, Master malli and 5 others
    @PHBhagya මෙන්න මේක ෆුල් සිද්දිය කියවපන්.
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    wife-of-rishad-bathiudeen.jpg
    Rishard-Bathiudeen.jpg
     
    • Like
    • Sad
    Reactions: NRTG and Any.key

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උබ ගෙ ලමයෙක් ට ඔහොම උනත් උඹට ඔය ටිකම කියනව නම්, උඹට කොහෙත්ම තේරුමක් නෑ ළමයට වෙන Mental damage එක කොච්චර ද කියල.

    මිනිස්සු Aggressive උනත් නැතා ලමය අවුරුදු 20k ගියත් ඔකෙ effect එක නැති වෙයි කියලා හිතනව ද?

    ළමයට මේ නිසා ඇතිවෙන පුළුවන් එක Mental condition එකක නමක් කියපන් බලන්න පුළුවන් නම්?
    දැන් අරුන් දෙන්නව ගහලා මරපුවා ළමයගේ Mental condition හරියනවද ? ඊට වැඩිය හොද නැද්ද මුන්ට නීතියෙන් දඩුවමක් දෙන ගමන් ළමයගේ සුභ සිද්ධියට හරියන්න වන්දියක් ලබා දෙන එක . ඒකෙන් ළමයගේ Mental විතරක් නෙව‍ෙයි Physical condition එකත් යම් මට්ටමකට ඉහල දාන්න බෑ කියලද හිතන්නේ ...
    උඹලා හිතන්නේ ඒ මෙහොතේ සිද්ධියට රියැක්ට් කරන්න විතරයි . අනිවාර්යයෙන් උඹට තියෙන්නෙත් අරගල කරපු එවුන්ට තිබ්බ මානසිකත්වයම තමයි ... ගහපල්ලා මරපල්ලා ගිනි තියපල්ලා කියන්නේ බන් වනචාරී ගති ලක්ෂනයක් ... ඕක උගත් කියන බහුතරයකටත් තියෙන තත්වයක් . ලේ දකින්න , අනිත් එකා පීඩාවට පත්කරන්න තියෙන කැමැත්ත අපේ මානසිකත්වයේ ඇත්ත ස්වභාවය .. ඒක තමයි රට හදන්න ශීලාචාර කරන්න දගලන හුගක් එවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන්නෙත් .. වැරදිකරපු එවුන්ට නීතිමය ලෙස දඩුවම් දෙන්න ,අනුන්ගේ මත ඉවසන්න , වැරැද්දක් උනාම සමාව ඉල්ලන්න , ස්තූතිති කරන්න බැරි සමාජයක් උඹ හිතනවාද ආර්ථික වශයෙන් කොච්චර දියුනු උනත් මොහතකින් ලේ විලක් වෙන්න බෑ කියලා .. ආගම්වලට මෛත්‍රිය ,කරුණාව,ඉවසීම, උපේක්ෂාව, ප්‍රේමය වගේ දේවල් කියන්න උනෙත් ඔය ශීලාචාරත්වය ඇති කරන්න ඕන නිසා .. කෙටියෙන් කිව්වොත් අභ්‍යන්තර සතා මර්ධනය කරන්න ..
    මිනිස්සුන්ට ඇතිවෙන්න ඕනේ සහකම්පනය .. ඕක නැති තැන ආත්මාර්ථකාමී , පරපීඩකයන් ඇතිවෙනවා .
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    දැන් අරුන් දෙන්නව ගහලා මරපුවා ළමයගේ Mental condition හරියනවද ? ඊට වැඩිය හොද නැද්ද මුන්ට නීතියෙන් දඩුවමක් දෙන ගමන් ළමයගේ සුභ සිද්ධියට හරියන්න වන්දියක් ලබා දෙන එක . ඒකෙන් ළමයගේ Mental විතරක් නෙව‍ෙයි Physical condition එකත් යම් මට්ටමකට ඉහල දාන්න බෑ කියලද හිතන්නේ ...
    උඹලා හිතන්නේ ඒ මෙහොතේ සිද්ධියට රියැක්ට් කරන්න විතරයි . අනිවාර්යයෙන් උඹට තියෙන්නෙත් අරගල කරපු එවුන්ට තිබ්බ මානසිකත්වයම තමයි ... ගහපල්ලා මරපල්ලා ගිනි තියපල්ලා කියන්නේ බන් වනචාරී ගති ලක්ෂනයක් ... ඕක උගත් කියන බහුතරයකටත් තියෙන තත්වයක් . ලේ දකින්න , අනිත් එකා පීඩාවට පත්කරන්න තියෙන කැමැත්ත අපේ මානසිකත්වයේ ඇත්ත ස්වභාවය .. ඒක තමයි රට හදන්න ශීලාචාර කරන්න දගලන හුගක් එවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන්නෙත් .. වැරදිකරපු එවුන්ට නීතිමය ලෙස දඩුවම් දෙන්න ,අනුන්ගේ මත ඉවසන්න , වැරැද්දක් උනාම සමාව ඉල්ලන්න , ස්තූතිති කරන්න බැරි සමාජයක් උඹ හිතනවාද ආර්ථික වශයෙන් කොච්චර දියුනු උනත් මොහතකින් ලේ විලක් වෙන්න බෑ කියලා .. ආගම්වලට මෛත්‍රිය ,කරුණාව,ඉවසීම, උපේක්ෂාව, ප්‍රේමය වගේ දේවල් කියන්න උනෙත් ඔය ශීලාචාරත්වය ඇති කරන්න ඕන නිසා .. කෙටියෙන් කිව්වොත් අභ්‍යන්තර සතා මර්ධනය කරන්න ..
    owa okkoma hari kiyamuko.

    Damage eke estimate value eka gena wath kisima idea ekak wath nathuwa maithree karanna yanawa kiyanne brainwash sinhallunge act ekak.

    guti dena eka hari kiyala nemei man kiyala thiyenne munwa jeewithanthaya dakwa hire daanna one kiyana eka.

    gahala maruwa kiyala lamayata wechcha haaniyata samana karanna baha, eka hondatama madi.
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    owa okkoma hari kiyamuko.

    Damage eke estimate value eka gena wath kisima idea ekak wath nathuwa maithree karanna yanawa kiyanne brainwash sinhallunge act ekak.

    guti dena eka hari kiyala nemei man kiyala thiyenne munwa jeewithanthaya dakwa hire daanna one kiyana eka.

    gahala maruwa kiyala lamayata wechcha haaniyata samana karanna baha, eka hondatama madi.
    උන්ට නීතියෙන් දඩුවම් දෙන්න එපා කියලා නෑනේ . දඩුවම වගේම වන්දියක් ළමයට දෙන්න ඕනේ . මම කියන්නේ ගොබ්බ විදිහට සිවිල් මිනිස්සු දඩුවම් දෙන්න ඉදිරිපත් වෙන එක වැරදියි කියලා .. බලපන් අනතුරක් උනාම වැරැද්ද මොකාගෙද හොයන්නෑ වාහනකාරයාට ගහනවා . වාහනයේ වටිනාකම වැඩිනම් අඩු වටිනාමක තියෙන එකාගේ පැත්තට මිනිස්සු අනුකම්පා කරන්නේ .. පහුගිය කාලේ වාහන අනතුරකදී කාරයේ සිටිය ගෑනුන්ට ගැහුවේ පේමන්ට් එක අතුගාන ගෑනියෙක් උන් නයිට් ක්ලබ් ගියා කියලා ... බලපන් අනතුරට අදාල නැති එවුන්ට අදාල නැති කාරනයකට ගුටි කන්න උනේ ...
     
    • Like
    Reactions: NRTG

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    දෙන එකනම් දුන්නා හොදට... තව ටිකක් දෙන්නෙ තිබ්බෙ ඇදුන් ගලවලා මහ පාරෙම... :love2:
    ලිංගික ඇරියස් පොන්නයා. ගහන එක වෙන ම කතාව. ඒක අස්සේ උබ වගේ මානසික ලෙඩ්ඩු ඉදල මේ වගේ දේවල් කරන්න හදන එක වෙන ම කතාවක්. අර 3some හාමුදුරුවොන්ගේ සිද්දියේ හිටියෙත් උබ වගේ පොන්නයෝ ගොඩක්. අන්තිමට සාඩු බේරුනා. මම ඔතන හිටියා නම් කරන්නේ උබේ පුකේ අරිනවා. මාතර පොන්නයෝ ඔහොමයි. ගියොත් ගිය තැන ගුගොඩක්
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලිංගික ඇරියස් පොන්නයා. ගහන එක වෙන ම කතාව. ඒක අස්සේ උබ වගේ මානසික ලෙඩ්ඩු ඉදල මේ වගේ දේවල් කරන්න හදන එක වෙන ම කතාවක්. අර 3some හාමුදුරුවොන්ගේ සිද්දියේ හිටියෙත් උබ වගේ පොන්නයෝ ගොඩක්. අන්තිමට සාඩු බේරුනා. මම ඔතන හිටියා නම් කරන්නේ උබේ පුකේ අරිනවා. මාතර පොන්නයෝ ඔහොමයි. ගියොත් ගිය තැන ගුගොඩක්
    :lol: ආ පෙඩෝ පොන්නයා... ෆේක් එකෙන් බැස්සද මට බනින්ඩ... කාරි නෑ කාරි නෑ තනියම බැන බැන ඉදපං.. added to the ignore list :lol::lol::love2:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    @PHBhagya මෙන්න මේක ෆුල් සිද්දිය කියවපන්.
    මම කියෙවුව මචං... මාර කතාව ඒක... හෙන පවු වැඩේ ඉතිං...

    @1sam ට මාර අත්දැකීම් තියෙන්නෙ...
    මේ දුක හිතෙන කතාවේ හිනා යන දෙයක් ලියන්නම්.

    අපේ ගෙදර කතා බහ වලදී, "පරංගියා කෝට්ටේ ගියා වගේ " කියන යෙදුම වෙනුවට කාලයක් තිස්සේම භාවිතා උනේ, "රාජාගේ තාත්තා අපේ ගෙදර ආවා වාගේ" කියලයි.

    කවදාවත් කොළඹ ඇවිත් නැති, සිංහල නොදන්නා, තම මව් බස වුන දෙමළ භාෂාව වත් ලියන්න කියන්න නොදන්නා රාජාගේ තාත්තා පළමු වරට අපේ ගෙදර ආවේ "කොළඹ පළාත හොඳටම දන්නා" කෙනෙක් එක්කයි. ඒ මනුස්සයාට යන්තං සිංහල කතා කරන්නත් පුළුවන්.

    කෝච්චියෙන් එන නිසා, කොටුවේ ස්ටේෂන් එක ඉදිරිපිටින් 138 හෝමාගම බස් එකක ඇවිත් කොට්ටාවේ හන්දියෙන් බහින්න කියලා භාෂා දෙකෙන්ම ලියලා තිබුනා. එතැන් සිට එන හැටි කටු සටහනක ඇඳලා විස්තර ලියලා තිබුනා.

    එදා කෝච්චි වල ප්‍රශ්නයක් නිසා මේගොල්ලන්ට තලවාකැලේ ඉඳලා එන්න කෝච්චියක් තිබිලා නැහැ. කොළඹ ගැන අතැඹුලක් වගේ දන්නා මාර්ගෝපදේශකයා, හැටන් වලට බස් එකෙන් ඇවිත්, එතනින් අවිස්සාවේල්ලටත්, අවිස්සාවේල්ලේ ඉඳලා කොට්ටාව පහු කරගෙන කොටුව ස්ටේෂන් එක ලඟට ගිහිං බස් එකෙන් බැහැලා, ස්ටේෂන් එක ඉදිරිපිටින් අපි ලියලා ඇරලා තිබුන විදියට 138 හෝමාගම බස් එකක නැගලා කොට්ටාවට ඇවිල්ලා.

    පරංගියා කෝට්ටේ ගිය එක මොකක්ද අනේ, රාජාගේ තාත්තා අපේ ගෙදර ආපු හැටි එක්ක බලපුවම!