ෆ්ලයි ඩුබායි සිදුවීම

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,843
    1
    19,342
    113
    35
    Spain
    ෆ්ලයි ඩුබායි යානයේ සිදුවීම ඔබ සැම අසා ඇතියයි සිතමි. නවතම පුවතකට අනුව තවත් ගුවන් නියමුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් යේමන ජාතික නියමුවාද ඇතුළුව පුළුල් කුමන්ත්‍රණයක හෝ වඩා පුළුල් ප්‍රහාරයක කොටස්කරුවන් යයි සිතනු ලැබේ.

    නවතම අත්අඩංගුවට පත්වූවන් දෙදෙනාම මාලදිවයින් ජාතික ෆ්ලයි ඩුබායි නියමුවන් බව පැවසේ.



    උඹල දන්නවද මීට කලින් පාස්කු ප්‍රහාරය වෙන කාලේ මාලදිවයින තමයි IS කල්ලියට අලුත් සාමාජිකයන් වැඩිම පිරිසක් යවපු රට කියල. මේ ගැන කියුවාම ඇතැම් දෙනා උපහාසයට හිනා වුනා. මාලදිවයිනේ ත්‍රස්තවාදී වැඩ බෝම්බ ප්‍රහාර ගැන කිව්වම හිනා වුනා. ලංකාවෙත් මාලදිවයින් ජාතිකයන් සෑහෙන පමණ ඉන්නවා කියනවා. ඉතින් සහරාන් හෂීම් සහ නවුෆර් මවුලවි IS ත්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයන්, ඔවුන් මේ රටේ ත්‍රස්ත ප්‍රහාරයක් කළා කියුවම ඔය පිරිස් හිනා වුනා ඕක වෙන්න බෑ ගගා. උඹලට තේරෙන්නේ නැති දේ තමයි දේශපාලනයෙන් අන්ධ වුනාම ඔබ්වියස් දේත් නොපෙනී යනවා කියන එක. මන් කියන්නේ නෑ මාලදිවයිනේ හැම එකාම ත්‍රස්තයන් කියලවත්, මේ රටේ තම්බි සහෝදරයන් හැමදෙනා ත්‍රස්තයන් කියලවත්. නමුත් පැහැදිලි දේ හොඳ මිනිසුන් අතරේ හැංගිලා ඉන්න ත්‍රස්තවාදීන් දරුණු අපරාධ කරනවා කියන එක පිලිගනිල්ල කියල.
     
    • Like
    Reactions: dikmon