ෆ්‍රෑන්කන්ස්ටයින්

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ෆ්‍රෑන්කන්ස්ටයින්

    සොබාදහමට පිටුපෑ සැබෑ ලෝකයේ මෙහෙයුම්​

    විද්‍යා ප්‍රබන්ධ කියවීමට හෝ එවැනි තේමාවන් සහිත චිත්‍රපටි නැරඹීමට ප්‍රිය කරන උදවියට ඉංග්‍රීසි ලේඛිකා මේරි ෂෙලීගේ පන්හිඳෙන් මැවුණු වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් නාඳුනන්නෙක් නොවෙයි. 1818 වර්ෂයේ දී ලන්ඩන් නුවර දී ප්‍රකාශයට පත් කරන ලද ‘ෆ්‍රෑන්කන්ස්ටයින් නැතහොත් නූතන ප්‍රොමීතියස්’ යන ග්‍රන්ථය තුළින් සාහිත්‍ය ලෝකයට පා තැබූ වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින්, සම්මතය ඉක්ම වූ විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස අස්වාභාවික එහෙත් නුවණක්කාර සත්ත්වයෙකු නිර්මාණය කළ තරුණ විද්‍යාඥයෙක්. අවුරුදු 18 ක තරුණියක් ව සිටිය දී මේරි ෂෙලී විසින් ගොතන ලද වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින්ගේ කථාන්තරය, අවස්ථා කිහිපයක දී ම චිත්‍රපටියක් ලෙස ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.​

    Picture-116-680x453.jpg
    නමුත් මේ ලිපිය වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් හෝ 19 වැනි සියවසේ දී ඉන්ද්‍රජාලයක් ලෙස සලකන ලද විදුලිය යොදා ගනිමින් ඔහු විසින් නිර්මාණය කළ අපරූපියා පිළිබඳ නො ව ඔහුගේ අඩි පාරේ යමින් සොබාදහමේ නීතිරීතීන්ට පිටුපා අසම්මත විද්‍යාත්මක පර්යේෂණයන් හි නිතර වූ නූතන ප්‍රොමීතියස්වරුන් කිහිප දෙනෙක් ගැන යි.​

    ලුයිජි ගැල්වානි​

    galvani01.png
    මේරි ෂෙලී උපදින්නටත් පෙර ‘සත්ත්ව විද්‍යුතය’ (වර්තමානයේ දී මෙය ‘ජෛව විද්‍යුතය’ ලෙස නම් කර තිබෙනවා) පිළිබඳ ව පර්යේෂණ සිදු කළ විද්‍යාඥයෙක් ලෙස ඉතාලි ජාතික ලුයිජි ගැල්වානි හැඳින්විය හැකි යි. 1737 සැප්තැම්බර් 9 වැනි දින උපන් ඔහු බොලොඤ්ඤා සරසවියෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ඇති අතර ආචාර්ය උපාධිය සඳහා ඔහු තෝරාගෙන ඇත්තේ සංසන්දනාත්මක ව්‍යවච්ඡේද විද්‍යාව යි. බොහෝ විට සිය පර්යේෂණ කටයුතු සඳහා ගෙම්බන් යොදා ගත් ලුයිජි ගැල්වානි, 1770 දශකයේ අග භාගය වන විට ඔහුගේ අවධානය විද්‍යුත් කායික විද්‍යාව (electrophysiology) කෙරෙහි යොමු කර තිබෙනවා. ඒ අනුව ඔහු ස්ථිති විද්‍යුත් යන්ත්‍රයක් සහ ලේඩන් බඳුනක් (ස්ථිති විද්‍යුතය ගබඩා කිරීම සඳහා අතීතයේ දී භාවිතා කරන ලද උපකරණයක්) උපයෝගී කර ගනිමින් විද්‍යුතයේ සහය ඇති ව මාංශපේෂීන් උත්තේජනය කිරීම පිළිබඳ ව පර්යේෂණ කටයුතු පවත්වන ලද බව සඳහන්.​
    Picture-2-680x526.jpeg

    මෙම පර්යේෂණයන් හි අවසන් ප්‍රතිඵලය වුණේ විද්‍යුතය මගින් මිය ගිය ගෙම්බෙකුගේ ශරීරයේ කොටස් චලනය කළ හැකි ක්‍රමවේදයක්, ලුයිජි ගැල්වානි විසින් සොයා ගැනීම යි. 1780 දී ඔහුගේ පර්යේෂණ වාර්තා එළි දක්වමින් ලුයිජි ගැල්වානි, මිය ගිය සතුන්ගේ මාංශපේෂීන් තුළ ‘සත්ත්ව විද්‍යුතය’ නිෂ්පාදනය කළ හැකි තරලයන් අන්තර්ගත වන බව ප්‍රකාශ කර තිබෙනවා. 18 වැනි සියවසේ දී පිස්සෙකුගේ අදහස් සේ දිස් වුව ද අලෙසන්ද්‍රෝ වෝල්ටා විසින් පසු කාලීන ව ලොව ප්‍රථම විද්‍යුත් කෝෂය ලෙස සැලකෙන ‘Voltaic Pile’ නිර්මාණය කර ඇත්තේ ලුයිජි ගැල්වානිගේ පර්යේෂණ වාර්තා උපයෝගී කරගෙන යි.​

    ජියොවානි ඇල්ඩිනි​
    Picture-316-576x720.jpg

    ඉතාලි ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ ජියොවානි ඇල්ඩිනි, ඔහුගේ කුඩා කාලයේ ගත කර ඇත්තේ මිය ගිය ගෙම්බන් ව චලනය කිරීමට උත්සාහ කළ ඔහුගේ මාමා වූ ලුයිජි ගැල්වානිගේ පර්යේෂණ නරඹමින්. 1762 අප්‍රේල් 10 වැනි දින උපන් ඔහු උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ බොලොඤ්ඤා සරසවියේ දී යි. ඔහු ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා ගැල්වානිස්මය (Galvanism) හෙවත් විද්‍යුතය මගින් උත්තේජනය කරන ලද මාංශපේෂීන් සංකෝචනය කිරීමේ විද්‍යාව තෝරාගෙන ඇති අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ විද්‍යුතයේ සහය ඇති ව පුද්ගලයෙකු ව මරණයෙන් එසවීම යි.​
    art232-galvani-aldini.jpg

    ලුයිජි ගැල්වානි මෙන් ම ජියොවානි ඇල්ඩිනි ද මුල් කාලයේ දී ඔහුගේ පර්යේෂණ කටයුතු සඳහා ගෙම්බන් යොදාගෙන තිබෙනවා. පසු කාලීන ඔහු ප්‍රමාණයෙන් විශාල සතුන් ව පර්යේෂණ කටයුතු සඳහා යොදාගෙන ඇති අතර එක් අවස්ථාවක දී සිරුරෙන් වෙන් කරන ලද සුනඛයෙකුගේ හිසක් භාවිතා කරමින් සුනඛයාගේ දත් එකිනෙක වැද්දවීමට සහ ඇස් කරකැවීමට සමත් වී තිබෙන බව සඳහන්. මෙම පර්යේෂණ කටයුතු තව දුරටත් ඉදිරියට ගෙන යමින් 1803 දී ජියොවානි ඇල්ඩිනි, මරණ දණ්ඩනය ලක් කරන ලද ජෝර්ජ් ෆෝස්ටර් නම් පුද්ගලයාගේ සිරුරට විද්‍යුත් කෝෂයක් මගින් බලය ලබා දුන් ඒෂණි (probes) සවි කර ඇති අතර පැය කිහිපයකට පසු ව ජෝර්ජ් ෆෝස්ටර්ගේ මුහුණේ මාංශපේෂීන් චලනය වීම ආරම්භ වී තිබෙනවා. එසේ ම විද්‍යුතයේ බලයෙන් මිය ගිය ජෝර්ජ් ෆෝස්ටර් ඔහුගේ වම් ඇස විවර කර ඇති අතර කෙටි කාලයකට මළ සිරුර ආශ්වාස කිරීම ද සිදු කර ඇති බව වාර්තා පෙන්වා දෙනවා.​
    Picture-514-680x491.jpg

    නමුත් පැය කිහිපයකට පසු ව විද්‍යුත් කෝෂය ක්‍රියා විරහිත වුණේ ජෝර්ජ් ෆෝස්ටර් සදාකාලයට ම නිසල කරමින්. දශකයට පමණ පසු ව මේරි ෂෙලීට ‘ෆ්‍රෑන්කන්ස්ටයින් නැතහොත් නූතන ප්‍රොමීතියස්’ යන ග්‍රන්ථය රචනා කිරීම සඳහා පදනම සපයන ලද්දේ ජියොවානි ඇල්ඩිනිගේ මෙම පර්යේෂණය යි.

    ඇන්ඩෘෘ යෝ​

    1778 මැයි 18 වැනි දින උපත ලද ස්කොට් ජාතික ඇන්ඩෘෘ යෝ ද විද්‍යුතය මගින් උත්තේජනය කරන ලද මාංශපේෂීන් චලනය කිරීම පිළිබඳ ව උනන්දුවක් දක්වන ලද වෛද්‍යවරයෙක්. මිය ගිය පුද්ගලයෙකු යළිත් මරණයෙන් එසවීම සඳහා ජියොවානි ඇල්ඩිනි සිදු කළ පර්යේෂණ පිළිබඳ ව උනන්දුවක් දැක් වූ ඔහු මරණ දණ්ඩනයට ලක් කරන ලද පුද්ගලයින්ගේ සිරුරු යොදා ගනිමින් දිගින් දිගට ම පර්යේෂණයන් හි නිතර වී තිබෙනවා. 1818 දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ප්‍රේණික ස්නායුව (phrenic nerve) උත්තේජනය කිරීම මගින් හුස්ම හිරවීම, දියේ ගිලීම හෝ එල්ලා මැරීම හේතුවෙන් මරණයට පත් වූ අයෙක්ට යළිත් ජීවය ලබා දිය හැකි බව යි.​
    Picture-66-680x545.jpg
    නමුත් ‘යක්ෂයින් ව මරණයෙන් අවදි කිරීම සඳහා සිදු කරන පර්යේෂණ කටයුතු’ වහා ම නතර කළ යුතු බවට වූ පල්ලියේ බලපෑම් මත ඇන්ඩෘෘ යෝ මළවුන්ට ජීවිය ලබා දීම සඳහා ඔහු සිදු කරමින් සිටි පර්යේෂණ කටයුතු නතර කර තිබෙනවා.​

    සර්ජි බ්‍රොහොන්යොන්කා​

    සෝවියට් ජෛව-වෛද්‍ය විද්‍යාඥයෙකු වූ සර්ජි බ්‍රොහොන්යොන්කා උපත ලබා ඇත්තේ 1890 අප්‍රේල් 30 වැනි දින යි. ‘Autojektor’ නම් මුල් කාලීන හෘද සහ පෙණහලු යන්ත්‍රය නිපදවීම පිළිබඳ ව කීර්තියක් අත් කර ගත් ඔහු ඒ සඳහා අස්වාභාවික පර්යේෂණයක් රැසක් සිදු කර ඇති බව සඳහන්. ඔහුගේ මුල් කාලීන පර්යේෂණයක් සඳහා හිස ගසා දමන ලද සුනඛයෙකුගේ හිස, ප්‍රමාදයකින් තොර ව ඔහුගේ යන්ත්‍රයට සවි කර ඇති සර්ජි බ්‍රොහොන්යොන්කා, පැය එක හමාරක පමණ කාලයකට ගසා දමන ලද සුනඛ හිස ප්‍රාණවත් ව සහ ප්‍රතිචාර දැක්විය හැකි අන්දමට තබාගෙන තිබෙනවා.​

    සර්ජි බ්‍රොහොන්යොන්කා අරමුණ වී ඇත්තේ යුද්ධයේ දී මිය ගිය සෝවියට් සෙබළුන් ව සම්පූර්ණයෙන් ම මරණයෙන් අවදි කළ හැකි ක්‍රමවේදයක් සොයා ගැනීම යි. 1930 වර්ෂ වන විට සර්ජි බ්‍රොහොන්යොන්කා ඔහුගේ අරමුණ මුදුන්පත් කර ගැනීමට සමත් වූ බව ඇතැම් වාර්තාවන් හි සඳහන් වෙනවා. නමුත් පර්යේෂණ ප්‍රතිඵලවලින් කැලඹීමට පත් වී සර්ජි බ්‍රොහොන්යොන්කා ඇතුළු කණ්ඩායම, සැමගේ යහපත සඳහා එම පර්යේෂණය නතර කිරීමට කටයුතු කළ බව යි වාර්තා වන්නේ.​
    ඉස්සුවේ මෙතැනින්​

     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    විද්‍යාව , වෛද්‍ය විද්‍යාවේ ගොඩක් ජාති හොයාගෙන තියෙන්නේ අමානුෂික පරීක්ෂණ වලින් :(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ බන්..... බයත් හිතුනා :shocked:....ඔය පල්ලිය නිසා ලෝකෙට ලැබෙන්න තිබුණු ගොඩක් අලුත් නිර්මාණ කොච්චර යට යන්න ඇතිද? :angry:
    ඔය පූජකයන් සෙට් එක්ව තමා ඔව්වට ගන්න තිබ්බේ ....... +
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අම්මෝ බන්..... බයත් හිතුනා :shocked:....ඔය පල්ලිය නිසා ලෝකෙට ලැබෙන්න තිබුණු ගොඩක් අලුත් නිර්මාණ කොච්චර යට යන්න ඇතිද? :angry:
    ඔය පූජකයන් සෙට් එක්ව තමා ඔව්වට ගන්න තිබ්බේ ....... +

    :angry:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අම්මෝ බන්..... බයත් හිතුනා :shocked:....ඔය පල්ලිය නිසා ලෝකෙට ලැබෙන්න තිබුණු ගොඩක් අලුත් නිර්මාණ කොච්චර යට යන්න ඇතිද? :angry:
    ඔය පූජකයන් සෙට් එක්ව තමා ඔව්වට ගන්න තිබ්බේ ....... +

    පල්ලි තමයි ලොකෙම විනාස කලේ.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mn asai mee wage ewa kiyawanna,issara aaluth aaluth dewal laaga laga hoyagaththath dan dan aluth deyak hoyaganna bari kamak penawa,parana ewaa modify karanawa wiitharai,teslage storry1th patta
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    mn asai mee wage ewa kiyawanna,issara aaluth aaluth dewal laaga laga hoyagaththath dan dan aluth deyak hoyaganna bari kamak penawa,parana ewaa modify karanawa wiitharai,teslage storry1th patta

    That is depend on marketing buddy...... මිනිස්සු ඔව්වට වියදම් කරන්න කැමති නෑ. දැන් ගොඩක්ම Telecommunication තමයි.