ෆාදරේ එයි ද දෝණිව ගොඩ ගන් ඩ?
ෆාදරේ එයි ද දෝණිව ගොඩ ගන් ඩ?
[0]
බූන්දි| සඳුදා, ජූලී 30, 2012| 11:12:28
සසඳර මන නන්ද නැග කරදර කන්ද
උවනත පිරිකුන්ද ඔය දා බිඳු මන්ද
අතවර නැගෙන විට කොහොමට ඉවසම්ද
කත නුඹ පොල් ගසන්නේ මොන පවකින්ද
පිනවන සවන් මී පැණි රස බසට ලොලේ
දෙණ ළඟ දුන් පිළිණ මම වළලමි ද වලේ
දණ ගස්සවා මිස සුදු මද ඇතුගෙ බලේ
පණ ගිය නමුත් නොහරිමි අත රැඳුණු පොලේ
පැහැදුනේ මිගැස දැක ඔය සුරූපා
ඇයි අනේ නගනු දුක් මුසු විලාපා
කිව්මෙනේ රට ම නුඹ හට මනාපා
ඇයි පනේ ඔහොම නොකියන් සරූපා
පැටී වියෙන් එන සෝයුරු පෙම පරණ
දිටී ඔබෙ ඇසින් බේරන මෙත් කුළුණ
අටී වඩන මුත් දියවන්නා පහන
වටී 'ලකී' නම මට සක්සැප පමණ
සාගරේ බැරිය පීනා ගොඩ යන් ඩ
චාටරේ බැරිය මට තව ඉවසන් ඩ
ෆාදරේ එයි ද දෝණිව ගොඩ ගන් ඩ
මේ සැරේ ඇවිත් නොමිනේෂන් දෙන් ඩ!
Don Putha | ඩෝං පුතා
ෆාදරේ එයි ද දෝණිව ගොඩ ගන් ඩ?
[0] බූන්දි| සඳුදා, ජූලී 30, 2012| 11:12:28
සසඳර මන නන්ද නැග කරදර කන්ද
උවනත පිරිකුන්ද ඔය දා බිඳු මන්ද
අතවර නැගෙන විට කොහොමට ඉවසම්ද
කත නුඹ පොල් ගසන්නේ මොන පවකින්ද
පිනවන සවන් මී පැණි රස බසට ලොලේ
දෙණ ළඟ දුන් පිළිණ මම වළලමි ද වලේ
දණ ගස්සවා මිස සුදු මද ඇතුගෙ බලේ
පණ ගිය නමුත් නොහරිමි අත රැඳුණු පොලේ
පැහැදුනේ මිගැස දැක ඔය සුරූපා
ඇයි අනේ නගනු දුක් මුසු විලාපා
කිව්මෙනේ රට ම නුඹ හට මනාපා
ඇයි පනේ ඔහොම නොකියන් සරූපා
පැටී වියෙන් එන සෝයුරු පෙම පරණ
දිටී ඔබෙ ඇසින් බේරන මෙත් කුළුණ
අටී වඩන මුත් දියවන්නා පහන
වටී 'ලකී' නම මට සක්සැප පමණ
සාගරේ බැරිය පීනා ගොඩ යන් ඩ
චාටරේ බැරිය මට තව ඉවසන් ඩ
ෆාදරේ එයි ද දෝණිව ගොඩ ගන් ඩ
මේ සැරේ ඇවිත් නොමිනේෂන් දෙන් ඩ!
