ෆාහියන් තෙරණුවන්ගේ චාරිකාව

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    කාන්තාර තරණය, දැඩි ශීතල සහිත හිමාල කඳු තරණය සහ කුණාටු සොර සතුරු බිය සමග මුහුදු තරණය යන ත්‍රාසජනක අත්දැකීම් රැසක් සපිරි ෆාහියන් දේශාටනය සැබැවින්ම රසවත් විස්තරයක්. උන් වහන්සේ භික්ෂුවක් වුවත් ඒ ගමනේදී මුහුණ පෑ අත්දැකීම් නම් කිසිසේත්ම සුන්දර ඒවා වුණේ නැහැ. බුදුදහම ආසියාවේ විශාල වපසරියක තිබූ කාලයක ඒ ඒ දේශවල රජවරුන් සහ අධිපතීන්ගේද දායකත්වයෙන් ගිය ඒ මහා ඓතිහාසික ගමන පසුකාලීනව ඉතිහාසයේ අහුමුළු සොයා පාදා ගන්නටද වැදගත් වූ වාර්තාවක් වුණා.



    උපත සහ කාලය

    01-50.jpg


    ෆාහියන් තෙරගේ උපන් ගම චීනයේ ශාන්සි පළාතේ පියාං පෙදෙසේ යාං නුවරය. උන් වහන්සේ පැවිදි වන්නට පෙර කුං යන නමින් හැඳින්වුණා. තුන් අවුරුදු වියේදී පැවිදි වුණ ෆාහියන් තෙරණුවන්ට බුදුදහම ගැඹුරින් හැදෑරීමටත් එවකට චීනයේ තිබුණ ධර්ම විනය හිඟ කොටස් අධ්‍යයනය කිරීමටත් අවශ්‍ය වුණා. මුලින්ම උන් වහන්සේ ගමන් ආරම්භ කළේ ක්‍රිස්තු වර්ෂ 399 දීයි. උන් වහන්සේ ගිරි දුර්ග මතින් ඉන්දියාවට පැමිණ, එතැනින් ලංකාවට විත් නැවත මුහුදින් ගොස් චීනයට යනවිට ක්‍රිස්තු වර්ෂ 413 තරම් කල් ගතවී තිබුණි. වසර 14ක් තිස්සේ මුන්වහන්සේගේ දේශ ගවේෂණය සිදු විය. මුලදී චීනයෙන් පිටත් වෙද්දී ෆාහියන් හිමි වටා බොහෝ පිරිසක වූහ. එහෙත් විටින් විට ජනයා අඩු වී අවසන විටෙක උන් වහන්සේ පමණක් තනිව ගමන් කළ අවස්ථාද විය.



    දුෂ්කර ගමනින් ඉන්දියාවට

    02-49.jpg


    ෆාහියන් තෙර ඉන්දියාවට පැමිණියේ හිමාල කඳුකරය වටා එන දුෂ්කර මගක් ඔස්සේය. මේ මග දැනට චීනයේ සින්ජියාන් උයිගර් සීමාව වේ. මේ කලාපයෙන් පැමිණ දැනට පාකිස්ථානය හරහා වැටෙන මාර්ගයේ දැනටත් ගමනාගමන කටයුතු සිදුවන්නේ අඩුවෙනි. මේ දුෂ්කර හිමාලයානු මග ඔස්සේ පැමිණි උන්වහන්සේට එවකට ඒ ඒ දේශ දේශාන්තර වල යම් යම් මාදිලිවල බෞද්ධ ඇදහීම්, හීනයාන, මහායාන ධර්මය අදහන පිරිස් හමු විය. ඒ ඒ දේශවල රජවරුන්, හිමිවරුන් මගින් සහ ආරාම වලින් ෆාහියන් හිමිට නවාතැන් පහසුව සහ ගමන් පහසුව සැලසුනි.



    දේශ ගවේෂකයෙක් ලෙස වූ වාර්තා

    03-49.jpg


    චීනයේ සිට ඉන්දියාවට ටක්ලමකන් කාන්තාර බිම හරහා පැමිණි ප්‍රථම බෞද්ධ හිමි නම ලෙස ෆාහියන් තෙරණුවන් වාර්තා අතරට එකතු වේ. උන් වහන්සේ ගියේ අමුතුම මගකිනි. ලංකාව තෙක් බොහෝ දුරට පාගමනින් වැඩි ෆාහියන් තෙරණුවන් ඉන් පසුව ලංකාවේ සිට සුමාත්‍රාවට ඇති කිලෝමීටර දහස් ගණන මුහුදින් ගමන් කළේය. කාන්තාර හරහා ඉන්දියාවට පැමිණීමේදී හිමාල සීමාවේදි දැනටත් හිම සහිත දැඩි ශීතල පරිසරයක් පසු කළ යුතුය. ඒ ඒ පළාත් වල බෞද්ධ සිරිත් විරිත් අධ්‍යයනය කරමින් මේ ශීතල පසුබිමද අපහසුවෙන් දරාගෙන උන් වහන්සේ ගමන් ගත් බව වාර්තාවල සඳහන් වේ.



    ෆාහියන් තෙරුන්ගේ කාලයේ මුහුදු ගමන්

    04-49.jpg


    චීනය සහ ඉන්දියාව මුහුදින් ගනුදෙනු කළ බවට ෆාහියන් තෙරගේ දේශාටන වාර්තා තුළින් හෙළි වේ. ලංකාවට එන ගමනේදී උන් වහන්සේ පැමිණියේ නැගෙනහිර ඉන්දියාවේ ටම්රලිප්ටි වරායේ සිටය. එතැනින් පසු ෆාහියන් තෙර ඉන්දුනීසියාවේ සුමාත්‍රා කරා යන්නේද වෙළඳ නාවුකයින් සමඟය. එවකට බෞද්ධයින් අඩුවෙන් සිටි මේ සුමාත්‍රා පළාතට ධර්මය බෙදාදුන් බවද දේශාටන වාර්තාවේ සඳහන් ය. මේ යාත්‍රා ගමන නිම වී චීනයට පැමිණෙන විට ෆාහියන් තෙර වයස 77ක් වන මහල්ලෙක් වී සිටියේය.



    මුහුදේ වූ දරුණු අත්දැකීම්

    05-49.jpg


    වරක් ෆාහියන් තෙරණුවන් ගමන් ගත් නැවට දරුණු කුණාටු තත්ත්වයකට මූණ දෙන්නට සිදු විය. එහිදී නාවිකයන් විසින් නැවේ තිබූ බඩු බාහිරාදිය මුහුදට දාන්නට ක්‍රියා කරන ලදී. එහෙත් ෆාහියන් තෙරණුවෝ එක්රැස් කරගත් ධර්ම පුස්තක ආදියටත් උන්හන්සේගේ ලේඛන ආදියටත් කිසිම හිංසාවක් වූයේ නැත. වෙළඳ කණ්ඩායම් ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කළහ. මෙවන් ත්‍රාසජනක අත්දැකීම් සහිතව මුහුදේදී කොල්ලකරුවන් සහ දැඩි සුළි කුණාටු තත්ත්වයන් යටතේ වුවත් ෆාහියන් තෙරණුවෝ සිය පණ නල රැකගෙන නැවත චීනය බලා යාත්‍රා කරන්නට වාසනාවන්ත විය.



    ලංකාවේදී ෆාහියන් තෙර

    06-47.jpg


    ලංකාවට පැමිණි ෆාහියන් තෙරණුවන් ලංකාවේ වසර 2ක පමණ කාලයක් රැඳී සිටි බැව් කියවේ. එකල ලංකාවේ රජ වූ මහානාම හිමි මේ චීන තෙරණුවෝ පිළිගෙන උන් වහන්සේට අභයගිරි විහාරයේ ඉඳුම් හිටුම් පිළියෙල කළේය. එහිදී ෆාහියන් තෙර අභයගිරි වෙහෙරේදී දහම් කරුණු, ඉතිහාසය සහ අටුවා ආදිය පරිශිලනය කළේය. එකල මිහින්තලය වැනි විහාරස්ථාවලට විශාල ධනයක් හිමි වූ බවත්, ඒ මිහින්තලා විහාරයේ වස්තුව කොල්ලකන්නට පැමිණි සොරුන්ට පවා එකල භික්ෂූන් හොඳින් සැලකූ බවත් ෆාහියන් දේශාටන වාර්තාවේ සඳහන් වේ.



    ඉන්දියාවේ විස්තර

    07-47.jpg


    එවකට ඉන්දියාව වර්තමාන ඉන්දියාව මෙන් එක්සත් ඉන්දියාවක් වුණේ නැහැ. දඹදිව බුදුන් උපන් බිම, බුදුවූ බිම ආදී සිද්ධස්ථාන දැකබලාගැනීමට ෆාහියන් තෙරණුවන් ගමන් කළේය. ඒ ගමන් විස්තර පසුකාලීනව ලුම්බිණිය, ගයාව ආදී සිද්ධස්ථාන හඳුනාගැනීමටද උපකාර විය. මේ ගමනේදී ඉන්දියාවේදී සිද්ධස්ථාන දැකබලාගත්තත් ධර්ම විනය කරුණු ආදිය වඩාත් හොඳින් ලංකාවේ ආරක්ෂා වී යැයි යන මතය පිට උන් වහන්සේ ලංකාවට වැඩම කරන්නට ඇති බවට සැලකෙනවා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,427
    113
    Colombo, Sri Lanka
    බොහොම වටිනා ලිපියක් ස්තුතියි. (y)
    මෙතුමාගේ නියම නමේ උච්චාරණය "ෆා හියුන්ග්" කියලා අහලා තියනවා. මම වැරදිනම් කරුණාකර නිවැරදි කර දෙන්න
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ම‍ේ වග‍ේම ධර්මය හ‍ොයන්න කැපකිරීමක් හියුත්සාං භික්ෂුවත් කරනවා ... ද‍ේශඨන වාර්ථා කියවනක‍ොට අද ඒ ස්ථානවලට සිදුවී ඇති තත්වයත් බලන්න තිබ්බානම් පට්ට වටිනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    බොහොම වටිනා ලිපියක් ස්තුතියි. (y)
    මෙතුමාගේ නියම නමේ උච්චාරණය "ෆා හියුන්ග්" කියලා අහලා තියනවා. මම වැරදිනම් කරුණාකර නිවැරදි කර දෙන්න
    There are many versions of the name in written form. Don't know how to pronounce it though.
    Faxian, Fa-Hien, Fa-Hsien and Sehi.