ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී බෞද්ධයින් වශ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී බෞද්ධයින් වශ

සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී බෞද්ධයින් වශයෙන් අප සතුටු වූයෙමු. මන්ද ඔහු කලකට පෙරදී සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් යමක් කී නිසයි. එහෙත් දැන් දක්නට ලැබෙන්නේ අනිකකි.
උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරද්දී ඔහු කතා නැත,. ජාතික විධායක සභාවේ සිංහලයින්ට වඩා අන්‍ය ජාතිකයින් සිටියදී වගේ වගක් නැත. රට බෙදෙන්න යද්දී ඒ ගැන බලන්නේවත් නැත.
පාබල හමුදාපති සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාව සහ ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාව අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව පවතී.
රනිල් වික්‍රමසිංහ මහතා ගැනත් සරත් ෆොන්සේකා මෑතකදී විශේෂ ප්‍රකාශයක් පළ කළේය.



එසේ කීවද රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ලැබුණ ෆීල්ඩ් මාර්ෂල් තනතුරෙන්, සරත් ෆොන්සේකා ට හිමි වන වරප්‍රසාද ලයිස්තුව.
1. නිලධාරීන් 13 ක් හා සෙසූ නිලයන් 135 දෙනෙකුගේ ආරක්ෂාව. (ඔවුන්ට මසකට ගෙවන වැටුප Rs. 5,450,000.00 ක් හෙවත් ලක්ෂ පනස් හතරක් වේ).
2. ආරක්ෂක රථ 23 ක් හා ඉන්ධන.
3. නිල නිවසක්, කාර්යාලයක් හා කාර්යාල සහායකයින් 14 ක්. (ඔවුන්ගේ වැටුපද රජයෙන් ගෙවයි).
4. නොමිලේ දුරකථන, අන්තර්ජාල, ලිපි ද්‍රව්‍ය, මුද්දර, විදුලි බිල්, ජල බිල් ඇතුළු වරප්‍රසාද විශාල ප්‍රමාණයක්.
5. ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට කිසිදු රාජකාරියක් හෝ වගකීමක් නොපැවරේ. එය ගරු කටයුතු තනතුරකි.
6. යුධ හමුදාවේ ඕනෑම උත්සවයකට අනාරාධිතව වුවද පැමිණිය හැක. එහිදී ඔහුව ආචාර වෙඩිමුර ඇතුළු පූර්ණ රාජ්‍ය උත්තමාචාර සහිතව පිළිගත යුතුය.
7. ජීවිතාන්තය දක්වා නිළ ඇඳුම පැළඳීමේ හැකියාව ලැබේ.
8.එහෙත් ඉලක්කම් 6 ක වැටුපක්, වැන්දබු අනත්දරු විශ්‍රාම වැටුප් පවා හිමි වේ.
9. ජීවිතාන්තය දක්වාම එම වැටුප හිමිවන අතර මියගිය අවස්ථාවක එම වැටුප බිරිඳට ලැබෙන අතර විවාහ නොවූ රැකියා නොකරන ගැහැණු දරුවන්ටත් එම වැටුප හිමි වේ.
එලෙස වරප්‍රසාද ලැබෙන අතරේම සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී දේශපාලනය කිරීමටත් නියමිතයි. දැන් ඔහුව කවුරුවත් හිරේ නොදාන බැවින් මෙවන් කතා තවත් කියනු ඇත

 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    988510_819285088109010_2196819160807815591_n.jpg